නවීන මිනිසෙක් හෙවත් ඇසට නොපෙනෙන ජීවියෙක් (අවසාන කොටස)


අප කුඩා පන්ති වල ලංකාවේ ජනගහනය මිලියන දහතුනක් වගේ ගණනක්. අද එය මිලියන 22කට කිට්ටුයිනේ. ඉස්සර පොල්, රබර් වවා තිබුණු ඉඩම්, කට්ටි කැඩී, ගෙවල් හැදිලා. ඉස්සර අප සෙල්ලම් කරපු අපේ වත්ත පහල අද නිකම් කොලනියක් වගේ අද. ඉඳහිට ලංකාවට ගියහම, පාරෙන් වෙල පැත්තට යන විට, අද ගෙවල් ගොඩක් පසුකර යන්න වෙනවා. ඉස්සර රබර් එක්ක තිබුණ ලඳු කැලෑවක්. ඉස්සර මිදුල් එක්ක ගෙවල් තිබුණ පාර අද්දර, අද තියෙන්නේ කඩ.

නිතිපතා ඒ පරිසරයේ ජීවත් වන කෙනෙකුට මේ වෙනස් වීම, ඉඳහිට දකින අපට තරම් දැනෙන්නේ නැහැ. මොකද වෙනස්වීම නිරන්තර එකක් හා කාලයක් තිස්සේ සිදුවන නිසා. අපට එය ෆාස්ට්ෆොර්වර්ඩ් වී පෙනෙනවා. ලෝකයේ සියලුම රටවල තත්ත්වය මෙයයි. පසුගිය කාලයේ දත්ත ගත්තු විට ජනගහනයේ සීග්‍රවර්ධනය හා මිනිසුන් ජීවත් වල කාලයේ ඉහල යාම බලා ගන්න හැකියි.

එහෙම එකේ, සමහරක් කියනවනේ, හැත්තෑ ගණන් වලට පෙර අප සාන්ද්‍රගත පොහොර පාවිච්චි කෙරුවේ නැහැ කියා. මේවා ලියන්නෙත්, වෙබ් අඩවි පඩංගු වල. එතකොට මේකලා, ඒ කාලෙත් කොම්පියුටර පාවිච්චි කරන්න ඇති. වැඩේ කියන්නේ, සමාජයේ ගොඩක් දෙනා මේවා විශ්වාස කරන මෝඩ මිනිසුන්. ඇත්ත තත්වය ඒකයි.

එදාට වඩා අඩුව ඇති ගොවි බිම් වලින්, එදාට වඩා දෙගුණයකට කිට්ටු ජනගහණයකට, එදාටත් වඩා බඩ පුරවා ගන්න ආහාර හැදුවේ කොහොමද කියා මොවුන් එකෙක් හෝ පැහැදිලි කර දෙනවාද? අදට පවා හොඳට කන්න නැති පිරිස් වල බඩ පුරවන්නේ කොහොමද කියා, මෙයාල කොම්පියුටර ඉස්සරහා ඉඳන් අපට කියා දේවිද? එදා ලෝකය පුරා තිබුණ මන්දපෝෂණය වෙනුවට, ආහාර වැඩියෙන් ගැනීම නිසා ඇතිව තිබෙන ස්ථුලතාවය ඉදිරියට පැමිණ ඇත්තේ ඇයි කියා මොවුන් සිතනවද?

දැන් අර කතාවට යමු. ඔන්න මා හොරණට ගිහින් අර කියපු යාළුවා සොයාගෙන ඒ පැත්තට ගියා. එදා පයින් ගියා වගේ නොවේනේ. අවුරුදු හතළිහකට පමණ පසු වාහනයකින් ගොස් ගෙයක් සොයන එක ලෙහෙසි නැහැ. අදාළ මන්ඩියට ගොස් දෙතුන් දෙනෙකුගෙන් අහලා, මට ඕනි ගෙදර සොයා ගත්ත. වැඩේ කියන්නේ, එම යාළුවත් තාම එම ගෙදරම ඉන්නවා.

මා දුටු ගමන් ඔහුට ඇතිවුනේ විස්මයක් සමග අවංක සතුටක් කියා ඔහුගේ මුහුණේ ඉරියව් වලින් මට හැඟුනා. වාහනය අතුරු පාරට දමා පාර්ක් කෙරුව මා ගෙදරට ගොඩ වූවා. අපගේ විස්තර කතා අතරතුර, බිස්කට්, කේක් හා කෙසෙල් ගෙඩිත් ඔහු ලේස්ති කෙරුවේ මට සිතුන අන්දමට, ඔහුගේ තරුණ කඩවසම් පුතාගෙනුත් උදව් අරන්. වැඩේ කියන්නේ මා ගියේ හිස් අතින්. මේක ප්ලෑන් කරපු ගමනක් නොවේනේ.

ඔහුගේ තරුණ පුතා, අපේ මිතුරා තරුණ වයසේදී හිටියාටත් වඩා කඩවසම් ගැටයෙක් වගේම ඉතා ප්‍රියමනාප කෙනෙක්. ඔහුත් මාත් සමග කතා කෙරුවේ හරිම ලෙන්ගතු කමකින්. අපගේ මිත්‍රයාගේ නම් බඩ ටිකක් ලොකුවී තිබුණා.

අපගේ යහළුවා සරසවි ගොස් නැහැ. හැබැයි පාසල් අධ්‍යාපනයෙන් පසුව අපේ යාළුවා, කිසියම් තෘතිය පාඨමාලාවක් කර, එම ක්ෂේත්‍රයේම රැකියාවක් කරමින් ඉඳ තියනවා. කසාද බැඳ, දරුවෙකුත් ලැබුණ පසු, දරුවාගේ කටයුතු නිසාත්, ඔහුගේ මවගේ අසනීප තත්ත්වය නිසාත්, ඔහු රැකියාවට සමුදී, පාසැල් යන දරුවනට වෑන් එකක් එළවන්නට පටාන් අරන්. එයට අනික් හේතුව වෙලා තියෙන්නේ විදුහල්පතිනියක වන, බිරිඳගේ රැකියාවටඋදවු වීම.

බටහිර නම් මේ වගේ කතා ඕනි තරම් ඇහෙනවනේ. එනම් සහකාරියගේ රැකියාව වෙනුවෙන්, සහකරු දරුවන් බලාගෙන ගෙදර ඉන්න එක. මෙහි ජනප්‍රිය දෙය නම් කාන්තා පාර්ශවය නේ ඔය කැපකිරීම කරන්නේ. එයත් නොවේ මා දුටු අනික් කරුණ. එදා පොර ටෝක් වලට පිකාසෝ වුණු ඔහු, ඉතා නිහතමානී හා ප්‍රියමනාප මිනිසෙක් වීම. කොටින්ම කොලිටි මිනිහෙක්. ඔබ හිතනවා ඇති මවා පෑම් වෙන්න ඇති කියා. නැහැ මිනිසෙකු ජෙනුයින්ද නැත්ද කියා අපගේ වයසට එන විට කියන්න හැකියි.

වරෙන් අපිත් එක්ක පන්ති වල හිටපු තව දෙතුන් දෙනෙක් බලන්න යන්න කියා, දෙතුන් පොළකට ඔහු මාව එක්කන් ගියා. ඒ අයට මා ගැන මතකයක් තිබුනේ නැහැ.

එකම දිනයේ බලන්න ගිය පාසල් සමයේ මිතුරන් දෙදෙනෙකුගේ ගෙවල් දෙකකින් මා දුටුවේ වෙනස්ම දර්ශන දෙකක්. අප කවුරුත් දරුවන් උස්මහත් කරන්නේ, ඔවුන් අපට යන්න බැරිවුණු සීමා මායිම් කඩාගෙන යාවි කියන සිතිවිල්ලෙන්. එතකොට වඩාත්ම “සාර්ථක” දරුවන්ට, මව් පියන් බලන්නට යන්න හෝ සමහරවිට වෙලාවක් නැහැ. ගොඩක් වෙලාවට රැකියාවටම ජීවිතය යට වෙලා. තවත් අය ඉඳ හිට හෝ මව් පියන් බලන්න යන්න රටෙත් නැහැ.

මේ අපගේ පාසැල් කාලේ ඇසුණු ගීතයක්. මා හිතන්නේ එදා වගා සංග්‍රාම සමයේ තමා සමන් චන්ද්‍රනාත් මෙය ලියන්න ඇත්තේ.

https://www.youtube.com/watch?v=OnFsZFrQVPI

4 Comments

Filed under Food, Lifestyle, Opinion

4 responses to “නවීන මිනිසෙක් හෙවත් ඇසට නොපෙනෙන ජීවියෙක් (අවසාන කොටස)

  1. //ඉස්සර රබර් එක්ක තිබුණ ලඳු කැලෑවක්. ඉස්සර මිදුල් එක්ක ගෙවල් තිබුණ පාර අද්දර, අද තියෙන්නේ කඩ.//

    මම මීගමුව පැත්තට යනකොට වෙලාව තියනවනම් ඇලකන්ද පාරෙ යනවා. ඒකෙ කිලෝමීටර් දෙකක විතර ස්ට්‍රෙච් එකක් තියනවා අවු 50කට එහා තිබුන විදිහෙ පරිසරයක් එක්ක.
    යුරෝපයේ දියුණු රටවල අවු සිය ගාණකට ඉස්සර තිබුන විදිහට තාමත් තියන ස්ථාන හා දර්ශන සෑහෙන්න තියෙන්නෙ ඒවා දියුණු වුන විදිහ සහ මිනිස් වාසස්ථාන එක ගොඩකට හදලා පබ්ලික් ස්පේසස් ඉතුරු කරන විදිහ නිසා වෙන්න ඇති

  2. ඔබ කැන්බරා ආවොත් දකීවි, මෙහි තියන ග්‍රාමියත්වය. ජනගහණය අඩු වීම හා නගර සැලසුම කියන දෙකම එයට හේතුවක්. මා යන්තම් දැක තියෙන්නේ එංගලන්තය පමණයි. එහිත් ප්‍රාදේශිකව ග්‍රාමිත්වය ඉතිරිව තියනවා. එයට එක හේතුවක් අලුත් ජනගහණය විශාල /ප්‍රධාන නගර වලට ගොනු වීම මා හිතන්නේ.
    ජනගහණ ඝනත්වය අතින් ලංකාව, තවමත් දකුණු ආසියාවේ අනික් රටවලට වඩා ගොඩක් හොඳයි. කොළඹ පවා ටිකක් ඇතුලට වෙන්න ග්‍රාමිත්වය තියනවනේ. ලංකාවට ආපු ඕස්ට්‍රේලියානු-බන්ග්ලාදේශිකයෙක් මට කියුවේ, උඹලගේ රටේ මිනිසුන් හරි අඩුනේ කියා. 🙂

  3. DGMනබස්සා

    ප්‍රාජේගේ පිලිතුර දැක්කාම මට මතක් වුනේ ඉස්සර කියවපු කෙටි කතාවක්. ඒකෙ කතානායකයා, පොතක් ලියන්න කොලඹ ඉඳන් සීත කඳුකරයේ බංගලාවකට යන්නවා. ඒ යද්දි රබර් වතු යායක් අතරින් වැටිච්ච පාරකදි, පාට පාට රබර් කොල වරුසාවකට අහුවෙන හැටි ලස්සනට ලියල තිබුනා.

    රයිගමගෙ අත්දැකීමත් ලස්සනට ලියලා තියනවා. ස්තූතියි

  4. බස්සා හරි. රබර් කොළ හැලෙන කාලය ලස්සණ තමා. ටොක් ටොක් ගාමින් රබර් ගෙඩි පිපුරා වැටෙන කාලයත් ඒ වගේමයි. අපේ වතු වල තිබුනේ විශාල පරණ රබර් ගස්. මේවායේ කොළ වැටුණු කාලයට අප ගිණි තියනවා. ඒ කාලයේ විනෝද ජනක වැඩක් වුවත්, දැන් හිතෙනවා කොතරම් අපරාදයක්ද කියා. කොතරම් ප්‍රාණීන් ප්‍රමාණයක් මිය යන්න ඇතිද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.