මා ඉහත සටහන ලියුවේ, ලංකාවේ දරුවෙකු (වයස අවුරුදු 16 -17 ක වගේ), එයා කැමති ක්‍රිකට් තරඟයක් බලන්නට යන්න නොදීම (දෙමාපියන් විසින්) නිසා සිය දිවි තොර කර ගැනීම ගැන ඇසු පුවතකින් පසුව.
එයටම සමීප පුවතක් මෙයට සති කිහිපයකට උඩදී, ලංකාවෙන් යලි අසන්නට ලැබුණා. එනම් අර වයසේම ඉන්න දරුවෙකුගෙන්, අරන් දීපු ස්මාර්ට් ෆෝන් එක අම්ම විසින් අත්අඩංගුවට ගැනීම නිසා කලකිරීමට පත් දරුවෙක් සිය දිවි තොර කර ගැනීම. එම අත්අඩංගුවට හේතු වුණා යයි පැවසුනේ, දරුවා විසින් ඔන්ලයින් ඉගෙනීම් කරන්නේ නැතුව ගේම් ගැසීම.
මේ සතියේ අපට අසන්නට ලැබුණේ, එවැනිම දරුවෙක්, ඔන්ලයින් පන්ති වලට සහභාගී නොවීම ගැන කෝපයට පත් පියෙක් දරුවාට පහර දීම නිසා, එම දරුවා මිය ගිය පුවත.මේ පුවත් තුනටම පොදු ගුණාකාර දෙකක් තියනවා. දරුවන් අහිමි වීම (අකාලයේ) එයින් එකක්. අනික ගැන ඔබ හිතුවද? එය නම්, එම දරුවන් අහිමි වීමට හේතුව, එම දරුවන් දෙමාපියන්ගේ බලාපොරොත්තු වලට අනුව ජිවත් නොවීම.
මේ ඉතා කණගාටුදායක සිදුවීම් තුනක්. මොන ප්‍රශ්න තියෙත්දිත්, ජීවිතය ඉතුරු නම්, පසු කාලයේ හෝ එම ප්‍රශ්න වලට විසඳුම් සොයන්න හැකියි. අපගේ ජීවිතය කියන්නේ එයමයි. එනම්, ප්‍රශ්න මැද්දේ ජිවත් වීම. මරණය සමග අප සියළු ප්‍රශ්න වලින් ගැලවෙනවා තමා. නමුත් ස්වභාවික නොවන විශේෂයෙන් දිවි තොර කර ගැනීම දක්වා යමෙක් තල්ලු වෙන තෙක්, සමීප අය කටයුතු කරනවා තබා, බලා ඉදිමත් පිළිගත නොහැකි ඛේදවාචකයක්.
මා යලිත් පළ කරන ඉහත සටහන, සමහරවිට මුද්‍රණය කර ගෙවල් වල, පෙනෙන තැනක අලවා තැබිය යුත්තක්. මා ලියන්නේ සිංහල කියවන ලෝකයේ විසිරි ඉන්නා සියලුම දෙනා වෙනුවන්.
මා පවා පියෙකු හැටියට, ලෝකයේ සර්ව සම්පුර්ණ කෙනෙක් කියා, සිතන්නේ නැහැ. අප පවා දරුවන් ගැන ඉගෙන ගත්තේ ඔවුන් හැදීම මගින් හා ඔවුන්ගේ වැඩිම නිරීක්ෂණය කිරීමෙන්. සමහර දේවල් ඉගෙන ගන්න විට, ඔවුන් වයසින් මුහුකුරා ගොස් ඉවරයි.
හැබැයි එක දෙයක් කියන්න පුළුවන්. එනම්, ඔවුන් හා අප කියන්නේ පරම්පරාවෙන් හා බලාපොරොත්තු වලින් වෙනස් අය කියා මුල සිටම අප දැන සිටියා. අපගේ ළමා කාලය හා ඔවුනගේ ළමා කාලය සංසන්දනයකට ගියේ නැහැ. අප නොකරපු දේවල් වලින් හා කරපු දේවල් වලින් ලබා ගත අත්දැකීම් වලින්, ඔවුන් විවිධ දේවල් වලට යොමු කරන්න මුලදී උත්සහ කෙරුවත්, ඔවුනගේ තේරීම් ඒවා නොවන වග දැන ගත් පසුත්, ඒවාට යලි යලිත් ඔවුන් යොමු කරන්න උත්සහ කෙරුවේ නැහැ.
අපගේ දරුවන් පවා, අපගේ ස්ටෑන්ඩර්ඩ් වලට අනුව, කාමරය, ඇඳුම්, පොත්පත් පිළිවෙලට තබා ගැනීම ගැන උනන්දුවක් දැක්වුයේ නැහැ. එයට හේතුවත් මා දන්නේ නැහැ. නමුත් ඔවුනගේ ටෙරිටෝරි එක අප , ඔවුනගේ කැමැත්තට එරෙහිව ආක්‍රමණය කරන්න ගියේ නැහැ. කාමරය පවා තියා ගන්න ඕනේ මෙහෙමයි කියා දරුවන්ට නීති දමා ,ඒවා ක්‍රියාත්මක කිරීම ඔවුනට සෙතක් කරනවා කියා මා විස්වාස කරන්නේ නැහැ.
අනික තමන්ගේ කාමරයෙවත්, දරුවෙකුට, තමන් කැමති ලෙස ජිවත් වෙන්නට නොහැකි නම්, ඒ ජිවිතයෙන් ඇති වැඩේ කුමක්ද කියා, ඔවුනට නොසිතුනොත් නේ පුදුමය.
මේ සතිය ඉක්මනින් ගෙවී ගිය වග දැනුනේ, සතියේ දවස් දෙකක්ම වැඩට නොගිය නිසා. එකක් දරුවෙකුගේ අවශ්‍යතාවයකට. අනෙක මා කලින් යොදා ගත්ත වැඩක් නිසා ගත්තු නිවාඩුවක්. නිවාඩු කියුවට, වැඩට ගියා නම් තමා නිවාඩු.
දරුවන්ගේ අවශ්‍යතා කියන කොට මේ සතියේ මා දැකපු ලංකාවේ ප්‍රවුර්තියක තිබුන කනගාටුදායක පුවතක් මතකයට නැගුනා. ඒ අම්බලන්ගොඩ අවුරුදු 16 ක දරුවෙක්, එයා කැමති ක්‍රිකට් තරඟයක් බලන්න, දෙමාපියන්ගෙන් අවසර ඉල්ලා නොලැබුන විට හා ඒ සම්බන්දව කෙරුණ කතා බහෙන් පසු ගත්තු කණගාටුදායක තීරණය.
එම දෙමාපියන් අද ඉන්න තත්වය මට සිතා ගන්න බැහැ. දැන් what if සිතිවිලි වලට යාමෙන් දරුවා ආපසු ලැබෙන්නේ නැහැ. කොහෙද වැරදුනේ, මොකක්ද මේ වුණේ කියමින් ඒ දෙමාපියන් අද ලත වෙනවා ඇති.
දරුවන් හැදීමේදී කොතරම් දුරට එයාලට බලපෑම් කරන්න ඕනෙද, මොනවාද එයාලට තෝරා දෙන්න ඕනේ කියන දේවල් ගැන මා කිසිවෙකුට උපදෙස් දෙන්න ඉදිරිපත් වෙන්නේ නැතිය කියා ලියුවේ ගිය මාසේ. එයින් අදහස් වන්නේ නැහැ, අප දරුවන්ට බලපෑම්, තේරීම් නොකෙරුවා කියා.
අප ඉපදුන රටින් ඉවත්ව එන විටම, එයාලට බලපාන ලොකුම දේ ගැන…
View original post 272 more words