මා වගේ කට්ටිය ලියන දේවල් කියවන්න එන්නේ තරමක වෙනස් කණ්ඩායමක්. ඒ අය මා ලංකාවේ වෙන දේවල් ගැන නැවත ලියාවි යයි කියා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වෙනුවට, මා නිතර ලියන එදිනෙදා ජිවිතයේ සරල සිදුවීම් ආසාවෙන් කියවනවා.
එයට එක හේතුවක් ලෙස මා දකින්නේ, දේශපාලන කතා කියන දේවල් මිනිසුනට අද අප්‍රිය වී තියනවා. විවිධ රටවල, විවිධ හේතු නිසා. ඇමෙරිකා එක්සත් ජනපදය වගේ රටවල, විශාලම දේශපාලන කණ්ඩායම වන්නේ, මැතිවරණ කියන ක්‍රියාවලියට සහභාගී නොවන පක්ෂය නමැති සාමාන්‍ය ජනතාවයි.
මා ජිවත් වන ඕස්ට්‍රේලියාවේ පවා චන්දය දැමීම අනිවාර්යය වූවත්, බහුතර මහජන මතය කියන දේ එක්කෝ යටපත් කරන්න වෙනත් බලවේග ක්‍රියාත්මකයි, නැත්නම් බහුතර මහජන මතය කියන දේ නවන්න හෝ ඒවායේ අවධානය වෙනතක හරවන්න කරන්න වෙනත් බලවේග (මේවාත් අපේ සමාජය අතර තියන එව්වම තමා) ක්‍රියාත්මක වෙනවා.
එම බලවේග වල අපේක්ෂා බොහෝ විට, කෙටිකාලීන ධන ඉපැයීම් මත බැඳුනු එව්වා. මා කෙටි කාලින කියන්නේ, මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ දිග පැවැත්ම සලකා බලා.
අළුත් දෙයක් ලියන්නට පෙර, මෙයට වසර හතරකට පෙර, නොලියවුන නමුත්, ලියන්නට හිතා ගත්තු කොටස් කිහිපයක බ්ලොග් සටහන් පෙළක, පළමු සටහන අදත් මෙසේ බෙදා ගන්නවා (නොලියවුන එහි අනික් කොටස් ඔබ දැනටම කියවා හෝ නරඹා ඇති). 🙂
If mankind making profits from past mistakes what a wonderful future is coming up-MW Larmour, 1965
අද පොඩි පුතාගේ සංගීත පංතියට ගිහිං කල් මරණ වෙලාවේ කියවන්න ගෙනුහුං තිබුණ සංකීර්ණ පොත පැත්තකට දමපු මා, අසල රාක්කයේ තිබුන රිඩර්ස් ඩෛජෙස්ට් සඟරාවක් (ඕස්ට්‍රේලියානු සංස්කරණය) කියවූවා. එම විශේෂ කලාපය නම් කර තිබුනේ ක්ලැසික් රීඩ් 2013 ලෙසින් (වෝල් 183, නො 1102). ඉහතින් තියෙන්නේ එහි තිබුන එදා මෙදා කලාප වල තිබුන උපුටා දක්වන්නට තරම් හොඳ කියමන් අතුරෙන් එකක්.
එහිම තිබුන තව දෙයක් තමා, ඔවුන් පළ කරපු හොඳම විහිළු කතා අතුරින් තෝරා ගත් කිහිපයක් ඇතුලත් විශේෂාංගය. මෙන්න එයින් එකක්.
The doctor finished the examination and was ready to give his advice. “Quit smoking and drinking, go to bed early every night and get up at the crack of dawn” he said. “Thats the best thing for you”
“Frankly Doc” the patient answered ” I don’t deserve the best, What’s second best?” (Reporter Dispatch Feb 1954).
ගිය සතියේ…
View original post 558 more words