Tag Archives: ආදී වාසින්

මාවනැල්ලේ තරුණයා, දෙමාපියන් හා හරක්! The pinnacle of Anaathakaranaya!


මිත්‍යා විස්වාස, වත්-පිළිවෙත් වලට මුල් තැන දෙමින්, මනුෂ්‍යකම පසෙකට, දමමින් කරණ ලාමක ආගම් ඇදහිල්ල වැනි දේවල් නතර වන්නේ ඛේදවාචක වලින්. මාවනැල්ලෙන් ඇසුණු මේ මේ පුවත එයට හොඳ උදාහරණයක්. ප්‍රධාන ජනමාධ්‍ය විසින් කාලයක් තිස්සේ කරගෙන ආ නාථකරණයත් මේ වගේ ඛේදවාචක වලට වග කියන්න ඕනේ.

අපේ දරුවන්ට දවල්ට ඔතල දෙන පාන් කෑල්ල හෝ ඇපල් ගෙඩිය කාල තිබුනේ නැත්නම්, අපේ සිතට ටිකක් අමාරුයි. සමහර විට එයාලගේ උත්තරේ තමා, කන්න වෙලාවක් තිබුනේ නැතිය කියන එක. වැඩෙන දරුවන්ට සමබල පෝෂණයක් අවශ්‍යයි. දැන් ලංකාවේ වගේ රටක චීස් බටර් අවශ්‍යම දේවල් නොවේ. හැම් බේකන් වැනි ප්‍රොසෙස් කරපු නැත්නම් කල්තබා ගැනීමේ ද්‍රව්‍ය යොදා පිළියෙළ කරපු මස් වර්ග කෑම කොහොමත් අඩු කළ යුතුයි කියා නූතන සොයා ගැනීම් වලින් පෙන්වා දෙනවා. කිරි ලබා දීමේ වරදක් ඇතැයි මා සිතන්නේ නැහැ.

මොනවා වුවත්, ප්‍රෝටීන අපේ ආහාරයේ එක ප්‍රධාන සංඝටකයක්. විශේෂයෙන් හැදෙන දරුවන්ට අවශ්‍ය පමණට ප්‍රෝටීන ඇඟට වැටෙන්න ඕනේ. එය ලබා දෙන ප්‍රභවයන් ද වැදගත්. අපට අවශ්‍ය ප්‍රෝටීන, ශාක ප්‍රභවයන්ගෙන් ම සපුරා ගැනීමට සමහර විට යොදන්න ඕනේ මුදල වැඩියි. අපට පවා එවැනි දෙයකට යොමු වීම ප්‍රශ්නයක්.

මිනිසා ලෝකයේ පරිසරයට, ගහකොළ වලට හා සතුන්ට කර තිබෙන අනර්ථයන් ගැන විවාද කිරීම නිෂ්ඵලයි. නමුත් සිතන්නට පුළුවන් අප, අපවම බිල්ලට දීලා, අනෙක් දේවල් බේරා ගන්නවා කියා දිවි නහගන්න අවශ්‍ය නැහැ. මේ සියල්ලන්ම බේරා ගැනීමට මුලින් මිනිසා ජිවත් වීමත් අත්‍යවශ්‍ය දෙයක්. මොකද මේකෙන් ගැලවෙන්නට නම්, සිතිවිලි වලින් පාලනය නොවන ස්වභාවික ක්‍රියාවලියට බැහැ.

මෙතැනදී සතුන් මැරීම සම්පුර්ණයෙන් වලක්වා ගැනීමේ පියවර සොයා ගන්න තෙක්, වධ වලට භාජනය නොකර, ඒ දෙය කළ හැකියි. දියුණු සත්ව පාලන ක්‍රම අනුගමනය කරන සියලු රටවල් වල, මේ සඳහා නීති හා වෙනත් විධි විධාන පනවා තියනවා. අප බිත්තර මිලදී ගන්න විට, සත කිහිපයක් අඩුවට තියන කූඩු කරපු කිකිලියන්ගේ බිත්තර නොගෙන, “නිදහස්” කියන කිකිලියන්ගේ බිත්තර ගැනීමත් මෙවැනි එක ක්‍රියා මාර්ගයක්. මේ එකකින් වත් සතුන්ගේ “අයිතිවාසිකම්” රැකෙන්නේ නැහැ. නමුත් සතුන්, තව සතෙකු මරාගෙන කෑමේදී ඉදිරියට, එන සහජ ඥානයට වඩා ඉදිරි පියවරක් මෙතන තියනවා.

ඇත්තම කියනවා නම් සිතන්නට නොහැකි සතුන්, තමාගේ දරුවන්ට අනතුරක් කරන්නේ විශේෂ අවස්ථා වල පමණයි. එවැනි විශේෂ අවස්ථා කියන්නෙත්, පරිසරයෙන් උරුම කර දුන් නොනැසී පැවතීමේ සහජ ඥානය නිසා, ඇතිවන තත්වයන්. හැබැයි පොදුවේ ගත්තහම ඔවුන් සමහර දෙනා තමන්ගේ දිවි පරදුවට තබල, දරුවන්ව රැක ගෙන, පරම්පරාව ඉදිරියට ගෙන යාමට පියවර ගන්නවා. මෙවැනි සමහර පියවරයන්, එය සිතන්නට පුළුවන් මිනිසුන්ට පවා ආදර්ශයට ගන්න හැකියි.

නීතිමය කරුණු පසෙකට දමමු. කුඩා කාලයේ අධ්‍යාපනය ලබන්නට අවස්ථාව සලසා තියන, ලෙඩ වුනහම ප්‍රතිකාර ගන්න විධි-විධාන (අඩුපාඩු සහිතව හෝ) සලසා තියන පරිසරයකදී වුවත්, සිතන්නට හැකි මිනිසුන්, සිතන්නට බැරි සතුන්ට වඩා පහල වැටෙන්නේ ඇයි? දරුවන්ට තියන ආදරයට වඩා, කපුවන්ගේ වචන හෝ දෙවියන් ඉස්සරහට එන්නේ කොහොමද? ඇත්තටම සමහර මිනිසුන්ගේ කොමන්සෙන්ස් අතුරුදහන් වීම ජාතික චින්තනයේ උච්ච අවස්ථාවද?

පලි
ගොඩක් වෙලාවට අපට ඇහෙන දෙයක් තමා, මා නම් ඕවා විශ්වාස කරන්නේ නැහැ, හැබැයි බිරිඳ නැත්නම් සැමියා, නැත්නම් අම්ම-තාත්තාගේ කීම අහක දාන්න බැරි හින්දා මාත් කරනවා කියල. පෞද්ගලික ජිවිතයේවත්, වැඩිහිටියෙකු වූ පසු, විශ්වාස කරන නොකරන දේ වෙනුවෙන් පෙනී හිටින්න නොහැකි කොට, සමාජයක් ලෙස මේවායින් ගැලවෙන්නේ කොහොමද?

5 Comments

Filed under Social