කලින් සටහනේ අප මිත්‍ර ප්‍රා, ජීවිතයේ එක්තරා අන්ත දෙකක් ගැන අදහස් පළ කෙරුවා. එය අප ගොඩක් වෙලාවට එතරම් නොසිතන දෙයක්. එනම්, ඇත්තටම අප ජීවිතයේ එන්ජෝයි කරන්නේ මොනවාද යන්න ගැන, ගොඩක් දෙනා සමහරවිට දන්නේ නැහැ. දේවල් කරනවා, ජිවත් වෙනවා තමා. හැබැයි, ඒ දේවල් වලින් අප මොනවාද කැමැත්තකින් කරන්නේ?
මෙයටම සමාන අදහසක් මිත්‍ර රසිකත් ලියා තිබුණා. එනම් මා සහ මා අතර ඇතිවන සටන ගැන. ප්‍රා ගේ කොමෙන්ටුවේ තිබුණේ, අනපේක්ෂිත පසුගිය වසර නිසා, වැඩට නොගොස් ගෙදර ඉන්න අවකාශය තියනවා නම්, තමන් කැමති කොතරම් දේවල් කරන්න හැකිද කියා තේරුම් ගිය වග. ඔහුගේ මිත්‍රයෙක් තේරුම් අරන් තිබුණේ එහි ප්‍රතිලෝමය. එනම්, වැඩට නොගොස් ගෙදර ඉඳීම කොතරම් බෝරින් දෙයක්ද කියා තේරුම් ගැනීම.
යම් අනපේක්ෂිත දෙයක් නිසා මෙවැනි තේරුම් ගැනීම් කරන්න හැකියි. නැත්නම් මැරෙන තුරාවටම කරගෙන ආපු දේවල් කරගෙන යනවා. රැකියාවන් වගේ දේවල් වලින් නම් යම් දිනක විශ්‍රාම ගන්න වෙනවා. හැබැයි, රැකියාව කියන්නේ තමන්ගේ දෙයක් නම් එහෙම නැහැ. මැරෙන තුරු කරනවා. සමහරු ඉගෙන ගන්නවා. තවත් සමහරු නිකම්ම ඉන්නවා. ඒ කියන්නේ කරගෙන ආපු දේවල්, ඇත්තටම ඒවායින් වින්දනයක් ලබනවද නැත්ද යන්න ගැන හැඟීමක් නැතුව දිගටම කිරීම.
අප නිරීක්ෂණය කරන සමහරුන්, ජිවිතයේ එක්තරා කාල පරිච්ඡේද වළ, තමන් එතෙක් කරනගෙන ආපු, පෙනී සිටපු දේවල් වලින් අයින් වී, වෙනම ජීවිතයක් ගත කරන්නේ, මෙවැනි අනපේක්ෂිත ශොක් නිසා වෙන්න පුළුවන්. නැතිනම් අපගේ ජීවිතය වෙනස් වන්නේ එහෙම නොවේ. ඒවා තියන තත්වයේම පරිනාමයන්.
මා ගිය වසරේ ලියූ මගහැරුණු නොවැම්බරය! කියන සටහන අද නැවත කියවන්නට ඔබට හැකි නම්, මා ඉහත කියන කරුණ වඩාත් හොඳින් තේරුම් ගන්න හැකියි. එම සටහන ලෝකය පුරා විසිරී ඉන්නා සිංහල මධ්‍යම පාන්තිකයන් ගේ බලාපොරොත්තු කඩවීම් වන්නේ මොකද කියා පෙන්වා දෙන සටහනක්. ඒ අතරම, අප වෙනස් නොවී, අන් අයෙකු අප බලාපොරොත්තු වන වෙනස්වීම කරදේවි කියන, කිසිදා නොවන සොඳුරු බලාපොරොත්තුව කොයි වගේ මිත්‍යාවක්ද කියා පෙන්වන්නක්.
මිනිසුන් ලෙහෙසියෙන් වෙනස් වෙන්නේ නැහැ. සමහරුන් අපට පෙනෙන පබ්ලික් ජීවිත ගත කරන්නේ, කැමති හින්දා නොවේ. රැකියාව නිසා. තවත් සමහරුන් එක වරම, වෙනස් ජීවන විලාසිතා වලට යොමු වන්නේ, එතෙක් “රැකියාවට” කරගෙන ආපු මවා පෑම් වලින් ඇත්තටම වින්දනයක් නොලබන නිසා. ඒ වගේ අවස්ථාවල තුෂ්නිම්බුත වන්නේ අවට ඉන්න පිරිස්.
ඒ අතර මා පසුගිය වසරේ තේරුම් ගත්ත දේවල් ද ඉදිරියේ ලියන්නම්. හැබැයි, බ්ලොග් ලිවිම වැඩදායක නැහැ කියා තේරුම් ගැනීමත්, ඒ අතර තියන නිසා, එම සටහන් ඔක්ශිමෝරෝනයන් වනු නියතයි.
කලින් දමපු ගීතයක් !