Tag Archives: ජාන තාක්ෂන ශාක

තල කැරලි ගැසීම!


IMG_20151102_145312161 (2)

කලින් සටහනෙන් මා කියුවේ වර්තමානයේ ජීවත්වීම ගැන. මේ ජිවිතයෙන් මතු ජිවිතයක් ගැන මගේ බලාපොරොත්තුවක් නැහැ. හදිසියේ තිබුනොත් අවුල්ද? මා නම් හිතන්නේ නැහැ කියල. මොකද කියනවා නම්, ඔය මතු ජිවිත ගැන බලාපොරොත්තුවෙන් මිනිසුන් නටන නාඩගම් වල හැටියට, එහෙම තිබුණත් ලොකු අවුලක් වන්න නොහැකියි.

ඕව අමතක කර අතීතයට යමු. දෙදහස් පන්සියයක අතීතයට හෝ කෘෂිකර්මයේ හිමිදිරිය ලෙස සැලකෙන වසර 12,000-10,000 ක අතීතයටත් නොවේ. මේ වසරේ මාර්තු  මාසයට යමු. මගේ පතෝල සටහන් කියවන බහුතරය මේ සටහන කියවන්න ඇති නේද?

පසු කාලෙක බීට්ල් අහල තිබුණා, එහි කියා තිබුණ  නඩු තීන්දුවේ අභියාචනයේ තීන්දුව ලැබුනද කියා. ඒ අසපු දින එය ලැබී තිබුනේ නැහැ. හැබැයි ඒ තීන්දුව පසුගිය සැප්තැම්බර වල ලැබුණා.

එම තීන්දුවෙන්, පළමු තීන්දුව යලිත් තහවුරු කර තියනවා. එනම් කාබනික ගොවියාගේ නඩුව නඩු ගාස්තුවට යටත්ව ඉවත දැමීම. වෙන වචන වලින් කියනවා නම්, ඔහු අර ජානමය දියුණු කළ  කැනෝලා වැවුව ගොවියා, හිතාමතා නොසැලකිලිමත්කමින් ඔහුගේ (නඩුව දමපු කෙනාගේ) කාබනික වගා භුමිය අනාමැකුවා යන්න උසාවිය පිළිගත්තේ නැහැ.

මේ නඩු වේදී මතුවූ කරුණු දෙකතුනක් මා කියන්නම්. එකක් තමා, ජාන තාක්ෂණයෙන් බිජ අභිජනනය කරන මොන්සන්ටෝ අර ජානවලින් දියුණු කරපු කැනොලා වවපු ගොවියාගේ නඩු ගාස්තු වලට උදව් කිරීම හෙළිදරව් වුණා අභියාචනය යත්දී. එහි අවුලක් නොවේ මා කියන්නේ, අනික් ගොවියටත් “ආරක්‍ෂිත ආහාර පදනමෙන්” උදව් ලබා දී තිබුණා.

දෙවෙනි කරුණ ලෙස මා දක්වන්නේ, අර නාසා කියන ඔය කාබනික ආහාර ප්‍රමිති සහතික දෙන ආයතනයේ තියන යල්පැන ගිය ප්‍රමිති. ඔවුනට අනුව කාබනික ආහාර, 100% ක් ජාන-තාක්ෂණ ආහාර වලින් වියුක්ත විය යුතු වග. මෙය කොතරම් ප්‍රායෝගිකද? තවත් නිත්‍යානුකුල බෝගයක කොටස් වලින් 100% ක් වියුක්තව ආහාර නිපදවන්න හැකිද?

අනික් කරුණ තමා, මේ කාබනික ගොවියන් හුණුගල් (ලයිම්) පසට දැමීම කාබනිකයි. හැබැයි පොස්පේට් ගහන එක අකාබනිකයි.

අනික් කරුණ ලෙස ජිඑම් කැනොලා වැවුව බැක්ස්ටර් කියුව මේ ටික දමන්නම්  “He’s an organic farmer, he can’t spray, he can’t use chemicals, you know he’s got red mite, he’s got aphids, he’s got rust, he’s got all the diseases in the world, does he worry about that?

මා කලින් කියා ඇති, නුතන සමහර මනුෂ්‍යයන් වික්ටිම්ස් ඔෆ් අවර් ඔව්න් සක්සෙස්. සමහරුන් ප්‍රතිශක්තිකරණයට විරුද්ධයි. දරුවන්ට එන්නත් දෙන්නේ නැතිව ළදරු පාසැල්  එවනවා. මෙයින් අනතුරේ වැටෙන්නේ ඒ දරුවන් විතරද? තවත් සමහරුන්, ඖෂද ප්‍රතික්ෂේප කරගෙන, ලෙඩ වැඩිකර ගත් පසුව රෝහල් වලට ඇවිත්, සම්පත් නාස්ති කරනවා (මා මේ කියන්නේ සාමුහික ධනයෙන් දුවන සෞඛ්‍ය සේවා ඇති පරිසර වල). ඔය කාබනික ගොවියන් කරන්නෙත් ටිකක් අන්න ඒ වගේ වැඩක්.

පරිසරය අපට අවශ්‍ය ආකාරයට වෙනස් කරන්න පටන් ගත්තට පස්සේ අපේ සක්සෙස් එක ගැන සැක කරන මිනිසුන් තියෙන්නේ ටිකක් අවට බලන එක. අප වෙන කවරදාටත් වඩා වැඩි කලක් ජිවත් වෙනවා. අද දරුවන් අකාලයේ මිය යාම නිසා කනගාටු වන පවුල් ගණන වෙන කවරදාටත් වඩා අඩුයි. මොකද ළදරු මරණ ප්‍රතිශතය (ජනගහනයේ අනුපාතයක් ලෙස) විශාල ලෙස අඩුකරගෙන තියනවා. මේ වගේ දිග ලැයිස්තුවක් හදන්න පුළුවන්.

මෙතැනදී අපේ අනාගතය (එනම් මනුෂ්‍ය හා අනෙක් ජීවීන්ගේ) අනතුරේ හෙලමින් යනවද කියන ප්‍රශ්නයත් අප ඉදිරියේ තියනවා. ඔව් මේ සම්පත් පරිභෝජනය මේ ලෙසම කරගෙන යාමේ ශඛ්‍යතාවයක් නැහැ. එතැනදී මොනවාද වඩාත් ප්‍රශස්ත විසඳුම් වන්නේ?

අපේ ආහාර නිෂ්පාදනය අඩුකරගෙන මානව හා අනෙක් ජීවීන්ගේ පැවැත්ම තහවුර කර ගන්න හැකි නම් එය ඉතා හොඳ විසඳුමක්. ඒ වගේම යලිත් කොළ පොතු ප්‍රතිකාර වලින් රෝග සුව කර ගැනීමේ යුගයට යාමෙන් දියුණුවක් ලබා ගන්න හැකි නම් එයත් නරක නැහැ. ඔය එකක්වත් නොවේ මා ලියන්න ආවේ.

ඔය uninformed-opinion කියන එව්වා ගැන මා කලින් කතා කර තියනවා. අන්තර්ජාලය සමග මේවා හිතු හැටියට පැතිරවීමේ හැකියාවත් අප සතුයි. ජාන තාක්ෂණයෙන් වැඩි “දියුණු” කරපු, මිනිසාගේ පරිභෝජනය සඳහා මාංශමය ආහාර ප්‍රභවයක්  ලෝකයේ පළමු වරට අනුමත වුනේ ඊයේ පෙරේද.

අද ලෝකයේ තියන, මිනිසාගේ ශාක හා මාංශමය ආහාර වලින් වැඩිපුර ප්‍රමාණයක් ජිඑම් කියල යමෙක් කියනවා නම්, ඔහු මේ ලෝකේ ජිවත් වන කෙනෙක් නොවේ.

පසු වදන

කාබනික සිහින ලෝක වල ජිවත් වෙන බොහෝ මිනිසුන්ට වඩා අකාබනික මගේ ආහාර තේරීම් සෞඛ්‍ය සම්පන්න වග මට සහතිකයි. ඒ වගේම නූතන ප්‍රගතිය ප්‍රතික්ෂේප කරමින්, ඒවම අවභාවිතා කරමින්, තමන්ගේ පමණක් නොව, අනෙක් සහෝදර ජනතාවගේ ජිවිතත් අනතුරේ හෙලීම මහත්ම ව්‍යසනයක්.

පපලි

ඇත්තටම ලියන්න ආව, ස්ටාලින් යුගයේ මහා ප්‍රෝඩාවක් කරපු කෙනෙක් ගැන සටහන වෙන දිනෙක ලියන්නම්.

 

නීලා මා කැමති ගායිකාවක් (කටහඬින් හා රූපයෙන්). ඇය  ගැන මෑත කතා බහක් ඇතිවුණේ  වෙනත් හේතුවකට. ඇයත් පෝලියෝ රෝගයේ වින්දිතයෙක්. ඇයට  මේ රෝගය වැළඳී තියෙන්නේ හොඳටම ළදරු මාස හයේදී. එදා හා සලකන විට පෝලියෝ කියන්නේ ලෝකෙන් තුරන් කිරීමට ලඟා වූ රෝගයක්. නමුත් තවම එය කරන්න හැකි වී නැහැ. ඒ ගැන අපුර්ව කරුණු දහයක් මේ. පෞද්ගලික හා මහජන මුදල් යොදා මහජන සෞඛ්‍යය වෙනුවෙන් මෙතෙක් ගත්තු ලොකුම ව්‍යයාමයකට, එහි අරමුණු කරා ලඟා වෙන්න තවමත් නොහැකි වී තියෙන්නේ ඇයිද කියන එක තමා මා ඉහතින් කතා කෙරුවේ.

The global effort to eradicate polio is the largest public-private partnership for public health

In fact, it is the largest-ever internationally-coordinated public health effort in history. It is spearheaded by national governments, WHO, Rotary International, the US Centers for Disease Control and Prevention (CDC) and UNICEF, and is supported by key partners including the Bill and Melinda Gates Foundation. Underpinning the effort is a global network of more than 20 million volunteers worldwide who have collectively immunized nearly 3 billion children over the past 20 years.

පින්තූරය; “අකාබනික” තිරිඟු යායක් (මගෙනි).

15 Comments

Filed under Agriculture, Opinion