ගෙබිම ටයිල් කර වහලයට පොල් අතු සොයන මධ්‍යමපාන්තික (වෘත්තික) යන්!


සමාජයේ කෙරෙන නැතිනම් සමහරුන් විසින් දියත් කෙරෙන සමහර ප්‍රයත්න වල, ප්‍රතිඵල බලන්නට අප ගොඩක් දෙනෙකු ජිවත් වෙන එකකවත් නැහැ. නමුත් තවත් දේවල් වලට එහෙම ලොකු කාලයක් යන්නේ නැති වග මා පසුගිය අප්‍රේල් මස ලියපු මේ සටහනේ ලියුවා. විශාල පිරිසක් හුරේ දමන, මේ වගේ මහා සමාජයට බලපාන තීරණ වලට අකමැති පිරිසට කාලකන්ණි හැඟීම් ඇති වුවත්, මේවා නරකම දේවල් නොවේ.

නියපොත්තෙන් කඩාංන්ට හැකි කළ සද්ද නැතිව හිඳ, පොරොවෙන් කපාන්ට ලොකු වුන පසු කෑ කොස්සන් ගසා වැඩකුත් නැහැ. කපා දමන එක හොඳක් කරන්නෙත් නැහැ. ලොකුවෙලා ඉබේම කඩා වැටෙන්නට දෙන එක දීර්ග කාලීනව වඩා යහපතක් කරනවා.

සමාජයේ බහුතර පිරිසක් අදහන මතවාදයක් ප්‍රයෝගිකව ක්‍රියාත්මක කර හොස්ස බිම ඇන ගත්ත පසු, එයින් ඉදිරියට යන්නේ කොහොමද කියන එක කල්පනා කරන්න පසුබිම සැකසෙනවා. නැත්නම් මෙවැනි මතවාද සමාජයේ තොරොම්බල් වෙමින් දිගටම පවතීවි. එවැනි දේවල්, එනම් නිසරු මතවාද දිගින් දිගටම තොරොම්බල් වීම සමාජ ප්‍රගමණයට මහා බාදවක්.

සමාජ, දේශපාලන හා ආර්ථික අර්බුද කාල වල කල්ල මරේ කට්ටියක් නිතරම ඉන්නවා. එයිනුත් ඔය විශ්ලේෂකයින් කියන කාණ්ඩය මේ කාලෙට, වී ඉසින්න මඩ කර තියන කුඹුරක, තැන තැන උඩ පනිමින් ඉන්න දණ්ඩි, මඩකරි අල්ලන්න වතුරට බහින කොක්කු වගේ, තමන්ගේ කාර්යයට අවතීර්ණ වෙන්නේ. මෙවැනි අර්බුද කාල වල දී සාමාන්‍ය ජනයාට තියන පීඩනය හා ආර්ථික ප්‍රශ්න නිසා, සාමාන්‍ය විනොදශීලි ක්‍රියා වල නිරත වෙන්න අවස්තාවක් ලැබෙන්නේ නැහැ. මොකද ඒවාට වියදම් කරන්නට බැහැ. විනෝද ක්‍රියා වන්නේ සමාජයේ ප්‍රශ්න ගැනම සිතීම තමා.

ඉස්සර වගේ නොවේ, විශ්ලේෂකයින්ට අද ස්වයං රැකියා අවස්ථා තියනවා. සමාජ ජාල , දේශනා විශ්ලේෂණ වලට කදිම අට්ටාලයක්. මුලින්ම බහින කොක්කුන්ට වාසි තිබුණත්, පහුවෙන කට්ටියට එතරම් වාසි වන එකක් නැහැ. මොකද මේවයින් විනෝදය ලබන එකත් වැඩිකල් යන්නට පෙර එපා වෙන නිසා.

ඒ අතර අපගේ සංක්‍රමණිකයන් ද නිකම් ඉන්නේ නැහැ. ඔවුනුත් නිර්මාණශීලි කට්ටියනේ. ඒ නිසා දැන් අන්තර්ජාලයේ සංක්‍රමණික ජීවිත ඇස්පනාපිට දැක ගන්නට ඕනිම කෙනෙකුට පුළුවන්. අපේ ආදරබර කුස්සිය, … බර කකුස්සිය, සෙනෙහසේ නවාතැන, අපේ පුංචි පවුලේ විස්තර, අපේ දුප්පත් ගෙදර, අප කඩේ යන්නේ කොහොමද යනාදී වශයෙන් සොඳුරු සංක්‍රමණික ජිවිත ගැන අද ලංකාවේ ජීවත් වන, එහෙත් රටින් යන්නට බලාපොරොත්තු වන සියල්ලන්ටම දැක ගන්නට වාසනාව තියනවා. මේ වෙළඳ පොළටත් කලින් එන කට්ටිය ගානක් කපා ගනීවි.

ලෝකයේ කොතැනක සිටියත්, මේ කාලය ටිකක් අර්බුද කාරී කාලයක්. කොහොම වුවත් වසරක් ගෙවී යන්නට තියෙන්නේ තව මාස දෙකක් පමණයි. මේ කාලය කියුවට, හැමදාම අර්බුද කාරී තමා. ඉතිං වැඩිය තැවෙන එක වැඩකට නැහැ. ලබන වසර හොඳ වෙන බව සිතමු.

7 Comments

Filed under Lifestyle, Migration, Opinion

7 responses to “ගෙබිම ටයිල් කර වහලයට පොල් අතු සොයන මධ්‍යමපාන්තික (වෘත්තික) යන්!

  1. නවීන් සංදීප කුමාර

    මොකුත් තේරුනේ නැති මම😞

  2. pajayatunga

    හ්ම්ම්

  3. DGM Bassa

    හ්ම්… කියල තියෙන දේ තේරෙනවා. මෙන්න මේ කොටස ගැන නම් එන්නෙ දෙගිඩියාවක්.
    //විශාල පිරිසක් හුරේ දමන, මේ වගේ මහා සමාජයට බලපාන තීරණ වලට අකමැති පිරිසට කාලකන්ණි හැඟීම් ඇති වුවත්, මේවා නරකම දේවල් නොවේ//

    මට මතක් වුනේ මේක:
    Tears For Fears

    අපි ගූගල්ම ගමුකො. මොනොපොලි එකක්, ඒත් විකල්පයක් නෑ. AI සැරටම පාවිච්ච් කරනවා. අනිත් කොන ලියන නෝනා ලියල තිබ්බා, ගූගල්ට ඉස්පිරිතාලෙ “මිස්” වෙලා නිසා, ත්‍රී-වීල් එකට කියන්නෙ, කනත්ත ගාව බස්සන්න කියනව කියල. ඒ කියන්නෙ, ගූගල්ට බිස්නස් එකක් “මකවන” බලය තියනවා. මේ කාමරේ ඉන්න අලියා, ගැන අපි නොදැක්කා වගේ ඉන්නවා. හොඳ,හොඳ සෙල්ලං එලිවෙන ජාමෙට…..

  4. මෙය සංදීප, මා කෘෂිකර්මය කියන මාතෘකාව යටතේ ලියූ සියලුම ලිපි වලට පසු වදනක්. ලංකාවේ වෘත්තීන්ගේ ඉහලට ගිය පිරිස් වල මුග්දකම විතරක් නොවේ, අනෙක් පිරිස් වල නිහඬ අනුකුලත්වය නිසා තමා කිසිම ප්‍රයෝගිකත්වයක් නැති කාබනික කෘෂිකර්මයක් ක්‍රියාත්මක කරන්න, එතරම් කරුණු වැටහීමක් නැති රාජ්‍ය නායකයා ක්‍රියා කරන්නේ. එය අවුරුදු ගණනාවක් තිස්සේ ගොඩ නැගුනු මතවාදයක් ක්‍රියාවට නැංවීමක්. හොඳ වෙලාවට එයටම ගැලපෙන නායකත්වයක් ලංකාවේ මිනිසුන් තෝරා ගත්තා. ඔය වැඩපිළිවෙලේ ප්‍රතිඵල බලන්න ලොකු කාලයක් යන්නේ නැහැ.
    දෙවෙනියට ලියා තියෙන්නේ, කාබනික කෘෂිකර්මය වගේම, නිෂ් වෙළෙඳ පොළවල් දෙකක් ගැන. සමාජයේ තියන ගැටළු සාකච්චා විශ්ලේෂණය කිරීම විකුණා ගන්න හැකි අවස්ථාවේ විකුණා ගන්න ඕනේ. හැබැයි එයට තියන ඔය ඉල්ලුම වැඩිකල් තියෙන්නේ නැහැ. පළමුව බිස්නස් එකට බහින කට්ටිය ගොඩ යාවි.
    දෙවෙනියට කියුව වෙළඳ පොලට බැහැල ඉන්නේ, ලංකාවේ මිනිසුනට චෞර රජ පවුලක් බලයට පත් කර ගනිල්ලා කියුව සන්ක්රමනිකයන්ගෙන් සමහර දෙනෙක් මේ දිනවල කරන වෙළඳාමක්. එයත් ටික කලක් නැගලා යාවි.

  5. දෙගිඩියාවක් නොවේ බස්සෝ, මේවා හරිනම් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ යටතට වැටෙන තීරණ වෙන්න ඕනේ. ඕක ලොකු කාලයක් තිස්සේ ගොඩ නැගුව මතවාදයක් නේ. ඕවා ක්‍රියාත්මක කරන හා කරන්න කියන එකෙකු හෝ ඕවයින් පිඩා විඳින්නේ නැහැ.

    ගුගල් විතරක් නොවේ, ෆේස්බුක්, ඇමසෝන්, මයික්‍රොසොෆ්ට් කියන සේරම දැන් මොනොපොලි නේද? බිස්නස් නම් කමක් නැහැ, මොවුන්ගෙන් සමහර ආයතන, ආණ්ඩු පත්කිරීමේ හා නොකිරීමේ කාර්යයත් කරනවනේ. මේ මාධ්‍ය අට්ටාල, නිදහස් මත නොවේ, ඔවුන්ට අවශ්‍ය මතවාද ප්‍රචාරණය කරන අට්ටාල බවට සීග්‍රයෙන් පරිවර්තනය වෙමින් තියනවා.

  6. නවීන් සංදීප කුමාර

    හරි දැන් නම් තේරුනා😁

  7. නවීන් සංදීප කුමාර

    ඇයි rockerfeller සහ rothschid families වගේ තවත් ගොඩක් අය ඉන්නවනෙ. දැන් elon musk අලුත්ම හාදයා. ඔක්කොම තාක්ෂණය හෝ මූල්‍ය ප්‍රාග්ධනය නිසා ගොඩනැගුණු monopoly.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.