චෙරි වත්ත!


ඇන්තොන් පව්ලොවිච් චෙහොෆ් ලියපු අවසාන නාටකය වන විශ්නියෝවියි සාද් සිංහලට පරිවර්තනය කර තිබුණා ඉහත නමින්. පසු කාලයක තව අයෙක් චෙරි උයන නමින්ද එය පරිවර්තනය කර තිබුණ වගත් මතකයි. එහි තියෙන්නේ කුමන කතාවක් ද කියා මා දන්නේ නැහැ.

යන්ග් අද

සාහිත්‍යයට තිබුණ මගේ ඇල්ම නැතිවී ගිහින් ගොඩක් කල්. සමහරවිට රසිකත්වය පීචන් මට්ටටම ගිහින් වෙන්න ඇති. නොකියවීම මිනිසෙකු අසම්පුර්ණ කරනවද කියා මා දන්නේ නැහැ. නමුත් කියවනවා යයි පුරසාරම් කියන බොහෝ දෙනෙකු සම්පුර්ණ යයි නොපෙනෙන නිසා, මොන පැත්තද හොඳද කියා තෝරා ගැනීම ඔබටම භාරයි.

චෙරි වත්තක්

චෙරි සැලකෙන්නේ පළතුරු වලින් ටිකක් ඉහලින් ඉන්න වගේම මුදලිනුත් ටිකක් වැඩි එකක් හැටියට. චෙරි සම්බන්ද කරගෙන හැදුනු කියමන් ද ඔබ හොඳින් දන්නවා ඇති. ලෝකයේ චෙරි නිෂ්පාදනය කරන රටවල් ගත්තොත්, ඕස්ට්‍රේලියාව එහි ප්‍රමුඛ ස්ථාන දහයෙවත් නැතුව ඇති. නමුත් ඕස්ට්‍රේලියාවේ හැම ප්‍රාන්තයකම පාහේ චෙරි වවනවා.

මිටියාවත

අද උදේ ඒබීසියේ ප්‍රවුර්තියකට ගියේ, චෙරි වතු වලට වතුර නැතිකමින්, ඒවායේ නිෂ්පාදනය අඩු වී තියන අන්දමත්, කුරුල්ලන්ගෙන් හා කැන්ගරුවන් වැනි සතුන්ගෙන් ඉදුණු චෙරි බේරා ගැනීමට නොහැකි වී තියන අන්දමත්. මගේ මිරිස් පැල කෑව වගේ, අනික් සියලුම දේවල් වියලී ගිහින් තියන විට, කන්න තියන දෙයක් සොයා ඒම සතුන්ගේ ස්වභාවයයි.

හැම ප්‍රාන්තයකම චෙරි වැවුවත්, ඕස්ට්‍රේලියාවේ චෙරි අගනුවර කියා හැඳින්වෙන්නේ, නිව්සවුත් වේල්ස ප්‍රාන්තයේ නිරිත දිගට වන්නට පිහිටා ඇති යන්ග් කියන කුඩා නගරයයි. අපට මෙහි ඉඳන් වාහනයකින් පැය දෙකක පමණ කාලයකින් ලඟා වෙන්නට පුළුවන්. සුදු කොලනි සමයට කලින් මෙහි මුල් පදිංචි කරුවන් වාසය කර තිබෙනවා.

එදා

සුදු ජාතිකයෙක් ලෙස එහි මුලින් පදිංචි වෙලා තියෙන්නේ, පිටවෙන්නට ට්කට් පතක් අරන් එහි ගිය ජේම්ස් වයිට් කියන කෙනා. ඒ එක්දහස් අටසිය විසි හයේ. ඔහු මා කියවූ හැටියට බැටළුවන් ඇති කරපු අයෙක්. ඉන්පසු අටසිය හැට ගණන් එහි රත්තරන් හම්බ වෙලා තියනවා. ඉනුත් පස්සේ 1878 දී තමයි එහි චෙරි හිටවා ඇත්තේ.

නව තාරුණ්‍යයක් අත්කර ගත් වයසක චෙරි ගස්

අද ජනගහනය දහදාකටත් අඩු යන්ග් ප්‍රසිද්ද චෙරි වලට. එහි එවැනි නගරයක දකින්නට නොලැබෙන අන්දමේ, අපූරු කෞතුකාගාරයක් තිබෙනවා.

මා යන්ග් ගැන ලියුවේ, සති දෙක තුනකට පෙර අප ගියා චෙරි පිකින් වලට. චෙරි ඉදෙන කාලයට යන්ග් හා එයිටම අල්ලපු ඔරේන්ජ් වැනි නගර වල සංචාරක අදායම් මාර්ගයක් හැටියට, චෙරි තමන්ටම කඩා ගන්න සලසපු චෙරි වතු තියනවා.

එදා කැන්බරා සුපර්මාර්කට් එකේ චෙරි කිලෝව ඩොලර් 16ට තිබුණේ. දැන් ගණන් එයිට ටිකාක් අඩුයි. කඩා ගන්න චෙරි වලට අය කෙරුවේ ඩොලර් 8 ක්. පැය දෙකක් රිය පදවල මෙයින් අඩුවට චෙරි කඩා ගන්න වාසිය නොවේ තියෙන්නේ. දිනක් එළිමහනක ගත කර, කඩෙන් කාල, මොනවා හරි බිලා එන සතුට තමා වාසියකට තියෙන්නේ.

හරි, මුරුසි බයිලාවක් අහමු!

1 Comment

Filed under Australia

One response to “චෙරි වත්ත!

  1. Pingback: චෙරි වත්ත! | syndi 365

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.