කට්ටඩියන්ට මහජන මුදලින් ලැප් ටොප්!


මා ඉස්සර වගේ නොලියුවත්, කලින් ලියපු සටහන් කියවන සහුද්රයෙක් කියා තිබුණේ, මේවා කියවන විට සම්තින් resonates with me කියා දැනෙනවා කියා. සිංහලෙන් ලියුවොත්, ඒවා you  understand, feel in common with or can sense it without explanation or problems. එහෙම වන්නේ මොකද? මා වෙන භාෂාවකින් ලියුවත්, එවැනි පිරිස් හඳුනා ගන්න හැකි වේවි.

මේ ඕස්ට්‍රේලියාවේ වසන අපගේ වසන්ත සමයයි. ඒ වගේම ලෝකය පුරා විසිරි ඉන්න සිංහල හා අනෙකුත් ශ්‍රී ලාංකිකයන්ගේ වසන්ත සමයක් තමා මේ. එනම් රටින් ඉවත් වී, රට හදන්නන්ගේ වසන්ත සමය. එවැනි හාන්සි පුටු රට හදන්නන්ගෙන් පිරි තියෙන්නේ, වෙන තැනක් නොවේ අන්තර්ජාලයයි.

එමෙන්ම, එකිනෙකට පරස්පර විරෝධී අදහස් දරන මිනිසුන් සහිත සමාජ, ලෝකයේ තියනවා නම්, එහි ඉදිරියෙන්ම අපගේ ලංකික සමාජයත් ඇති. මා කියන්නේ සිංහල, දෙමළ හා අනික් ලාංකිකයන්. එයිනුත් වඩාත් මා දන්නේ සිංහල ජාතියට අයත් අය.

මැතිවරණයක් ලං වන විට, භූමි තෙල් ඇඟේ ගෑවුන ගැරඬින් සේ අන්තර්ජාලයේ සැරිසරන මධ්‍යම පාන්තික අපගේ සහෝදරවරුන් ගැන මට අද ඇති වන්නේ එක්තරා පිළිකුලක්. අසුනමය-අනූව භීෂණ සමයේ, රටින් ඉවත් වී, අප සමග සොවියට් සංගමයේ උගත් සමහර පිරිස්, ඒ කාලයේ මහමග සුලබ දසුන් වූ, ශරීර පුළුස්සන දර්ශන සොයමින් ඒවා වෙනත් අය සමග බෙදා ගන්නවා.

මේ බෙදා ගන්න පිරිසගේ කවුරුන් හෝ ඒ දර්ශන වල ඇතැයි මා සිතන්නේ නැහැ. ඒ තියා ඒ කාලයේ, ඒ සිදුවීම් වලින් ඔවුනගේ ජිවිතයට යම් බලපෑමක් වුනා කියාත් මා සිතන්නේ නැහැ. ඔවුන් අද එක්කෝ දොස්තර වරුන්, නැත්නම් ඉංජිනේරුවන් හෝ වෙනත් ඉහල වෘත්තිකයන්.

අනික මේවා බෙදා ගන්නේ, සමාජයේ, ඒ බිහිසුණු අත්දැකීම් වලට මුහුණ දුන්න පිරිස් කෙරෙහි ඇති අවංක කණගාටුවකින් ද? ඔවුන් ගේ ජිවිත ගැන මොවුන් සිතනවද? එවැනි දේ නැවත ඇති නොවීමට හෝ වීමට ඇති හැකියාව ගැන මොවුන් ඇත්තටම සිතනවද?

එහෙම සිතන පිරිස් මේ මධ්‍යම පාන්තික, ව්‍යාජ සමාජ ප්‍රජාතන්තිකයන් අතර නැතැයි මා උපකල්පනය කරන්නේ, එවැනිම ඉරණම් වලට, අනික් මිනිසුන් හෙලුවා යයි චෝදනා ඇති මිනිසුන්, ඔවුන්ගේ ඒ දර්ශන බෙදා ගැනීම් වලින් ප්‍රවර්දනය කෙරෙන නිසා. එතැන තියන, පරස්පර විරෝදී වග ඔවුනට එක්කෝ නොතේරෙනවා ඇති. නැත්නම් අපට උරුම ඉතා සුලබ කුහකත්වය එතන ඇති.

වළාකුලක් නැති අහසක්?

6 Comments

Filed under Migration

6 responses to “කට්ටඩියන්ට මහජන මුදලින් ලැප් ටොප්!

  1. kaushalyas

    මේ තත්වය වඩාත්ම දකින්න තියෙන්නෙ ලන්කාවෙන් ඈත් වෙලා ඉන්න ඩයස්පෝරික ප්‍රජාව අතරයි කියලයි මට හිතෙන්නේ. ඔවුන් සමහරවිට තමන්ගේ නොස්ටැල්ජික මනෝභාවයන් සමනය කරගන්න ආලේපයක් හැටියට මෙය කරනව වෙන්නට පුලුවන්. කනගාටුවට කරුන තමයි ආලේප වලින් කරගන්න පුලුවන් තාවකාලික සුවයක් ලැබීම පමනක් බව නොතේරීම. සුලභ ‘තොපිට එදිරිව අපි’ මෙන්ටැලිටියකින් තොරව යමක් දිහා බලන්න ගොඩක් දෙනෙකුට අමාරුයි.

  2. වෙනදා, තමන් කන සුපිරි කෑම, ගෙවත්තේ ලස්සන, යන එන සංචාර, ලස්සන කේක් කපන පාටි වල පින්තූර හුවමාරු කර ගන්න අය, ඉපදුන රටට සුපිරි විසඳුම් යෝජනා කරන කාලයයි මේ. හැබැයි එක පරහක් තියනවා. ඒ විසඳුම් වලට පාදක වන්නේ, තමන් ජිවත් වන රටේ වටපිටාව හෝ ඒවා එතනට ආවේ කොහොමද කියන එක මත නම් නොවේ.

  3. pra jay

    නාගලෝකෙත් දැන් ලංකාවට සම්බන්ධයි

  4. Manoj

    අපි හැමදාම 71,88,89 ගැනම කතා කර කර ඉන්නවා.ඒ පෙනුණු භීෂණයන්.නොපෙනෙන භීම යුග තමයි භයානක.එවැනි භීම සමයන් ඉදිරියේ අපි නිද්‍රශිලිව වෙනවා.

  5. ඇහෙන්නේ නැහැ ප්‍රා. මොක වුවත් ඇත්ත වෙන්න ඇති.

  6. 71, 88/89 ගැන කට්ටියක් කතා කරනවා. උතුර ගැන මීක් නැහැ. උතුර ගැන කතා කරන අය, දකුණ ගැන මීක් නැහැ. ඒ දෙගොල්ලන්ම, අනික් කාල වල කෙරුණු අතුරුදහන් මිනී මැරීම් ගැන මීක් නැහැ. මා විශේෂයෙන් කියන්නේ, රටින් සංක්‍රමණය වෙලා, මේ අනතුරු දායක කාල වලින් සම්පුර්ණයෙන් ගැලවුනු පිරිස්. ඉතාම පටු අරමුණු වෙනුවෙන්, මිනිසුන්ගේ දුක් වේදනා වලින් සොම්නස් වෙනවා, ආතල් ගන්නවා. 😦

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.