Category Archives: General

ඔබම කර ගන්න! PDDIY (Please Don’t DIY)!


කලින් සටහනේ කියවුන, ඔය තමන්ම කර ගන්න දේවල් වලට කියන්නේ DIY කියා. ඩීඅයිවයි වැඩ ගැන දැන ගන්න ඕනේ නම් යු ටියුබ් බලන්න ඕනේ. මේකේ නැති දෙයක් නැහැ.  සමහර ඕස්ට්‍රේලියන් හාර්ඩ් වෙයාර් ස්ටෝර්ස් වලත් මේවා ගැන කියල දෙන කුඩා වැඩ සටහන් තියනවා. හැබැයි ලාංකිකයන් හරිම දක්ෂ යයි කිව හැකි මෙවැනි DIY දෙයක් ගැන ඉන්දීය ජාතික කිවිඳියක් හා වාර්තා සිනමා කාරිනියක් වන ලීනා මනිමේඛලා විසින් වාර්තා සිනමා වැඩසටහනක් හදන ප්‍රවුර්තිය මා කියවුවේ ලංකා ඊ නිවුස් වෙබ් අඩවියෙන්. ඇය වාර්තා සිනමා පටෙන්  කියන්නේ ” ඔබ විසින් ඔබව අතුරුදහන් කර ගනීවි, අනේ එසේ කර ගන්න නම් එපා!” කියා.

එක්දහස් නමසිය හැත්තෑ එකේ ඉඳල අද වෙනතුරුත් කෙරෙන සංවිධානාත්මක හා සංස්ථා ගත අතුරුදහන් සිද්දි විශාල ගණනකට වග කිව යුත්තන් කවුද කියා සොයා බලා දඬුවම් නොදුන්න සමාජයක් ගැන, මෙවැනි වාර්තා චිත්‍ර පටයක් නිපදවීමට අදහස පහල වීම ගැන මා නම් ඇයට ස්තුති කරනවා. අර පුවතේ සඳහන් පරිදි, මේ චිත්‍රපටයේ දී කිසිවෙකුට ඇඟිල්ල දිගු කරන්නේ නැහැ කියනවා. ඒ වෙනුවට එම අතුරුදහන් වූ වන්ගේ ඥාතීන්ගේ දුක්ඛ දෝමනස්සයන්ට ඇඟිල්ල දීගු කරනවා කියා මේඛලා කියනවා. අඩු ගානේ ඒ හින්ද හරි මේ චිත්‍රපටය ලංකාවේ මිනිසුන්ට දකින්න හැකි වෙන්න කියා මා පතනවා.

ලාංකික දේශපාලන ඉතිහාසයේදී මේ අතුරුදහන් කිරීම් වලට හිමි වන්නේ විශේෂ ස්ථානයක්. පුදුම කරුණ වන්නේ සමස්තයක් වශයෙන් සමාජය ඒ ගැන දක්වන නිද්‍රා ශීලී බව. පාරට බැහීම කෙසේ වෙතත්, මෙවැනි ක්‍රියා වලට සම්බන්ධයි කියා කට කතා තියන ( දේශපාලකයන් සම්බන්ධ කට කතා ගැන මා කලින් ලියා තියනවා) පුද්ගලයන්ට එරෙහිව කිසිම ජන මතයක් සමාජය තුල නොමැති වීම විශේෂ දෙයක්. ඒ කියන්නේ මෙවැනි ක්‍රියා වලට හසුවුණ පිරිස් හැර සමාජයේ බහුතර  පිරිසකට ඒ ගැන හාන් කවිසියක හැඟීමක් නැහැ.

ඇත්තටම තමන්ගේ සැමියා, පුතා, දුව, අම්මා, තාත්තා, සීයා, ආච්චි, මුණුපුරා යනාදී වශයෙන් කෙනෙකු අතුරුදහන්  වුන විට, ඒ ජිවත් වන අයගේ ඉතිරි ජිවිත කාලය ගැන ඔබ නිකමට සිතුවාද ? මෙවැනි මිනිස් කමට එරෙහි අපරාධයන් ගැන යුක්තිය සොයා යාමේ එක සංදිස්ථානයක් පසුගියදා අපට දක්නට ලැබුනා. එනම්, නිමලරූබන් ගේ මරණයට, ඔහුගේ දෙමාපියන් ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සමයි. ඒ ගැන විවිධ තැන් වල ලියවිලා තියනවා. මේ යන්නේ සේපාටික සමාජයකට. සේපාටිකයන් කියන්නේ ඔය කැන්ගරුවන් වැනි, බිත්තර දමන හා ක්ෂීරපායි සතුන් අතර සිටින කොට්ටාශයයි.

මේ ගැන පැරකුම් ලියා තිබුන සටහනට ලැබිලා තිබුන ප්‍රතිචාරයක් තමා, ඩොලර් කුට්ටි කොපමණ ලැබෙනවා ද කියා ඔය ලිවීම් වලට. මා ඔය සමාජයේ ඉන්නවා නම්, කෙනෙක් ඩොලර් කුට්ටි අරගෙන හරි ඒ වගේ දේවල් ගැන ලියනවා  නම්, අවධියෙන් ඉන්නවා නම්, අනෙක් අයට කියනවා නම්, එවැනි පිරිස් වලට තවත් ඩොලර් කුට්ටි දිය යුතුයි කියා හිතනවා. වැඩේ තියෙන්නේ මල්ලි, ඩොලර් කුට්ටි හම්බු වෙන අයට හිතන්න, ලියන්න වෙන ඕනේ තරම් දේවල් තියනවා. ඒවත් ඒ අය ලියන්නේ නැහැ, මොකද ඩොලර් කුට්ටි වියදම් කරන විට ඕවට වෙලාවක් නැහැ.

15 Comments

Filed under General