Tag Archives: ඇදහිලි හා විශ්වාස

එයද ආදරය වාගෙයි!


අද දමන්නේ මා 2011 වසරේ ලියු දෙයක්. එයට හේතු කිහිපයක් තියනවා. අලුතින් කියවන පාඨකයන්ගේ ප්‍රයෝජනය සඳහා වීම ඉන් ප්‍රමුඛයි. අපගේ ජිවන විලාසිතා විවේචනය මා නිතර කරන දෙයක්. මේවා විවේචනය කරන්නේ, මා හෝ අනෙක් අය හෝ, පහත් හෝ උසස් හෝ කියන්න නොවේ. මගේ අත්දැකීම් අනුව, අපේ ජිවිතයට කරන සමහර අනර්ථයන් වලට එක හේතුවක් වන්නේ, අපේ මෙවැනි තේරීම්.

දැන් ලංකාවේ ඉඳන් ලෝකයේ අනෙක් කෙරවලට ගිහින් බොම්බිලි කරවල බැදගෙන කෑව කියල කෙනෙකුට හෝ සමාජය හානියක් නැහැ (ජිවත් වන්නේ තට්ටු නිවාසයක නොවේ නම්). එයින් කෙනෙකුගේ දේශපාලන හෝ අන් මතයක් පිළිබිඹු වන්නේත් නැහැ. නමුත් බඩ පැලෙන කම් බත් කනවා නම් හා කාල ව්‍යායාමයක් නැතුව ජිවත් වෙනවා නම් මා එය විවේචනය කරනවා. දුම් උරනවා නම් එය මා විවේචනය කරනවා. මොකද මේවායින් ඒ පුද්ගලයට හා සමාජයට හානියක් වන්නේ.

පිට රටවලට ඇවිදිනුත්, එකිනෙකා “මරා ගනිමින්” කරන ආගම් ඇදහීම මා විවේචනය කරන්නේ එයින් ඇත්තටම බැලුවොත් කිසිම කෙනෙකුට ඇති වැඩක් නැති නිසා. අඩුම ගානේ එවැනි දේවල් මොවුන් අදහනවා යයි කියන මේ ආගම් වලින්ම ප්‍රතික්ෂේප කරපු දේවල්. එක අතෙකින් ආගම් නොමැති ලෝකයක් වඩාත් යහපත් කියා මා සිතනවා.

පදනමක් නොමැති කේන්දර, නැකත්, දෙවියන් වැනි දේවල් ඇදහීම මගින් අපගේ ලෞකික ජිවිතයට කරන්නේ මහත්ම අනර්ථයක්. මේවා තේරුම් නොගත් පිරිස් විසින් තමන් අමාරුවෙන් හරි හම්බ කරගත් තුට්ටු දෙක පවා, සමාජයේ ඉන්නා කපටි පිරිස් වෙත පුජා කිරීම් ඛේදවාචකයන්. එයිට අමතරව කේන්දර නැකත් වැනි ගුප්ත කරුණු විශ්වාස කිරීම නිසා ජිවිතයම කාලකන්නි (එය තමාගේ කැමැත්ත කියා කියන්න පුළුවන් වුවත්) කර ගන්නා පිරිස් දෙස මා බලන්නේ අනුකම්පාවෙන්.

දරුවන්ට එයාලගේ ජීවිතය නොදෙමින්, පාසල් කාලයෙන් පසුව පවා ටියුෂන් වලට ගාල් කිරීම්, ඔවුනගේ අනාගතය, ඔවුනගේ සහකරුවන් හෝ සහකාරියන් දෙමාපියන් තීරණය කිරීම් මා දකින්නේ ඛේදවාචකයන් ලෙස.

මෙවැනි දේවල් කරන පිරිස් හෝ මා හෝ වෙනත් අය හෝ, උසස් හෝ පහත් හෝ මනුෂ්‍යයන් කියා මා කියන්නේ නැහැ. මේ මා ලෝකය දකින ආකාරය විතරයි. අර සටහන අවසානයේ පාඨකයෙක් මගෙන් ඇසුවා සේ, දැන් අපට මොකද කරන්න කියන්නේ? කියා මගෙන් අසන්නට එපා. මට එහෙම උපදෙසක් දෙන්න බැහැ. මොකද මොනවා කියුවත් අන්තිමට එය ඔබේ කැමැත්තයි.

AUGUST 13, 2011 · 14:57

රුවන්වැල්ලේ සෝභිත හෙවත් අපේ කාලේ විව්‍යසායකයා! Or pot calling the kettle black!

මේ ඊයේ පෙරේද අර නෙත් එෆ් එම් ගුවන් විදුලියේ නරි නාටක වැඩ සටහන ගැන හඬ පටියකට මාත් සවන් දුන්නා. මේ වැඩ සටහන කරපු දෙන්නා තලු මර මර අර සෝභිත මහත්තයාට බැට දුන්නා. අප පුංචි කාලෙත් සෝභිත මහත්තයා වගේ “හාමුදුරුවන්” පත්තර වල දැන්වීම් ඕනේ තරම් පළ කළා. මට තාම මතකය් අර “කවීශ්වර තිස්ස” ගේ සුරා සූදු අතහැර කියන දැන්වීම. මේවා පළ කරන්නේ මොකද? මෙම දැන්වීම් වලින් ප්‍රචාරය කරන “සේවා” සඳහා ලොකු ඉල්ලුමක් රටේ තියනවා; එදත් තිබුණා, අදත් තියනවා, හෙටත් තියේවි!

මගේ කතන්දරේ එක නෙමෙයි. අර කියපු ගුවන් විදුලි වැඩ සටහනට කාන්තාවක් කතා කළා. ඇයත් සෝභිතගේ සේවා ලබා ගන්න ගිය කෙනෙක්. පළමු දවසේ ඇයට සෝභිත නොහොබිනා දෙයක් කරළා. ඇයත් වැඩේ අතහැර නැහැ. දෙවෙනි දවසේ ගිහින් තියෙන්නේ ඇයගේ තරුණ ලේලිය සමගින්! වැඩ සටහන කරපු අය ඒ ගැන වචනයක් වත් ඇගෙන් ඇහුවේ නැහැ.

මේ නරි නාටක වැඩ සටහන කරන දෙන්නා මිට කලින් කරපු ජුගුප්ප්සා ජනක වැඩ සටහනක මුල් කොටසට මමත් සවන් දුන්නා (ඉවර නොකළේ එහි තිබුණ ජරා ගතිය නිසා). එයට විෂය වෙලා තිබුනේ වශී ගුරුකම්. මේ මහත්තුරුන් මොකද කොළේ. පත්තරේක දැන්වීමක් දාලා, එයට ප්‍රතිචාර දැක්වූ මිනිස්සුන්ව උපහාසයට භාජනය කළා.

අර පත්තර වල දැන්වීම් දාන වශී ගුරුකම් අයියලාගේ වැඩ වලට වඩා මේ මහත්තයලගේ වැඩ අසික්කිතයි. කෙනෙකුගේ විශ්වාශ වලට හිනාවෙන්න (ප්‍රසිද්ධ මාධ්‍යකින්) තව කෙනෙකුට තියන අයිතිය විවාදාත්මකයි. ඊටත් වඩා කෙනෙකුගේ පුද්ගලික කතාබහක් පටිගත කරළා ලෝකයාටම අසන්න සැලැස්වීම නින්දිතයි. අපේ රටේ මේ ගැන නීති නැති හින්ද හෝ තියන නීති ක්‍රියාත්මක නොවන හින්දා මෙයාලට කල්ල මරේ.

අප කව්රුත් නොයෙක් දේ ගැන විශ්වාශ කරනවා. නාථ දෙය්යෝ ගැන, පින් පව් ගැන, කේන්දර, නැකත්, පලාපල, ලෝකය මැව්ව එක ගැන ආදී වශයෙන් මේ ලැයිස්තුව දිග එකක්. මා මේ කිසිවක් කෙරෙහි විස්වාසයක් නැහැ. මේ කිසි දෙයක් ඇත්තද බොරුද කියන්න අප කව්රුත් දන්නේ නැහැ. මෙවැනි දේවල් සමාජයෙන් පිටු දකින්න වැඩ කිරීම හොඳ දෙයක් කියා මා පෞද්ගලිකව හිතනවා. එහිදී අප ආමන්ත්‍රණය කරන්නේ ඕනේ, ඒ අදහන ජනතාවට. එය කළ හැක්කේ ඔවුන් ගැරහීමට භාජනය කිරීමෙන් නොවේ.

අර වැඩ සටහන කරපු බාස්ලටත් මේ වගේ විශ්වාස ඕනේ තරම් ඇති. ඒත් ජිවත් වෙන්නත් මොනවහරි කරන්න ඕනනේ! අනික් කරුණ තමා මේ අය වචනයක් කියන්නේ නැහැ “ප්‍රභූ” කට්ටිය මේ වගේ විශ්වාශ මීටත් හොඳින් පිළිපදින කොට. උදාහරණයකට, ලංකාවේ බහුතර ජන නායකයන්ට තමන්ගේ රටේ චන්ද දායකයන්ට වඩා ඉන්දියාවේ “ඉරිසිවරු” විශ්වාසයි.

ප. ලි.
සෝභිත මොනවා උනත් අවංක මිනිහා. හාමුදුරුවෝ කියන්නේ නිකම් වෙළඳ නාමයක් විතරයි. මහත්තයා කියල කතා කලත් තරහක් ගන්නේ නැහැ. අනික් එක තමා අද ලෝකයේ තියන මහජන සම්බන්දතා වල ඇති වටිනාකම ගැන හොඳ අවබෝධයක් තියනවා. බටහිර රටක උනත් පිළිගැනීමේ නිළධාරිණියක් බඳවා ගන්න කොට ඇහැට කනට පේන්න ඉන්න එක ලොකු වාසියක් වෙනවා. වෙනස තියෙන්නේ දුරකතනයෙන් කෙරෙන මූලික පරීක්ෂණයේදී ඒ ගැන අමු අමුවේ අහන්නේ නැහැ (සෝභිත කළා වගේ). සම්මුඛ පරීක්ෂණයකදී නිරීක්ෂණය කරනවා විතරයි.

7 Comments

Filed under Lifestyle, Opinion