Tag Archives: චුදිතයා

ඕනෙම රටක අග්‍රවිනිශ්චයකාර තනතුරට සුදුසු රුසියානුවා! A Russian judge caught 40 winks in court!


sleepingjudge130204_400_18gtda7-18gtdab

මා කුඩා කාලයේ හිතාගෙන හිටියේ නඩුකාරයන් කියන්නේ අමුතුම මිනිසුන් කොට්ටාශයක් කියලා. ඒ කියන්නේ මනුශ්‍යන්ටත් වඩා වෙනස් කියා. කල් යන කොට තමා වැඩේ  තේරුනේ. සමහර රටවල්වල නඩුකාරයන්ට වත් සාධාරණ නඩු තීන්දු නොලැබෙන බව  කියවෙනවා. එතකොට සාමාන්‍ය මිනිසුන් ගැන කවර කතාද?

නඩුකාරයන් තමන්ගේ උසාවි කාමරේ මේසය මත, ඇසෙන නඩුවක චුදිතයෙකුගේ බිරිඳව දුෂණය කිරීමේ චෝදනා, තමන්ගේම දික්කසාද නඩුව තමන්ම ඇහීම පිලිබඳ චෝදනා, අග්‍රවිනිශ්චයකාරයන් ප්‍රසිද්ධියේ කාර් වල අනග රැඟුම් පිලිබඳ චෝදනා ආදී වශයෙන් ගොඩක් කතා අප අසා තියනවා. හැබැයි මේවා ඇස් දෙකින් දැක නැහැ. මේ කතා අතරේ  ඕනෙම රටක ඊළඟ අග්‍රවිනිස්චයකාර පදවියට සුදුසු කෙනෙක් රුසියාව තුලින් බිහි වෙලා තියනවා කියලත් ඔබට හිතෙන්න පුළුවන් පහත පුවතින්.

රුසියාවේ ඈත නැගෙනහිර නගරයක් වන බ්ලගොවෙස්චෙන්ස්ක් වල නඩුවක්  අහපු යෙව්ගිනි මැක්නෝ, චුදිතයව අවුරුදු පහකට බරපතල වැඩ සහිතව දඟ ගෙට නියම කලේ පසුගිය වසරේ ජුලි මස. චුදිතයා ව්‍යාපාරිකයෙක්. ඔහුට විරුද්ධව අක්‍රමිකතා චෝදනා නැගී  තිබුනා.

චුදිතයගේ නීතිඥයා එයාගේ අවසාන දේශනය උසාවියට ඉදිරිපත් කරනවිට යෙව්ගෙනි නඩු කාරයා නඩු ආසනයේ හිටපු හැටි කැමරාවක සටහන් වුන ආකාරය තමා සටහන මුලින් තියෙන්නේ. මේක මාධ්‍ය මගින් ප්‍රසිද්ධ උනේ පසුගිය  මාසේ. යෙව්ගිනි නම් කියන්නේ ඔහු දෙනෙත් වසාගෙන හොඳින් ඇහුම් කන් දෙන  බවයි.

මේ ගැන රුසියාවේ ඇතිවුන ආන්දෝලනයෙන් පසු යෙව්ගිනි නඩුකාර කමින් ඉල්ලා අස්  වුනා හෝ පහකළා කියා වාර්තා වෙනවා. නමුත් නැවත “විභාගය” ලිවීමෙන් පසු සමත් වුනොත් ඔහුට රැකියාව නැවත ලබා ගන්න පුළුවන් කියාත් කියවෙනවා.

ඔබ ජිවත් වෙන රට  අනුව, මේ කතාව ඇහුණාම සිතට සහනයක් දැනෙන්නත් පුළුවන්, කනගාටුවක් දැනෙන්නත් පුළුවන්.

(චායාරූපය රොයිටර් පුවතකින් ගත්ත එකක්).

Advertisements

8 Comments

Filed under Politics