
මධ්‍යම රාත්‍රියට ආසන්න වෙමින් තිබුණ එවෙලේ, පයින් යන මිනිසුන් තියා, මිනිසුන් සහිත වාහනයක් වත් පාරේ ගියේ නැහැ. රාත්‍රී ආහාරයට පෙර, බිවුව තරල සාර වීදුරු කිහිපය, නාගත් පසු වාශ්පව ගිය නිසා, පබ් එක පැත්තට යලි යන්න හිතුන.
කලින් නා නා ප්‍රකාර මිනිසුන් බොමින් කමින් සිටියත්, එවෙලේ හිටියේ කවුන්ටරයේ ඉන්න පබ් අයිතිකාරයත්, ඔහුත් එක්ක බීර වීදුරුවක් බොමින්, කතා කරමින් හිටිය තව කෙනෙකුත් පමණයි.
එවෙලේ හැටියට, බීර බොන්න ආසාවක් නැති නිසා, මා නෙස්ටෝ මෝල්ට් එකක් ඉල්ලුව. මා ඉඳ ගත්තේ අර බීර බොමින් හිටිය කෙනාට ටිකක් ඈතින්. මොකද ඔවුන්ගේ කතාවට බාද කරන්න නොහැකි නිසා.
මා දෙවෙනි නෙස්ටෝ මෝලට් වීදුරුව ගන්න විට, අර මනුස්සයත් මා ලඟින් ඇවිත් ඉඳ ගත්ත. ඔහු ට්‍රක් රියදුරෙක්. ගිය අවුරුද්දේ කිලෝමීටර ලක්ෂ දෙකකට කිට්ටුව ට්‍රක් එක පදවා තියනවා.
එක දිගට සති දෙකක් වැඩ කරන ඔහු, නිවාඩු ගන්නේ සති දෙකකට වරක් දවස් තුනක්. ඉන් පසු යලිත් මහ පාරේ. වාහනය පදවන විට නිදිමත නැති වෙන්න, කෝපි බීමත්, ශක්තිජනක පාන ගැනීමත් නිසාත්, ඉන්පසු එකවිට විශාල ආහාර වේලවල් ගැනීමත් නිසාත්, ඔහුගේ ශරීර බර ගොඩක් වැඩි වෙලා.
බර වැඩිවීමත්, ඒ නිසා හටගත් අනික් ආබාදත් නිසා, දැන් ඔහු ඒ පුරුදු වලින් මිදී, අඩුවෙන් කන්න හා කෝපි හා අනික් බීමත් අඩු කරලා. පෙනුමේ හැටියට දැන් ඔහු එතරම් තරබාරු කෙනෙක් නොවේ.
පබ් එකේ අයිතිකාරයා නවසීලන්තයේ හිටපු ගොවියෙක්. ඔහුගේ මුල් කසාදෙන් පුතෙකු හා දුවල දෙන්නෙකු ඉන්නවා කියුව. දරුවන් ලොකු වුන පසු, ඔවුන් ගොවිතැනට හවුල් නොවුන නිසා, ඒවා විකුණා දමා ඕස්ට්‍රේලියාවට ඇවිත්.
ඒ කොරියානු ජාතික ඔහුගේ දෙවන බිරිඳත් සමග. මෙවැනි කුඩා නගරයක පබ් එකක් අරන් දැන් අවුරුදු අටක් කියුව. මුළු අවුරුද්දම වගේ පබ් එක දුවනවා. නිවාඩු ගන්නේ, බිරිඳ හා ඔහු මාරුවෙන් මාරුවට. කුස්සියේ චෙෆ්ල දෙන්නගෙන් කෙනෙක් වන්නේත් බිරිඳ මයි.
අර නිකලස් කේජ් රඟපාන ෆිල්ම් එකක් තියෙන්නේ, ෆැමිලි මෑන් කියා. කෝපරේට් ලෝකයේ ඉහලටම යන සාමාන්‍ය මිනිහෙක්, දින දෙක තුනකට ඔහු වෙන මාර්ගයක ගියා නම්, ඒ කියන්නේ පාසලේ පෙම්වතිය කසාද බැඳ ගත්තා නම්, ගෙවන ජීවිතයට යනවා.
එය ඔහුගේ ඉහල පන්තියේ ජීවිතයට සම්පුර්ණයෙන් වෙනස් එකක්. යලිත් ඔහුගේ පුරුදු ජීවිතයට යන ඔහුට, අර එතරම් මුදල් නොමැති වුවත්, පවුල් ජීවිතයේ අඩුව දැනෙනවා. සුරඟන කතාවක් වන මෙයින් කියවෙන්නේ, එකක් අත්පත් කර ගන්න, තව දේවල් අතහරින්න වෙන වගයි.
රැකියා කරන ගොඩක් දෙනා එහෙමයි. හැම කෙනාටම එකිනෙකට වෙනස් ප්‍රශ්න. ඒ අතරින් නිවාඩුවක් නැති කමත් බොහෝ අයට තියන පුරස්නයක්. ව්‍යාපාර කිරීම ලෙහෙසි යයි පිටින් බලන අය හිතනවා. අප මෙන් අනුන්ට වැඩ කරන අයට තරම්වත් විවේකයක් ගන්න ඔවුනට සමහරවිට අවසරයක් නැහැ.
හතරවන නෙස්ටොමෝල්ට් එක ගත්තට පස්සේ නිදා ගන්න වෙලාව හරි යයි හිතුන නිසා, මා නැගිට්ට.
පසු වදන
කෝපරේට් ලෝකය පමණක් නොවේ, හම්බල් ඔරිජින් ඇති සාමාන්‍ය මිනිසුන් පවා සමහරවිට අමුතු ලෝක වල ඉන්නවා. ඕස්ට්‍රේලියාවේ පවා දරිද්‍රතාවය, අධ්‍යාපනයට අතපොවන්න බැරිකම හා පාරිසරික ප්‍රශ්න වලින් පිඩා විඳින කට්ටිය, වැඩිවෙමින් පවතින වග පෙන්වන්නේ සංඛ්‍යා ලේඛන වලට අනුව පමණක් නොවේ, සමහර විට අවට බැලුවත් පෙනෙනවා.
ඒ අතරේ තවත් පිරිසක්, තමන්ගේ ජීවිතය හොඳ නිසාම, හැමෝටම හොඳයි කියාත් හිතනවා. තවත් සමහරවිට, පෙනෙන්නට වෙන එකක් තිබුණත්, කියන්නේ තව දෙයක්. විශේෂයෙන් අන්තර් ජාලය නිසා, අවට සිදුවන දේවල් ගැන වෙනදාට වඩා බලා ගන්න හැකි වෙලා තියෙත්දී, පිරිසක් ප්‍රශ්න නොමැති වර්චුවල් ලෝකයක් හදාගෙන ජිවත් වනවා.
ඉදිරි සති වලදී පියවි ලෝකයේ මිස, වර්චුවල් ලෝකයේ ඉන්නට බලාපොරොත්තු නොවන නිසා, කොමෙන්ටු දැමීමේ අවසරය දින කිහිපයකින් නැතුව යනවා ඇති. යම් දිනක නැවත ලියවෙන තුරු, කියවූ සැමට නව වසර, මේ වසරට වඩා හොඳ එකක් වේවා කියා පතමි!