Tag Archives: ක්‍රිකට්

බ්‍රෙට් ලී ගේ බැට් එක!


සංක්‍රමණ කටයුතු (ආගමන/විගමන) ඇමති ස්කොට් මොරිසන් පසුගිය දා ඉන්දියාවට ගියා. වෙන මොකට වත් නොවේ අර මා කලින් කියුව මිනිසුන් 157 ක් හිටිය සරණාගත බෝට්ටුව ඇවිත් තිබුනේ ඉන්දියාවෙන්. එහි සිටිය කට්ටිය මුහුදේ සිර කරලා තියෙත්දී තමා මොරිසන් ඉන්දියා ගියේ.

වෙන මොකට වත් නොවේ, මේ කට්ටිය ආපසු ඉන්දියාවටම පන්ගාර්තු කරන්න. මොරිසන්ලා කියන්නේ, ඉන්දියාව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක්, එහි ඔය කියන දේශපාලන අඩත්තේට්ටම් නැහැ, ඉන්දියාවෙන් මෙහි බෝට්ටු වලින් එනවා නම්, එන්නේ ආර්ථික සරණාගතයන් ඇත්තටම අර යූඑන්එච්සීආර් අනාත කැටගොරි වලටත් වැටෙන්නේ නැහැ. ඉතින් යලිත් පැමිණි රටට තමා යවන්නේ.

දැන් මේ බෝට්ටුවේ ලංකාවේ කට්ටියත් ඉන්නවලු. එයාලත් ඉන්දියාවේ ස්ථිර පදිංචි කරුවන් නම්, ඔවුනුත් ඉන්දියාව ගන්නවලු. මොරිසන්ලා කියන්නේ, ලංකාවේ දේශපාලන අනාථයන් වුවත්, ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිසා එහෙ යන එක තමා හොඳම දේ කියල. මෙච්චර දුර අවදානම් ගමනක් එන්නේ මොකටද? ඇත්ත නේ කතාව.

දැන් ඕස්ට්‍රේලියාවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක්. යහපාලනය කියන දේ සාපේක්ෂව තියන ලෝකයේ රටවල් අතුරින් එකක්. ඔන්න ඊයේ කැන්බරා උසාවියකින් මෙහෙ හිටපු පෙඩරල් කතානායක කැබ් වල ගිය ගමන් තුනකට, අයුතු ලෙස රජයේ මුදල් ලබා ගත්තා කියල වැරදි කාරය ලෙස තීරණය කෙරුවා. අවුරුද්දක් මහ උළු ගෙදර යන්න ඉඩ තියනවා. තවම ඒ තීන්දුව දුන්නේ නැහැ.

හැබැයි මොරිසන් අයියා ඉන්දියා ගිහින්, කතා බහ නැත්නම් ඩිල් එක නෙගොශියේට් කරන්න “secret weapon” නැත්නම් අප ඔය කියන්නේ ගතමනාව හැටියට, බ්‍රෙට් ලී හා ග්ලෙන් මැක්ග්‍රාත් දෙන්න අත්සන් කරපු ක්‍රිකට් පිති දෙකක්, ඉන්දියානු අභ්‍යන්තර කටයුතු හා බාහිර කටයතු ඇමති දේපොළට දීල කියල අද ප්‍රවුර්ති වල කියවුනා.

මහා රටවල් වල රටින් පිටත යහපාලනය ඔන්න ඔය වගේ.

දැන් මොරිසන් ලඟදි ලංකාවටත් ආවනේ. අපේ කට්ටියට නම් ඔය පිති දීල හරියන්නේ නැතිය කියා ඔබත්, මාත් දන්නවනේ. ඔබට ගෙස් කරන්න පුලුවන්ද මොනවාද දෙන්න ඇත්තේ කියා. මේක නම් අමාරු ප්‍රශ්නයක්.

(http://www.abc.net.au/news/2014-07-29/manager-says-brett-lee-unaware-signed-bat-bound-for-india/5632152)

14 Comments

Filed under Opinion