පුරස්න සංක්‍රමණය!


සංක්‍රමණිකයන් ගොඩක් දෙනා ලංකාව ගැන නිතර ලියනවා, යූ ටියුබයේ වීඩියෝ දමනවා වගේ දේවල් කරනවා. ලංකාවේ ප්‍රශ්න වලට විසදුම් ද මේ ගොඩක් දෙනාට දෙන්නට හැකි වග කියනවා. හැබැයි අපට ගොඩක් වෙලාවට අමතක වෙන දෙයක් හා කතා නොකරන දෙයක් වන්නේ, ඇයි අප ඒ දේවල් ප්‍රයෝගිකව කරන්න හෝ කිරීමට දායකත්වය දෙන්නට එහි නැත්තේ කියන කරුණ.

ඒ අතරම මට අහන්න ලැබුන කරුණක් තමා ලංකාවේ පනස්දහසකට අධික පිරිසක් අළුතින් ගමන් බලපත්‍ර ලබාගෙන තියන පුවත. පාස්පෝර්ට් ගන්නේ, ආසාවට මල්ලේ දමන යන්න නොවේනේ. රටවල් අතර විනොදශීලි සංක්‍රමණය සීමා වෙලා තියන මේ කාල වකවානුවේ, පාස්පෝර්ට් ගන්න ඇත්තේ, රටින් ඉවත්ව රැකියාවක් කිරීමට යාම හෝ සහමුලින්ම රටින් ඉවත්වීම යන කාරනා සිතේ තබා ගෙන හෝ ඒ සඳහා කටයුතු කරමින් වෙන්න ඕනේ.

පසුගිය ජනාධිපතිවරණයට කලින් ඇහේ කටු ඇනුන පිරිස්ද, එම කටු ඉවත් කර ගැනීම සඳහා විදේශගත වී තියන අන්දම, වෙනත් පිරිස් විසින් මාධ්‍යජාල වල හුවා දක්වා තිබුණා. එය බොරුවක් වෙන්නත් බැහැ. ගොඩක් වෙලාවට මුලින්ම යන්නේ, කටු ඇනෙනවා යයි කියන පිරිස්ම තමා. තවත් පිරිස් සංක්‍රමණය වූ පසු කටු ඇනිමේ තත්ත්වයට පත්වෙනවා.

මහේෂ් විහිළුවකට කියා ඇති පරිදි, රටින් ඉවත්වීම එනම් සංක්‍රමණය කියන්නේ, අපේ සමාජයේ ( ලංකාවේ හෝ වෙන රටක) තියන සියලු ප්‍රශ්න වලින් සහමුලින් තුරන්වීම යයි කෙනෙක් හිතන්නේ නම් එය මුලාවක්. අප සමාජයේ, එදිනෙදා අප මුහුණ දෙන විවිධ ප්‍රශ්න, එකම ස්වරුපයෙන්ම නොවුණත්, මේ හැම සමාජයකම තියනවා. සංක්‍රමණිකයින් මුහුණ දෙන ඔවුන්ටම ආවේනික ප්‍රශ්ණත් තියනවා වුවත්, සංක්‍රමණිකයින් හෝ රටේ ඉපදුන මිනිසුන් කියා බේදයක් නැතුව හැම මිනිසුන්ම මුහුණ දෙන ප්‍රශ්ණත් ඒ අතරම තියනවා.

දේශපාලකයින් විසින් ජනතාව ගොනාට ඇන්දවීම හැම රටකම සිදුවන දෙයක්. ඇමෙරිකාවේ මහා බොරුව යයි හැඳින්වෙන, ජෝ බයිඩන් ඇත්තටම ජනාධිපත්වරණයෙන් දිනුවේ නැතිය, ට්‍රම්ප් තමා ඇත්තම දිනුම් කාරයා යයි කියන, දත්ත හෝ වෙන යම් ක්‍රමයකින් තහවුරු කරලත් නැති දෙය, 30% දෙනා විශ්වාස කරන වග මා දුටුවා.

ඕස්ට්‍රේලියාව ගත්තත්, බෝට්ටු වලින් එක පිරිස් ගැන පමණට වඩා භයන්කාරත්වයක් මැතිවරණ සමයේ ඇති කිරීම, සංක්‍රමණික විරෝදී අදහස් ප්‍රචාරය දකින්න පුළුවන්. ගොඩක් වෙලාවට කියවෙන දෙයක් නේ, සංක්‍රමණිකයින් නිසා, රටේ ඉපදී හැදී වැඩුන අයගේ රැකියා අවස්ථා නැති වෙනවා කියන එකත් ඒ වගේම ජනප්‍රිය මාතෘකාවක්. කොවිඩ් නිසා සංක්‍රමණය නැතිවී ගොස් ඇති මේ වකවානුවේ, ඕස්ට්‍රේලියාවේ සමහර රැකියා කාණ්ඩ වලට සුදුසු අයගේ හිඟයක් දැනටම ඇතිවී තියනවා යයි, සමහර අංශ දැනටමත් මැවිසිලි නගනවා.

ඕස්ට්‍රේලියාවේ ප්‍රථම අගමැතිනි ජුලියා ගිලාර්ඩ් ගේ පාලන සමයේ, ඇයට එරෙහිව කරන ළද ස්ත්‍රී විරෝධී අදහස්, බැනීම්, අපහාස, ස්ත්‍රීන්ට චන්ද අයිතිය ලබා දුන් රටවල් අතර ඉදිරියෙන්ම ඉන්න රටක, විසිඑක්වන සතවර්ෂයේ වෙන්න හැකි දේවල් දේවල්ද කියා කෙනෙකුට සිතන්නට පුළුවන්. අනෙක් පක්ෂයේ නායකත්වයට වඩාත් සුදුසුකම් ලබා හිටපු ජුලී බිශෝප්ට අඩුමගානේ නායකත්වය හෝ ලැබුනේ නැහැ. ඇයගේ අත්දැකීම්ද පසු කාළයේ මාධ්‍ය වෙත කියා තිබුණා. සමහර ඇමතිනියන් ලෙස කටයුතු කරපු කාන්තාවන්, සම්පුර්ණයෙන් දේශපාලනයෙන් ඉවත් වූවා.

ඉහත කියුව අන්දමේ හෝ වෙනත් අකටයුත්තක් සංක්‍රමණිකයෙකුට සිදුවුණොත්, අපගේ සිතට නැගෙන මුල්ම කරුණ වන්නේ, එහෙම වුණේ සන්ක්රමනිකයෙක් නිසා කියලා. සංක්‍රමණිකයන් මුහුණ දෙන, විශේෂයෙන් කළු හමක් ඇති පිරිස් සුදු හම් බහුතර සමාජයක, වෙනම තියන වගත් පිළිගන්නට හැකි කරුණක්.

මෙයට කලකට ඉහතදී, ඕස්ට්‍රේලියාවේ ලංකා සංක්‍රමණිකයෙක් කරන ව්ලොග් කොටසක් මා බැලුවා. එතැනදී, මෙහි ඇබෝරිජිනල් මිනිසෙක් පෙන්වා, ඔහු සිනාසෙමින් කියුවේ, අන්න ඇබෝ කෙනෙක්, ඕකුන් ඔය බිබී ඉන්නේ අප ගෙවන ටැක්ස් වලින් කියා. බොහෝ සංක්‍රමණික පිරිස් වල තත්වය එයයි. මෙහි අබෝරිජිනල්වරු දැන් සතවර්ෂ කිහිපයක් තිස්සේ අත් විඳින කම්කටොලු ගැන යන්තමින් හෝ අවබෝධයක් තියනවා නම්, කෙනෙක් එහෙම සිනා වෙන්නේ නැහැ.

ඔවුන්ගේ ප්‍රශ්ණය වෙනම එකක් නේ. තමන් අවුරුදු දහස් ගාණක් තිස්සේ ජිවත් වූ රට, අද ඔවුන්ගේ නොවේ වගේ තත්වයක ඔවුන් ඉන්නේ. ඔවුන්ගේ බලාපොරොත්තුවක් නොමැතිකම, ජිවිතයේ හිස්කම ගැන අවබෝධයක් ඇති කර ගන්න නොහැකි වීම, එවැනිම අවස්ථාවකට පත්වීමට ගොස් යන්තමින් බේරී ඇති රටකින් ආපු කෙනෙකුට නොහැකි වීම දෛවයේ සරදමක් නොවේද?

මෙහි ජීවත් වන සුදු ජාතිකයන් අතර පවා ඇබෝරිජිනල්වරුන්ට කරපු අසාධාරනකම් ගැන අවබෝධයකින් යන්තමින් හෝ වැඩිවන අයුරු දැක ගන්නට හැකි වන්නේ, අර ජුලියාට අපහාස කරපු සමාජයේමයි. අනාගතයේදී තත්ත්වය තවත් වෙනස් වේවි.

4 Comments

Filed under Australia, Migration, Opinion

4 responses to “පුරස්න සංක්‍රමණය!

  1. දැන් නම් ලංකාව උදාහරණයකටවත් ගන්න බෑ ඕවට. ඒතරම්ම එක්සෙප්ශනලි නරකයි.

  2. මොනව හරි කියව්වම ලොකු තැනක් එයි කියල හිතන උං සහ යූ ටියුබ් එකෙන් මෙහෙ ඉන්න ඇමති කෙනෙක්ට හරි කවුරු හරි දේශපාලකයෙක්ට බැන්නම තත්වයක් එනව කියල හිතෙන හීන මානයක් ඔහොම කතා කරන වීඩියෝ දාන අයගෙ තියනව.
    මොකද මෙහෙත් ඉන්නව අමෝ අමෝ අර බලපං අරෙහෙනෙ පට්ට 2500 ක අහවල් එක විතරයි මෙහෙ උංට තියෙන්නෙ කියල වැලලෙන උං. උං වගේ අය අතර අර වගේ අදහස් තියන අය ජනප්‍රියයි.

    ඔහෙ ස්වදේශිකයන්ට බැයිද මෙහෙ වැදි ජනතාව කරනව වගේ නොස්ටැල්ජියාව විකුණං කන්ට.

    මම හිතන්නෙ ස්වදේශිකයො නැත්තං ආදිවාසීන් කියල ලේබල් වදින ජන කොටස් වලට ලෝකෙ කොහෙත් ඔයිට සමාන ප්‍රශ්න තියනව කියල

  3. එහෙමද ප්‍රා?

  4. විවේචන විකිණීමට හොඳ වෙළඳ පොළකුත් තියනවා මහේෂ්. ඕවා අහන බලන කිසිවෙක් (බහුතරය) කිසිදෙ විවේචන වලට අනුව ජීවිතයේ ගන්න තීන්දු වෙනස් කරන්නේ නැහැ. ඒ මොහොතේ විනෝදයට අහනවා. අසූ ගණන්වල විප්ලවකාරී කතන්දර අහන්න රැස් වූ මහා ජනකායන් නිසා ගිනිකන වැටුණ සමහරුන්, චන්දයට ඉදිරිපත් වී, ඒ සෙනග අර චන්ද ගොඩේ නැති වග දැනගෙන, පසුකාලෙ කැලේ පැනල මහා විනාශයක් ලංකාවට කෙරුවා.

    සංක්‍රමණිකයන් පවා තමන්ගේ කාන්සිය මග හරවා ගන්න, සමහරුන්ගේ ජීවිතයේ තියන මානසික ආතතියෙන් ගැලවෙන්න, ඔය වගේ යූ ටියුබ් වීඩියෝ දමනවා. ඔබ කියන්න වගේ ඒ අදහස් හරි ජනප්‍රියයි. දැන් පොඩි ඇච්චෝ පවා මේ වෙළඳපොල ආක්‍රමණය කරනවා. මේවා බලා ආතල් ගන්න මිනිසුන් සුපුරුදු පරිදි එයාලගේ දයිනික ජිවිතයට යනවා.

    ඔව් මහේෂ්, මෙහෙ ස්වදේශිකයන් අතර ඔබ කියන නොස්ටල්ජියාව විකුණන් කන පිරිසක් ඉන්නවා. ඒ වගේම එයාලට තියන විශේෂ සුබසාදන වැඩ නිසා, අපත ජීවිතත් ගත කරන පිරිසක් ඉන්නවා. කොහොම වුවත් ඔවුන් අතර තියන අන්තර්-පරම්පරා දුත්පත්කම, බීමත්කම, අපතකම යන දේවල් වලින් දරුවන්ට ලෙහෙසියෙන් ගැලවෙන්න අමාරුයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.