අඬන්නට බැහැ බලා ඉමී!


ගෙදර ගාව කඩයක් තිබීම සමහර වෙලාවට ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්. අද කඩේට යන විට, එය වසන එනම්, සවස 8.30 ත් පසුවෙලා. මා යනකොට කවුන්ටරේ යුවතියන් දෙදෙනා, ගෙදර යන්න එලියට ආව. දොර වහන්න ලේස්ති වෙන, කළමනාකරු, මා දුටු විට, උඹ ඇතුලටද එන්නේ කියා ඇසුවා. මා මුදල් ගෙවන්න කවුන්ටරේට ආවහම, මැනේජර් වගේ පෙනුණු ඒ හාදයා කියුවේ, අත්‍යවශ්‍ය දේවල් නැතුව බැහැනේ කියා. ඒ මා ඔහුට මා වෙනුවෙන් කඩේ ටික වෙලාවක් විවුර්තව තැබීම වෙනුවන් කළ ස්තුතියට පිළිතුරක් ලෙස.

අප පොඩි කාළේ, ගෙදරට කිට්ටු කඩ තිබුණේ රයිගම හන්දියේ. පොඩිම කාලේ මේවාට යන්න ආස කෙරුවට, ලොකුවෙනකොට යන්න කම්මැලි වූවා.ඉස්සරම අපේ ආතාට හරක් හිටියත්, අපව පවුලට එකතු වුනාට පසුව, ආත හරක් ඇති කරන එක නතර කෙරුවා. මුණුපුරු හරක් හා ඇත්ත හරක් එකට හදන්න අමාරුනේ.

ඉස්සර, ඒ කියන්නේ පොඩිම කාලේ, කඩේ ගියහම පුන්නක්කු සුවඳට හරි ආසයි. මේ වනකොට ආතාට හරක් කියා හිටියේ අප පමණයි. දිනක් ආතාට කියුවහම පුන්නක්කු අරන් දෙන්න කියා, ආත පුන්නක්කු කෑල්ලක් හොරෙන් අරන්, දුන්න. මොකෝ ගෙදර හරක් නැතුව පුන්නක්කු ගන්න බැහැනේ. අනික පුන්නක්කු අරික්කාලක් වගේ ඉල්ලන්නත් බැහැනේ.

ඒ ආතා කියන්නේ අපේ තාත්තගේ තාත්තා. ඊට අමතරව මා තවත් සමීපව හිටිය කෙනෙක් තමා පොඩි ආතා නැත්නම්, තාත්තගේ, තාත්තගේ මල්ලි කෙනෙකු. මේ සියලුම සම්බඳතා පසු කාලෙ වකුර්ව ගියා. ඒවා මෙහි ලියන්න නොහැකියි. කලින් මතකයට නොනැගුණ කුඩා කළ සමහර මතකයන් යලි සිහියට නැගෙන්නේ, දැන් මනසට විවේකයක් ඇති නිසා කියලයි මා හිතන්නේ. ඒ නිසාම, ඒ පොඩි ආතාගේ බූරු ඇඳ පවා අද මතකයි.

මව් බිමෙන් අයින්ව ජීවිතයේ සෑහෙන කළක් ගත කර, ළමයින් ලොකුමහත් කර, රැකියා වලින් තෘප්තියට පත්ව, මව් බිම සංවර්ධනය කරන්නේ කොහොමද කියා උපදෙස් දෙන ගොඩක් පිරිසක් අප වැනි සංක්‍රමණිකයන් අතර ඉන්නවා. ඒ අතරේ එහිම නතරව, වෙනසක් කරන්න උත්සහ ගත්ත පිරිස්, ජීවිතයේ එවැනිම අවදියේදී සොයන්නේ, එයිට වඩා වෙනස්, සමහරට විට අප සරළ යයි සලකන රසවින්දනයන්.

ඇත්තටම සමාජ වෙනස් කරන්න ඕනේ නම්, එය කරන්න හැකි එම සමාජයේම ජීවත් වීමෙන්. ගොඩක් සමාජ වල, අදහස් පළ කිරීම පවා, කොතරම් මාරන්තිකද කියා අප දන්නවනේ. එසේ නම්, ඇත්තටම ක්‍රියාකාරීවීම කොහොම වන්න හැකිද? වර්චුවල් ලෝකය, මේ සමාජයෙන් පරිභාහිරව පවතින දෙයක්. මේවා කිසිදින ඇත්ත ලෝකය හා පෑහෙන වගක් පෙනෙන්නට නැහැ. සැබෑ ලෝකයේ ඉන්න මිනිසුන්, තමන්ගේ ආත්ම තෘප්තිය පිණිස, ඇඳුම් මාරු කරනවා වගේ වැඩක් තමා, වර්චුවල් ලෝකයේ සමාජ පෙරලි.

මා ඕක මතක් කෙරුවේ පසුගිය මාසයේ මුහුණ දුන්න අත්දැකීමක් නිසා. මිනිසුන් ඇත්ත ජීවිතයේ ක්‍රියා කරන්නේ හා කතා කරන්නේ නැත්නම්, එයාල පෙනී සිටින අගයයන් සමහර විට අහස පොලොව වාගේ. ඒ කතාව නිකම් ඕපාදුපයක් වගේ නිසා මෙහි ලියන්නේ නැහැ. මේවා ඔබ හා මා එදිනෙදා ජීවිතයේදී අත්දකින දේවල්.

මා ලියන්න ගත්තේ, අප ගෙවන ජීවිතය ගැන වරදකාරී හැඟීම් දැනෙනවා නම්, එහි යම් කිසි වරදක් තියනවා. සමාජයට බරක් නොවී, තමන්ගේ මහන්සියෙන් ජිවත් වන කෙනෙකුට වරදකාරී හැඟීම් දැනෙන්න විදිහක් නැහැ. සංක්‍රමණික අපගෙන් සමහරක්, සිංහල ජාතිය ගලවා ගන්න ඉදිරිපත් වීම ගැන සිතිය යුත්තේ, මව් බිමේ ඉන්න පිරිසයි.

මා ගොඩක් විට ලියන්නේ, මා අද ඉන්න පරිසරය හා එය මට දැනෙන හැටි. හැබැයි, අප මෙතැනට ආවේ අහම්බයකින් නොවේ. ආරම්භයේ ලියා ඇති පරිදි, අපේ දෙමාපියන් පමණක් නොවේ, ඔවුනගේ දෙමාපියන්ද, ඒ දෙමාපියන්ගේ සහෝදර සහෝදරියන්ද, තවත් ගොඩක් දෙනාත්, අප අද ඉන්න හා සිතන හැටියට බල පා තියනවා.

සිංහල බ්ලොග් පවා, ලී කෙලි සෙල්ලම් යුගය පසු කොට වෙනස්ම යුගයකට ඇවිත්. මා මේ බ්ලොගය ලියන්නටත් පෙර සිට කියවපු බ්ලොග් වලින් අදත් නිතිපතා, එනම් අලුත් පොස්ටුවක් ලියවුණොත්, කියවන්නේ බ්ලොගයන් දෙකක් පමණයි ( මා ලියන්න පටාන් ගත් පසුව, පටන් ගත් බ්ලොගයක් මේ ලැයිස්තුවට ඇතුලත්). ඒ දෙක නම් කරන්න වෙහෙසෙන්න අවශ්‍ය නැහැ. එකක්, ලංකාවේ ජිවත් වන කෙනෙක් ලියනවා, අනික මා වගේම සංක්‍රමණිකයෙක් ලියන එකක්. මේ දෙන්න මට වඩා අවුරුදු දෙක තුනකින් වැඩිමහල්. ඔවුනගේ ජීවිත අත්දැකීම් සම්පුර්ණයෙන් වෙනස්. මගේ ජීවිත අත්දැකීම්, ඔවුන් දෙදෙනාට වඩා සම්පුර්ණයෙන් වෙනස්. එසේ වුවත්, අපේ අදහස් අතිපිහිත වන අවස්තා වැඩියි.

ඉහත කියුව අදහස් අතිපිහිත වීමට එක් හේතුවක් නම්, මා පසු කාලයේ දැනගත් පරිදි, අපගේ මූලයන් සමාන වීමයි. එකම හේතුව නොවේ. හැබැයි, එක ප්‍රධාන හේතුවක්. ඕස්ට්‍රේලියාවේ පවා, මට ආශ්‍රය කරන්න හැකිවුණු, සුදු ජාතියන් අතරින් පවා, අදහස් වලින් අතිපිහිත වූයේ, මා වැනි පවුල් වලින්ම නැගී ආ සාමාන්‍ය මිනිසුන්. අනික, සමාජයේ සියලුම දෙනා එක්ක ආශ්‍රය කරන්න අපට අවස්ථාවක් එන්නේ නැහැනේ. අපගේ ජීවිත කාලය තුල ආශ්‍රය කරන කුඩා නියැදියකින්, මේ ඉතා කුඩා නියැදියක් පමණයි.

මා මොනවා ලියූවත්, කියවන පිරිසක් ඉන්න වග නිතර මෙහි සටහන් කරන සියලුම දෙනාට ස්තූතියි. ඒ නිසා ලිවීමට යම් අනුබලයක් ලැබෙනවා. මේක හරියට අපි පොඩිකාලේ නාපු ලිඳක් වගේ. ටික දෙනෙක් ආවොත් කන්ඩි කැඩෙන්නේ නැතුව, අවට වනසලා යන්නේ නැතුව හොඳට තියනවා. හැබැයි ගමේ ඉන්න හැමෝම ආවොත්, ඒ ලිඳ යලිත් නාන්න යන්න බැරි තරමේ තැනක් වෙනවා. එක් කෙනෙක් වත් ආවේ නැත්නම්, වල් ගස් හැදිලා, දිය සෙවල පිරිලා අප්‍රිය තැනක් වෙනවා. මේ දෙක අතර බැලන්ස් එකක් අපට ජීවිතයේ සොයන්න හරි අමාරුයි.

පලි

වසර දෙදහස් දහයේ ජනවාරි 24 වනදා ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වුවා. එයිට පෙර හා පසුව මෙසේ අතුරු දහන් වූ ලාංකිකයන් ඉන්නවා. එයිට අමතරව ලසන්ත වික්‍රමතුංග වගේ මහා දවාලේ මරා දැමූ හා රාත්‍රියේ මරාදැමුනු ප්‍රේමකිර්තිද අල්විස් වැනි පිරිස් ද වෙනම කාණ්ඩයක්. මා උදාහරණයට ගත්තේ අදහස් පළ කිරීම නිසා ජිවිතයෙන් වන්දි ගෙවූ අප වැනි සිංහලයන්. වෙනත් ජාතීන් හෝ රටවල් වලට යන්න අවශ්‍යත් නැහැ. ප්‍රගීත් ගේ බිරිඳත්, දරුවනුත් අදත් ජිවත් වෙනවා. ලසන්තගේ දියණියත් එහෙමයි, ප්‍රේම කිර්තිගේ දරුවනුත්, බිරිඳත් එසේමයි. ඔවුන් සමාජයේ යම් කිසි කැපී පෙනීමක් හා කීර්තියක් ඇති අය. එයිට පහල අප වැනි, පවුල් වල ඉරණම එයිට වෙනස්ද? ඔවුනගේ ජීවිතය කවර ආකාරයද කියා තේරුම් ගන්නා තුරු, අප ජිවත් වන කුමන හෝ සමාජයක් වත්, දැනට ඉන්නා තැනින්, ඉදිරිය පා සටහනක් නොතබනු ඇති.

4 Comments

Filed under Opinion

4 responses to “අඬන්නට බැහැ බලා ඉමී!

  1. Rasika Rasikologist

    වයසට යාමේ ලක්‍ෂණ වැඩියෙන් පෙන්නුම් කරයි!

  2. කාන්තාවකට බුදු බව ලබන්න හැකිද නොහැකිද කියා වාද කරමුද? 😉

  3. pajayatunga

    චැහ්. ලංකාවෙ හිටියනම් තාම කනවනෙ.
    Jokes apart a similar product is popular in the West now.
    https://simpleveganblog.com/coconut-flour/

  4. වෙළඳපොලේ තියන සමහර මනුෂ්‍ය ආහාර වලට සාපේක්ෂව, පුන්නක්කුත් නරකම නැහැ ප්‍රා. ඔය රෙසිපිය නම් හැදුවේ නැහැ. මෙහෙ තියන සීනි දමා වේලපු පොල් කෑලි වලට නම් මා කැමතියි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.