වසංගත සිතිවිළි


පසුගිය අවුරුද්දේ වැඩියෙන්ම බැටකාපු පිරිසක් තමා පුර්ණකාලීනව ඉගෙන ගනිමින් සිටින පිරිස්. එතැන දී පාසල් අධ්‍යාපනය ලබන පිරිස් විශේෂයි. අන්තර්ජාලය වැනි මාධ්‍යයක් තිබුන නිසා, පෙර නොවූ විරූ අයුරින් දුරස්ථ අධ්‍යාපනය කරන්න හැකි වෙලා තිබීම යම් සහනයක් වුවත්, ලෝකයේ සිටින හැමටම මෙවැනි තාක්ෂණ එක ලෙස අතපොවන්න බැහැනේ. වසංගත නැති කාල වලත් ලෝකයේ ඉතා කුඩා පිරිසක්, ගෙවල් වල ඉඳන් අධ්‍යාපනය ලබනවා. හැබැයි, පාසැලකට ගොස් ලබන අධ්‍යාපනය කියන්නේ අප ගොඩක් දෙනෙකුට පොදු, පහසු හා වඩාත් කාර්යක්ෂමවත් පාසල් අධ්‍යාපන ක්‍රමයයි.

පාසැලකදී හෝ සරසවියකදී ලැබෙන්නේ අධ්‍යාපනය විතරක් නොවේනේ. සමාජයත් එක්ක ක්‍රියා කිරීම, කණ්ඩායම් වැඩ, ප්‍රායෝගික ක්‍රියාකාරකම්, ක්‍රීඩා සහභාගිත්වය යනාදී වශයෙන් වෙනත් ජිවන කුසලතාත් ඕවයින් අප ලබා ගන්නවනේ. අනික දෙමාපියනට වුණත් පාසල් කියන්නේ සමහරවිට අත්‍යවශ්‍ය දෙයක්. දරුවන්ගෙන් ගැලවෙන්න තියන කාලය ඔය පාසල් වල ගත කරන කාලයනේ. වැඩ කරන පිරිස් වලට, එව්වට යන්නත්. ගෙවල් වල ඉන්න පිරිසට යම් සහන කාලයක් ගන්නත්, දරුවන් පාසලේ ගත කරන කාලය උදව් කරනවා.

යලි වසංගත කතාවට ගියොත්, කවද හරි වසංගතය පාළනය කර, ජනජීවිතය සුපුරුදු පීල්ලට වැටුන පසු, කඩන් වැටුන ගොඩක් ජීවිත යලිත්, පැදුරකින් වහල දාල කාලයක් තිබී සුදු වුනු, තණ තිල්ලක්, පැදුර ඉවත්කර පසු කොලපාට වී එන්නාක් මෙන්, යලිත් යථා තත්ත්වයට පත්වනු ඇති. රැකියා නැවත ජනනය වනු ඇති, ආප්ප කඩ ඇරෙනු ඇති, අලුත් කර්මාන්ත පටාන් ගනීවි, සංචාරකයන් නැවත ගමනාරම්භ කරනු ඇති, ගසා කෑම් ඇරඹෙනු ඇති.

එහෙම වුනත්, ගොඩක් සිසුන්ට, තමන්ගේ නැතිවුණ කාලය හා එම කාලයේ ගන්නට තිබුන දැණුම නම්, ජනජීවිතය සාමාන්‍ය පරිදි වූවා නම් ලැබෙන ලෙස නම්, නැවත ලැබෙන එකක් නැහැ. එයනම් ඛේදවාචකයක් වනු ඇති, එම පරපුරට.

මා කලින් සටහනේ සඳහන් කරපු කරුණක් නිසා, අපගේ පාසැල් කාලයේ අවසානයේ වසර දෙක තුනක් පමණ අහිමිව ගියා. දැන් ඔබ හිතාවි, මට නම් වසර දෙක තුනක් නේ, සමහරුනට ජිවිතත් අහිමිව ගියානේ, ඕක මොකක්ද කියා. ඔව් ඇත්ත. නමුත්, එම අරගලයන් කරපු පීරිස් වල අභිමතාර්ථ උතුම් කියා හෝ ඒවා ඔවුන් බලාපොරොත්තු වූ පරිදි සඵල වූවා නම්, මගේ ජීවිතය වත්, වෙන අයගේ ජිවිතවත්, අදට වඩා හොඳ වේවි යයි මා විශ්වාස නොකරන නිසා, ඔවුන් මගේ වීරවරයන් වන්නේත් නැහැ.

කොහොම වුවත්, අපට සමග සෝවියට් සංගමයට ඉගෙන ගන්න ගිය පිරිසෙන්, පළමු අවුරුද්දේ අප සමග සිටි සිසු-සිසුවියන්ගෙන් පස් දෙනෙකු, පළමු වසර අවසාන කර යලි මව් බිමට ගියා. එක කෙනක් ලංකාවේ ඉංජිනේරු පීඨයට, දෙදෙනක් වෛද්‍ය පීඨයට, තව දෙදෙනෙක් කළා /වාණිජ විෂයයන් ඉගෙනීමට. ඒ වන විට, විජේවීරලා පමණක් නොවේ, කිර්ති විජේබාහුලාත් බිහිසුණු ජිවිත නිමාවක් දැකලයි තිබුණේ. මා හිතන්නේ යලිත් ලංකාවේ විශ්ව විද්‍යාල පටාන් අරගන්න ඇති.

මා දන්නා තරමින්, එසේ ගිහින් අධ්‍යාපනය නිම කරපු දෙදෙනෙක් අඩුම තරමේ ලංකාවේ නැහැ. ස්ථිර පදිංචියට විදේශයට ගිහින්. අනික් තුන් දෙනා ගෙන් දෙදෙනෙකු ලංකාවේ. ඉතිරි කෙනා ගැන මා දන්නේ නැහැ. ඔවුන් සෝවියට් ශිෂ්‍යත්වය අත හැරපු නිසා, වෙන පස් දෙනෙකුට උසස් අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව නම් නැති වූවා. ඔවුන් ලංකාවට නැවත නොගොස් සිටියා නම්, ඔවුන්ගේ අවස්ථාව, ලංකාවේ ලකුණු ලයිස්තුවේ ඊළඟ කෙනාට ලැබෙන්න ඉඩ තිබුණා. නමුත් එහෙම අවස්ථාවක් ශිෂ්‍යත්ව අතහැරපු නිසා, වෙනත් පිරිසකට ලැබුනේ නැහැ.

මා කියන්න හැදුවේ, මෙවැනි අවස්ථාවක අප බහුතරයක් හැසිරෙන හැටි. අතින් වියදම් නොකර තිබුන නිසා, අර අවස්ථාවේ අත හැරීම හැරීම සරල කරුණක් වූවා. එයින් වෙන කෙනෙකුට ලැබෙන්න හෝ අහිමි වන්න තියන අවස්ථාව ගැන නිකමට හෝ කල්පනාවට එන්නෙත් නැහැ.

ජිවිතයේ හැම දෙයක් ම එහෙමයි නේද? අත හරින්න කියල ගොඩක් වෙලාවට අපට උපදෙස් දෙන්නේ, ආයාසයකින් කිසිවක් එකතු නොකරපු පිරිස්. ආයාසයෙන් දේවල් අත්පත් කරගත් පිරිස් දන්නවා, කොතරම් මහන්සියකින්ද ඒවා අත්පත් කර ගත්තේ කියා. සමහර විට ඉතා කුඩා දේවල්. එහෙම මහන්සි ගන්නේ, නිකම්ම අත හරින්න නොවේනේ.

මා ආගම් වලට ලදී නැති වුවත්, ඒවා අදහන පිරිස් වලට, අනුන්ට කරදරයක් නොවනතාක් නිග්‍රහ කරන්න ආසාවක් නැහැ. අප ටිකක් හෝ දන්නා සිද්ධාර්ථ ගෞතම ට පවා සේරම දාල යන්න එතරම් ආයාසයක් නොවන්න ඇත්තේ, සමහර විට ඔහුත් දේවල් ආයාසයකින් උපයා ගත්ත කෙනෙකු නොවන නිසාත් වෙන්න ඇති. කුඩා කාලයේ පටාන් ම රජ සැප වළඳන්නට ඉපදුන ඔහුට, සේරම ලඟට සපයා දෙන තාත්තා කෙනෙක් සිටියානේ. එහෙම ජිවිතයක් මට හෝ ඔබලා අතරින් ගොඩක් දෙනෙකුට තියනවා කියා මා හිතන්නේ නැහැ.

යලිත් අරගල කාලයට ගියොත්, ඒ කාලයේ, ජිවිත බේරා ගත්තු හා අධ්‍යාපනය නිම කරපු ගොඩක් පිරිස් අද ඔවුන්ගේ වෘත්තීය ක්ෂේත්‍ර වල හිනි පෙත්තේ ඉන්නවා. ඔවුනතර, අර තරුණ කාලයේ සිටි පරමාදර්ශ වලට කියා අරගල කරපු මිනිසුන් තවදුරටත් නැහැ. සමහර කැපී පෙනෙන අය ගේ ජිවිත පුදුමාකාර ලෙස වෙනස් වෙලා. ගොඩක් දෙනා ඔවුන් බේරා ගන්න සටන් කරපු, සමාජ සුබසාධන පදනම් වලින් ඉහලම ප්‍රතිපාදන ලබපු අය වුවත්, ඒවා අතහරින්න හෝ ඊළඟ පරම්පරාවට එම අවස්ථා දෙන්න සුදානම් නැහැ.

වඩාත් ම කණගාටු වෙන්න ඕනේ දෙය නම්, ගොඩක් දෙනාගේ පවත්නා සමාජය කෙරෙහි වයිරය. විශේෂයෙන් සමාජයේ පිඩිත ස්තර වලට ඔවුන් දක්වන කරුණාවන්තකමක් නැතිකම මට මහා පුදුමයක් වගේම තේරුම් ගන්නට බැරි කාරණාවක්. අර කවුද කියන්න වගේ, වීරයන් හැමවිටම (අකාලයේ) මැරිලා නේද?

2 Comments

Filed under Lifestyle, Reflections, Social

2 responses to “වසංගත සිතිවිළි

  1. pajayatunga

    Food for thought.
    The way food production is going now, thoughts maybe the only food available soon

  2. If local production is not enough we can always import Pra; I mean both food and thoughts! 🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.