Tag Archives: කියුබාව

Cuba – One Island, Two Worlds


මිනිසුන් රට රටවල ගිහින් ඇවිත් ලියන දේවල් අප කවුරුත් කියවනවානේ. මොකද ඒවා බලාගන්නට බැරි නම්, අඩුම ගානේ දැන  ගන්න හෝ අප සියලු දෙනාම වගේ කැමතියි. මෙසේ ලියවුන සමහර දේවල් කියවන්න හිතෙන්නේ නැහැ. මොකද ඒවා, ලියන කෙනාගේ වෙනත් මතාන්තර වලිනුත් පුරවා තියන නිසා. මා කියවපු මේ සටහන ඔබටත් කියවන්න කැමති එකක් ද කියා බලන්න.

ඇත්තටම අප පාසල් හා සරසවි අධ්‍යාපනය ලැබුව  කාලය හා සසඳන විට, ලෝකය ගොඩක් දුර ඇවිල්ල කියල මට හිතෙනවා. ලෝකය එහෙම ඉදිරියට ගියත්, අපට පසුව ඉපදුන පිරිස් පවා, තවත් පසුපසට ගිහින් තියනවයි කියලත් මට සමහරවිට සිතෙන දෙයක්. එය එතරම් දෙයක් නොවේ, කුඩා කල පරාසයක් ගත්තහම ඒ වගේ පරස්පර තත්වයක් පෙනෙන්න තිබුනත්, ලෝකය සැබවින්ම ඉදිරියට යනවා.

ඇත්තටම රටකට කෙටි කාලීන  සංචාරයකට ගියාට, එම රට ගැන නිවැරදි වැටහීමක් ගන්නට ඉතා අසීරුයි. රොබර්ට් නොක්ස් වගේ, බුලත් විට කමින්, ඒ රටේ ජනතාවත් එක්ක ගැටිලා, රැකියාවල් කර, කාලයක් ජීවත් වීමෙන් තමා යම් අවබෝදයක් ඒ සමාජය ගැන ගන්න හැකි. එහෙම වුවත්, එම රටේම ඉපදුන කෙනෙකු තරම් දේවල්, අවබෝධ කර ගන්න හැකිය කියා මා විශ්වාස කරන්නේ නැහැ. මෙය සංක්‍රමණිකයන්ට තියන එක ප්‍රශ්නයක්.

කවුරුන් කෙසේ සිතුවත් මා නම් ජිවිතයේ ලබපු එක හොඳක් තමා, මෙහෙම සමාජ දෙක තුනක යම් කාලයක් ජීවත්  වීමෙන් ලබපු ඉගෙනීම්. ඒ සමාජද කාලය සමග, (මා දැන් ජීවත්  වෙන සමාජය මෙන්ම) වෙනස් වී තියනවා. සමහර දේවල් එසේ වෙනස් වුනේ මොකද කියන එකට සරල පිළිතුරක් දෙන්න විදිහකුත් නැහැ.

සමාජ වෙනස් වන්නේ මිනිසුනට ඕනේ නිසා. මිනිසුන් බහුතරයකට අවශ්‍ය නැතිව, වෙනස් කරන්න උත්සහ කරපු සමාජ, දුන්නක් බලෙන් නවල තියල, අතහැරිය වගේ යලිත් කලින් හිටිය තැනට ම නැති වුවත්, ඒ ආසන්නයට වගේ ගිහින් නවතිනවා. මා නවතිනවා කියන්නේ, යලි ඉදිරියට යන්නේ එසේ කලින් තැනට හෝ ඒ ආසන්නයට ගිහින්, එතැන  ඉඳන්.

කෝපරේට් ග්රිඩිනස් ගැන අප නිතර කියනවනේ. අප අමතක කරන දෙයක් තමා තනි පුද්ගල ග්රිඩිනස් එක. මා කලින් සටහනක ලියා ඇති. එක වතාවක් ලංකාවට ගිය වෙලේ, වගාවන් වලට බෙහෙත්-තෙල් ගහන අයිය කෙනෙක් කියුව කතාවක්. ගෙදර කට්ටිය කන මයියොක්ක පඳුරු දෙක තුන බේරලා, කඩේට යවන එව්වට දහ පාලොස් ගුණයක් සාන්ද්‍රණය වැඩි කර ගහනවා.

එතැනදී අර කලින් කියුව වගේ බහුජාතික සමගම බූවල්ලෙක් ගැන කියන පිරිස්, තමන්ට මයියොක්ක එවන කෙනා එහෙම හැසිරෙන්නේ මොකෝ කියා හිතනවද? එතැනදී තමන් වෙළඳපොළට ඉදිරිපත් කරන නිෂ්පාදනය ගැන ආඩම්බර වන කෙනෙක්, එහි කොලිටිය ගැන ආඩම්බර වන කෙනෙක් අප අතර නැත්තේ මොකෝ?

මිනිසුන් සමාජයක් ලෙස ගත්තොත් අඩු වැඩි වශයෙන් තියන කෑදරකම පිටු දකින්න පුළුවන් කියා හෝ ඇත්තටම පිටු දකින්න ඕනෙය කියාත් මා හිතන්නේ නැහැ. වැඩ නොකරන පිරිස් වලට එවැනි “පරමාදර්ශී” කෙනෙකු ගැන සිහින මවන්නට හැකි, කිසිදා වැඩක් කර නොමැති නිසාත්, එවැනි පිරිස් ජීවත් වන්නේ වෙන අයෙක් වැඩ කරන නිසාත්.

15 Comments

Filed under Agriculture, Opinion