කොළඹ කොටුවේ බළල් මසුත් ගිණි ගණන් වුණා


Stunting

  • Globally 150 million under-five-year olds were estimated to be stunted in 2017. (UNICEF, WHO, & The World Bank, 2018).
  • The global trend in stunting prevalence and numbers affected is decreasing. Between 2000 and 2017 stunting prevalence declined from 33 percent to 22 percent and numbers declined from 198 million to 150 million (UNICEF, WHO, & The World Bank, 2018).
  • In 2017, about half of all stunted children under five years of age lived in Asia and over one-third in Africa (UNICEF, WHO, & The World Bank, 2018).( https://www.worldhunger.org/world-hunger-and-poverty-facts-and-statistics/)

මාත් ඇතුළු අපගේ වයස් වල බොහෝ දෙනෙක් සාගතයක් දැක තිබුනේ නැහැ (සිරිමා රජය ඇතිකළ සාගතය අප පොඩි කාලේ නිසා , ඒ ගැන මට පවා මතකයක් නැහැ, එය පවා නියම සාගතයක් නොවේනේ). අප බොහෝ දෙනෙක ඊයේ පෙරේදා වනතුරු වසංගතයක් දැක තිබුණේ නැහැ. එවැනි දේවල් වල තොරතුරු පවා කියවූ අය සිටියා නම් ඒ අල්පයයි.

කොවිඩ් වයිරසය ආරම්භ වූ විට, දිනකට අනික් ලෙඩ වලින් මැරෙන පිරිස් වල ප්‍රතිශත දමා සමහරුන් ප්‍රීතියට පත් වූවා. ඒ මැරෙන්නත් බේරා ගන්න බැරිම අවස්ථා වලත්, ස්වභාවිකම තමන්ගේ ජිවිතයේ අවසානයට ලංවුණ පිරිස් කියාත් ඒ සමගම සඳහන් කිරීමට නම් අමතක වෙන්නත් ඇති. තවත් සමහර පිරිස් ජිවත් වීමේ විභවයට කලින් පරලොව යන්නේ, තමන්ගේ ජිවිත විලාසිතා තේරීම් වල තියන යහපත්කම නිසා කියලත් කියන්න අමතක වෙන්නත් ඇති.

ඉපදුනදා සිට අප මැරෙන්න හේතු වන බොහෝ කරුණු, වලක්වා ගන්නට හැකි වුණේ, ඒ හේතු සොයා, ඒවාට කොහොමද පිළියම් යොදන්නේ කියා, අපම සොයා ගිය කරුණු වලට අනුවයි. වයිරස්, බැක්ටීරියා හා දිලීර වැනි ක්ෂුද්‍ර ජීවින් කියන්න මොක්කුන්ද, එව්වා අපට මොනවගේ රෝගද ඇති කරන්නේ කියන එක විතරක් නොවේ, අපේ ශරීරයේ තියන සම, හර්දය වස්තුව, මොලය, උණ්ඩුක පුච්චය වැනි නොයෙක් අවයව වල ක්‍රියා කාරිත්වය හා එව්වා වෙන දෙයකින් ප්‍රතිස්ථාපනය කරන්න හැකිද නොහැකිද කියා සොයා ගත්තේ අපම ලබාගත් දැනුම ඇසුරෙන්.

ගස් වැල් ගැන කියා වැඩකුත් නැහැ. මොකද අප ඇවිත් තියන දුර අනුව එව්වා ගැන වෙනම අද කතා කරන්නත් අවශ්‍ය නැහැ. යුද්දයක් කියන්නේ මොකක්ද කියා ලෝකයේ විශාල පිරිසක් දන්නේ නැහැ. අවසාන ලෝක යුද්දයේ කුරිරු අත්දැකීම් ඇති සියලු දෙනාම පාහේ දැන් දැන් මෙලොවින් ඉවත් වෙමින් යනවා. ඉන්පසු ඇතිවුන ප්‍රාදේශීය යුද්ද වල අත්දැකීම් ඇත්තන්, ඒ ඒ ප්‍රදේශ වලට සීමා වී ඉන්නවා. ලංකාවේ පවා උතුරු හා දකුණු යුද්ද වල කුරිරු අත්දැකීම් මේ සටහන කියවන කී දෙනෙකුට ඇතිද? යුද්ද වලත් අර වසංගත හා සාගත වල වගේම, මානුෂිය කතා ගොඩක් නැහැ. කුරිරු කම හා අමනුෂ්‍ය කම පමණයි ඇත්තේ.

ගෙදර පුටුවකට බර වී හෝ ඇඳේ හාන්සි වී, සෝවියට් සැබෑ මිනිසෙකුගේ කතාවක් කියවන කෙනෙක්, තමන්ගේ රටේ කරුණලා, නිරායුධව තමන්ගේ අත්අඩංගුවට පත් වී, ඉන්න පිරිස් බස් වලින් කැලයට අරන් ගිහින්, දෑත හා දෑස බැඳ වෙඩි තැබූ පසුව, තමන්ගේ වෙන් වූ අත කරේ එල්ලාගෙන, අර වගේම සැතපුම් ගණනාවක් බඩගින්නේ, පිපාසිතව බඩගාමින් පණ බේරා ගන්න වෙර දැරූ කතන්දර, අර තරම් “රස විඳින්නේ” නැහැ නේද?

සමහර දේවල් තමන්ට වන්නේ නැතුව අපට තේරුම් යන්නේ නැහැ. කොවිඩ් පවා ලෝකයේ අනික් රටවල් වල පැතිරුණ හැටියෙනුත්, මිනිසුන් එයින් දුක් විඳි හැටියෙනුත්, ගොඩක් රටවල මිනිසුනට පාඩම් ඉගෙන ගන්න තිබුනා. තමන්ට වුනේ නැති නිසා, එවැනි දේවල් ලොකුවට සලකන වගක් අපට පෙනෙන්නේ නැහැනේ.

සාගතයක් වුනත් මෙයට වෙනස් වන්නේ නැහැ. වසංගතයකට පසු සාතයකුත් ගෙන්න ගන්න හැකි නම්, එය හොඳ සමාජ අධ්‍යයනයක් වනු ඇති!

2 Comments

Filed under Social

2 responses to “කොළඹ කොටුවේ බළල් මසුත් ගිණි ගණන් වුණා

  1. pajayatunga

    1803 බ්‍රිතාන්‍ය හමුදා කාණඩයක් කන්ද උඩරට රජුගේ හමුදාවට යටත් වීමෙන් පසුව වුනු ඝාතනයෙන් බෙල්ල බාගෙට කැපිලා බේරුන ඉංග්‍රීසි හමුදා භටයෙක් තුවාලෙ පිටින් කැලෑමැදින් පහත් රටට ආපු එකේ වාර්තාව කියවල තියනවද?

  2. ඒ කතාව කියවා නැහැ ප්‍රා. කුඩා දිවයිනක වන බ්‍රිතාන්‍යයේ සිට ඉංගිරිසින්, ඈත තියන ලංකාව වැනි කුඩා රටක් අල්ල ගන්න ආපු එක වගේම, කුමන්ත්‍රණයකින් තොරව, උඩරට රාජධානිය යටත් කර ගන්න ඔවුන්ට නොහැකි වීමත් අපුර්ව කරුණු.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.