ඉතිරි තුන ගලවා බැලීම හා තවත් කතාන්දර!


පසුගිය වසර හා ගෙවෙමින් පවතින මේ වසර ලෝකයේ බොහෝ ජනයාට දුෂ්කර වූ කාලයක්. අපත් දැනට මාසයකට වැඩි කාලයක් ගත කරන්නේ ලොක් ඩවුන් වූ පරිසරයක. ආහාර හා අනෙකුත් සිල්ලර බඩු අලෙවි කරන වෙළඳ සැල් (මේ යටතට අරක්කු හා සිගරට් ද අයත්) හා පිටතට අරන් ගොස් කන්න හැකි ආහාර අලෙවි කරන කැෆේ, රෙස්ටුරන්ට් හැර අනෙක් බොහෝ වෙළඳ සැල් මේ කාලය තුල විවුර්තව නැහැ. ඔය මල් පැල හා පොත්පත් ගන්න හැකි කඩවල් ඇරලා තියෙන්නේ, අන්තර්ජාලය මගින් ඇනවුම් කර, සුදානම් වූ පසු ගිහින් අරන් එන්න පුළුවන් විදිහට මිසක්, කඩේ ඇතුලේ කරක් ගහල ගන්න හැකි විදිහට නොවේ.

ආහාර නැතුව මිනිසුනට ජිවත් වීමට නොහැකියි. ටික ටික හරි දිනපතාම කන්න අවශ්‍යයයි. එතකොට ඔය අරක්කු සිගරට් අවශ්‍ය නැතිද? ගෙදරටම කොටුවී, අනෙක් විනෝදාශ්වාද කරන්න නොහැකි පරිසරයකදී, ලබන්නට හැකි විනොදාශ්වාද වලින් මිනිසුන් ( ගැහැණුන්ද ද ඇතුලත්) අයින් කිරීමේදී, තියන පුරශ්ණ වැඩි වනවා මිස අඩු වන්නේ නැහැ. ශාරීරික ලෙඩටත් වඩා, මානසික ලෙඩ දරුණුයි එක අතෙකින්. මිනිසුන් විනෝදාශ්වාද ලබාගැනීමේදී, එහි ඇත්ත පරමාර්ථය අමතක කර, එයින් ජීවිතය වණ කර ගැනීම වෙනම සිතා බලන්නට ඕනේ ප්‍රශ්නයක්.

මේ දිනවල සුපර්මාර්කට් ගියහම ගන්න හැකි ලාබ පළතුරු වලින් දෙකක් තමා ස්ට්‍රෝබෙරි හා බ්ලැක් බෙරි. ගොඩක් විට මේවා විකුණන්නේ, ග්‍රෑම් දෙසිය පනහේ හෝ දෙසීයක ප්‍රමාණයක් අඩුක් කරන්න හැකි ප්ලාස්ටික් කුඩා පෙට්ටි වල. පාරිභෝගිකයන් වශයෙන් එය අපට වාසියක් වුවත්, මේ දෙවර්ගයම තමන්ගේ ජීවිකාව ලෙස වවන ගොවීන් ගේ ප්‍රශ්ණය වෙනම එකක්. මා දුටුවා, අප මිලදී ගන්නා මිළ, ගොඩක් වෙලාවට ඒවායේ නිෂ්පාදන මිලටත් වඩා අඩුය කියා.

එහෙම තියෙත්දිත්, එක ගොවියෙක් වැඩසටහනකදී කියුවේ, පුළුවන් තරම් මේ පළතුරු මිලදී ගෙන එයාලට උදව් කරන්නය කියා. අධිශීතකරණයේ තබා කල්තබා ගැනීමෙන් හෝ ජෑම් වැනි වෙනත් විදිහකට පිළියෙළ කිරීමෙන් මේවායේ රාක්ක කාලය ටිකක් වැඩි කර ගන්න හැකියි.

මෙතැනදී ඇත්තටම මොකද වෙලා තියෙන්නේ. දැන් මෙල්බර්න් හා සිඩ්නි කියන ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නාගරික ප්‍රදේශ දෙකම ලොක් ඩවුන් නේ. ස්ට්‍රෝබෙරි වගේ නිෂ්පාදනයක 50% කට කිට්ටු ප්‍රමාණයක් භාවිතා කරන්නේ කැෆේ හා ආපනශාලා වල අතුරුපස හදන්නට. ඒවා අරින්නට නොහැකි නිසා එම ඉල්ලුම සම්පුර්ණයෙන් නැතිව ගිහින්. ඔවුන්ගේ ප්‍රශ්නය එතකින් ඉවර නැහැ.

ස්ට්‍රෝබෙරි හා තවත් ගොඩක් පළතුරු නෙලීමට, තවමත් භාවිතා වන්නේ මිනිස් ශ්‍රමය. ඒ විතරක් නොවේ, මේ ශ්‍රමය ගොඩක් වෙලාවට යොදවන්නේ රට ඇතුලේ ඉන්න මිනිසුන් නොවේ. ඕස්ට්‍රේලියාවේ මේවා නෙලන කාලයට පිටින් ඇවිත් වැඩ කරන්න දෙන විසා කාණ්ඩයක් තියනවා. මේ දිනවල රටේ දේශ සිමා වසා ඇති නිසා, ගොඩක් ස්ට්‍රෝබෙරි නෙලීමට අවශ්‍ය ශ්‍රමය මදකම නිසා, ඒවාට බෙහෙත් ගසා වියලෙන්නට ඇර තියන අන්දමත් අපට ප්‍රවුර්ති වලින් දැක ගන්නට ලැබුණා. දැනට වෙළඳපොලේ තියන අතිරික්තය ඇතිවෙලා තියෙන්නේ ඔය සන්ගෙදියත් අතරෙදිමයි.

මෙතැනදී මා කියන්න හැදුවේ, එකම දෙය කාණ්ඩ දෙකකට බලපාන හැටියි. වසංගතය ජන ජීවිතය සම්පුර්ණයෙන්ම වගේ අවුල් කෙරුවා. එයත් එක එක ජන කාණ්ඩ හා රටවල් වලට බලපෑ අයුරු ටික ටික වෙනස්.

සුපුරුදු පරිදි ලංකාව ගැන කතා කලොත්, මිනිසුන්ට කඩේ පස්ස දොරින් ආහාරපාන ගන්න සිදුවී තිබීම හා අරක්කු වැනි අත්‍යවශ්‍ය පාන වලට අතපොවන්නට වත් නොහැකි වීම, ප්‍රතිපත්ති සැලසුම් හා ක්‍රියාත්මක කරන්නන් ගේ මහා ගොන් පාර්ට් නිසා සිදුවූ දෙයක්.

ඒ වගේම ලංකාව ක්‍රමයෙන් උතුරු කොරියානු පන්නයේ ඩයිනස්ටියක් කරා ක්‍රමයෙන් යන බවක් මා නම් නිරීක්ෂණය කරනවා. මෙය වැරදි නිරීක්ෂණයක් වනවා නම් හොඳයි. මා කලින් සටහනක ලියුව පරිදි, එහෙම දෙයක් වුණත්, ලෝකයේ අනෙක් රටවල් ඒ ගැන ලොකුවට වොරි වේවි කියා සිතන්නට නොහැකියි. ලෝකයේ සියලුම රටවලට බේරා ගන්න ගොඩක් පුරස්න තියනවා.

චීනය ක්‍රමයෙන් ලෝක ආධිපත්වය කරා ඇදෙමින් තියන මේ මොහොතේ, බටහිර ප්‍රධාන ප්‍රශ්නය එයට එරෙහි වන්නට මොනවාද කරන්න ඕනේ කියන එකයි කියා සරලව සිතුවොත් කියන්න පුළුවන්. තායිවානයේ ස්වෙයිරිත්වයත් කාලයේ ප්‍රශ්ණයක් විතරයි කියා මා හිතන්නේ.

ලංකාව වෙත යලි ගියොත්, සාමාන්‍ය ජනයා අමුඩ කොට ගහගෙන කිරිබත් කෑවට, ඔවුන් ගැන සානුකම්පික පාලන අධිකාරියක් ඇති වගත් පෙනෙන්නට නැහැ. වසංගත සමයේදී පවා තෝරාගත්තු කාණ්ඩයක්, අසාධාරණ හා යටි කුට්ටු අන්දමින් ඉහල ලාභ ලබා ගැනීම නිකමට පෙනෙන්නට තියන දෙයක්. සුදු ලූනු බිකත් බඩටනේ කියල අර කතාවකුත් තියනවනේ. කල දුටු කළ වල ඉහ ගන්නේ නැතුව බලා ඉඳල නම් බැහැ.

එහි තවත් අරමුණක් තියෙන්න හැකියි. එය නම් කාලයක් යන විට දැනට අනික් පිරිස් විසින් කරන ව්‍යාපාර සියල්ල, එක කාණ්ඩයක් අතට ගැනීම. එහි අවසන් අරමුණ වන්නේ දේශපාලන බලය මොන තත්ත්ව යටතේ වුවත්, එකම පිරිසක් මතම රඳවා ගැනීම. ඒ කියන්නේ, ඔය කවුරු මොන විවේචන කෙරුවත්, තීරක බලය ඔවුන් අතේ. මැතිවරණ වගේ දේවල් වලදී වුවත් කොතරම් වියදමක් දරන්න අවශ්‍යද කියා කවුරුත් දන්නවා. එයින් පසු මිනිසුන් මොකා තේරුවත්, මුදල් වලින් වලින් කරන්න හැකි දිරා මාරු ලෝකයේ කිසිම කෙනෙකුට රහසක් නොවේනේ. ඊයේ පෙරේදා පැවති රුසියානු මැතිවරණයෙන්, සුපුරුදු පරිදි පාලක පක්ෂය ජයග්‍රහණය කෙරුවා ඔබත් දකින්නට ඇති.

රෑ වැටුණු වලේ දවල් වැටෙනවා නම්, බලා ඉන්න කෙනෙකුට කළ හැකි දෙයක් නැහැ. සිස්ටම් ගොඩ නොනඟා අපගේ සමාජ, ආර්ථිකව හෝ සමාජයීය ලෙස, ජිවත් වන්නට සුදුසු පරිසරයක් ලෙස දියුණු කරන්නට බැහැ. කෙටිකාලීනව රටක් ලෙස ආර්ථික ප්‍රගතියක් අත් කර ගත්ත වුවත්, එවැනි රටවල් වල ජන ජීවිතය, සාමාන්‍ය මිනිසෙකුට කොතරම් දුෂ්කරද කියා මෑත ලෝකයේ උදාහරණ වලින් දැක ගන්නට පුළුවන්. තියන සිස්ටම් පවා විනාශ කිරීමේදී, හුරේ දැමීමෙන් සාමාන්‍ය මිනිසුන් බලාපොරොත්තු වන්නේ මොනවාද කියා මා නම් දන්නේ නැහැ.

ඉතිරි කොටසට ඊළඟ සටහනට…

හැත්තෑව දශකයේ පාසැල් ගිය පිරිස් අද මැදි වියත් පසු කර අවසන්. එම වකවානුවේ තරුණ වයසේ වුන්නු පිරිස් දැන් ලෝකයෙන්ද සමුගෙන යමින් ඉන්නවා. ඒ කාලයේ රජයේ ගුවන් විදුලියන් නිතර ඇසුණු ගීතයක්. ගාමිණී රොඩ්රිගෝ කියන්නේ තවත් ගායකයෙකු වන ලක්ෂ්මන්ගේ සහෝදරයෙක්. මා මෑතදී කියවූ පරිදි, ඔවුන් මැද පන්තියට අයත් දෙමාපිය දෙදෙනෙකුගේ දරුවන්. ගායන හැකියාවත්, වෙනත් සබඳතා නිසාත් ගීත ගායනා කෙරුවත්, මා උපකල්පනය කරන අන්දමට, ඔවුන් ජීවිකාව ලෙස ගීත ගායනය තෝරා ගත්ත අය නොවේ. මේ ගීතය මට තෝරා දුන්නේ යූ ටියුබ් විසින්. මා පසුව දැනගත් ආකාරයට ගාමිණී පසුගිය වසරේ ජීවිතයෙන් සමුගෙන ගොස් තියනවා.

4 Comments

Filed under Agriculture, Australia, Food, Lifestyle, Opinion, Politics

4 responses to “ඉතිරි තුන ගලවා බැලීම හා තවත් කතාන්දර!

  1. මෙහෙ නං ලොක්ඩඩවුන් එකේ පාරෙ නැත්තෙ බසුයි පොලිසියයි නැවුයි විතරය්.

    ඔහෙත් ඒමද..
    අපිට බැරිවෙයිදඔය පළතුරු නෙළන්ට එන්ට 😃😃

  2. නැව් යන්නේ නැත්තන් ඒකම මදෑ මහේෂ්.
    මේක කුඩා නගරයක්නේ මහේෂ්. මෙහි ලොක් ඩවුන් තවම වැඩි අවුලක් නැතුව යනවා.

    දෙවෙනි කතාව නම් ඇත්තටම හිතන්න ඕනි දෙයක් තමා. ඔය තාවකාලික විසා කාණ්ඩය ඉලක්ක කර ඇත්තේ පැසිෆික් දූපත් වාසීන් සඳහා. මේවා ස්කිල් නැති හෝ ස්කිල් අඩු අය සඳහා ඉලක්ක කරපු රැකියා. අනික තමා ඔවුන් අදාළ කාලයට පසු ආපසු යනවා. මහේෂ් මල්ලි නම් ආපසු යයි. නමුත් අනික් රටවලට මේක ව්‍යාප්ත නොකරන්න හේතුවක් එයත් වෙන්න ඇති.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.