Tag Archives: තිරිඟු

තණකොළ හා මල්!


අද එළියේ තිබුණ හොඳකම නිසා, මිදුලේ තියන තණකොළ වල මල් පොටෝ ගැහුවා. මේවා ගොඩක් විට “අමු” ඡායාරූප.  සටහනක් ලිවිම පසුවට තබනවා.

IMG_4150

(උඳු පියලිය)

IMG_4129

(දැන්ඩිලියොන්)

IMG_3974.jpg

(තිරිඟු, මේක නම් ගත්තේ පසුගිය බදාදා)

වසන්තය වුණාට, තාම සීතලයි. ඒ වගේම වියලියි. මේ සතියේ ඕස්ට්‍රේලියානු ප්‍රදේශ කිහිපයකට වැසි වැටුණා. ඔය ඉහතින් තියන තිරිඟු, කිරි වදින සමයේ තියෙන්නේ. වර්ෂාව වැටීම ඒවායේ ඇට වර්ධනයට අත්‍යවශ්‍ය දෙයක්.

දරුවන්ගේ කටයුතු, පෙරදා මෙන් නොමැතිවීම නිසා කාලයේ ඉතිරියක් දැනෙනවා සති අන්තයේදී. මිනිසුන්ට ප්‍රශ්න නොමැති විට බොහෝ විට කරන දෙයක් තමා, අනුන්ගේ පුරස්න විසඳීම. මා කියන්න හදන්නේ, එය හොඳ හෝ නරක වග නොවේ. ප්‍රශ්න නොමැති නම්, ජිවිතයේ අඩුවක් නිරායාසයෙන් දැනීම තමා, එයින් කියවෙන්නේ.

ඉරාකයේ හිටපු සමාජ ජාල වල ක්‍රියාකාරී කාන්තාවන් කිහිප දෙනෙක්ම එක දිගට මරා දැමීම්  ගැන අපට අසන්නට ලැබුණා. මගේ කලින් සටහනේ සඳහන් වුණ පරිදි, කවුරුවත් නැති තැනක, තමන්ගේ පසුපස නිරාවරණය කර, පොටෝ ගත්තු ලංකාවේ තරුණයන් පිරිසකුත් අලකලන්චියකට මුහුණ දී ඉන්න වග වාර්තා වූවා.

ඉරාකයේ කාන්තාවන් එම ඉරණමට මුහුණ දුන්නේ, ඔවුන්ගේ රූ සපුව හා ඔවුන් සිතන පතන හැටි නොසඟවා අන් අය එක්ක බෙදා ගැනීමත් නිසාත් කියා මා අනුමාන කරනවා. ලංකාවේ තරුණයන් අද උසාවි වලට දක්කන්නට හදන්නෙත්, ඔවුන්ගේ රුව බෙදා ගැනීම නිසානේ (සාමාන්‍යයෙන් අද දකුණු ආසියාවේ තරුණයන් බොහොමයකට මහා බඩක් තියෙත්දී, මේ තරුණයන්ගේ (පසුපස) පෙනුමෙන් කියවෙන්නේ, ඔවුන් ක්‍රියාශීලි දිවියක් ගෙවන බවයි).

වයස අවුරුදු පහළොවේ දී විවාහ කර දුන්, තමන්ගේ කසාද මිනිහා විසින් වධ බන්ධනයට ලක්වුවා යයි කියන, එම මිනිහා ගේ සහෝදරයා අතින් දූෂණය වූවා යයි කියන, ඇයගේ වයස අවුරුදු 17 දී, අත්අඩංගුවට පත් වූ, සයිනබ් කියන තරුණිය වයස අවුරුදු 24 ක් වන විට, තමන්ට කරදර කරපු මිනිහාට පිහියෙන් ඇන මරා දැමීම වෙනුවෙන්, මරණීය  දණ්ඩනයට ලක් වුණෙත්  පසුගිය සතියේ. ඒ ඉරානයේ කතාවක්.

මා වගේ කෙනෙක්, නිකම් ඉන්න වෙලාවට ලියන මේ වගේ සටහනකුත් අප ඉන්නා රට අනුව වෙනස් ඉරණම්  අපට අත්කර දෙන්නට ඉඩ තියනවා.

විශාල සමාජ ක්‍රියාකාරීන් වෙන්නටම අවශ්‍ය නැහැ. මිනිස් නිදහස නැතිනම්, අන්‍යයයන්ට, කරදරයක් නොවී, තමන්ගේ ජීවිතය ගෙනයාමට මිනිසාට තියෙන්න ඕනි නිදහසට, අපගේ සුළු දායකත්වය හැකි හැමවිටම දෙන්න ඕනේ.

IMG_4151.jpg

(මුල් පින්තූරයේ පසුබිම)

4 Comments

Filed under Nature, Photography