Tag Archives: ඇබොරිජිනල් වරු

වසන්තයේ අග හමුවෙමු?


IMG_1808 (2)

උදේ එළියට  බැහැල නිකම් වටපිට බලබලා ඉන්න කොට, දිනපතාම (පාහේ නොවේ දිනපතාම) අපේ ගෙදර ඉස්සරහින්, කුඩා බල්ලෙකුත් එක්ක ඇවිදින්නට යන සුද්ද නතරවී මට කියුවේ “කල්පනා කරලා විතරක් හරියන්නේ නැහැ, වැඩෙත්  කරන්න ඕනේ” කියායි. එයාගේ වයස අවුරුදු අසූවක් හෝ එයිටත් වැඩි ඇති.

මා එළියේ හිටියොත් පාස් කරන ගමන් වචනයක් කියාගෙන යන්න ඔහු අමතක කරන්නේ නැහැ. ඔහු වයස වුවත්, නිරෝගී යයි පෙනෙන, ප්‍රියමනාප කෙනෙක්. මට ඔය කරන්න කියුවේ, නේචර් ස්ට්‍රිප් එක කපන එක. එයා හිතුවේ මා කල්පනා කරන්නේ, to cut or not to cut කියලයි කියායි. මා ඇත්තටම එහෙම දෙයක් ගැන නොවේ කල්පනා කෙරුවේ. හැබැයි that is the question.

අපට කවුද ඕවා කපල දෙන්නේ? මා සුද්දට කියුවේ, ඔව් ඒකත්  කරන්න නම් ඕනේ තමයි කියායි. ඔහු නතරවී රස්නේ දවස්වල වහින කොට තණකොළ වැවීම නතර කරන්න බැරි වග කියුවා. උඹව නම් මා හැමදාම දකිනවා කියල කියුවහම එයා සිනහා වෙලා  කියුවේ, එය තමයි මා ජිවත් කරන්නේ කියල.

ඔහුව මා දිනපතා දකිනවා කියුවේ බොරුවට නොවේ, සතියේ දිනවල අප ගෙදරින් එලියට බහින කොට ඔහු පාරේ අනෙක් පැත්තේ යනවා. ඒ රවුමක් ගිහින් අපේ ගෙදර ඉස්සරහින් යන ගමන තමා අද ටිකක් දවල් වී මේ දුටුවේ.

ගොඩක් වෙලාවට ඔහු මේ ගමනම හවසත් යනවා. මා ජිවත් කරන්නේ මේ ගමන කියුවේ එකේ ලොකු අර්ථයක් තියනවා.

මිනිසාගේ සාමාන්‍ය ආයු කාලය අද වන විට වෙන කවරදාටත් වඩා ඉහලයි කියන එක රහසක් නොවේනේ. මේ ගැන මා කලින් විස්තර ඇතුව ලියා ඇති. ඊයේ පෙරේදා කියවුන පරිදි, ඕස්ට්‍රේලියානුවන් ලෝකයේ වැඩියෙන්ම ආයු වළඳන කාණ්ඩයට වැටෙනවා. මෙතැනදී වෙනත් එත්නික් කාණ්ඩ අතර පොඩි පොඩි විෂමතා තියනවා.

එයිනුත් පළමු වාසින් ලෙස හඳුන්වන ඇබොරිජිනල් ඕස්ට්‍රේලියානුවන් හා සාමාන්‍ය ඕස්ට්‍රේලියානුවන් අතර තියන පරමායුශේ පරතරය* තමා වැඩිපුර කතා බහට ලක්වන්නේ. මෙය අඩු කරන්නේ කොහොමද, එයට හේතු වී ඇති කරුණු ඉවත් කරන්නේ කොහොමද කියන දේවල් නිතරම කතා බහට නම් ලක් වෙනවා.

මෙහිදී ඔවුන් නූතන  අධ්‍යාපන හා සෞඛ්‍යය පහසුකම් වලට නිරාවරණය නොවීමට අමතරව, ඒ හා බැඳුනු ඔවුනගේ ජිවන විලාසිතාවන්ද හේතු වන බව සඳහන්. මේ කියන්නේ ඔවුන්ගේ සාම්ප්‍රදායික  ජිවන විලාසිතාවන් නොවේ, අලුත් ශිෂ්ටාචාරයෙන් උකහා ගත්තු අපත විලාසිතාවන්.

පාස්ට් ෆුඩ් කෑම, ව්‍යායාම් නොකිරීම, දුම් හා මත්පැන්, මත්ද්‍රව්‍ය, පෙට්රෝල් යනාදිය ගැහීම වගේ දේවල් හා ඔවුනගේ ප්‍රවේණික ලක්ෂණ වල කලවමකින් මේ තත්වය දරුණු කර තිබෙන වග කියවන්නට ලැබෙනවා.

දැන් මේ වගේ සමාජමය ප්‍රශ්න වලට කොතරම් වැටකඩොලු දමන්නට අවශ්‍යද? ඒ සඳහා ඔවුනගේ ඉල්ලුමක් නැත්නම්, බාහිර සමාජයේ මැදිහත් වීම අනුමත කරන්න හැකිද? වගේ ප්‍රශ්න ගැන මා අද ලියන්නේ නැහැ.

ඒ වෙනුවට අර ඇවිදින්නට යන සුදු මිනිහගේ කතාවට යලි ගියොත්,  වැඩි කාලයක් ජිවත් වීම හා වැඩි කාලයක් නිරෝගීව ජිවත් වීම යනු දෙකක්. සමහර සමාජ විශාල අර්බුද වලට යමින් තියෙන්නෙත් මෙන්න මේ නිසා.

මා  හිතන්නේ ඕස්ට්‍රේලියානු මහා බැංකු අධිපති ග්ලෙන්  පෙරේදා කියුව පරිදි, ඉදිරි වසට 7-8 තුල ඉන්දියාවේ ඉන්න වැඩකරන වයසේ ජනගහනය, චීනයේ එම ජනගහනය අභිබවා යනවා. චීනයේ වන්  චයිල්ඩ් පොලිසි එක වෙනස් කිරීමට එක හේතුවක් ලෙස දක්වා තිබුනෙත්, තරුණ ජනගහනයට වඩා වැඩ නොකරන වැඩිහිටි ජනගහනය වැඩි වීම.

මේවා ග්ලෝබල් පුරස්න. ඒවාට විසඳුම කල්පනා කිරීම පැත්තක තිබ්බොත්, අපේ දිවියේ ඇතිකර ගන්න හැකි වෙනස්කම් මොනවාද? වැඩි කාලයක් ජිවත් වීමට අමතරව, වැඩි කාලයක් ක්‍රියාශීලි දිවියක් ගත කරන්නට ගන්න පුළුවන්  දේවල් අප කරනවද? ඕවා කල්පනා කිරීම මා ඔබටම පවරන්නම්.

*Aboriginal health standards in Australia are now so low that almost half of Aboriginal men and over a third of women die before they turn 45.

Aboriginal life expectancy is more than 10 years below that of the average non-Aboriginal Australian.

ඡායාරූපය  මා ගත්තකි.

10 Comments

Filed under Lifestyle, Opinion