ටෙල් යුව පපා නොට් ටු ශෆ්ල් යොවුන් ආදරේ


මා කලින් ලියුව පරිදි, අපේ පාසැල් ජිවිත කාලය, පාසැල් අධ්‍යාපනය, පාසලෙන් ගිලිහී, ටියුෂන් කියන සංස්ථාවට ක්‍රමයෙන් මාරු වීම ගැන කියන කතාවක් වගේ. ජනගහනයේ වර්ධනයට සාපේක්ෂව, අධ්‍යාපන (හා රැකියා) අවස්ථා පුළුල් නොවීමත්, අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අනෙක් රාජ්‍ය සංස්ථා දේශපාලනීකරණයවීම හා තවත් නොයෙකුත් හේතු එයට තියෙන්න හැකියි. මේ ලියන්න හදන්නේ ඒවා විශ්ලේෂණයක් නොවන නිසා ඒ කතා එතැකින් නිමි.

කොහොම හරි ඒ ලෙවල් පන්ති වල අපට ඉගැන්වූ ගුරුවරුනට, වසර දෙක නිම වෙන්නට ප්‍රථම, නිර්දේශය ආවරණය කරන්නට සැලැස්මක්, ඕනි කමක්, ඒ සඳහා බලකිරීමක්, උනන්දුවක්, ආසාවක් යනාදියෙන් එකක් හෝ කිහිපයක් හෝ තිබුනේ නැති වග, දැන් ආපසු හැරී බලන විට පෙනෙනවා. නමුත්, ඒ ඉගෙන ගන්න කාලයේ ඕවා ඔහොම වේවි යයි සිතන්නට මනසක්, වෙලාවක් හෝ එවැනි පරිනත කමක් තිබුනේ නැහැ නේ. ඒ හැරත්, වසර දෙකක් කියන්නේ, ඒ හැරිලා මේ බලන කොට ගිහින් ඉවරයි.

ප්‍රාත් කියන පරිදි, අප කැමති විශය ධාරාව කියන දේ තේරීමේදී, ලංකාවේ ඒ කාලයේ තිබුණු ක්‍රමයේදී නම්‍යශීලි භාවයක් තිබුනේ නැහැ (දැන් තත්වය මා දන්නේ නැහැ). අනික, ශිෂ්‍යයෙක් යම් ධාරාවක් තෝරාගෙන මාසයක් දෙකක් යත්දී, මේක කෙරෙන මගුලක් නොවේ කියන සිතිවිල්ල එන්නට හැකියි. එවිට එයාට විකල්පයකට යන්න වෙන විදිහක් නැහැනේ. ඔය කියන පුරස්න දෙකට ම උත්තර අපේ දරුවන්ට තිබුණා. එය සංක්‍රමණික දිවියේ තියන හොඳ දෙයක්.

දරුවන්ගෙන්, තමන් යන්නට හිතන් හිටිය ගමන්, ඉගෙන ගන්නට හිතන් හිටිය විශයය ක්ෂේත්‍ර, දරුවන් ලවා යවා ගැනීම, උගන්වා ගැනීම, ආසියාතික සංක්‍රමණික දෙමාපියන් ප්‍රිය කරන දෙයක්. මා හිතන්නේ, වසර දහයෙන් (දහවැනි ශ්‍රේණියෙන්) පසු දරුවන්ගේ ජීවිතයට ඕනිවට වඩා ඇඟිලි ගැහීම, ඔවුන්ගේ ජීවිත වණ කරන්නට වැඩියෙන් දායක වන්නට ඉඩ තියනවා. එයාල කරන්නේ මොනවාද, අවශ්‍ය උදව් මොනවාද කියා බලන එක වෙන දෙයක්. නමුත් උඹ මේ විශයයන් ඉගෙන ගනින්, මේ වගේ කෙනෙක් වෙන්න ට්‍රයි කරපන් කියා බල කිරීම, සංක්‍රමණිකයන් සමහර දෙනා පුරුද්දට වගේ කරන දෙයක්.

අපේ කුඩා පන්ති වල හිටියා, පන්නිපිටියේ ඉඳන් ආපු හාදයෙක්. උපේ මෙයා හිටියේ අපේ අල්ලපු පංතියේ. හැබැයි අප ගියපු ටියුෂන් පංතියකට, එයත් ගිය නිසා, අප නිතර මුණ ගැහුණා. දෙමාපියන්ගේ රැකියා ප්‍රශ්න නිසා හෝ වෙන ප්‍රශ්නයක් නිසා හෝ/හා වැඩිහිටි ශිෂ්‍යයෙක් නිසා, උපේ කරන විට, මෙයා බණ්ඩාරගම සීයාගේ ගෙදර ඉඳන් පාසැල් එන්නට පටාන් ගත්ත. ටික කලකට පසු මාස දෙක තුනක් මෙයා දකින්න හිටියේ නැහැ.

පසු කලක හමු උනාට පසුව මට විස්තරේ යන්තමින් කියුවා. බණ්ඩාරගම 162 බසයේ එන ගමනදී, මෙයාට තවත් පාසල් සිසුවියක සමග පොඩි හාද කමක් පටාන් ගන්නට අවසරය ලැබිලා. මිනිහා ටික දවසක් වෙනදට වඩා ක්‍රමානුකුලව අඳින්න පටාන් ගෙන තිබුන වගත් මට යන්තමට මතකයි. කොහොම හරි මේ කතාව එයාලගේ දෙමාපියනට ආරංචි වෙලා, මූව යලිත්, පන්නිපිටියට දක්කන් ගිහින්.

මිනිහගේ යොවුන් හා සිඟිති ප්‍රේමයට තිත තබන්නට වීම නිසා, මිනිහගේ වයර් ටික සම්පුර්ණයෙන්ම පිටපොට පැන්න. අපොස උපේ ඉගෙනීම පමණක් නොවේ, යොවුන් ජීවිතයම කර්පට් වෙලා ගියා කියා මිනිහා මට කියුවේ, ඒ කර්පට් වීමෙන් යන්තමින් ප්‍රකුර්ති වෙමින් හෝ පීඩා විඳිමින් සිටින අවධියේදී. මිනිහට පසු කලෙක මොක වුනේ කියා මා දන්නේ නැහැ. හෝප්ෆුලි අද හොඳ දිවියක් ගෙවනු ඇතැයි සිතනවා.

කලින් සටහන මා පටාන් ගත්තේ ඇවිදින්නට යන්න හොඳ පරිසරයක් කියා නිකම්ම නොවේ. කොවින් වසංගතය අපට ජිවත් වීම ගැන යම් යම් දේවල් අලුතින් කියා දුන්නා. අප නිකම් ෆෝ ග්රාන්ටඩ් ගන්නා ගෙදරින් එළියට බහින එකත් කොච්චර ජීවිතයට අවශ්‍ය කරන දෙයක් ද කියා බොහෝ දෙනා හඳුනා ගැනීම එයින් එක දෙයක්. ඒ නිසාම ඇවිදීම (හෝ ගෙයින් එළියට බැහීම) වෙනදාට වඩා පුරුද්දක් ලෙස කරන කිහිප දෙනෙක් හෝ වැඩි වූවා. මා කියන්නේ එයිට ප්‍රථමයෙන්, එළියට බැහීම වැඩට යාම හෝ වෙනත් අවශ්‍ය කටයුත්තකට යාම කරගත් පිරිසෙන් කොටසක් ගැනයි.

අනික් කරුණ තමා ණයට ගත්තු දෙයින් ජීවත් වුනු පිරිස් හොල්මන් ද පොල් කොළ වී යාම. කොවින් නිසා මුලින්ම අර්බුදයට ගිය එක කාණ්ඩයක් වූයේ, ක්‍රීඩා සමාජ හා සංස්ථා. ඉස්සර ඩොලර් මිලියන් ගණනින් ෆුට් බෝල ගැසූ ක්‍රීඩා සමාජ වල ආදායම, එක වරම සිඳී ගිය දියපහරක් වගේ වූවා. ඒවා ගොඩක් වෙලාවට වියදම් කෙරුවේ, ඇස්තමේන්තුගත ආදායම්. දීර්ගකාලින රූපවාහිනී හා වෙනත් එවැනි ගිවිසුම් වල ඉදිරි මුදල් ලැබෙන්නේ, ක්‍රීඩාවේ සැලසුම් ගත කණ්ඩායම් තරඟ ඉදිරියට යාමෙන්. ඒ ක්‍රියාවලිය සම්පුර්ණයෙන් අංජබජල් වී ගියා.

අනික් කරුණ අප ගොඩක්ප දෙනා තේරුම් ගත්තද හෝ ගනීද කියා බලන්නට වෙන්නේ ටික කලකින්. එනම්, අප ගොඩක් දෙනාත් ජීවත් වන්නේ ණයට ගත්තු කාලයකින් කියා කොවින් මතක් කර දීම. කොවින් මරණ අතර හොඳ සෞඛ්‍යයෙන් සිටිය පිරිසත් ඉන්නවා වුවත්, ගොඩක් වෙලාවට කියනවනේ, නිදන්ගත රෝග වලින් පෙළී සිටියා කියන එකත්.

අප සමහර දෙනාට උපතින්ම සමහර දේවල් උරුම කර දෙනවා. ගැලවිය නොහැකි සමහර රෝගී තත්වයන්ද ඒ අතර තියනවා. එයිට අමතරව සමහරුන් පිළිගන්නේ නැති වුවත්, නූතන මිනිසා සමස්තයක් ලෙස, පෙර ලෝකයේ කවරදාටත් වඩා දීර්ග කාලයක් ජීවත් වෙනවා. එය පසුගිය දශකය තුල තවත් ඉදිරියට යමින් තියන දෙයක් වග දත්ත පෙන්වනවා. ඒ කියන්නේ අප ගොඩක් දෙනා වැඩිකලක් සෞඛ්‍යමත් දිවියක් ගත කරනවා කියන එකද?

4 Comments

Filed under Health, Lifestyle, Opinion, Social

4 responses to “ටෙල් යුව පපා නොට් ටු ශෆ්ල් යොවුන් ආදරේ

  1. Lots of food for thought. Tummy full.

  2. have a break, have a drink! 🙂

  3. කොවින් කියා ලියා ඇත්තේ ඇයි, කොවිඩ් වෙනුවට?

  4. ඇමෙරිකානු මුලාශ්‍ර තමා භාවිතා කර ඇත්තේ!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.