Tag Archives: පත්තර

සහෝදර සමාගමේ ඇක්ස්පෙරිමෙන්ට් එක!


ගිය බදාදා රේඩියෝ ඉන්ටර්විව් එකකදී භාණ්ඩාගාර ඇමති ජෝ හොකි කියුවේ, එයාල  ඉදිරිපත්කර තිබෙන ඉන්ධන බද්ද ඉහල දැමීම නිසා දුප්පතුන්ට පාඩුවක් වෙන්නේ නැහැ කියල. මොකද දුප්පතුන්ට එක්කෝ කාර් නැහැ, නැත්නම් වැඩිදුර එළවන්නේ නැහැ. මේ ගැන ඔවුන්ගේ ආණ්ඩුවෙන්ම මතුවුන හා ජනමාධ්‍ය, සමාජ ජාල වල පළ වුන විරෝධතා වලින් පසු, ඒ කොමෙන්ටුව ගැන ඔහු අද සමාව ගත්ත.

වත්මන් ආණ්ඩුවේ අය වැය ඉදිරිපත් වුණ වෙලාවේ, සමහරුන් එය හැඳින්වුයේ, ඕස්ට්‍රේලියාවේ, මෙතෙක් පැවති “කෙයරින් සුබසාධන සමාජයේ” අවසානය හැටියට. තමන්ගේ පොකට්ටුවේ හැටියට ජිවත් වීමට අවශ්‍ය නිසා වියදම් කපාගෙන ගිහින්, අය වැයේ අතිරික්තයක් දක්වා යන්න තමයි මේ සියලු කැපීම් කියල ආණ්ඩුව කියන්නේ. ආදායමට අනුව වියදම් පාලනය කර නොගත්තොත්, අමාරුවේ වැටෙන්නේ රටවල් විතරක් නොවේ, සාමාන්‍ය මිනිසුනුත්. හැබැයි, මේ සමහර කැපීම් හා සමහර වියදම් කිරීම් අනුව, ඔවුනගේ ඇජෙන්ඩා එක පැහැදිලියි.

අය-වැය ඉදිරිපත් කරපු පසුව ජෝ කියුවේ, මේ වැඩ පිළිවෙලට ජනතාව අකමැති නම්, තව අවුරුදු දෙකහමාරකින් ඔවුනට ඒ බව ප්‍රකාශ කරන්න වරම තියනවා කියල. අර කතාවට සමාව ගන්න වීමෙන් හා අය-වැය ජනතාවට අලෙවි කිරීමේ අසමත්කමින් පෙනෙන්නේ, ඒ අතර තුර වුවත්, ජන මතය යම් තාක් දුරට ක්‍රියාත්මකයි කියා.

කම්කරු පක්ෂ හිටපු නායකයෙක් වන මාර්ක් ලේතම් ඔහුගේ අලුත්ම පොත මගින් ඕස්ට්‍රේලියාවේ තියන අනිවාර්යයෙන් චන්දය දමන (ගිහිං චන්දය දැමීම මිසක්, චන්දය අනිවාර්යෙන් කාට හරි දීම නොවේ. ඕනේ නම් කටු ගාන්න පුළුවන්. එය රහස් චන්දයක්නේ) නිතිය ඉවත් කරන්න ඕනේ කියා තිබීම ගැන මෙල්බර්න් සරසවියේ දේශපාලන විද්‍යාව පිලිබඳ සහකාර මහාචාර්ය සැලි යන්ග් ලියපු ඔපිනියන් කොලමක් මා කියෙවුව (Latham wrong in view to make our voting optional, Sally Young, The Border Mail, 6 August 2014).

මාර්ක් කියන්නේ ස්වේච්ඡා චන්දය ඇති විටකදී දේශපාලන පක්ෂ මෙයට වඩා ප්‍රාණවත්ව, ජනතාවට බලපාන ප්‍රතිපත්ති ඉදිරිපත් කරනු ඇති කියා.

සැලි ලෝකයේ කර තිබෙන පර්යේෂණ ඇසුරින් කියල තිබුනේ, ඇත්තටම වන්නේ මාර්ක් කියන එකේ විරුද්ධ පැත්ත කියා. උදාහරණයට ඇමෙරිකාවේ අන්තිම ජනාධිපතිවරණයේදී චන්දය දීල තියෙන්නේ දෙන්න පුළුවන් වයසේ ඉන්න අයගෙන් 54% යි. අනෙක් බටහිර රටවල් වලත් මෙයිට වෙනස් නැහැ. දැන් මේ චන්දෙ නොදෙන පිරිස් ගොඩක් වෙලාවට දුප්පත්, අධ්‍යාපනයක් නැති පිරිස්. එතකොට එයාලගේ අවශ්‍යතා කොහොමටත් තේරී පත්වන පිරිසට බලන්න දෙයක් නැහැනේ.

“Money can end up playing a big role in voluntary voting systems because when there is a large portion of non-voters, governments are more likely to be influenced by moneyed interests and intense issue activists.

The powerful gun lobby in the US is an example of the latter, while defence lobbyists, pharmaceutical industries and now the tech industries lobby are examples of the former.”

ඕස්ට්‍රේලියාවේ මැතිවරණ වලදී 93% ක් සාමාන්‍ය වශයෙන් චන්දය දෙනවා. ලෝකයේ චන්ද ක්‍රම ගැන නවතම පර්යේෂණයක් ඇසුරින් සැලි උපුටා දක්වන්නේ, කොම්පල්සරි වොටින් තියන රටවල් වල ආණ්ඩු දූෂණයෙන් අඩු අතර, ජනතාවත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන වැඩියෙන් තෘප්තිමත් කියා.

ඒකීය අයියලටත්, ලෝක නිර්ධනපන්ති සමාජවාදී අරගලය ශාක්සාත් කර ගන්න දඟලන අයියලටත් මේ වගේ කතා වැඩක් නැහැ. හැබැයි මනුෂ්‍යාට වඩාත් හිතකර පාලනයක් ගැන අප සමහර දෙනා සිහින මවන නිසා, මේ කතා වැඩකට නැත්තෙත් නැහැ.

මා දැන් සති දෙකකට පමණ පෙර කෙනෙක් සමග කතා කරමින් ඉන්න විට ඔහු කියුවේ, ඔය ලෝකේ සමහර රටවල් වල ආර්ථික ප්‍රගතියන් අත්කර ගෙන තියනවනේ ඒකාධිපති පාලන යටතේ. ඒ කියන්නේ ප්‍රජාතාන්ත්‍රික හා සමාජ ආයතන සහභාගිත්වයෙන් තොරව හා එවැනි ආයතන ගොඩ නැගීමකින් තොරව. සමහර විට දහස් හෝ ලක්ෂ ගණන් වල පල්ලට යවා තියනවා. නමුත් ඒ ආර්ථික ප්‍රගති මගින් සමාජයට යහපතකුත් වුනා නේද? ප්‍රජාතන්ත්‍රවාදය අපට කන්න දෙන්නේ නැත්නම් (එනම් ලංකාවේ වගේ රටක ජනතාව හරියට භාවිතා කරන්න දන්නේ නැති අවස්ථාවක) කෙනෙක් හෝ පිරිසක් මේ ආයතන බයිපාස් කරලා සංවර්ධන තීරණ හා ක්‍රියා මාර්ග ගැනීම වැරදි නැහැ නේද කියා. දැන් මේ ගෝටලා කරන්නෙත් ටිකක් ඒකනේ.

මා දුන්න පිළිතුර මෙතන ලියන්නේ නැහැ. ඒ වෙනුවට මෙහෙම කතාවකට යමුද? දැන් සමාජවාදී කියුබාව ගම්මු. දියුණු වෙමින් පවත්නා රටක් හැටියට, සෞඛ්‍ය, අධ්‍යාපන හා ක්‍රීඩා වගේ ක්ෂේත්‍ර වල විශේෂ ප්‍රගතියක් අත්කරගෙන තියනවා.

ඒ වගේම ඔය ඉන්ටර්නෙට්, නවීන වාහන තියා තියන ගොඩනැගිලිත් පරණ ඒවා. බ්ලොග් ලියන්න තියා ඇනොනිමස් කොමෙන්ටු දාන එකත් ලෙහෙසි නැහැ. මොකද කැෆේ වලදීත් ලොග් වෙන්න අයිඩී එකක් දෙනවා කියා මා කියෙව්වා.

හැබැයි, ජනතාවගෙන් බහුතරයක් ඉගෙන ගන්නවා. සෞඛ්‍ය පහසුකම් නොමිලේ. ඔලිම්පික් ගිහිං හිටු කියල කප් ගහනවා (බිලියන ගණන් ඉන්න ඉන්දියාවට සමහර විට හුලං). මෙවැනි සාධාරණ සමාජයක ඉන්න විට මොනවාට බ්ලොග් ලියනවද? ඇනෝ කොමෙන්ටු මොකටද අයියේ? අසල්වාසියත් ප්‍රීතියෙන්, අපිත් ප්‍රීතියෙන්. හඹා යන්නට දෙයක් නැහැ. එහෙම හඹා යන්න වුවමනාවකුත් නැහැ. නරකම නැහැ.

හැබැයි එක පරහක් තියනවා, බහු-පක්ෂ ක්‍රමයක් යටතේ මැතිවරණ නැහැ. ඒ තියා අයිය යන්නේ, මල්ලිට රිලේ පොල්ල දිලා (මෙයට රිලේ-පොලු සමාජවාදය කියලාත් කියන්න පුළුවන්. උතුරු කොරියාව මෙහි නූතන ප්‍රගතිය අත්කරගෙන තියනවා. එනම් තාත්තල පුතාට දීල යන ක්‍රමය. ඕකනේ අර හිමාල ඉරිසිවරු කියන්නේ, ඉට් ඉස් ගුඩ් ටු හෑව් බ්‍රදර්ස්, ඊවන් බෙටර් ටු හෑව් සන්ස් කියල). වෙන කෙනෙකුට දෙන්න ටිකක් බයයි බයයි වගේනේ. කෙලින්ම සහෝදර සමාගමක් වගේ (වෙන රටවල් වල සහෝදර සමාගම් පත්කරගෙන තිබෙන්නේ ජනතාවමයි).

හැබැයි අර ප්‍රීතියෙන් ඉන්න හෙල්දී හා එඩියුකේටඩ් ජනතාවට, “වරම අතට” දෙන්න හැකියාවක් නැහැ (කොච්චර එඩියුකේටඩ් වුනත් ඕකුන් විස්වාස කොරාන්ට බැහැ. මෙච්චර කළත්, ඔච්චර තමයි. එයිට වඩා විස්වාස කොරාන්ටා පුළුවන් අර මැරිච්ච ජේ ආර් ගොයියා. හොවානා සුරුට්ටු පැකට් එකෙන් වැඩේ ශේප් කොරාන්ට පුලුහන්). මොකද මේ යක්කු වැඩේ අංජබජල් කරන්න තියන ඉඩ කඩ වැඩියි.

ඒ වුනත් ප්‍රජාතන්ත්‍රවාදය අපට කන්න දෙන්නේ නැති නිසා මේ වගේ ඇක්ස්පෙරිමෙන්ට් වැරදියි කියන්න බැහැ නේ.

මේකම නේද ජනතාව පත්කර ඉන්න සහෝදර සමාගමුත් කරන්නේ? මේ නිලධාරින්, අධිකරණය, අනෙක් කොමිසන් දාගෙන වැඩේ කරන්න ගියොත්, ඔය ගොන් හැත්ත එක්ක කරන්න කාලයක් යනවා. මෝඩ යක්කු නේ. මේ ආයතන බයිපාස් කරලා, කොළඹ ඉන්න මීහරක් ටික කැලේට පන්නල, රටේ සංවර්ධනයක් ඇති කෙරුවොත්, පසු කලෙක බහුතරයකට හොඳ වේවි නේ. කොහොමද ආතල් එකේ හවසට ඇවිදින්න පුළුවන් නම්? (මේක ඇක්ස්පෙරිමෙන්ට් එකක් නිසා, ඉදිරියේදී තමා ඒ සංවර්ධනය හරියට වැඩ කරනවාද නැත්ද කියා දැන ගන්නට පුළුවන්. හැම ඇක්ස්පෙරිමෙන්ට්ම එහෙමනේ. ඔය කියුබාවෙත් එහෙමනේ. මල්ලිට, දෙයියෝ කතා කරපු දවසට අපට බලන්න පුළුවන්. අයියා, එතකොට වත් අපට ඇනෝ එන්න පුලුහාන්ද?).

අපිත් කොහොමත් “ප්‍රජාතාන්ත්‍රි ඇක්ස්පෙරිමන්ට්” එක අවුරුදු දැන් 70 ක් වගේ කළානේ. වැඩක් නැති බවත් දන්නවනේ. ප්‍රතිඵල නෙගටිව් නම්, එකම ඇක්ස්පෙරිමන්ට් මෙච්චර කාලයක් රිපීට් කර කර ඉන්නෙම ගොන්නුනේ.

විහිළුවක් නොවේ. අපට ටිකක් හිතන්න තියන දෙයක් නේද?

14 Comments

Filed under Opinion