ඉස්සර වගේ මා ලියන්නේ නැත්තේ, මෙහි ලිවීමෙන් මා ලබපු සතුට ඉස්සරට වඩා අඩුව තිබෙන නිසා. නිතිපතා කියවන කිහිප දෙනෙක් මෙහි ප්‍රසිද්දීයෙත්, මට පෞද්ගලිකවත් දිගටම ලියනවා නම් සතුටුයි කියා දැනුම් දීම්, මා සලකන්නේ ආදර බර ගෞරවයකින්.
ඇත්තටම මා අද වැඩියෙන් කියවන්නේ, මා වගේ සාමාන්‍ය මිනිසුන් ලියන එව්වා මිසක් සමාජයේ යම් කීර්තියක් හෝ තැනක් අත්කර ගත්තු මිනිසුන්ගේ ලිවීම් නොවේ. අර දෙවනියට කියුව ගොඩක් දෙනා, එයාලගේ ප්‍රසිද්ද ජීවිතය, එනම්, අපට ගත කරන්න කියා දුන් ජීවිතය හා එයාල ගත කරපු හෝ ගත කරන ජීවිතය දෙකක් කියා, මා හඳුනා ගත්ත අවස්ථා වැඩියි.
ආහාර ගැන මා කලින් ලියපු සටහනට සරදමක් ලෙස ලංකාවේ ජනාධිපති වරයා, “ජරා රසායනික” පොහොර හා වෙනත් කෘෂි රසායන වර්ග ළඟදීම තහනම් කරනවා කියා මා එක්තරා වීඩියෝවක දුටුවා. මෙයට අපූරු දිගුවක් නැත්නම් පැහැදිලි කිරීමක් අජිත් පැරකුම් විසින් ලියා තිබුණු වගත් මා දුටුවේ, මගේ මිත්‍රයෙකු හුවමාරු කර ගත් සටහනක් නිසා.
ලංකාවේ කෙරෙන දේවල් ඕනි ..කක් කියා මා සාමාන්යෙන් නිහඬව ඉන්න කැමති, එව්වට තියා මෙහි ඕස්ට්‍රේලියාවේ කෙරෙන දේවල් වලට කරන්න හැකි බලපෑම සීමා සහිත නැත්නම් බින්දුවට සමාන නිසා.
හැබැයි එකක් තියනවා. අප හැමෝම සිතන හා පතන හැටි මගින් අපේ සමාජය තීරණය වෙනවා. එය තරමක් සංකීර්ණ දෙයක්. හරියට කිකිළිය හා බිත්තරය වගේ.
ලංකාවේ ජනාධිපතිවරයා කියුව පරිදි, එයා රසායනික පොහොර (හැම පොහොරක්ම රසායනික තමා, කාබනික පොහොර කියන්නේ, රසායන පෝෂ්‍ය පදාර්ථ වලට වඩා කාබන් වැඩියෙන් තියන එකක්) ලංකාවට ගෙන ඒම තහනම් කෙරුවොත්, එය හොඳ දෙයක් කියා මා හිතනවා. එයා කිසි දෙයක් මෙතෙක් සෘජුව කරපු හෝ තීරණ ගත්තු කෙනෙක් නිසා මෙයත් කියන පරිදි නොවන්න තියන බැහැර කරන්න බැහැ.
හැබැයි ජනාධිපතිවරයා කියුව පරිදි, කන්න තුනයි ඉවසන්න ඕනි, ඉන් පසු සියල්ල යහපත් වනවා යයි බලාපොරොත්තු වන දේ ඇත්තද කියා බලන්න අපේ සහෝදර ලාංකික ජනතාවට පමණක් නොවේ, ලෝකයේ අනික් රටවල ජනයාටත් වැදගත් ආදර්ශයක් දෙනු ඇති.
මෙවැනි ආපස්සට යාම් අද අවශ්‍යව තියන දෙයක් කියා මා හිතන්නේ. බටහිර පැතිරෙන ප්‍රතිශක්තිකරණය අනවශ්‍යය කියන මතවාදයත්, සමාජයට කිසිම වාරණයක් ඕනි නැතිය කියන දෙයත්, නිදහස් වෙළඳපොල කියන කියන්නේ සැමට එකම අවස්ථා තියනවා යයි කියන මිත්‍යා වත්, මේ වාගේම අත්හදා බලන්න ඕනි දේවල් කියා, මා හිතන්නේ, ඒවා මගේ පෞද්ගලික අභිමතාර්ථ නිසා නොවේ, ඒ දේවල් එදිනෙදා අප හමුවේ දිග හැරෙන නිසා.
ලංකාවේ ජනාධිපති වරයා, මෙතෙක් ගත්තු අර පතෝල තීරණ වෙනුවට, සියලු සාන්ද්‍රගත පොහොරත්, අනික් කෘෂිරසායනත් තහනම් කරන තීරණය එන තෙක් මා බලා සිටිනවා. වැඩියෙන්ම, ඇමෙරිකා එක්සත් ජනපදය වැනි, කෘෂිකර්මාන්තයේ හිනිපෙත්තේ ඉන්න රටක පුර වැසියෙක්ව ජිවිතයේ සැලකිය කලක් ගත කෙරුව කෙනෙක් එහෙම දෙයක් කෙරුවොත්, එය අපගේ ජීවිත කාලය තුල සිදුවිය හැකි දුර්ලභ අවස්ථාවක්. ලංකාවට පමණක් නොවේ මානව සංහතියටත්.
පසු වදන ලෙස මගේ මේ සටහනත් කියවන්න!