Tag Archives: ගෙවතු වගාව

Gardening in ඔබේ ප්‍රේම නගරේ!


IMG_20151017_110506871_HDR (2)

ඊයේ ඉතින් ඉරිදනේ. ඉරිදා සෙනසුරාද කියා නැගිටින වෙලාව වෙනස් කරන්න අමාරුයි. එකක් තමා උදෙන් නැගිට කරන්න වැඩ තියනවා. අනික නිවාඩු දවස් වලට දවල් වෙනකම් නිදා ගන්න කොහොමත් අපහසුයි.

නියම වල් පල් වලට ගියොත් අපේ දිවිය පිරී තියෙන්නේ නොයෙකුත් ආතති වලින්. රැකියාව, ගෙදර, දරුවන් හා තවත් කියන්නට නොහැකි දේවල් වලින් අපගේ දිවිය වෙලාගෙන තියනවා. ඇත්තටම  ජිවත් වෙනවා කියන්නේ මේ දේවල් කරන එකනේ.

මේ එදිනෙදා කරන එනම් අප කෙරිය යුතුම දේවල් වලින් ටිකකට මිදී, කරන්න අවශ්‍ය නැති, නමුත් කළොත් සිතට හා ගතට සතුටක් ගෙනදෙන දේවලුත් තියනවනේ. මා නිතරම ලියන පරිදි මේවට තමයි පුතේ අප විනෝදාංශ කියා කියන්නේ.

සමහර මෙවැනි විනෝදාංශ සමහරක් සතුටක් ගෙන දුන්නට, ඇත්තටම ජීවිතය කොට කරන එව්වා. විනෝදාංශ කියන්නේ ජීවිතය දිගු කරන එකක් මිසක් කොට කරන එකක් විය යුතු නැහැ. ජනවාරි වල තිබුන නේචර් කලාපයක කතු වැකියක අපූරු දෙයක් තිබුණ. එය පසුව ලියන්නම්.

ඔය මොනවා වුවත් ඊයෙත් මා උදෙන් නැගිට්ට, පන්ති ගියා, ඉර අවුව අඩුවුණ විට ගෙයින් එලියට බැහැල පොඩි වැඩ ටිකකුත් කෙරුවා. අප ඉන්නේ සරත් සමයේ. ඊළඟට එන්නේ සිසිරය. හැබැයි මේ දිනවල් හරි රස්නෙයි.

ගෙවත්තේ වැඩ කිරීමත් විනෝදාංශයක් විතරක් නොවේ, අප අර කළ යුතුම වැඩ වලින් එකක්. ගෙවත්ත කැලේට තියන මිනිසුන් කිසිවෙක් කියන සුන්දර කතා විශ්වාස කරන්න මා ඉදිරිපත් වෙන්නේ නැහැ.

අද වතුර විට තමා මා දුටුවේ වට්ටක්ක වැලක් වැටට උඩින් අල්ලපු වත්තට ගිහින් වැට උඩ ගෙඩියක් හැදිලා කියා. මායිමේ තියන කොස් ගහේ ගෙඩි කැඩුවා කියල මරා ගත්තු කතා මා අහල තියනවා.

අල්ලපු ගෙදර එක්කෙනා ඔය වෙලාවේ එළියේ හිටිය. උඹගේ වැට (මේකේ කෑල්ලක් එයාල ගැහුවේ) මේ ගෙඩිය නිසා වැට කැඩෙයි කියා සිතනවා නම් මා වැල කපල දමන්නම් කියුවා. මිනිහ කියුවේ නැහැ ඔන්න ඕක පැහුනම කඩා ගනින් කියා.

මා ඕක කඩා ගන්නේ නැහැ. මිනිහටම ගන්න කියුව. කොහොමත් වට්ටක්ක වැල් කරදර නිසා මිනිහ හිටවලත් නැහැ.

ඔය වල් පල් ටික ලියුවේ මන් මේ සතියේ කියවපු තවත් කතන්දරයක් ගැන කියන්න. එය තිබුනේ අපේ පළාතේ නොමිලේ බෙදන කොමියුනිටි පත්තරේ.

එහි තිබුනේ කැන්බරා වල ජිවත් වන වයස අවුරුදු 89ක් වන පීටර් ස්පිරොපොලස් ගැන. මෙයා දශක පහකට වඩා කාලයක ඉඳන්, දිනකට පැය 5ක් පමණ ගෙවත්තේ වැඩ කරනවා. පීටර් ග්‍රීසියෙන් පැමිණි සංක්‍රමණිකයෙක්.

IMG_20160307_222805015 (2)

(The Chronicle, 7 Tuesday March 1, 2016, by Clare Sibthorpe, Photo by Elesa Kurtz)

එයාගේ පුතා පත්තරේට කියල තිබුණේ, තාත්ත ග්‍රීසියේ වත්තක අත් උදව් කාරයෙකු හින්දත්, මෙඩිටරේනියන් පිළිවෙත් පවත්වාගෙන යන්න ආස නිසාත්, මෙසේ ගෙවතු වගා කරමින් ආ වග.

වර්තමාන පර්යේෂණ උපුටා දක්වන මේ ලියපු කෙනා මෙහෙම කියනවා. යමක් හිටවන අය, අන් නොවවන අය සමග සසඳන විට වැඩිපුර එළවලු හා පළතුරු කන වග බහු-පර්යේෂණ පෙන්වනවා. නෙදර්ලන්ත පර්යේෂණයකින් පෙන්වන්නේ ආතතිය අඩු කිරීමට ගෙවත්තේ වැඩ කිරීම, අනෙක් ක්‍රියාකාරකම් වලට වඩා, පල දායක වගයි. නොර්වේ පර්යේෂණයක් පෙන්වන්නේ ගෙවතු වගාවට යොදන නිරායාස අවධානය නිසා ඩිප්රේෂන් ලක්ෂණ අඩුව යනවා කියා.

පීටර්ට නම් ටිකක් ලොකු ගෙවත්තක් තියනවා. හැබැයි අප හැමටම එහෙම නැහැ. නාගරික පරිසරයක ඉඩම් ගන්න ඇත්තෙත් නැහැ. තිබුණත් ගන්නත් බැහැ. එතකොට පර්චස් දහයක ගෙදරක් හැදුවට පස්සේ, අඹ වවන්න වෙන්නේ වහලයේ. සමහරුන්ට වහලයකුත් නැහැ. ඒ කියන්නේ ඉන්නේ තට්ටු නිවස වල ඉන්න අය.

අන්න ඒ ගැන එනම් අද නාගරික කෘෂිකර්මය යනු මොකක්ද, ගෙවත්තෙන් පිටත වවන්නේ කොහොමද, කණ්ඩායම් ගෙවතු වගා යනාදිය ගැන තවත් කතාවක් මෙවර කැන්බරා වීක්ලි සඟරාවේ තිබුණ. ඒ ගැනත් ඉඩක් ලැබුණොත් ලියන්නම්.

IMG_20150111_094632212 (2)

10 Comments

Filed under Agriculture, Lifestyle, Opinion, Research & Development, Social