නවීන මිනිසෙක් (අද එතැන් සිට)


Key statistics

කොවින් නිසා ලෝකයම උඩු යටිකුරු වූවා. මේ අන්ප්‍රසිඩෙන්ටඩ් වසංගතය නිසා සමහර රටවල් වල ප්‍රසිඩන්ටලාටත් කෙල වූවා. පෙර නොවිවිරූ කියුවේ, අපගේ ජිවිත කාලය තුල දැක නොතිබූ නිසා මිස, අපගේ මානව වර්ගයා පෙර මුහුණ නොදුන්න තත්වයක් කියා නොවේ. ආර්ථිකයන් අඩපණ වීම හෝ කඩා වැටීමට වඩා මිනිසුන් සංවේදී වන දෙයක් තියනවා.

සමහරුන් නම් හිනාවෙමින් කියනවනේ අරහෙත් තාම දාහක් මැරෙනවා කියා. නමුත් තමන්ගේ සමීපතමයන්ගේ මරණය තමා මිනිස් වර්ගයා සංවේදී වන කරුණ කියා ඉහතින් මා අදහස් කෙරුවේ. කොවින් වසංගතය දේශපාලකයන්ට නම් මහා ඉල්ලමක් වූවා. මෙහි පැවති වසංගත කාල ප්‍රාන්ත මැතිවරණ වලින් පාලන බලය හිමි පක්ෂ පහසු ජයක් අත්කර ගත්තේ කරුණු කිහිපයක් නිසා. උදේ හවස සියලු මාධ්‍ය වලින් ඔවුන්ට ජනතාව අතර ඉන්න හැකිවීම එකක්. අනික මරණ අඩුකර ගත්තේ තමන් ගත් තීරණ නිසා කියල ජනතාවට කියන්න හැකි වීම හා එය යම් තරමකට ඇත්ත කියා ජනතාව පිලි ගැනීම.

ට්‍රම්පච්චිට බැරි වුණේ අන්න ඒක. නැත්නම් දෙවෙනි පාර ඕක දිනන්නේ නැතුව ගෙදර යන්නේ නැහැ. මරණ සංඛ්‍යාව යම් තරමකට පාලනය කර ගන්නට හැකි වූවා නම් ට්‍රම්පච්චි තාමත් සුදු මන්දිරේ කියා මා විශ්වාස කරනවා.

කොවින් නිසා ලොව පුරාම කපටින් ගාණ කපා ගත්තා. සමහර රටවල් වල ඇසට නොපෙනෙන ජීවීන් ගේ කතා වලට හැදු පැණි නිසා, ඇසට පෙනෙන ජීවීන්ගේ කපටි කමත්, නිරුවතත් එක වරම දැක ගන්නට ලැබීමත් කොවින් කළ තවත් හාස්කමක්.

බටහිර විද්‍යාවට වයිරස් වලට බේත් නැතැයි වහසි බස් දෙඩූ අනික් කපටින්, එන්නත් පෝලිම් වල මුලටම සිටගෙන සිටියා. බටහිර බේත් දීලා නම්, මේ කපේ තමන්ගේ සිහින සැබෑ කර ගන්න බැරි යයි සිතු, සමහරක් බටහිර වෛද්‍යවරුන් කල්ක හදා ලක්ෂ ගණනින් උපයා ගොඩ යාමට කොවින් උදව් කෙරුවා.

කොවින් කතා පැත්තකට දැමුවොත්, අර ඇමෙරිකානු රහස් ඔත්තු සේවා, ඔය හඳුනා නොගත් වස්තු පිලිබඳ කරපු විමර්ශනයක වාර්තා පසුගිය කාලයේ එළියට දැමුවද කොහෙද නේ? ඇත්තටම අන්තිමට බලන විට එම විමර්ශනයත් නිකම් ඇසට නොපෙනෙන වස්තු වගේම තමා. ඇති දෙයක් නැහැ. මිනිසුන් මේ වගේ ඇසට පෙනෙන වස්තු, වලට වඩා නොපෙනෙන වස්තු ගැන ගැන සොයන්න ආසයි.

මේ ගැන සරසවියක තාරකා ගැන ඉහලටම ඉගෙන ගත්තු මහාචාර්ය කෙනෙකු කියුවේ, මේවා හඳුනා නොගත් වස්තුන් වෙලා තියෙන්නේ, ඒ පොටෝ, වීඩියෝ හෝ හඬපට පැහැදිලි නැති නිසානේ කියා. පැහැදිලි පින්තූර ගැන අප ඔය වගේ කතා වෙන්නේ නැහැනේ.

එයා කියුව තව කරුණක් තමා, අපගේ පෘථිවියේ වයස අවුරුදු බිලියන හතරහමාරයි. අප ග්‍රහයෙක් ලෙස මේ වගේ පරිණාමය වෙලා තියෙන්නේ ඒ කාලය තුලනේ. දැනට සොයාගෙන ඇති පෘථිවියේ තියන තත්ත්වයන්, එනම් ජීවීන් පරිණාමය වෙන්න හැකි අනික් ග්‍රහයන් අපට වඩා වසර බිලියන දෙකකින් වැඩිමල් කියා එයා කියුවා. අප (මිනිස් වර්ගයා) තව අවුරුදු බිලියන දෙකක් නොනැසී තිබුණොත් කොහොම තැනකට යාවිද?

එතකොට අපට අවුරුදු බිලියන දෙකකින් ඉස්සරහා ඉන්න ජීවින් වර්ගයක්, බෙලිඅත්තේ පෙට්‍රල් ෂෙඩ් එකකින් තෙල් ගහගෙන යන්න ඒවිද?

දැන් මා ලියාගෙන ආපු කතාවට නැවත යමු. අර මා කියපු කෙනා පාසැල් කාලයෙන් පසුව මට හමුවී තිබුනේ නැහැ. ලංකාවට ඇවිත්, අපේ ගෙදර ඉන්න දිනක උදේ කරන්න දෙයක් නොමැති නිසා, හොරණ පැත්තට යන්න මා හිතුවේ ඔහුගේ ගෙදර සොයා ගන්න පුළුවන් වුණොත්, ඔහු හමුවේවි කියන සිතිවිල්ලෙන්.

ඔහු ජීවත් වුනු ගෙදරට ඒ කාලයේ අප ගිහින් තියනවා. එය පාසැලට කිට්ටුව පිහිටා තිබුණේ. හොරණට යන අතරමග වුනු කතාව කලින්මෙ ලියා ඇති. කුඩා පන්ති වල මතකය තිබුනත්, කාලය ද්වීපය වෙනස් නිසා. ඒ මදිවට, ඒ වන විට අපේ කුඩා පන්ති වල කාලයෙන් අවුරුදු හතළිහක් පමණ ගෙවී අවසන්. ඒ තියා උපේ ඉවර කරලත් දශක ගණනාවක්.

(තව කොටසක් ලබන සතියේ)

2 Comments

Filed under Australia, Opinion, Reflections, Social

2 responses to “නවීන මිනිසෙක් (අද එතැන් සිට)

  1. මේක කොවින්-19! 😀

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.