සිඟිති ආදර දූපතකට යමු!


මා දැනගත් පරිදි, අපේ අපොස උපේ, අපට ඉගැන්වූ ගුරුවරුන් හතර දෙනාගෙන් අඩුම ගානේ තුන් දෙනෙක් වත්, පාසල් කාලයෙන් පසු හා/හෝ සති අන්තයේ ටියුෂන් කෙරුවා. ඒවාට අපට එන්න කියලා බල කිරීමක් කෙරුවේ නම් නැහැ. අනික ඒවා අපට ඒ දිනවල අතපොවන්න හැකි පන්ති නොවේ. කුඩා කණ්ඩායම් පන්ති. සිලබස් කවර නොකිරීමයි, ඒ පන්ති අතරයි සම්බන්දයක් තිබුණා යයි මා හිතන්නේ නැහැ. ඒ වගේම ඒ පන්ති වල නම් සිලබස් කවර නොකර ඉන්න ඇතැයිද මා සිතන්නේ නැහැ. මෙතන තියෙන්නේ වග වීමේ ප්‍රශ්නයක්.

අපගේ කුඩා පන්ති වල ඉගැන්වූ ගුරුවරුන් කිහිප දෙනෙක් හෝ පෞද්ගලික පන්ති කෙරුවා. ඒවාට එන්න කියා කිසිම කෙනෙකු පාසැල් පන්ති වල ප්‍රවර්ධනය කෙරුවේ නැහැ. ඒ වගේම ඒ වසර වල අපට උගන්වන්නට නිර්දේශ කරපු නිර්දේශය සියල්ලන්ම පාහේ, සම්පුර්ණයෙන්ම ආවරණය කෙරුවා. උගැන්වීමට සමර්තකම හෝ අසමර්තකම අතර තිබුණ සමහර ලක්ෂණ වල වෙනස්කම් හැරෙන්නට ඔවුන් සියල්ලම, තමන්ගේ රාජකාරියේ ප්‍රධාන කොටස, එනම් ඉගැන්වීම අඩුවක් නොමැතිව ඉටු කරපු පිරිස්.

අපේ පන්ති වල සිටිය සේරම දෙනා (පහත් පෙළ) උපකාරක පන්ති නොගියත්, සැලකිය යුතු පිරිසක් ඒවාට සහභාගී වුවා යයි මා හිතනවා. විශේෂයෙන් තනි හා කුඩා කණ්ඩායම් පන්ති වලට. උසස් පෙළට යන විට, ඔවුන්ට එය වාසියක් වුණේ, එයාල එම පුරුද්ද දිගටම අරන්න ගියේ ඉබ්බන් වතුරට බහින්න වගේ නිසා.

උපකාරක පන්ති වල ජනප්‍රියතාවය ඉහල යන්න යන්න, පාසැල් ගුරුවරුන්ද තමන්ගේ භුමිකාවේ කොටස් එක්කෝ අඩු කර ගන්න ඇති, නැත්නම් ළමයින්ගේ ක්‍රියාකාරකම් නිසා නිකම්ම අඩු වෙන්න ඇති. මා කලින් කියුවේ අපේ පාසැල් ජීවිතය කියන්නේ, මේ පරිවර්තනය සිදුවීමේ කතාන්තරය කියා අන්න ඒ නිසයි.

දැන් ආරංචි වලට අනුව, අද දරුවෙක් අර තරඟකාරී කියන පරිසරයේ තියා ගන්න කුඩා කළ සිටම, පාසැලට අමතරව, අමතර පන්ති වලට යනවා. එයින් ලැබෙන ප්‍රතිඵල හෝ ඒ ගැන සමාජ විශ්ලේශයණයක් කිරීම මගේ බලාපොරොත්තුව හෝ අරමුණ නොවේ. ඒ වගේම දෙමාපියන්ගේ පැත්තෙන් බැලුවොත් වෙන විකල්පයක් නැතුවත් ඇති.

උපකාරක පන්ති වලින් දිවයිනේ එක දෙක බිහි කෙරුවා කියා කට පත්ත ඇද්දත්, ඇත්තටම සංඛ්‍යාලේඛණ විශ්ලේෂණයකට ගියොත්, ලයිස්තුවේ අග කට්ටිය නේ අති බහුතරය. ගොඩ යන කිහිප දෙනා මොන පන්තියට ගියත් ගොඩ යන කට්ටියනේ. ඔය කෙරුවාවම කරන්න නම්, මේ වගේ රටවල් වලට එන්න අවශ්‍යත් නැහැනේ. මා හිතන්නේ එහෙමයි. වෙනස් ජිවිතයක් බලාපොරොත්තුවෙන් ඇවිත් (සමහරවිට එහෙම නැතුවත් ඇති), ඒ දේවල් වලින් මිදෙන්න නොහැකි නම්, එය පූරුවේ පව් කාණ්ඩයට අයත් වෙනවා.

මා මෙල්බර්න් වල ඉන්න කාලයේ, එක විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න ලංකාවෙන් සංක්‍රමණය වුන මාපිය යුවලකගේ, ඕස්ට්‍රේලියානු දරුවෙකු හමු වුවා. ඔහු හදාරමින් හිටියේ, මා ප්‍රාථමික උපාදියට හැදැරූ විෂය පථයයි. ටිකක් වැඩිදුර කතා කරන විට මට තේරුණා, ඔහු කරමින් ඉන්නේ, ඔහුගේ ආසාවක් නොවන වග. එයාගේ තාත්තා ලංකාවේ සරසවියක, ඒ විෂයයෙන් ඉහලටම ඉගෙන ගෙන, මෙහි ඇවිත්, ඒ ක්ෂේත්‍රයේම රැකියාවක් කරපු අයෙක්. ඔහු තමා පුතාට බල කර තියෙන්නේ, ඔහු කරපු විදිහට පුතාටත් කරන්න කියා.

අර දරුවා කැමති වෙනස්ම වැඩකට කියා ඔහු කියුවා. එය අපේ සම්ප්‍රදායික ආසියානු සංක්‍රමණික මනසට අසු නොවන පථයක්. පුතා කැමති කාර්මික අංශයේ වඩු වැඩ ඉගෙන ගන්නට. එය මා හිතන්නේ ඔහු තාත්ත එක්ක කතා නොකරන්නත් ඇති. මා කියුවහම, ඕව කරන්නට හොඳට (ඇඟ) මහන්සි වෙන්නට ඕනෙනේ කියා, ඔහු සිනාවෙමින් කියුවේ, මා කැමති අන්න ඒ වගේ වැඩ වලට කියා. ලංකාවේ හැදුන අප වගේ නොවේ, ඔහු දේහධාරී තරුණයෙක්. ඔහුව (පුතාව) මට දිගින් දිගටම හමු නොවුන නිසා, ඒ කතාවේ අග මොකක්ද කියා මා දන්නේ නැහැ.

සංක්‍රමණය නිසා අප සිතන හැටි සම්පුර්ණයෙන්ම වෙනස් වනවාද? සංක්‍රමණිකයන් කියන්නේ, බටහිර තියනවායයි කියන ලිබරල් සමාජයේ කොටස් කාරයන්ද? අප දුටුවනේ, ඇමෙරිකානු සමාජයේ දශක ගණනාවක් ගත කර, ආපසු ලංකාවට ගිය දෙපලකගේ ක්‍රියාකාරීත්වය. මා කලින් ලියා ඇති, සමහරවිට අප උකහා ගන්නේ මේ සමාජ වල අපතම කොටස් වල ගති ලක්ෂණ කියා.

මා විශ්වාස කරන්නේ, මේ සමාජ අද තියන ආර්ථික දියුණුව (හා සමගාමී සමාජයික දියුණුව) අත්පත් කරගෙන ඇත්තේ, අප අතීතයේ විශ්වාස කරපු, බලි තොවිල්, නැකත්, ජෝතිෂ්‍ය යනාදියෙන් ඉවත්ව, අපට වඩාත් විස්වසනීය ලෙස පහදා දෙන්න හැකි බටහිර විද්‍යාව අනුව කටයුතු කිරීමෙන්. අපගේ සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකාර්මික යනාදී සියලු ක්ෂේත්‍ර වල අද ලබා ඇති ප්‍රගතිය අත්කර ගෙන තියෙන්නේ ඒ මාවතේ ඇවිත් නිසා මිසක්, තවමත් නැකත් බලමින්, කේන්දර බලමින්, පේන අසමින් නොවේනේ. මේවට විකල්ප තියනවා යයි කියන මිනිසුන් පෙන්වා දුන්න එක විකල්පයක් හෝ මාවතක් හෝ ඔබ දැක තියනවද? බොරුනම්, ඔවුන්ගේ දරුවන්ගෙන් අහල බලන්න.

අප ගොඩක් දෙන සංක්‍රමණය නිසා බුක්ති විඳින්නේ, එවැනි මිනිසුන් බහුතර පිරිසක් දිග කාලයක් තිස්සේ ගොඩ නගපු සමාජ ක්‍රමයන්ගේ ප්‍රතිඵල. නමුත් ඒ සමාජ වල ගෙවල් හදන විට, ජනෙල් තියන්න කේන්දර බලනවා නම්, එහි පරහක් තියනවා. නූතන ලෝකයේ (අඩුම ගානේ මෑත තාක්ෂණ දියුණුවේ) පෙර ගමන් කරුවා වූ ඇමෙරිකාවේ දශක ගණනාවක් සංක්‍රමණිකයන් ලෙස ජිවත් වී, ලංකා සමාජය වෙනස් කරන්න ගිහින්, කේන්දර වලට නැකත් හදා ඇමතිකම් වල, ජනාධිපතිකම් වල දිවුරුම් දෙනවා නම්, එයට වඩා බලාපොරොත්තු කඩවීමක් එහි ජනයාට තියෙන්න නොහැකියි.

මා එහෙම මිනිසුන් ඒ සමාජය වෙනස් කරයි කියා මා පෞද්ගලිකව බලාපොරොත්තු වන්නේ නැහැ. සමාජය වෙනස් කරන්න නායකත්වය දෙන්න හැකි, පසුගාමී ආකල්ප, සමාජයට පෙනෙන්නම අතහරින පිරිස් වලට විතරයි. මා කියන්නේ අප බලාපොරොත්තු වන්නේ, මේ බටහිර අයත් කරගෙන තියන දියුණුව මිසක්, එයට විකල්ප ලෙස කියන අප කවුරුවත් දන්නෙත් නැති, කාටවත් ඕනිත් නැති දියුණු ගැන නොවේ. සංක්‍රමණිකයන් ලෙස අප මෙහි ඇවිත් ඉන්නේ ඒ දියුණුව නිසා මිසක්, ඔය කියන විකල්ප ක්‍රම හොදයි කියා සිතන නිසා නොවේනේ.

ඒ වගේම අපගේ සංක්‍රමණිකයන්ගෙන් විශාල කොටසක් ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වල ජිවත් වෙමින්, පවුල් වාදයන්, ගජමිතුරු කල්ලි හා රාජ්‍ය දේපොළ මංකොල්ලය යනාදිය, තම මව් රටේ ප්‍රවර්ධනය කරන බවත් නොරහසක්. එතකොට මේ රටවල් අද ඉන්න තැනට ඇවිත් තියෙන්නේ කොහොමද කියල නිකමට කල්පනා කරනවද?

කොහොමහරි අපගේ ශරීර සෞඛ්‍යය කතාවට ගියොත්, ඔබගේ දිවියේ කොතරම් සෞඛ්‍යසම්පන්න (හෝ නැති) තේරීම් තියනවද? ඒ ගැන අමතක කෙරුවොත්, දත්ත වලට අනුව, අපගේ ජීවිත කාලයෙන් 10% වගේ කාලයක් නිරෝගී නොවන කාලයට අයත් වෙනවා. අවුරුදු හැට පහ වන තෙක්. අවුරුදු හැට පහෙන් පස්සේ මිනිසුන් ජීවත් වන කාලය ගත්තොත්, එය පසුගිය දශක දෙක තුන තුල වැඩි වී තියන වගත් පෙනෙනවා. මේකම තමා අර වැඩිපුර ජීවත් වෙනවා කියල අන් විදිහකට කියන්නේ.

හැබැයි හැට පහෙන් පසු සෞඛ්‍යමත් කාලය කියන දේ අර සියයට 90 සිට 60 දක්වා විතර පහල බහිනවා කියා OECD රටවල් වලින් ගන්න තියන දත්ත පෙන්නුම් කරනවා. අනික් රටවල් වලත් තත්වය මෙයිට වෙනස් වන්නට තියන ඉඩකඩ අඩුයි. ඒ කියන්නේ හැට පහෙන් පස්සේ වසර විස්සක් ජිවත් වුනත්, එයින් අඩකට කිට්ටු කොටසක් ගත කරන්නේ රෝග වලින් පීඩා විඳිමින්.

මා කලින් කියුවා වගේ, එයින් කොටසක් පෙළෙනු ඇත්තේ, තමන්ට පාලනය කරන්න නොහැකි, ප්‍රවේණික හා වෙනත් උපතින් ලද අබාධ වලින් වෙන්නට හැකියි. අනික් පිරිස් ගොඩක් දෙනා ජිවිතයේ තේරීම් වලින් ලෙඩ හදා ගත්ත කට්ටිය.

අවුරුදු සියයක් බෝරින් ජිවිතයක් ගත කිරීමට වඩා, එයින් අඩක් ජොලිය දමා ඉන්න ඕනි කියා අප සිතනවනේ. එහෙම ජොලිය දමන කට්ටිය පවා එයින් අඩකින් යන්නේ නැහැ. මොකද අද තියන ප්‍රතිකාර හා සෞඛ්‍ය පහසුකම් නිසා අල්ලාගෙන ඉන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒ සඳහා පිරිවැය දරන්න පුළුවන් නම්. කොවින් ඇවිත් ටිකක් අංජ බජල් කෙරුවේ වැඩිපුර මෙන්න මේ ජීවිතත්.

එය අපට, එනම් මිනිසාට වෙනස් වෙන්න කියා දෙන පණිවිඩයක් වේවිද කියාත්, අප ඒ පණිවිඩය කොතරම් තේරුම් ගනීද කියාත් බලා ගත හැකි වන්නේ අනාගතයේදී. හැබැයි එහෙම දෙයක් නැතුව වුවත් අපට වෙනස් වෙන්න බැරිකමක් නැහැ නේද? ඔබේ එවැනි තේරීම් වලින් කීයක් අතහරින්නට ඔබට හැකිද?

2 Comments

Filed under Health, Lifestyle, Migration, Opinion, Reflections, Research & Development, Social

2 responses to “සිඟිති ආදර දූපතකට යමු!

  1. pajayatunga

    Very well writen.

  2. An excellent reader!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.