Tag Archives: ගෙවතු වගාව

නත්තල් අච්චාරු!


img_1337

වම්බටු 

පෙරේදා  තමා මේ වසරේ වැඩ කරන්නට තිබුණ  අවසාන දිනය. එදා පවා ගොඩක් කට්ටිය හිටියේ නැහැ. අනික දවල් දොළහෙන් පසු ගෙදර එන එක (නිවාඩු නොදමා) ලොකු ප්‍රශ්නයක් ද නොවේ. දොළහට එළියට  ඇවිත්, පොඩි බඩුවක් ගන්න කඩ දෙක තුනකත් කරක් ගහල ගෙදර ආව.

img_1355

ස්ට්‍රෝ බෙරි 

මා වගේම වැඩට ඇවිත් හිටපු බංග්ලාදේශ පොරක්, නිවාඩු දිනක වරෙන් අපේ ගෙදර කියුව. මිනිහගේ ගෙදර මා කලින් ගිහින් තියනවා. මිනිහට මා හදල තිබුණ තිබුන අච්චාරු වලින් සෑහෙන කොටසක් ගිහින් දුන්නේ සති දෙක තුනකට කලින්.

img_1349

තායි තක්කාලි 

දැන් දින කිහිපයකට කලින් මිනිහ මගෙන් අච්චාරු රෙසිපිය ඇහුවා. මා කියුවේ “රෙසිපිය” කියන්න නම් හැකියි, හැබැයි ඔය විදිහට එය හදා ගන්න උඹට බැරි වගත් මා දන්නවා කියා. මේ දිනවල ඇවිත් ඉන්න මිනිහගේ අම්මට, මගේ අච්චාරු අල්ලලා ගිහින් කියා මිනිහා සිනා වෙමින් මට කියුවා.

img_1347

බීට් 

මා අච්චාරු ඒ විදිහට හදන්න බැරිය කියුවේ වෙන කිසිවක් නිසා නොවේ, ඒ මිරිස් ඔහුට සොයන්න අමාරු නිසා (ම පමණක් නොවේ), හා එයට හරියටම රෙසිපියක් නැහැ. මා පවා දැන් එය හැදුවොත් වෙනස් වේවි.

img_1345

ගෝල්ඩන් නගට් වට්ටක්කා 

ගෙවත්තේ මල් විතරක් නොවේ, එළවලු පැල  දෙක තුනක් වැවීම සම්පුර්ණයෙන් අයත් වන්නේ විනෝදාංශ කාණ්ඩයට. මේවාට අකමැති පිරිස් ඕනේ තරම් ඉන්නවා. ඔවුනට වෙනත් විනෝදාංශ තියනවා නම් හොඳයි.

img_1342

ලබු මලක් (ඉබේ හැදුන වැලක )

අද කරන්න හිතන් හිටිය වැඩ ටික කරන්න තියා, වැස්සට වැවී මල් හැදිලා තියන තණකොළ ටික පවා කපන්න හැකියාවක් නැහැ. ඒ නිසා නිකම් ඉන්නවට ගත්තු පින්තුර ටිකක් දමනවා.

img_1341

රතු තම්පලා 

අසනීප වීම කොහොමත් හොඳ දෙයක් නොවේ. නිවාඩු ටම අසනීප වීම තරම් නරක දෙයක් තවත් නැහැ.

අද උදේ මා හරුන් ලන්ත්‍රා ගැන ගිය වසරේ හදපු රූපවාහිනි වැඩසටහනක් යූටියුබයෙන් බැලුවා. ඔහුට ඒ වන විට වයස අවුරුදු 73 ක්. අද ඔහු ඉන්නේ හොඳටම අබලන් වෙලා. එම වැඩසටනහ මට මිශ්‍ර හැඟීම් එකතු කරපු එකක්.

ඇත්තටම එලියට බැහැපු වෙලාවේ මා ලස්සන මල් ටිකක් පොටෝ ගැහුවා. එව්වා මේ සටහනේ දෙවෙනි කොටසට ඔබන්නම්.

(ඔන්න පින්තූර  ටික නම් කෙරුවා 😉 ).

8 Comments

Filed under Photography