ගෙවී ගිය මාස තුන පොදුවේ සමාජය ගත්තත්, පෞද්ගලිකවත් අන්තිම ජරා කාලයක්. ගත කරන් ආපු ජිවන විලාසිතා අංග සියල්ලම නිකම් අංජ බජල් වී ගියා. හැබැයි මොන පැත්තකින් බැලුවත්, සමහර දෙනා ඉන්න තත්ත්ව බලන විට, අප වගේ අය කන් කෙඳිරි ගෑම එතරම් සාධාරණ කටයුත්තක් වන්නේ නැහැ.
දැන් ඉදිරියට එන්නේ නිවාඩු මානසිකත්වය සහිත කාලයක්. වැඩ කරන තැන් වල, සියලුම කටයුතු ටිකක් මන්දගාමී වී යනවා. යලි හරියට වැඩ පටාන් ගන්න ජනවාරිය අග විතර බලන් ඉන්න වෙනවා.
අප වගේ සංක්‍රමණිකයන්ට සමහරවිට කියන කතාවක් තමා, ඔයාල හරි වෙලාවට පැන්නා කියන එක. මට එහෙම කතාවක් කියුවහම කිසිම හැඟීමක් එන්නේ නැහැ. මොකද මා නම් හිතන්නේ එහෙම හරි වෙලාවක් නැහැ. හැම වෙලාවම හරි තමා. පැන්න කට්ටිය අතර අසතුටින් ඉන්න අය ඉන්න හැකි වගේම, නොපැන්න කට්ටිය අතරත් සතුටින් ඉන්න පිරිස් ඕනි තරම් ඇති.
හැබැයි, දැනටම අසතුටින් ඉන්නවා නම්, හෙට සමාජය වෙනස් වෙනකම් සතුටු වෙන්න බලා ඉඳීම එතරම් සතුටුදායක නැහැ. මා කියන්නේ වෙනස් කම් කිරීමට යම් දායකත්වයක් දෙන්න හිඳිම නොවේ. නිකම්ම වෙනස් වේවි කියා බලාපොරොත්තුවෙන් හිඳිම. මහා වෙනස් වීම් ගැන බලාපොරොත්තු හැමදාම තිබුණ දෙයක්.
ලංකාවේ කැරලි තුනක් ඇති කෙරුවෙත් මහා වෙනස් වීමක් කරන්න බලාපොරොත්තු වුන කට්ටියනේ. ඒවා සාර්ථක වුවා නම් ඇති වෙන්නට තිබුණ තත්ත්වය වෙනම දෙයක්.
අනික ඔය, මේක තමා අන්තිම අවස්ථාව කියන මං සන්දි මා අපගේ තරුණ කාලයේත් මිනිසුන් කතා කෙරුවා. අදත් මේ කතා ඇසෙනවාට සැක නැහැ. දැන් මිනිසුන් ඉස්සරට වඩා දේශපාලනය රට තොට ගැන දන්නවා කියන එකත් අපට ඇසෙන කරුණක්. හැබැයි ඉතින් ඉස්සරත් ඔය ගම් වල පවා, ලංකාවේ දේශපාලනය විතරක් නොවේ, ලෝකේ එහා කොනෙත් කවුද මොනවාද කරන්නේ කියල මහා විශ්ලේෂණ කරන කට්ටිය හිටියා.
ඒවා විතරක් නොවේ, අනික් දැනුමෙනුත් මිනිසුන්ට කවදාවත් ලොකු අඩුපාඩුවක් තිබුණේ නැහැ. මස් මාළු කිරි බිත්තර හැම් බේකන් චීස් බටර් සහිත සමබර ආහාර වේලක් ගන්නේ කොහොමද කියන එකේ ඉඳන් පිදෙල් කැස්ත්‍රෝ අමෙරිකාවත් එක්ක ගේම ඉල්ලන්නේ කොහොමද කියන ලෝක ප්‍රශ්න ගැනත් ගොඩක් දෙනෙකුට අවබෝධයක් තිබුණා.
අපට ගොඩක් වෙලාවට වන්නේ දැනුමේ හිඟ කමක් නොවේ. තියන දැනුමට අනුව ක්‍රියා කරන්න නොයෙක් හේතු නිසා බැරි වනවා. අර පන්සිල් වගේ තමා. මිනිසුන්ගේ ජිවන අරගලය මුල් තැනට පැමිණීම එයට ප්‍රධාන හේතුවක්.
උදාහරණක් ලෙස, ඔය සමහර පොර ටෝක් දෙන මිනිසුන් කියනවනේ ලංකාවේ රජයේ රස්සා බලන් ඉන්න එපා, ඉන්න අයත් අයින් වෙයල්ලා කියා. එහෙම අයත් සමහරවිට වක්‍ර ආකාරයෙන් හෝ කෙලින්ම මහජන මුදලින් යැපෙනවා. අනික් පොර ටෝක් දෙන මහළු පිරිස් ද මොකක් හෝ දෙයක එල්ලිලා තමා, එනම් මහජන මුදලින් යැපෙන ගමන් තමා පොර ටෝක් දෙන්නේ.
ඒවා අමතක කෙරුවොත්, සංක්‍රමණය කියන්නේ ගොඩක් වෙලාවට (=හැමවිටම) හොඳ දෙයක්. නිසා රට ඇතුලේ පවා මිනිසුන් සංක්‍රමණය වීම තමන්ට විතරක් නොවේ සමාජයටත් යහපත් ප්‍රතිපල අයත්කර දෙන කටයුත්තක්.
හොඳම වෙලාව තමයි මේ වෙලාව කියලා අද හෙට රටින් පැනලා ගිහිල්ලත් බෑනේ. කොරෝනා විරාමයක් ගන්නකල් ඉන්න වෙනවා..
රටින් ගිය අයට තම තීරණය ගැන උපරිමයෙන් තෘප්තිමත් වීමේ කාලයක් ඇවිල්ලා තියෙන්නෙ
හැමෝම යන්නෙත් නැහැ, හැමෝටම යන්නත් බැහැ. ඒ වගේම හැමෝම යන්න උත්සහ කරන එකකුත් නැහැ. ඒ නිසා තුලිතයක් කොහොමත් ඇති වෙනවා.
ඔව් මොක කරන්නත් මේ කොරෝනා ව යම් තරමකට පාලනය වන තෙක් ඉන්න වේවි. හැබැයි රටවල් ඇරපු පසු සංක්‍රමණ අවස්ථා වැඩි වීමේ සම්භාවිතාවයක් තියනවා.
ප්‍රා ලා කන්කෙඳිරි ගාන්න අවශ්‍ය නැහැනේ. ඔයාලගේ ඉන්ඩස්ට්‍රී එකේ පෙරලියක් ළඟදීම සිදුවේවි නේද?
යන්න පුලුවන් හැම කෙනාම යනව. කොටින්ම යමක් කමක් කරන්න පුලුවන් දැන උගත් සියල්ලන්ම සංක්‍රමණය වෙන්නයි බලන්නෙ. අන්තිමට ඉතුරු වෙන්නෙ මුංටම හරියන රොඩු බොඩු ටිකක්.
මේක දාල යන්න බෑ කියල ඉතුරු වෙන හොඳ එකා දෙන්නත් කොයි වෙලේ හරි නොගියොත් බෙල්ලෙ ගලක් බැඳන් පයින්න තමා වෙන්නෙ
උඩ කමෙන්ටුව මගෙ. ඇයි ඇනෝ වැටුණෙ.
සමහර විට ඔහොම වෙනවා මහේෂ්.
දැන් නම් මහේෂ් ලංකාවෙන් යන එක ගැන මොකුත් කියන්න බැහැ. ලංකාව අපගේ ජිවිත කාලය තුල ගොඩ යන රටක් නොවේවි. ඉතා කනගාටු දායක ඉරණමක්. වසංගත අස්සෙත් මෙහෙමත් පිස්සු කෙලීමක් කරන්නේ මොකද කියා මට සිතා ගන්න බැහැ. රාජ්‍ය නායකයා ඉන්නේ හා ක්‍රියා කරන්නේ මහජනතාව එක්ක තියන වයිරයකින් කියා මට නං හිතෙන්නේ.