Tag Archives: උසාවිය

Seeing is believing so you better change your specs! කැමරාවේ සටහන් වුණ සාක්ෂිය අගවිනිසුරු ප්‍රතික්ෂේප කරයි!


* දැන් මේ දූෂණය මුලිනුපුටා දමන්න, තත්වයේ වෙනසක් කරන්න මොනවාද කළ හැක්කේ?

  • එය ලෙහෙසි කරුණක් නම් නොවේ. මුලින්ම ගැඹුරු අධ්‍යාපනික වැඩසටහනක් දියත් කරන්න ඕනේ, දුෂණය කියන්නේ මොකක්ද, එමගින් ජනජීවිතයට තියන බලපෑම කුමක්ද කියා පැහැදිලි කර දෙන. මොකද දුෂණය කියන්නේ, මොකක්ද කියාවත් සමාජයේ අවබෝධයක් තියනවද කියන එක සැකයි. දැන් මේ පිටරටින් ගලා එන (ආධාර ලෙස) මුදල් වලින් යම් කිසි ප්‍රමාණයක් මෙවැනි අධ්‍යාපනික වැඩසටහනකට, එනම් දුෂණය හා එයින් සමාජයේ සියලුම දෙනාට හා ඔවුනගේ හා ඔවුනගේ දරුවන්ගේ අනාගතයට එහි බලපෑම කියාදෙන්න යොදවන්න පුළුවන් නම් හරි.
  • දෙවෙනි පියවර තමා දුෂණයට එරෙහි ස්වාධීන කොමිසන් සභාවක් පිහිටු වීම. මෙවැනි කොමිසමකින් ජනයා දුෂණයෙන් ආරක්ෂා කරන්නට, දුෂණ හඳුනා ගන්නට, දුෂිතයන්ට එරෙහිව ක්‍රියා කරන්නට හා අනාගතයේ දූෂණ වලක්වා ගන්නට හැකිවිය යුතුයි. දැන් මේ දුෂණ වළක්වනවා කියන්නේ යලිත් අධ්‍යාපනය හා සම්බන්දයි. එවැනි කොමිසමක් ක්‍රියාත්මක වීම හරියාකාරයෙන් ආරම්භ වන්නට නම්, එය සැබෑවටම ස්වාධීන විය යුතුයි. ඒ කියන්නේ, පවතින පොලිසියෙන්, අධිකරණයෙන් හා රජයෙන් ස්වාධින ආයතනයක් විය යුතුයි.

  • දැන් අපට අනෙක් රටවල් වලින් ගන්න පුළුවන් අත්දැකීම් ඇසුරෙන් කතා කලොත්, මෙවැනි කොමිසමකට අමතරව, තව එක නීතිමය ප්‍රතිපාදනයක් තියනවා. එනම් “පැහැදිලි කරන්න බැරි ධනය” පිලිබඳ පනතයි. එවැනි පනතක් මේ සොලමන් දුපත් වල හරි ආන්දෝලනාත්මක වේවි. මේ පනතින් කෙරෙන්නේ මේකයි. කෙනෙකුට තමන් අත්පත් කර ගත් ධනය, කොහොමද අත් කර ගත්තේ, ඒවා ලබා ගත්තේ නීතියට අනුකුලවද, යන්න පැහැදිලි කරන්න බැරි නම්, ඔහු ඒවා ලබා ගත්තේ දූෂිත මාර්ග වලින් කියා ඉබේම සැලකෙනවා. එහෙම අයට එරෙහිව, නඩු පැවරෙනවා. ඔහුට හෝ ඇයට එම නඩුවෙන් නිදොස් වෙන්න හැකියි, කරුණු ඉදිරිපත් කර. එහෙම කරුණු ඉදිරිපත් කරන්න නොහැකි නම්, ඒ කියන්නේ ධනය අත්පත් කර ගත්තේ නීතියට පිටින් නම්, ඔහුව/ඇයව වරදකරු කර, අර ධනය රජයට ගන්නවා. මෙවැනි පනතක් ජනතාවට දෙන්න පුළුවන් වැදගත්ම නීතිමය පිළිසරණක්.

පලි
මේ සංවාද කොටස කලින් සටහනේ සඳහන් කරපු ගුවන්විදුලියේ සංවාදයකින් උපුටා ගත්තක්. නීතිමය පිළිසරණ නැති තත්වයක වුණත්, අයථා ලෙස අත්පත් කර ගත් ධනය පිලිබඳ වැටහීමක් ජනතාවට ගන්න පුළුවන්. මොකද එවැනි පුද්ගලයන්ගේ ජීවිතය වෙනස් වීම කොයි රටක වුණත් යම් පමණකට පෙනෙන දෙයක් (මහා ධනය රටින් එතෙර තමා). තට්ටු ගණන් වල ගෙවල් හදනවා නම්, නිතර රට සවාරි යනවා නම්, සීගිරි නගිනවා නම්, හෝටල් හා වෙනත් ව්‍යාපාරික ස්ථාන ඔවුන් නමට තියනවා කියා දුෂමාන ආරංචි තියනවා නම්, එවැනි පිරිස් මැතිවරණයකදී අතුගා දැමීමේ අවස්ථාව ජනතාවට තියනවා. දැන් මෙසේ අයථා ධනය බිලියන ගණන් ගොඩ ගහපු රාජ්‍ය නායකයින් හා ඔවුනගේ හෙන්චයියන් සිටිය බොහෝ රටවල ජනතාවට චන්ද අයිතිය දීල තිබුනේ නැහැ. දේශපාලකයින් සැලකීමේදී ඔවුන්  guilty until proven innocent (මේ නමින් මගේ කලින් සටහනකුත් ඇති) කියලයි මා හිතන්නේ.

බඩ කඳ හා බෙල්ල අතර පැහැදිලි හඳුනා ගැනීමක් දකින්න නැති මස් පර්වත වලට නම් කොහොමත් ඔබේ චන්දය පාවිච්චි නොකරන්න. මෙවැනි මිනිහෙක් ඉතා අවංක වුණත්, කාර්යක්ෂමව මහජන නියෝජිතයෙකු ලෙස ක්‍රියා කිරීමට තියන අවස්ථාව අඩුයි. නියම ප්‍රජාතන්ත්‍රවාදය ඇති රටක වුනත් අතුරු මැතිවරණ අවදානමක් ගන්න අවශ්‍ය නැහැ.

පද මාලාව සමගින් අහන්න

නැත්නම් නරඹමින් මෙය අහන්න

6 Comments

Filed under Media, Opinion, Politics, Social