අනාරාධිත අමුත්තා


සුපුරුදු ජන ජීවිතය කඩන් වැටිලා නිසා ලෝකයේ බොහෝ මිනිසුන් (විශේෂයෙන් මධ්‍යම පාන්තිකයන්) ඉන්නේ වියරු වැටිලා වගේ. දුප්පතුන්ගේ ජනජීවිතය හැමදාම කඩන් වැටිලා නිසා, එයාලගේ ජීවිතය කබලෙන් ලිපටත් වැටිලා වුවත්, ඔවුන්ට වෙනදා තරම් වත් හඬක් නගන්නට විදිහක් නැහැ. ඔය අතරින් පතර කෝටිපති කිහිප දෙනෙක් මිය ගියත්, ඔවුන්ගේ ජීවිත ඉහත දෙකොට්ටශය තරම් හෙලවිලා නැහැ.

හැබැයි ගොඩක් වෙලාවට ගෙවල් වලට ඉන්නට බල කෙරී ඉන්න, බොහෝ මධ්‍යමපාන්තික මිනිසුන්ට තමන්ගේ කෝපය, අසතුට හා ඉච්ඡාභංගත්වය ප්‍රකාශ කරන්නට, ලෝකයේ අතීත වසංගත තිබුණ, කාලයේ නොතිබුණ, දෙයකුත් අද තියනවා. ඒ තමා අන්තර ජාලය හා සමාජ මාධ්‍ය. සමහර රටවල එවැනි පහසුකම් නැති මිනිසුන්, ලොක් ඩවුන් වන්නට පෙර, එම කාලයේ අඩියක් ගහන්න බෝතලයක් ගන්න පෝලිම් වල ඉන්න ආකාරය සමච්චල් කරමින් සමාජජාල වල විවිධ හුවමාරු කිරීම් ගොඩක් වෙලාවට කෙරුවේ, අනික් විනෝද ක්‍රියා කරන්නට හැකියාව තියන මධ්‍යම පන්තියට අයත් මිනිසුන්මයි.

කොහොම වුවත් මිනිසා කියන්නේ අනුවර්තනය වීමේ හැකියාව ඉහලින්ම අත්කර ගත්තු සත්ත්වයෙක්. පරිසරයේ සිදුවන වෙනස් වීම් වලට අප අතීතයේ සිටම නිරන්තරන් අනුවර්තනය වූවා. අන්තිමේ පරිසරය අපට සරිලන ආකාරයට ටිකක් හෝ වෙනස් කර ගත්ත. සමුහයක් වශයෙන් එවැනි දීර්ග කාලයක් ගැන අමතක කෙරුවොත්, එක එක මිනිසුන් වශයෙනුත්, අප ජීවිතයේ සිදුවන අනපේක්ෂිත සිදුවීම් වලට පසුව, ඇතිවන අලුත් තත්ත්ව වලට අනුගත වන්නේ පුදුමාකාර ලෙස.

එයට හොඳම උදාහරණ, මේ දිනවල ජපානයේ පැවැත්වෙන පැරා ඔලිම්පික් වල ක්‍රීඩකයන්ගේ ජිවිත කතා වලින් ගන්න පුළුවන්. මා ක්‍රීඩා වැඩසටහන් පෙර මෙන් නරඹන්නේ නැති වුවත්, ප්‍රධාන මාධ්‍ය වල ගිය සමහර ක්‍රීඩකයන්ගේ කතා දුටුවා. සාමාන්‍ය අප වගේ මිනිසුන්, ශරීරයේ සියලුම අංග හොඳට තිබිලත් කරන්න නොසිතෙන පුහුණු වීම් කර, ඇස් පෙනීම්, අතපය විවිධ හේතු නිසා අහිමිව ගිය සමහරුන්ගේ ජයග්‍රහණ නොවේ, එම සහභාගිත්වය පවා විස්මය ජනකයි. කිසිදා එම ක්‍රීඩා ඉසව්ව, අබාධයක් ඇතිවීමට පෙර නොකළ කෙනෙක්, අබාධයකින් පසුව අලුත් තත්වයකට අනුගත වීම, මා අර මුලින් කියුව අපගේ තියන අනුවර්තන හැකියාවේ තරම ගැන කියනවා.

ඒ අතරම ජපානය ගැන කියන විට කියවෙන දෙයක් තමා, ඒ රටේ සෞඛ්‍ය රක්ෂණ ක්‍රියාවලියට අනිවාර්යයෙන් කර ගත යුතු වාර්ෂික සෞඛ්‍ය පරීක්ෂණය. ජපනුන්ගේ ඉහල ජිවිතපේක්ෂ අගයටත් බලපෑම් කරන ප්‍රධාන කරුණක් කියා මේවා ගැන ලිවීම් වල තියනවා. වසර 1950 දී ජපනෙකුගේ ජිවිතාපෙක්ෂාව වී ඇත්තේ අවුරුදු 60.64 යි. අද එය (2021) අවුරුදු 84.79 යි. කර තියන ප්‍රක්ෂේපන අනුව වසර 2100 දී මෙය අවුරුදු 93.61 දක්වා ඉහල නගිනු ඇත. ඒ වගේ කොවින් හා ඉදිරිදී ඇතිවන්නට හැකි තවත් හේතු නිසා ඔය ගණන් බැලීම් ටිකක් හෝ අංජබජල් ද වනු ඇති.

අප කිසි කෙනෙකු රෝගාබාධ වලින් තොරව මුළු ජිවිතයම ගෙවන්නේ නැහැනේ. රෝගාබාධ පමණක් නොවේ, අංග කොටස් අහිමි වීම් වලටත් පිරිසකට උපතේම හෝ ජිවිතයේ පසු කාල වලට මුහුණ දෙන්න වනවා. හැබැයි ඒවා එලෙසම තිබියදීත් ජීවිතය සුපුරුදු පරිදි ගෙවන පිරිස් බොහෝ ඉන්නවා. ප්‍රා කියපු අර සෞඛ්‍ය ක්‍රියාමාර්ග හැම විට අනුගමනය කරන පිරිස් ඒ අතර මුලටම ඉන්න කාණ්ඩයයි. දෛනික ජීවිතය එම හේතු වලින් අඩාල නැති නම්, එය සාමාන්‍ය ජිවිතයක්. අද නම් සමාජයේ බහුතරයකගේ දෛනික ජීවිතය අඩපන වෙලා නේ.

කොවින් සමාජයට හොඳ දේවල් ද එකතු කරනු ඇති වග මා නම් සිතනවා. මිනිසුන්ගෙන් සුළු ප්‍රතිශතයක් හෝ තමන්ගේ සෞඛ්‍යය හා තේරීම් ගැන සිතා ඒවා අලුත් තත්වයට වෙනස් කර ගනීවි. වෙනකක් ඕනි නැහැ, සමාජ ජාල අට්ටාල අරක් ගෙන හිටිය සීනි බෝල ඉන්ෆ්ලුඑන්සර් ලාගේ කතා වලටම සවන් දුන්නු, අලුත් පරපුරට, ප්‍රතිශක්තිකරණය කියන්නේ මොකක්ද, වයිරස් කියන්නේ මොනවාද, අතීතයේ තිබුණු වසංගත වල තත්වය කොහොමද යනාදියේ විස්තර දැන ගන්නට, අසන්නට සැලැස්වූයේ කොවින්.

හැබැයි ජිවිතයේ සමහර අනපේක්ෂිත සිදුවීම් වලට අනුගත විය නොහැක්කේ, එයින් ජීවිතය කියන දේ නිම වනවා නම්. එවැනි තත්වයකට පවා අපේක්ෂා භංගත්වයකින් තොරව මුහුණ දුන්නු කෙනෙක් යයි පෙනෙන ඩෙනිස් රයිට් ගේ කතාව හෙට වත් ලියමු.

4 Comments

Filed under Health, Lifestyle

4 responses to “අනාරාධිත අමුත්තා

  1. pajayatunga

    Shock therapy

  2. Yes. Looming disarsters due to climate change will be another shock therapy for mankind.

  3. kaushalyas

    I am sceptical if disasters due to climate change would be as much a shock therapy because the effects of climatic changes are as not as rapid. I think this is one big bottleneck in making people aware of the disasters due to climatic shift.

  4. You are right. It will be gradual. We will not see a real disaster in our lifetime either.
    BTW, I hope that people will change before climate change.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.