කොකාගේ පාට අප දන්නේ, පියාඹන දාට වැටහෙන්නේ?


මේ දිනවල ඕස්ට්‍රේලියාවෙත්, ඉන්පිටතත් කතාවෙන දෙයක් තමා, ඕස්ට්‍රේලියානු රජය, ඇමෙරිකාව හා එක්සත් රාජධානිය අතර ඇති කර ගත්තු, න්‍යෂ්ටික සබ්මැරින් ගිවිසුම. ඇත්තටම ඔය වගේ දේවල් නොදැන ඉන්න තරමටම හොදයි. මොකද ඒවා කියවන්න, බලන්න විශ්ලේෂණය කරන්න යන කාලයත් අපරාදේ. රැකියාවට සම්බන්ද නම් ඕවා ගවේෂණය කර තොරොම්බල් කරන්න පුළුවන්.

මේ ගිවිසුමට කලින්, ඕස්ට්‍රේලියානු රජය ප්‍රංශ සමාගමක් ( ප්‍රංශ රජයට කොටස් ඇති) සමග, ඩීසල් වලින් ක්‍රියා කරන සබ්මැරින් ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 90 ක ගිවිසුමකට එළඹ තිබුණා. අලුත් ගිවිසුම ගහන කොට, අර ගිවිසුම කුණු කුඩයට දැමීමත්, කලින් දැනුවත් නොකිරීමත් කියන කරුණු මත, ප්‍රංශ රජය එයාලගේ ඕස්ට්‍රේලියාවේ තානාපතිත්, ඇමෙරිකාවේ තානාපතිත් යලි තමන්ගේ රටට කැඳෙව්වා.

එයින් ඇමෙරිකාවේ, ප්‍රංශ තානාපතිව යලි යවන්න ජනාධිපති බයිඩන් සමග කළ කතාබහකින් පසු, ජනාධිපති මැක්රෝන් එකඟ වූ වග අසන්නට ලැබුණා. නමුත් ඕස්ට්‍රේලියාව සමග ප්‍රශ්නය තව ටික කලක් තියේවි කියා, මා ඉහතින් කියුව, මේ කරුණු තොරොම්බල් කරන විශේෂඥයයින් කියනවා. එයිට අමතරව ගිවිසුම කැඩුව එකට ඩොලර් බිලියන භාගයක වගේ වන්දියකුත් ගෙවන්න වේවි යයි කියවෙනවා. අනූවක් සමග සසඳන විට දශම පහක් කියන්නේ පොඩි ගාණක් නේ.

නව ගිවිසුමට අනුව, බදු ගෙවන්නන්ගේ මුදල් කොපමණ කන්දරාවක් වියදම්කරාවි දැයි තාම අනාවරණය වී නැහැ. කුමන රජයක් පත්වූවත් එහි වෙනසකුත් නොවනු ඇති. ලෝක ආධිපත්වය හා ඒ හා බැඳුනු වෙනත් වෙළඳ අවශ්‍යතා මත රඳා පවතින මේවාට , රටේ බදු ගෙවන සාමාන්‍ය ජනයාට තබා, ක්‍රියාකාරී පසුපෙළ මන්ත්‍රී කෙනෙකුට හෝ කරන්න හැකි මැදිහත් වීම් බින්දුවට සමානයි කියා මා සිතනවා.

ගෙනාදී සුගානොෆ් කියන්නේ රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ නායකයා. ඔහු එහි නායකයා ලෙස පත් වූයේ අප කෑලි කැඩී විසිරි ගිය සෝවියට් සමුහාණ්ඩුවේ ඉගෙන ගනිමින් සිටිනා අවදියේමයි. එදා මෙදාතුර දශක තුනක් පමණ ගෙවී ගිහින් අවසන්. ඔහු මිය යනවා ඇත්තේ එම පක්ෂයේ නායකයා ලෙසයි. සමහරවිට පුටින් මහතා පවා මිය යනතුරු ජනාධිපති තනතුරේ වැඩ කරනු ඇති.

ගෙනාදී එක ජනාධිපතිවරණයකදී දිනීමේ ආසන්නයට ආවා. එහිදී පළමු වටයෙන් කිසි කෙනෙකුට දමපු චන්ද වලින් 50% ඉක්මවා ගන්නට නොහැකි වූවා. දෙවෙනි වටයේදී, පළමු වටයේදී චන්ද කඩන්න දමා තිබුණු “විකල්ප” අස්වයා හැව ඇර දමපු ජිල්මාර්ට් නිසා ගෙනාදී දෙවෙනි වටයෙන් ජය ගත්තේ නැහැ. එදා ගෙනාදී ජය ගත්තා නම්, අදත් ජනාධිපති ඔහුම වන්න තිබුණ ඉඩකඩ බැහැර කරන්නට බැහැ. දැන් රුසියානු කොමියුනිස්ට් පක්ෂයට තියෙන්නේ වැටෙන චන්ද වලින් 20% වගේ ගණනක්.

දේශපාලන නායකත්වය කියන දේ මිනිස් ශිෂ්ටාචාරයේ හැම අවධියකදිම තීරණාත්මක වූ දෙයක්. ඉතිහාසයේ සමහර කාල පරිච්චේද, අනෙක්වායින් වෙනස්ව අප දකින්නේ ඒ යුගයේ දේශපාලන නායකත්වය නිසා මිසක්, හිටපු මිනිසුන් විශාල ලෙස වෙනස් කාණ්ඩයක් වූ නිසා නොවේ. නායකත්වයට අනුව, සමාජයත් වෙනස් වීම හා සමාජයේ අවශ්‍යතා මත නායකත්වය ඉස්මතු වීමත් එයටම බද්ද වී තියන කරුණු දෙකක් තමා. මා කියන්නේ සමාජයට ප්‍රගතියක් මෙන්ම අගතියක් අත් කර දුන්නු දෙවිදිහෙම නායකයන් ගැන.

ප්‍රජාතන්ත්‍රවාදයත් හැම රටකම එක ලෙස ක්‍රියාත්මක වෙන්න හෝ එලෙස ස්ථාපිත කරන්න හැකි යයි මා විස්වාස කරන්නේ නැහැ. රුසියාව වගේ මහා සමාජයකත් දීර්ග කාලයක් තිස්සේ වෙනස් මතවාද දරන්නන් භෞතික වශයෙන් ඉවත් කරපු නිසා ඇතිවූ ජාන රික්තය, එම රටට අදටත් බලපෑම් කරන මුල් කරුණක් කියා මා සිතනවා. මා කලින් ලියා ඇති පරිදි, ලංකාව වැනි කුඩා සමාජ වල මේ බලපෑම එයිට වඩා වැඩියි.

කලින් කතාවට ආවොත්, බටහිර රටවල ජිවත් වන සංක්‍රමණික පිරිස් වලින් සැලකිය යුතු පිරිසක් ඔවුන් ජිවත් වන පරිසරටයට වඩා වෙනස් දෙයක් තමා ලංකාවේ ජනයාට යෝජනා කරන්නේ. දැන් අර කට්ටිය කාටත් කලින් ගලේ ඉඳන් කුම්බලා මාළු කාපු බළලුන්ගේ තත්වයට පත්වෙලා. මොවුන්ම තමා ටික කලකට පෙර, මේ අවසන් අවස්ථාව යයි මේ මාධ්‍ය ජාල වල ඩෙඟා නැටුවේ.

මොවුන්ගේ හාන්සිපුටු ප්‍රචාරක වලින් ලංකාවේ ජනමතය වෙනස් වනවා කියා නම් මා විශ්වාස කරන්නේ නැහැ. ඇයි මොවුන් එහෙම කරන්නේ කියන එක නම් ප්‍රශ්නයක්. දැන් ඔය පත් වී එන මහකොමසාරිස් ගේ ඉංගිරිසි කතාව අසා, අනේ අපොයි මහා ලැජ්ජාවක් නේ, මේ මොන නවනින්ගිරාහවක්ද කියා විස්සෝප වන මොවුන්ට තියන (නැති) ප්‍රශ්න නොවේනේ ලංකාවේ ඉන්න මිනිසුනට තියෙන්නේ.

4 Comments

Filed under Australia, Opinion

4 responses to “කොකාගේ පාට අප දන්නේ, පියාඹන දාට වැටහෙන්නේ?

  1. බිලියන ගණං වියදං කරල ජොගින් ට්‍රැක් හඳන එකයි කොරෝන මුට්ටි ගෙදරකට එක ගාණෙ දෙනව ඒකට මෙච්චර යනව කියල සල්ලි ගසාකන එකයි එක්ක බලපුවාම ඕස්ට්‍රේලියාවත් වෙනසක් නැද්ද මංද.

  2. pajayatunga

    How is Aus relationship with Greenpeace?

  3. ඔව් මහේෂ් ලංකාව-ඕස්ට්‍රේලියාව අතර විතරක් නොවේ, සියලුම රටවල් අතර සමානකම් තියනවා. කේතුමතී රාජ්‍යයට යන තෙක් මෙසේ පවතීවි. අප හැමවිටම සාපේක්ෂව හෝ සාමාන්‍ය ජනයාට හොඳ ජීවන තත්ත්වයක්, ප්‍රශ්නයක් වූ පසු, එක එකා පස්සේ බඩගාන්න අවශ්‍ය නැති, යම් කිසි ක්‍රමවේදයක පිහිට ලබන්න පුළුවන් පරිසරයක් තමා අත් කර ගන්න උත්සහ ගන්න ඕනේ. ඔබ ඔය කියන ආර්ථිකය කුලුගන්වන්න යයි කරන ක්‍රියා දෙකම, සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා හෝ පහළට ගලා යන ආර්ථික වාසි සහිත එව්වා හෝ මේ වෙලාවේ කරන්න ඕනේ දේවල් අතර ප්‍රමුඛතා හෝ නොවේනේ. තමන්ගේ හෙන්චයියලට වාසි අත්කර දීම ප්‍රධාන ඉලක්කයයි. චෞර කණ්ඩායමකින් වෙන සෞභාග්‍යයක් බලාපොරොත්තු වීම අමන කමක්නේ.

  4. Did you mean relationship with the Gov? Not sure. However, it can not be a cordial one. The most influential lobby group in Aus politics is mining industry! 🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.