අනාරාධිත අමුත්තන්!


මා කලින් සටහනේ කියපු පරිදි සමාජ සුබසිද්දිය වෙනුවෙන්ම කැපවන පිරිස් අප අතර ඉන්නවා. හැබැයි, එතන දෙයක් තියනවා. ඒ බොහෝ දෙනා, එයින් ආතල් එකක් ගන්න පිරිස්. ඒ ආතල් එකම තමා, ඔවුන් ගේ ක්‍රියාකාරිත්වයට ජීවය සපයන්නේ. සමාජ ජාල නිසා කටින් බතලකොල සමාජ සුබසිද්දි කාරයන් නම් වැඩිවී තියනවා.

සාමාන්‍ය ජනතාව එනම් නිෂ්පාදන හා සේවා වලට දායකත්වය දෙන ජනතාවනේ වැඩිපුර ඉන්නේ. මා කලින් සටහනක ලියු ඩෙනිස් නමැති ඕස්ට්‍රේලියානුවා එයාගේ බ්ලොගයේ මෙහෙම ලියා තිබෙනවා I’ve had an occupation all my life that I’ve loved and which made my work my play; and made my occupation my hobby. Not everyone can say that. එහෙම ලියූ ඔහු විශ්‍රාම අරන් තියෙන්නේ වයස හැටේ දී. විශ්‍රාම අරන් අවුරුදු දෙකයි ඔහුට නිසංසලේ ඉන්නට හැකි වී තියෙන්නේ.

වයස හැට දෙකේදී දෙනිස්ගේ ඔලුවේ පිළිකාවක් ඇතිවග සොයා ගැනෙනවා. එය සොයා ගැනෙන විට ටිකක් වැඩිදුර ගිහින් අවසන්. ඉන්පසු ඔහුගේ ජීවිතය ගත වන්නේ ප්‍රතිකාර හා ඒ ප්‍රතිකාර වල අතුරු අබාධ හා ලෙඩේ සමග කෙරෙන අරගලය සමග. එයින් වසර පහකට පමණ පසු ඔහු ජිවිතයෙන් සමු ගන්නවා. එයිනුත් අන්තිම කාලය ඉතා නරක කාලයක්.

දැන් ඩෙනිස් රස්සාව ඉතා කැමැත්තෙන් විනෝදජනක කටයුත්තක් ලෙස කරපු නිසා හොඳයි. මොකද එහෙම නැති වුණා නම්, තමන් කැමති විනෝද කටයුතු වල නිරත වන්න ගත්තු විශ්‍රාමය, ලෙඩක් නිසා සම්පුර්ණයෙන් අංජබජල් වූ නිසා, ජිවිතයේ කිසිම විනෝදයක් නැතිව අවසන් වෙනවා.

ඔහු බ්ලොගයක් ලියන්නේ, ජීවිතයට අනාරාධිතව එක්වූ ඒ අමුත්තා නැත්නම් පිළිකාව සමග කරපු අරගලය ගැන. එහි දී ඔහු අතීත අවර්ජනා වලටද යනවා.

ගිය වසරේ පෘථිවිය වෙලා ගත කොවිඩ් වසංගතයද, අර ඩෙනිස් ගේ ජිවිතයට ආව වගේ, අප සියල්ලන්ගේ ජීවිත වලට ආපු අනාරාධිත අමුත්තෙක්. මෙයාත් නිසා අපගේ ජිවිත සියල්ලම මෙතෙක් පවත්වාගෙන ආපු මටසිලටු විදිහට ගෙවා ගෙන යන්න තාමත් බැරිවී තියනවා.

හැබැයි කොවිඩ් නිසාම ලෝකයේ බොහෝ මිනිසුන් තමන්ගේ ජීවිත ගැන නැවතත් සිතන්නට පටාන්ගෙන ඇති වගත් අසන්නට ලැබෙනවා. ඉදිරි කාලයේ ඇතිවනවා යයි කියන මහා ඉල්ලා අස්වීමත් ( එනම් සමූහ රැකියා මාරු කිරීම්) මෙසේ ජීවිත ය ගැන නැවත සිතීමේ ප්‍රතිපල යක් කියා කියවෙනවා.

ලංකාවෙත් මිනිසුන් සමුහ වශයෙන් රටින් ඉවත් වීමේ හෝ ඉවත්වීමට මන් සොයා බලන තත්වයක් තියනවා යයි ප්‍රවුර්ති පළ වෙනවා. හොඳට හෝ නරකට මිනිසුන්ගේ මහා බලාපොරොත්තු කඩවීමක් ඇතිවී තිබෙන අන්දම සමාජ ජාලා තුල හුවමාරු වන දේවල් වලින් පෙනෙනවා.

4 Comments

Filed under Lifestyle

4 responses to “අනාරාධිත අමුත්තන්!

  1. නවීන් සංදීප කුමාර

    Rat race එක කොහොමත් තියෙන්නෙ පහල හා පහල මධ්‍යම පන්ති වල. ඉතින් ලංකාවේ ඒ පන්ති දෙක තාම වැඩි ඒක නිසා ලංකාවෙ නම් වැඩි දෙනෙක් ඕක තේරුම් ගන්න කල් යාවි.

  2. මෙහෙමයි නවීන්, ඔය රැට් රේස් වගේ කතා කියුවට, ජීවන අරගලය කියන්නේ සනාතනික දෙයක්. සාපේක්ෂව තමන්ට ජිවත් වෙන්න ඕනි විදිහ තෝරා ගන්නට පරිසරයක් හා එසේ තෝරා ගන්නට තමන්ට යම් විභවයක් තිබීම තමා මන් අදහස් කෙරුවේ. සමහර විට ඔය දෙකම නැහැනේ. එවිට තෝරා ගැනීමක් කියා දෙයකුත් නැහැ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.