Tag Archives: දේශපාලනය

Getting rid of “the Rogue elephants” and Roguing infected Banana plants! (1)


7235-Jeff-Daniells-BBTV

දැන් ග්‍රීෂ්ම කාලය නිසා පළතුරු/එළවලු කඩේ සුපර් මාර්කටයේ අඹ තියනවා. ගොඩක් ඒවා ක්වින්ස්ලන්තයෙන් එන ඒවා. දැන් ඩොලරයට ගෙඩියක් ගන්න පුළුවන්. පද පෙරලි මොකටද අල්ලා ඉඹ ගන්නත්, ඉල්ලගෙන හෝ කඩාගෙන හෝ මිලදීගෙන අඹ කන්නත් ආසා නැත්තේ කවුද? එහෙම ආසා නැති අය ඉන්නවා. අපේ පොඩි පුතා ඉන් එක් අයෙක් (එයාව අල්ලා ඉඹින්න පුළුවන්, අඹ කන්න තමා ආස නැත්තේ).

අප පොඩි කාලේ අපේ වතු වල ඕනේ තරම් අඹ ගස් තිබුණා. සමහර විට, ඒ ගස හැර තව ගසුත් තිබුණා. විවිධ වර්ගයේ අඹ ජාති. මේවා කන්න කියල අපට නම් කවුරුවත් බල කෙරුවේ නැහැ. අඹ ගැට පවා ලුණු සමගින් කෑවා.

අඹ ගැට කන කොට අපේ ආතා කියපු කතාවක් තමා, ඕවා කෑවහම මුත්‍රා සමග ලේ යනවා කියල. අපොයි, එහෙම දේවල් නම් වුණේ නැහැ. හැබැයි දත් ටික හිරි වැටෙනවා. ලොවි හා නමිනං ගැට කාපුවහමත් දත් හිරි වැටෙනවා.

ලංකාවට ගිය වතාවක කොහේ හරි යද්දී, අඹ කඩයක් දැකල, කට්ටියට අඹ ගන්න ඕනේ වුණා. ඉතිං ඉල්ලලාම කපාගෙන අඹ එතැනම කෑව. විකුණපු කාන්තාවත් කප කප දුන්නා.

ඔන්න මුදල් දෙන ගියහම, කාපු අඹ ගාණට වඩා ගෙවන්න කියපු මුදල වැඩියි. උදාහරණයට රුපියල් විස්සේ අඹ 10 යි කෑවේ. රුපියල් 300 ක් විතර ගෙවන්න ඕනේ.

මේ ගැන අර කාන්තාවගෙන් ප්‍රශ්න කරපුවහම තමා හේතුව දැන ගත්තේ. මුළු කපපු අඹ ගෙඩි ගණන 15 යි. හොඳ ඒවා 10 ය අප කෑවා. ඉතිරි 5 හ කුණු බක්කියේ. ඒවායේ එක්කෝ පණුවන්, නැත්නම් තැලිලා.

දැන් මහත්තයෝ, ඔයාල අඹ ගෙදර අරන් ගියා නම්, ඇතුල බලන්න බැහැනේ. මට ඒ හින්ද විශේෂයක් කරන්න බැහැ. ඔන්න ඕකයි කතාව. කොහොමද තුනේ පන්තියේ ගණිතය පාඩමට අඹ ගෙඩියක් රුපියල් විස්සයි, එහෙනම් ගෙඩි දහයක් කීයද කියල ප්‍රශ්නයක් ආවොත්? දීපල්ලකෝ පුලුවන්නම් උත්තර?

දැන් සෝනි සමාගමෙන් රූපවාහිනියකට රුපියල් ලක්ෂයයි කියල මිල නියම කරන්නේ, හදන ටීවී වලින් 50% ක් දෝෂ සහිත විකුණන්න බැරි ඒවා හින්ද, ඒ නිෂ්පාදන මිලත් එකතු කරලා නම් ඔබට මොකද හිතෙන්නේ? එයාලගේ ටීවී විතරක් නම් වෙළඳ පොළේ තියෙන්නේ, ඒත් කරන්න දෙයක් නැහැ නේද?

ඕස්ට්‍රේලියානු වෙළඳපොලේ තියෙන්නේ මෙහෙ වවන කෙහෙල් විතරයි. මොකද කෙහෙල් වවන්නන්ගේ සංගමය, කෙහෙල් ආනයනයට විරෝධය දක්වනවා. හැබැයි එයාලගෙත් ඉදිරි අවුරුදු සැලැස්මේ එක අරමුණක් තමා නිෂ්පාදන වියදම පහත දැමීම. රත්තරන් ගාණට කෙහෙල් මිල ඉහල ගියොත්, ඔවුනගේ විරෝධය නොතකා, කෙහෙල් ආනයනය කරන්නට වේවි (Objective 1; Maintain a consistent and quality supply of Australian bananas whilst achieving a 5% productivity gain by 2018/19 by: 1) Improving production per unit of input; and/or  2) Reducing production and supply costs per unit of marketed product).

අඹ කේස් එකේදී අපට මුදල් ගෙවන්න වුනේ, ගොවියාගේ නොහැකියාවටයි. භෝගය හරියට නඩත්තු නොකර, කුණු වූ නිෂ්පාදන වලට පාරිභෝගිකයාට ගෙවන්න නියම කරනවා. අපේ කඩෙන් ගෙනාපු අඹයක් කුණු වෙලා නම්, ආපසු ගිහින් දීල මුදල් ගන්න පුළුවන්.

ලංකාව ගත්තොත් එළවලු හා පළතුරු වල පසු අස්වනු නාස්ති වීම් 50% ක් ඉක්මවා අවස්ථා තිබෙන බව මා කියවා තිබෙනවා (පෙට්ටි අවුස්සන්න නොහැකියි). එතකොට ඇත්තටම අප ගෙවන්නේ, ඒ විසි කරන ඒවාටත් එක්ක. මෙතන විශාල සමාජමය ප්‍රශ්නයක් (ආර්ථික හා කෘෂි කාර්මික ප්‍රශ්න වලට අමතරව) තියනවා. එනම් අපේ ආහාර වේලේ ගුණාත්මක අගය පහල යාම.

මෙතැනදී ඒකීය පුද්ගලයන් වශයෙන් අපත්, සරල ගොවිතැන් වලට හුරේ දමනු වෙනුවට, දියුණු ක්‍රම ඔස්සේ වඩාත් සෞඛ්‍ය සම්පන්න කෘෂි නිෂ්පාදන වෙළඳපොළට ගෙන්නා ගන්න මොනවාද කරන්න අවශ්‍ය කියා සොයා බැලීම ඇඟට හොඳයි.

(මතු සම්බන්දයි)! (හැක්! නැහැ තව එක කොටසයි)

මුලාශ්‍ර ;
http://abgc.org.au/projects-resources/strategic-plans/#sthash.O63RPRJ5.dpuf

https://www.daff.qld.gov.au/plants/health-pests-diseases/a-z-significant/bunchy-top (Picture)

 

 

9 Comments

Filed under Agriculture, Food, Opinion, Research & Development, Social