හූනා …කයි?


ඕස්ට්‍රේලියාවේ චීන තානාපති කාර්යාලයේ දෙවෙනියා පසුගිය දිනෙක තිබුණු, ප්‍රවුර්ති සාකච්ඡාවකදී කියුවේ, ඕස්ට්‍රේලියා එවක තිබුණු රජය විසින් වාවේ (Huawei) කොම්පැනිය, මෙරට 5G ජාලය ව්‍යාප්ත කිරීමෙන් ඉවත් කිරීමට ගත්තු තීරණය ඔවුන්ට කොතරම් වේදනාකාරී වුවාද කියන එක. ඒ විතරක් නොවේ, එම තීරණය ගත්තු අගමැති, ඔහු ලියා තියන මතක පොතේ කට පත්ත ඇද තියනවා, ඔහු ඇමෙරිකාවටත් ඒ දෙයම කරන්න කියා බලපෑම් කෙරුවා කියා. චීන නියෝජ්‍ය තානාපති කියුවේ, රටේ ආරක්ෂාවට තර්ජනයක් වනවා යන්නට, පිළිගත් හැකි කිසිම වැදගත් සාක්ෂියක් ඉදිපත් නොකර, වාවෙට දමන මේ තහංචි, වෙන කිසිවක් නිසා නොවේ, ඇමෙරිකානු (දැනට අභියෝගයට ලක්ව ඇති) තාක්ෂන අධිපත්වයට ඇති අභියෝග ඉවත් කරන්න හෝ මන්දගාමී කරන්න දරන උත්සහ කියා.

පසුගිය මාස කිහිපය තුල, චීනය විසින් ඕස්ට්‍රේලියානු නිෂ්පාදන ගණනාවකට විවිධ තහංචි දැමුවා. වයින් වර්ග ඩම්ප් කරනවා කියා, ඒවාට 200% ක පමණ බදු පැටෙව්වා. එයිට අමතරව, බාර්ලි, ලී, හරක් හා බැටළු මස්, ගල් අඟුරු, කපු හා පොකිරිස්සන් වැනි නිෂ්පාදන ගණනාවකට විවිධ බදු හෝ තහංචි පැමිණෙව්වා.

ඉහත තහංචි වලට හේතුව ලෙස කලින් සිතුවේ, ඕස්ට්‍රේලියාව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කෙරුව කොවිඩ් ඇතිවුණේ කොහොමද කියා සොයන්න බලකිරීම නිසා කියා කියල. නමුත්, එය එයිට වඩා එහාට යන වෙළඳ හුටපටයක් කියා නියෝජ්‍ය තානාපතිගේ කතාවෙන් කියැවෙනවා.

ලෝකයේ ආධිපත්වය සඳහා කෙරෙන සටන නිරන්තර එකක්. ලෝක ඉතිහාසයේ විවිධ අවස්ථාවල විවිධ රටවල් මේ සඳහා අරගල කෙරුවා. පසුගිය කාලය ගත්තොත්, ඇමෙරිකාව එක පැත්තකිනුත්, කඩා වැටුණු සෝවියට් සංගමය අනික් පැත්තෙනුත් මේ සඳහා කෙරුව අරගලයෙන් , අන්තිමට ඇමෙරිකාවට නිතරඟ ජයක් අත්වුණා කියා බැලු බැල්මට පෙනෙනවා.

හැබැයි ඇත්ත තත්වය ටිකක් වෙනස් නේ. මා ටික කාලයක සිට සිතන දෙයක් තමා, බටහිරට තියන ලොකුම උභතෝටිකය, චීනය පාලනය කරන්නේ කොහොමද කියන එක කියා. සෝවියට් සංගමයේ කඩා වැටීමෙන්, වැඩියෙන්ම ඉගෙන ගත්තු රට චීනය කියා මා සිතනවා. ලෝකයේ කොහොමත් තියෙන්නේ, වෙළඳාමට රාජ්‍ය (නැත්නම් සමහරවිට ආණ්ඩු වල) මැදිහත් වීම කොච්චර වෙන්න ඕනිද කියන එකනේ (ආණ්ඩු වලට තියන පෞද්ගලික යාන්ත්‍රණ වල මැදිහත් වීම තවෙකක්).

නිදහස් ලෝකයට ඇමෙරිකාව තරම් නිශේදනිය බලපෑම් කරපු වෙන රටක් මෑත ඉතිහාසයේ නැතිය කියා මා පෞද්ගලිකව විශ්වාස කරනවා. ඇමෙරිකාව ලෝකයට ඉදිරිපත් කරපු ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස් සමාජය, “නිදහස්” වෙළඳාම් කියන සංකල්ප, ඔවුනගේ ඇත්ත ක්‍රියාකාරිත්වය තුල තිබුණද කියා, ලෝකයේ සිදුවීම් නැවත ආවර්ජනය කෙරුවොත්, ඔබට බලා ගන්න පුළුවන්.

හොඳම උදාහරණයක් ලෙස, ඉරානයේ නැගී ආපු ප්‍රජාතන්තවාදයට, ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යය එක්වී කරපු මැදිහත් වීම ගන්න පුළුවන් (මා කියන්නේ ශාට කලින් තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පත්වුණු රජය ගැනයි). ඔවුනගේම නිරීක්ෂණ වලට අනුව අද, ඒ කරපු දේ කොතරම් විනාශයක් ඒ ප්‍රදේශයට පමණක් නොවේ, මුළු ලෝකයමට වුනා කියා, ඔවුන්ම පිලිගන්නවා. එවැනිම මැදිහත් වීම් රැසක් ලෝකයේ විවිධ රටවල් වල ඔවුන් කෙරුවා. විශේෂයේ 1950-1970 ගණන් අතර. මේවා ඔවුන්ම කියන පරිදි, සම්පුර්ණ වෙනස් කිරීම් නොවේ, තිබුණු තත්ත්ව “හැසිරවීම්”. එය ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි, තියන තත්ත්ව මොන පැති වලට හැසිරවන්න හැකිද කියා, ලංකාව වැනි කුඩා රටකින් වුනත් බලා ගන්න හැකියි.

අද චීනය ලෝක ආධිපත්වය තියන සඳහා කරන උත්සාහය මා තේරුම් ගන්න හදන්නේ කලින් තිබුණ ලෝක තත්වය ඇසුරෙනුයි. ප්‍රජාතන්ත්‍රවාදය පවා, එකම විදිහට හැම රටකම ක්‍රියාත්මක වන්න හැකියාවක් නැහැ. චීනය හා ඇමෙරිකාව අතර ඇතිව තියන, ලෝකයේ ආධිපත්වය සඳහා ඇතිව තියන වර්තමාන සටනින් ජය ගන්නේ කවුද කියන ප්‍රශ්නයට පිළිතුරු සොයන්න කල් මරන්න අවශ්‍ය නැහැ. එයින් අපගේ ජීවිතයට ඇතිවන බලපෑම කොයි වගේද සිතුවත්, එයටත් කරන්න දෙයක් තියනවද කියා මා දන්නේ නැහැ.

පසු වදන

මා නිරීක්ෂණය කෙරුව දෙයක් තමා ලංකාවේ සිදුවුන පාස්කු ප්‍රහාරයට විදේශීය බලපෑමක් තිබුණා යයි හිතන්න වැඩි හැකියාවක් ඇති වග. ඒ කියන බලවේගයේ අනික් අපේක්ෂා ගැන සිතුවොත්, ඒවා තමා ඇත්තටම නරක. මොකද එවැනි බලවේගයක් ඇත්තමට ඉන්නවා නම්, එයාගේ අපේක්ෂා 2කක් මූලිකවම පෙනෙනවා. එකක් තමා ලාංකික සමාජය ප්‍රජාතත්රවාදී මාවතේ ගමන් කිරීම අපේක්ෂා නොකිරීම. අනික තමා ලාංකික සමාජය ආර්ථික වශයෙන් ප්‍රගති මාවතක ගමන් කිරීම යන්න කෙරෙහි දක්වන අකමැත්ත. මේ දෙකම ගැන ඇත්තම හිතුවොත්, මා ලංකාවේ හිටියා නම්, මගේ ජීවිතය ගැන නොවේ අවිනිශ්චිත හැඟීම් ඇති වන්නේ, අපගේ දරුවන්ගේ ජිවිත ගැනයි.

8 Comments

Filed under Australia, Opinion, Politics, Social

8 responses to “හූනා …කයි?

  1. අපට ඒ හැඟීම ඇති වෙලා තියෙන්නේ.. තව දුරටත් දේශප්‍රේමී, දේශ මාමක අදහස් නම් ඇතිවෙන්නේ නෑ.. මීට අවුරුදු දහයකට කලින් අවස්ථාව තිබිලත් රට හැර නොයාම ගැන දැන් වද වෙන්නේ නෑ. දැන් වද වෙන්නේ ඉස්සරහට එන අවුරුදු දහය ඇතුලත අපේ ළමයින්ව සුදුසු තැනකට ඇරලවන එක ගැන විතරයි.

  2. මා දන්නා පමණින් ඔබ එහෙම හිතන එකම කෙනා නොවේ කල්‍යාණ. මධ්‍යම පාන්තිකයන් ගෙන් සැලකිය යුතු පිරිසක්, තම දරුවන් ලංකාවෙන් අයින් කරන්නේ කොහොමද කියා සිතන වග පෙනෙනවා. එහෙම සිතන මධ්‍යම පාන්තිකයන් ඉන්න එකම රටත් ලංකාව නොවේ නේ. ගිය සතියේ මා ලංකා සිංහල ෆිල්ම් එකක් බැලුවා මෙහෙ ප්‍රදර්ශනය කෙරුව. එහි දෙතැනකදී ඕස්ට්‍රේලියාව පිලිබඳ සඳහන් වූවා. එකක් තමා ඉහල පොලිස් නිලධාරියෙකුට අල්ලසක් දෙද්දී, දෙන කෙනා කියනවා, විශ්‍රාම ගත්තට පස්සේ, ජීවත් වෙන්න ඕස්ට්‍රේලියාවේ ගෙයක් ගන්න මේ මුදලින් කියා (ඒ නිලධාරියාගේ දරුවන් හෝ දරුවෙක් මෙහෙ පදිංචිය මයේ හිතේ). අනික් සඳහන තමා, අවංකව රාජකාරිය කරන්න ගිය පහල පොලිස් නිලධාරියට, ඇති තර්ජන හා බාදා නිසා, එයාගේ බිරිඳ කියනවා, අනේ අර ඕස්ට්‍රේලියා යන එක ගැන වත් බලමුකෝ කියා. එය ලංකා සමාජයේ ඔබ කියන ප්‍රශ්නය ගැන පැහැදිලි කර දෙන අවස්ථා දෙකක්.

    ගෝලීය පමණක් නොවේ, දේශීය දේශපාලන හා ආර්ථික බලවේග ක්‍රියාත්මක වන විට, ඒවාට සාමාන්‍ය මිනිසුන්ගේ ජිවිත කියන එව්වා, නිකම් කුඹි වගේ. පාස්කු ප්‍රහාරය වගේ දේවල් වලින් එය පෙනෙනවානේ. ගෝලීය බලවේග හා දූෂිත දේශීය බලවේග එකට එක්වීම, සාමාන්‍ය ජනතාවට මාරකයක්. කිසිදා ගැලවුමක් නැහැ.

    ලංකාව හා තවත් රටවල deep state කියා නිකම් shallow එකක්වත් හරියට නැතිවීම හා එවැනි දෙයක් ඇතිවීමට ඉඩක් දැන් නැති වීමත්, මාරක බලවේග වලට කදිම පල්ලමක්. ජයවර්ධන රජය විසින් ඇමෙරිකා පාර්ශවයට ඕනිවට වඩා බරවීම, එදා කරපු ලොකුම භූ-දේශපාලනික වරදයි. ඒ වෙනුවට ලංකාවට, සැලකිය යුතු යමක් නොලැබුණා පමණක් නොවේ, ඉන්දියාව භීතියට පත්කරපු එකෙන් සිදුවුණ දෙය අප කවුරුත් දන්නවනේ. ඒ වගේම භූ-දේශපාලනික විතරක් නොවේ, ආර්ථික වශයෙනුත් ලොකුම ගොන්කමක්, (එවැනි දේවල් වලින් පාඩම් ඉගෙන ගන්න හැකි යාන්ත්‍රණයක් නැතිකම නිසා) කියා මා හිතන්නේ, මත්තල හා හම්බන්තොට වරාය සුදු අලි සඳහා, විශාල වශයෙන් චීන ණය ගැනීමයි. චීනය වගේ රටවලට එයාලගේ ආයෝජන වලින් ප්‍රතිලාභ ලැබෙන්න කල් මරන්න හැකි වුවාට, ලංකාව වගේ දියුණු වෙමින් රටකට ඔරොත්තු දෙන්නේ නැහැ. අනික ගෝලීය බලවතෙකුගේ කුඩයක් යට ඉඳීමෙන් ප්‍රතිලාභ ඇතිවනව හෝ අයත්කරගනනවා කියන සංකල්ප චීනය හෝ ඉන්දියාව වැනි, ඔවුනුත් දියුණු වෙන්නේ කොහොමද කියා කල්පනා කරමින් ඉන්න තත්ත්ව යටතේ කොයිතරම් ප්‍රායෝගික ද කියා අනාගතය පෙන්වා දේවි.

    මෙවැනි දේවල් සිතුවත් ඔබටත් කරන්න හැකි දෙයක් නැහැ නේද? දරුවන්ට උගන්වා, ඔවුන්ට රටින් යන්න අවශ්‍ය නම්, එයට ඉඩදීම මේ තත්ත්ව යටතේ නරක දෙයක් කියා මා හිතන්නේ නැහැ. අපට ලැබෙන්නේ එක ජීවිතයයි. විශාල විභවයක් තියනවා නම්, සිස්ටම් වෙනස් කරන්න අරගල කරන්න පුළුවන්. හැබැයි කල්‍යාණ මෙතෙක් සිස්ටම් වෙනස් කරන්න කියා අරගල කරපු පාර්ශව ජය ගත්තා නම්, ලංකාව ඔය තරමින් වත් බේරී තියෙන්නේ නැහැ කියාත් උපකල්පනය කරන්න හැකියි.

    ඔබත් මාත් දෙදෙනාටම සහනදායි හැඟීමක් සමහරවිට අනික් රටවල් හා සසඳා ගන්න පුළුවන්. සෝවියට් සංගමය හා එක්සත්ජනපදය පාපන්දු ගැසූ ඇෆ්ගනිස්ථානයේ අප ඉපදුනා නම්, අපේ ජිවිත කොහොම වේවිද? පසුගිය දා සිවිල් යුද්දයේ වසර දහය සැමරුමේදී, සිරියාවෙන් පැන ආපු මිනිසුන් හා ගැහැණුන්ගේ කතන්දර වගයක් මා කියෙව්වා. ඒ පණ බේරා ගත්තු හා පැන ගත්තු මිනිසුන්ගේ කතා. සිරියාවේ ඉතිරිව ඉන්න මිනිසුන්ගේ කතන්දර අපට අහන්න ලැබෙන්නෙවත් නැහැනේ. මේ ලෝක බලවතුන්ගේ ක්‍රියාකාරකම් නිසා විනාශව ගිය රටවල් දෙකක් පමණයි. අපගේ ජිවිත කාලය තුල ඒ රටවල් මිනිසුන්ගේ ජීවිතය යන්තමින් හෝ සාමාන්‍ය තත්වයට පත් වේවි යයි සිතන්න සාධක නැහැ.

  3. pajayatunga

    ඔස්ට්‍රේලියාවේ පොකිරිස්සන් ඉන්ඩස්ට්‍රි එක විශාල පරිමාණයෙන් තියනවද?

  4. නැහැ ප්‍රා. ලෝක නිෂ්පාදනයෙන් 3% ක් වගේ තමා ඕස්ට්‍රේලියාව කරන්නේ. එය ටොන් වලින් 9500 ක්. වසර 2018/19 තුල ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 750 ක් විතර උපයා තියනවා. නිෂ්පාදනයෙන් 95% ක් ම චීනයට තමා විකුණා තියෙන්නේ.

  5. Anonymous

    ඔස්ට්‍රේලියාවේ ආර්තිකය චීනය සමග ගැට ගැසී තිබෙන තරම ගැන ඔබට මොකක්ද සිතෙන්නේ? ලෝකේ ගොඩක් රටවල් වල තත්වයත් මීට වෙනස් නැහැ මම හිතන්නේ. ඇමෙරිකාව වැනි රටවල් ලෝකේ අනිත් රටවලට කරපු දේ ගැන ඔබ කියන දේ හරි (ලෝකේ බලවත් වෙන ඕනෙම රටක් අනිත් උන්ට බෙදන්නෙ ඔය හැන්දෙන්ම තමා) නමුත් ඇමෙරිකාව හා චීනය අතර ඇති බයානකම වෙනස නම් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ව්‍යුහයයි. ඇමෙරිකාවෙ ලොක්කෝ බලු වැඩ කරන්න කලින් දෙපාරක් හිතන්න ඕනෙ උනත් චීනෙට එහෙම අවශ්‍යතාවයක් නැහැ.

  6. මා පෞද්ගලිකව සිතන්නේ, එය මාර ගොන් පාර්ට් එකක් වගේම, දයිවයේ සරදමක් කියා. පොකිරිස්සන්ගේ ඉඳල අධ්‍යාපන-පර්යේෂණ සේරම චීනය මතම යැපී තිබීම මත මෙහෙ ආර්ථිකය ඕනිම වෙලාවක “කඩා වට්ටන්න” යම් හැකියාවක් චීනයට තියනවා. ඔවුන් ටික ටික කරන්නේ කොනිත්තන එක. හැබැයි චීනයත්, ඕස්ට්‍රේලියානු ගල් අඟුරු, යපස් හා යකඩ මත යැපෙන නිසා, සේරම ගෙන්වීම නතර කරන්න ඔවුනට (දැනට) හැකියාවක් නැහැ. ඒ නිසා තමා ඔවුන් දිගින් දිගටම අෆ්රිකාවේ හා දකුණු ඇමෙරිකාවේ පතල් වල ආයෝජනය කරමින් යන්නේ. මෙහි තියන භයානකත්වය කොවිඩ් එන්න කලින්, මෙහෙ ප්‍රතිපත්ති සම්පාදකයන් තේරුම් ගත්ත නිසා තමා ඔවුන්, දේපොළ වෙළඳම් අංශය, මහාපරිමාණ ගොවිපොළවල් මිලදී ගැනීමේ හැකියාව චීනයෙන් ඉවත් කෙරුවේ. ඊයේ පෙරේද පෙඩරල් ආණ්ඩුව තහනම් කෙරුව, වික්ටෝරියානු ප්‍රාන්ත ආණ්ඩුව අත්සන් කරපු අර සේද මාවත් ව්‍යාපෘතියත්, කලින් ලිබරල් පාටිය හුරේ දමපු එකක්නේ. ඔබත් සමහරවිට නිරීක්ෂණය කරන්න ඇති, වයින් වලට පනවපු බදු, බාර්ලි වලට පනවපු බදු ගැන පෙඩරල් ආණ්ඩුව ලොකුවට එලෙව්වේ නැහැ කියා. මා හිතන්නේ, මෙහෙම වන එකත් හොඳයි කියා ඔවුන් සිතන බවයි. එතකොට ටිකින් ටික මේ සමාගම් වෙන වෙළඳපොළවල් සොයා යන්න වෙනවනේ. බාර්ලි වලට වෙළඳපොල දැනටත් සොයාගෙන කියා මා කියෙව්වා. කොහොමත් අමෙරිකාවත් මොනවා හරි කියලා ඇතිනේ.
    මා පසුගියදා කියවපු ඇමෙරිකාවේ තින්ක් ටැංකියක් එලි දක්වපු ලියවිල්ලක තිබුනේ, ඇමෙරිකාවේ රහස් ඔත්තු හා ජාතික ආරක්ෂාව භාර ආයතන 18 ටෙම දැනට ඇති ලොකුම වොරි එක, චීන හා රුසියානු හවුලක් බිහිවීම කියා. පුටින් හා ශි ජී පිං දෙදෙනාම දැන් ජීවිතාන්තය දක්වා ජනාධිපති කමේ ඉන්න වැඩ හදා ගෙන ඉවරයි.
    ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ව්‍යුහ තියනවා තමා. හැබැයි විදේශ කටයුතු වලදි බලු වැඩ විතරක් නොවේ, ජාත්‍යන්තර නීතියත් බල්ලට දමා ඇමෙරිකාව ක්‍රියාකර තියනවනේ.
    ඔය ඔස්තාර්ලා බලාපොරොත්තු වෙන පරිදි එක ජනාධිපති කෙනෙක්ගෙන් ඇමෙරිකාව නැති වෙන්නේ නැහැ. හැබැයි පසුගිය කාලයේ වුන දෙයින් (ට්‍රම්ප් දිනීමෙන්), මුළු ෆ්‍රී වර්ල්ඩ් එකම ටිකක් දෙදරුම් කෑව නේද? කිසි දෙයක් අප හිතාගෙන හිටි තරම් සොලිඩ් නැහැ කියා තමා එයින් පෙන්නුම් කෙරුවේ. හැබැයි එය සිස්ටම් එකත් අනුමත කෙරුව හා බලාපොරොත්තු වූ දෙයක් කියා මා විශ්වාස කරනවා. චීනය සමග ගනු දෙනු යම් වෙනසක් ඒ කාලය තුල සිදු වුනා නේ.

  7. හපොයි! 😀

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.