ඕස්ට්‍රේලියාවේ චීන තානාපති කාර්යාලයේ දෙවෙනියා පසුගිය දිනෙක තිබුණු, ප්‍රවුර්ති සාකච්ඡාවකදී කියුවේ, ඕස්ට්‍රේලියා එවක තිබුණු රජය විසින් වාවේ (Huawei) කොම්පැනිය, මෙරට 5G ජාලය ව්‍යාප්ත කිරීමෙන් ඉවත් කිරීමට ගත්තු තීරණය ඔවුන්ට කොතරම් වේදනාකාරී වුවාද කියන එක. ඒ විතරක් නොවේ, එම තීරණය ගත්තු අගමැති, ඔහු ලියා තියන මතක පොතේ කට පත්ත ඇද තියනවා, ඔහු ඇමෙරිකාවටත් ඒ දෙයම කරන්න කියා බලපෑම් කෙරුවා කියා. චීන නියෝජ්‍ය තානාපති කියුවේ, රටේ ආරක්ෂාවට තර්ජනයක් වනවා යන්නට, පිළිගත් හැකි කිසිම වැදගත් සාක්ෂියක් ඉදිපත් නොකර, වාවෙට දමන මේ තහංචි, වෙන කිසිවක් නිසා නොවේ, ඇමෙරිකානු (දැනට අභියෝගයට ලක්ව ඇති) තාක්ෂන අධිපත්වයට ඇති අභියෝග ඉවත් කරන්න හෝ මන්දගාමී කරන්න දරන උත්සහ කියා.
පසුගිය මාස කිහිපය තුල, චීනය විසින් ඕස්ට්‍රේලියානු නිෂ්පාදන ගණනාවකට විවිධ තහංචි දැමුවා. වයින් වර්ග ඩම්ප් කරනවා කියා, ඒවාට 200% ක පමණ බදු පැටෙව්වා. එයිට අමතරව, බාර්ලි, ලී, හරක් හා බැටළු මස්, ගල් අඟුරු, කපු හා පොකිරිස්සන් වැනි නිෂ්පාදන ගණනාවකට විවිධ බදු හෝ තහංචි පැමිණෙව්වා.
ඉහත තහංචි වලට හේතුව ලෙස කලින් සිතුවේ, ඕස්ට්‍රේලියාව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කෙරුව කොවිඩ් ඇතිවුණේ කොහොමද කියා සොයන්න බලකිරීම නිසා කියා කියල. නමුත්, එය එයිට වඩා එහාට යන වෙළඳ හුටපටයක් කියා නියෝජ්‍ය තානාපතිගේ කතාවෙන් කියැවෙනවා.
ලෝකයේ ආධිපත්වය සඳහා කෙරෙන සටන නිරන්තර එකක්. ලෝක ඉතිහාසයේ විවිධ අවස්ථාවල විවිධ රටවල් මේ සඳහා අරගල කෙරුවා. පසුගිය කාලය ගත්තොත්, ඇමෙරිකාව එක පැත්තකිනුත්, කඩා වැටුණු සෝවියට් සංගමය අනික් පැත්තෙනුත් මේ සඳහා කෙරුව අරගලයෙන් , අන්තිමට ඇමෙරිකාවට නිතරඟ ජයක් අත්වුණා කියා බැලු බැල්මට පෙනෙනවා.
හැබැයි ඇත්ත තත්වය ටිකක් වෙනස් නේ. මා ටික කාලයක සිට සිතන දෙයක් තමා, බටහිරට තියන ලොකුම උභතෝටිකය, චීනය පාලනය කරන්නේ කොහොමද කියන එක කියා. සෝවියට් සංගමයේ කඩා වැටීමෙන්, වැඩියෙන්ම ඉගෙන ගත්තු රට චීනය කියා මා සිතනවා. ලෝකයේ කොහොමත් තියෙන්නේ, වෙළඳාමට රාජ්‍ය (නැත්නම් සමහරවිට ආණ්ඩු වල) මැදිහත් වීම කොච්චර වෙන්න ඕනිද කියන එකනේ (ආණ්ඩු වලට තියන පෞද්ගලික යාන්ත්‍රණ වල මැදිහත් වීම තවෙකක්).
නිදහස් ලෝකයට ඇමෙරිකාව තරම් නිශේදනිය බලපෑම් කරපු වෙන රටක් මෑත ඉතිහාසයේ නැතිය කියා මා පෞද්ගලිකව විශ්වාස කරනවා. ඇමෙරිකාව ලෝකයට ඉදිරිපත් කරපු ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස් සමාජය, “නිදහස්” වෙළඳාම් කියන සංකල්ප, ඔවුනගේ ඇත්ත ක්‍රියාකාරිත්වය තුල තිබුණද කියා, ලෝකයේ සිදුවීම් නැවත ආවර්ජනය කෙරුවොත්, ඔබට බලා ගන්න පුළුවන්.
හොඳම උදාහරණයක් ලෙස, ඉරානයේ නැගී ආපු ප්‍රජාතන්තවාදයට, ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යය එක්වී කරපු මැදිහත් වීම ගන්න පුළුවන් (මා කියන්නේ ශාට කලින් තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පත්වුණු රජය ගැනයි). ඔවුනගේම නිරීක්ෂණ වලට අනුව අද, ඒ කරපු දේ කොතරම් විනාශයක් ඒ ප්‍රදේශයට පමණක් නොවේ, මුළු ලෝකයමට වුනා කියා, ඔවුන්ම පිලිගන්නවා. එවැනිම මැදිහත් වීම් රැසක් ලෝකයේ විවිධ රටවල් වල ඔවුන් කෙරුවා. විශේෂයේ 1950-1970 ගණන් අතර. මේවා ඔවුන්ම කියන පරිදි, සම්පුර්ණ වෙනස් කිරීම් නොවේ, තිබුණු තත්ත්ව “හැසිරවීම්”. එය ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි, තියන තත්ත්ව මොන පැති වලට හැසිරවන්න හැකිද කියා, ලංකාව වැනි කුඩා රටකින් වුනත් බලා ගන්න හැකියි.
අද චීනය ලෝක ආධිපත්වය තියන සඳහා කරන උත්සාහය මා තේරුම් ගන්න හදන්නේ කලින් තිබුණ ලෝක තත්වය ඇසුරෙනුයි. ප්‍රජාතන්ත්‍රවාදය පවා, එකම විදිහට හැම රටකම ක්‍රියාත්මක වන්න හැකියාවක් නැහැ. චීනය හා ඇමෙරිකාව අතර ඇතිව තියන, ලෝකයේ ආධිපත්වය සඳහා ඇතිව තියන වර්තමාන සටනින් ජය ගන්නේ කවුද කියන ප්‍රශ්නයට පිළිතුරු සොයන්න කල් මරන්න අවශ්‍ය නැහැ. එයින් අපගේ ජීවිතයට ඇතිවන බලපෑම කොයි වගේද සිතුවත්, එයටත් කරන්න දෙයක් තියනවද කියා මා දන්නේ නැහැ.
පසු වදන
මා නිරීක්ෂණය කෙරුව දෙයක් තමා ලංකාවේ සිදුවුන පාස්කු ප්‍රහාරයට විදේශීය බලපෑමක් තිබුණා යයි හිතන්න වැඩි හැකියාවක් ඇති වග. ඒ කියන බලවේගයේ අනික් අපේක්ෂා ගැන සිතුවොත්, ඒවා තමා ඇත්තටම නරක. මොකද එවැනි බලවේගයක් ඇත්තමට ඉන්නවා නම්, එයාගේ අපේක්ෂා 2කක් මූලිකවම පෙනෙනවා. එකක් තමා ලාංකික සමාජය ප්‍රජාතත්රවාදී මාවතේ ගමන් කිරීම අපේක්ෂා නොකිරීම. අනික තමා ලාංකික සමාජය ආර්ථික වශයෙන් ප්‍රගති මාවතක ගමන් කිරීම යන්න කෙරෙහි දක්වන අකමැත්ත. මේ දෙකම ගැන ඇත්තම හිතුවොත්, මා ලංකාවේ හිටියා නම්, මගේ ජීවිතය ගැන නොවේ අවිනිශ්චිත හැඟීම් ඇති වන්නේ, අපගේ දරුවන්ගේ ජිවිත ගැනයි.