අරක්කු, සිගරට් හා ඉලෙක්ට්‍රොනික් මත්ද්‍රව්‍යය


අද මා දුටුව පුවතක් තමා ඒබීසී මාධ්‍යවේදියෙක් කියපු කතාවකට අසන්නෙක් දුන්න පිළිතුර. කතාව තමා වී ඕල් ආ ඉන් දිස් ටුගෙදර් කියා තොරතොන්ච්යක් නැතුව ඇසෙන දෙය. ඔය කතාවට කේන්ති ගිහින් තිබුණේ, කොවින් නිසා තමන්ගේ රැකියාවත් ගෙදරත් අහිමිව කාරයේ දිවි ගෙවන අයෙක්. උඹ දන්නවද, මට රස්සාවත් නැහැ, ගෙදරත් නැහැ, ඉන්නේ මේ කබල් කාරෙකේ. උඹල වගේ ලොකු පඩි ගන්න එවුන් ඔය වගේ කතා කියාවී. උබලගේ එකෙක් වත් පඩියෙන් භාගයක් බෙදා ගන්න කැමතිද? ඔය වගේ ගොන් කතා කියන්නේ දේශපාලකයනුයි, උඹල වගේ ජනමාධ්‍ය වේදියනුයි. සේරම මෙතන එකට නැහැ. ඔය කතාව නම් අපට කියන්න එන්න එපා කියා.

ඔය කතාව කියාගෙන යන විට අර මනුස්සයව කට් කරලා දැම්ම. මිනිසුන්, විශේෂයෙන් දේශපාලකයන්, ජනමාධ්‍ය කාරයින් හා වෘත්තීය වේදීන් මෙවැනි අල්ලා ගත්තු (සටන්) පාඨ කියන වග අපට නිතර ඇසෙන දෙයක්. ගොඩක් වෙලාවට කිසිම තේරුමකුත් නැහැ. ඉතිං අර මනුස්සයට කේන්තියාම අරුමයක් නොවේ.

කොවින් නිසා තමන්ගේ රැකියාවට කිසි හානියක් නැති, රජයේ හා වෙනත් සේවා සපයන සේවකයින්, ගොඩක් ජනමාධ්‍ය වේදීන් ඉන්නේ වෙනම ලෝකයක. වසා දැමුණු හෝටල්, සංචාරක කර්මාන්තයේ නියුතු අය, වැසීගිය කම්හල් වල පිරිස්, අනියම් සේවකයින් ඉන්නේ වෙනත්ම ලෝකයක. ගොඩක් වෙලාවට අර දෙවෙනි අයට මෙහෙම කරපල්ලා යයි උපදෙස් දෙන්නේ, ප්‍රථමයෙන් හඳුන්වා දුන්නු පිරිස.

සමහර වෛද්‍ය උපදෙස්, ජිවන විලාසිතා වලට උපදෙස් දෙන විශේෂඥයවරුනුත් අර වගේ ප්‍රසිද්ද හෑලි ගොඩක් වෙලාවට කියනවා ඇසෙනවා. අරක්කු බිව්වොත් ප්‍රතිශක්තිකරණය නැති වනවා, අරව බිවුවහම මලානික වෙනවා වගේ කතා. සමහරුන් වෘත්තීය වේදීන් කරන නිග්‍රහාමත්මක කතා ගොඩක් වෙලාවට අප්‍රසන්නයි.

එතනදීත් මේ කතා කියන පිරිසයි, එයාල ඉලක්ක කරන පිරිසයි ඉන්නේ ලෝකවල් දෙකක. දවස පුරා ඇඟ වෙහෙසමින් වැඩ කරන කෙනෙක්, හවසට අඩියක් ගහල ගෙදර යනවිට, මිනිහට කියුවහම ඕකෙන් ප්‍රතිශක්තිය නැති වනවා කියා මල පනින්න ඉඩ තියනවා. වෙනත් විනෝදාස්වාද තේරීම් ගොඩක් තියන මිනිසුනට, ඒවා තමන්ගේ රුචිකත්වය හා ශරීර සෞඛ්‍යට අනුව තෝරා ගන්න තියන නිදහස වැඩියි.

මේ සතියේ අසුන තව පුවතක් තමා චීන රජය වයස අවුරුදු 18 ට අඩු කට්ටියගේ ඔන්ලයින් ගේම් ගහන කාලය සති අන්තයේ පැය 3කට සීමා කිරීම. ඒ කියන්නේ සිකුරාදා, සෙනසුරාදා ඉරිදා හවස 8 ඉඳන් 9 දක්වා කාලයේ පමණයි සෙල්ලම් කරන්න හැකි. රජය මේ ගේම් හඳුන්වා තිබුණේ opium for the mind කියලයි. මේ වගේ වාරණයන් කරන එක චීනයේ ලෙහෙසියි. එහි ජීවත් වන වරුනිලා, ලංකාවේ කට්ටියට ෆේස් බුක් එකෙන් සිංහලෙන් කෑම හදන හැටි පෙන්වන විට, චීනුන්ට නම් තියෙන්නේ වෙනම ෆේක් බුක් එකක්.

ඒ අතරේම ලංකාවේ දකුණු පළාතෙන්ද ඉතා කණගාටුදායක සිදුවීමක් අහන්නට ලැබුණා නේ. දරුවන් සම්බන්ද එවැනි කතා එයාලගේ දෙමාපියනට විතරක් නොවේ, එම දරුවන්ගේ යාළුවන්ට ද තදින් දැනෙන, වේදනාකාරී දේවල්ය යන්න අමුතුවෙන් කියන්නවත් අවශ්‍ය නැහැ.

අප සරසවි යේ අවසන් වසරවල් (යට ග්‍රජුවෙට්) ගත කරන විට ඔය සිකරට් පෙට්ටි වගේ කුඩා ඉලෙක්ට්‍රොනික ගේම් වගයක් ආව. ඒ එම සෙල්ලම් වල මුල් අවධිය වගේම, සෝවියට් ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේ මුල් අවධිය. ඔය බැලුම් වලට වෙඩි තියන ඒවා, කාඩ් සෙල්ලම්, වලාකුළු වලින් වැටෙන එව්වා වගේ සරල සෙල්ලම්. ඒවා සමහරක් ඒ දිනවල හරිම ඇබ්බැහි කාරක. නවත්වල තියනවා, ආයිත් විනාඩි පහකින් ගන්නවා. හැබයි ජීවිතය වණ වන්නට තරම් දෙයක් වුයේ නැහැ.

දැන් අපගේ දරුවන්ට, අපට තිබුණ ඇල දොළ නැහැ, ගොයම් නියරවල් නැහැ, පොල්පිති ගොන්නු නැහැ කියන කරුණු හැම සමාජයකින්ම ඇහෙනවා. මා බටහිර සමාජයක කුඩා කාලයේ ගත කර නැති නිසා මෙහෙ උදාහරණ ගත්තේ නැහැ. කොයි රටවලත් ඔය වගේ ලැයිස්තු තියනවා. මා කලින් සටහනක ලියා ඇති පරිදි, මේ සන්සන්දන කරන්නේ පරම්පරා දෙකක් ගැනයි.

ඔන්ලයින් ගේම් කියන්නේ මාර ඇබ්බැහි කාරක කියා අප අවටින්ම පෙනෙනවා. මේවා නිසා දරුවන්ගේ සමාජ ආශ්‍රය, ශරීරික ක්‍රීඩා කෞශල්‍යය, මනසේ සමබරතාවය යනාදියට එල්ල වන අයහපත්ඔ බලපෑම ගැන තොරතුරු තියනවා. ඒ ඕනි නැහැ, වැඩිහිටියනුත්, යු ටියුබ්, ටික්-ටොක්, ෆේස්බුක් වැනි අට්ටාල වලට ඇබ්බැහි වෙලා ඉන්න විට, දරුවන් ගේම් වලට ඇබ්බැහි වීම ගැන කවර කතාද? විශේෂයෙන් පාසල් වසාලා, ඉගැන්වීම අට්ටාල වලින් කරලා, දරුවන්ගේ සමාගමය නැති වෙලා තියන මෙවන් කාලයක, එවැනි දෙයකින් වත් මිතුරන් ආශ්‍රය කිරීම, කාලය ගත කර ගැනීම,විනෝදය ලබා ගැනීම ගැන වරදක් කියන්නට හැකිද?

මෙවැනි විනෝද කාරක වලට ඇබ්බැහිවීම හා පාලනයක් කර ගැනීමට ඇති නොහැකියාව විශාල පුරස්නයක් තමා. එය වැඩිහිටියන්ටද දරුවන්ටද එකසේ පොදු කරුණක්. හැදෙන කාලයේ අරක්කු, මත්ද්‍රව්‍ය වැනි දේවල් වලට දරුවන්ට අතපොවන්නට බැරි සේ නීති පනවා තියෙන්නේ කරුණු ගණනාවක් නිසා නේ. ඒ අතරට දැන් ඔන්ලයින් ගේම්ද එකතු වී තියනවා.

මෙවැනි අතපෙවීම් දුරදිග නොබලා හා ක්ෂණිකව කිරීමෙන් ඇතිවන යහපතට වඩා එහි අනර්ථය වැඩිවන්ට හැකි වගට උදාහරණයක් මා කලින් ලියපු සටහනක දැමුවා.

https://edition.cnn.com/2021/08/31/tech/china-ban-video-games-minor-intl-hnk/index.html

11 Comments

Filed under Education, Health, Lifestyle, Media, News, Opinion

11 responses to “අරක්කු, සිගරට් හා ඉලෙක්ට්‍රොනික් මත්ද්‍රව්‍යය

  1. pajayatunga

    මං කියෙව්වා හුමාලය හුස්ම ගැනීමෙන් නහයේ රුධිර නාලිකා එක්ස්පෑන්ඩ් වීමෙන් එතනට වැඩියෙන් රුධිරය ඇවිල්ලා ( ඇන්ටිබොඩීස් සමග ) වයිරස එක්ක සටන් කිරීම ඉක්මන් වෙනවයි කියලා. මං දන්නෙ නෑ ඇඇත්තද කියලා ඒත් හුස්මගන්න පුලුවන් හුමාලයෙන් වයිරස රත්වෙලා මැරෙනවයි කියන එකට වැඩියනම් විස්වාස කලෑකි.
    ඇල්කොහොල්වලිනුත් රුධිර නාලිකා එක්ස්පෑන්ඩ් වෙනව නේද? 🙂

  2. Reuters had done a fact-check for us about 7 months ago. https://www.reuters.com/article/uk-factcheck-steam-idUSKBN2AC2FV

  3. කාලෙකින් ඔබේ රසබර හරවත් ලිපියක් දුටුවා!

  4. මේක මටත් තියෙන දැවෙන ප්‍රශ්නයක්, HSC කරන්න ඉන්න කොල්ලො ඉන්න පියෙක් හැටියට. මොන තරම් උත්සාහ කලත් මේ උන්නැහෙලව බයිසිකලයක් පදින්න හරි එලිමහනෙ සෙල්ලමක් කරන්න හරි එක්කන් යන්න හරිම අමාරුයි. ඉස්සර මොන දහං ගැටයක් හරි ගහල එලියට එක්කං ගිය එකටත් දැන් තිත! රයිගම් කියන්න වගේ දැන් ඒවට උදැල්ල දාන්නත් බැහැ මේ ඉන්න lockdown තත්වෙ උඩ.
    මේක මම අපේ ලමයි විතරක් නෙමෙයි මේ වයසෙ ඉන්නෙ ගොඩක් ලමයින්ගෙ දැකල තියෙනවා. ගොඩක් වෙලාවට ඔවුන්ගෙ කාලය පමණක් නෙවෙයි, රසවින්දනය, සහකම්පනය, සමාජානුයෝජනය, දිගු කාලීන අරමුනු කරා ලඟාවීමේ විභවය, ජය පරාජය විඳ ගැනීමේ හැකියාව, ලෝකයේ වෙනත් ප්‍රශ්න ගැන දක්වන උදාසීනත්වය, පරිකල්පනය වගේ ලොකු පරාසයකට බලපාන බව මට පෙනී ගිහින් තියෙනව. කොවින් වලින් යම් දවසක ගැලවුනත් තව අවුරුදු ගානකට පස්සෙ ඇති වෙන්න පුලුවන් කණගාටුදායක සමාජ ප්‍රශ්න වැලක ආරම්භක අවස්තාව අපි දකිමින් ඉන්නව වෙන්න පුලුවන්.

    ප.ලි : ගුනසිංහ මහත්තය ඔලුව අත ගාල ටොක්කකුත් ඇනල තියෙන්නේ 😀

  5. ගුණසිංහ මහත්මා තාමත් කියවනවා එහෙනම්. හා හා කලාතුරකින් හරි එහෙම දෙයකුත් ලියන්න ඕනෙනේ.

  6. දරුවන් ගේම් ගැහීම මා හිතන්නේ අපගේ වයසේ දෙමාපියනට තියන උභතෝටිකයක්. ඉතා ක්‍රීඩා ශීලි දරුවන් ලොකු වන්නට වන්නට ඔන්ලයින් ගේම් වලට යට වීම හැම අතින්ම දකින්නට ලැබෙන දෙයක්. හැබැයි කෞශල්‍ය මා හිතන්නේ, දරුවෙකුට ෆෝන් එකක්, ලැප් ටොප් එකක් හෝ වෙන යමක් අරන් දුන්නොත් එය ආපසු ගැනීම ඉතා නරක දෙයක්. දරුවා විශ්වාස කරන්න නොහැකි නම්, මුලින්ම ඒවා අරන් නොදී ඉන්නට ඕනේ. සෞඛ්‍යයට අයහපත් ලෙස බලපානවා නම් , කුඩා කාලයේ අරන් දුන්නු ඔය උගුරේ කෑලි හිරවෙන්නට හැකි කුඩා සෙල්ලම් බඩු, අහක් කරන්න වාගේ ටිකක් වැඩිහිටි දරුවෙකුට අරන් දුන්න දෙයක් ගැනීම කළ යුතු වැඩක් නොවේ. එතැනදී තියන සෞඛ්‍ය ප්‍රශ්නයට විසඳුම් සොයන්න ඕනේ එයිට වෙනස්ව. කොහොම වුවත්, ගේම් වලින් තොර ලෝකයක් නැහැ වාගේම, කොම්පුටර හා ඒවායින් දමන වැඩ මත නේද අනාගතය රඳා පවතින්නේ.

    ගුණසිංහ මහතා කවදත් ඔහොම තමා. 🙂

  7. ඔව් අපි කොලු වයසෙ ලමයි එක්ක ගනුදෙනු කරනකොට ඉතාමත් පරිස්සම් වෙන්න ඕනෙ. අපි හරියට ඒ අය එක්ක කතා බහ කරනවනං සමහර දේවල් fine-tune කරගන්න පුලුවන්. අමාරුම දේ තමයි ඉවසීම ප්‍රගුන කර ගැනීම. 😀
    අනිවා ඔවුන්ගෙන් කොම්පියුටර් හෝ ස්මාර්ට් ෆෝන් ඈත් කිරීමෙන් ප්‍රශ්නය විසඳාගන්න පුලුවන් කියල මම පිලිගන්නෙත් නැහැ. මම පුද්ගලිකව ගත්තොත් යම් කිසි කාල කලමනාකරනයක් ඔවුන් එක්ක කතා කරගෙන implement කරගත්තා. සමහර strategy based game මම ඔවුන්ට හදුනවලා දුන්නා. ඒවා කිසියම් creative thinking pattern මත සෙල්ලම් කරන්න ඕනෙ එව්ව. ඔවුන් ඒ ගේම් බොහොම එන්ජෝයි කලා. හැබැයි ලොකුම පුරස්නෙ peer pressure එක. ඔවුන් අන්තිමට නතර වෙන්නෙ ඔවුන්ගෙ යාලුවො සෙල්ලම් කරන ගේම් වල. ඉතින් බහුතරයක් ගේම් මොන වගේද කියල රයිගම දන්නව නොවැ. 😀 ඉතින් මම ඔලුව කස කස බලන් ඉන්න එක තමයි කරන්නෙ

  8. තවත් එකක්, අනිවා කොම්පියුටර් සහ ඒවායින් දමන වැඩ මත අනාගතය රඳා පවතින එක, එකෙන්ම එකඟයි. වැඩේ තියෙන්නේ ඔය ‘වැඩ දාන්න’ ඕනෙ කරන මූලික ප්‍රතිපාදන ටිකක් තියෙනවනෙ, creative thinking, resilience, aptitude වගේ. අන්න එව්වට ටිකෙන් ටික කෙල වෙලා යනව වගේ මට පේනව මේ ගේම් සහ ඔය අනිත් addiction (social media etc) වලින්. මම අවංකවම ඉතාම සතුටු වෙනව මෙතැනදි මම වැරදි නම්. මෙන්න මේ කාරනය තමයි මම මගෙ මුල comment එකෙන් මතු කලේ.

  9. ඔබ බොහොම balanced තාත්ත කෙනෙක් වගේ. මාත් හිතන්නේ ඔවුනට සැබෑ බලපෑම් කළ හැකි අවකාශයේ ජනේලය කුඩා එකක්. ඒ පොඩි පන්ති වල ඉන්දැද්දී. ඔය වයසට එනකොට, කියන්න පුළුවන්. හැබැයි කරන්නේ එයාලට ඕනි දේනේ.

  10. /* එහි ජීවත් වන වරුනිලා */

    මං දන්නා වරුණි නම් ඉන්නේ පාක්ස්වල. අර ටෙලස්කෝප් නගරයේ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.