ඉහතින් තියෙන්නේ කලින් සටහන් දෙකේ තියන චායාරූප වලම දිගුවක්. මේවායින්, අප ඉන්න රටේ තියන එක පරිසරයක පැති කඩක් පෙන්වනවා. මා හිතන්නේ මේවා බලන කට්ටිය අඩුයි. නමුත් සීමිත පිරිසක් රස විඳින වගත් පෙනෙනවා.
මේකත් විවේචන සටහනක් වුණොත්, මගේ බලාපොරොත්තුව අහෝසි වී යනවා. සමහරුන් බලාපොරොත්තු වනවනේ, අප කියවන, නරඹන හා අසන සියල්ලන්ගෙන්ම අපගේ ඥාණ පථය පුළුල් කිරීමක්, පාඩමක් තියෙන්න ඕනි කියල. මා එහෙම නොසිතන කෙනෙක් නිසා, මේ වගේ සටහන් වල එහෙම දේවල් බලාපොරොත්තු නොවීම යෙහෙකි.
පරිසරය ගත්තත්, එහි තියන සුන්දරත්වය අප දකින්නේ නැත්නම් අවුරුදු මිලියන ගණනක් තිබුණත් වැඩක් නැහැ. හිතන්න, වෙන ග්‍රහ ලෝකයක් ගස් වැල් වලින් පිරී, කිසිම බාධාවක් නැතිව තියනවා කියල. ඉතින් මොකටද? පරිසරයේ සුන්දරත්වය කියන්නේ අපගේ විඳීම ම තමා.