ජාතික ප්‍රතිචක්‍රීකරණ සතිය නම් ඉවර වුණා. මෙහෙ ඉන්න කී දෙනෙකු මේ සතිය දැන උන්නද කියා මා නම් දන්නේ නැහැ. ප්‍රතිචක්‍රීකරණය කියන දේ පටන් ගන්න ඕනේ නිවසින්. මේවට වෙනත් විසඳුම් නැහැ. ඒ වගේම තමන්ට මුල්‍යමය ප්‍රතිලාභයක් කෙලින්ම ලැබෙන්නෙත් නැහැ. නමුත් වෙනම කාලයක් හා පොඩි ශ්‍රමයක් යොදන්න වෙන වැඩක්.
මේ තියෙන්නේ වසරකට කලින් පළ කරපු සටහනක්. එහි තිබුණ ප්‍රතිචාරයක් හා එයට මගේ පිළිතුර ප්‍රතිචක්‍රීකරණය කරන්නේ අද එය යමෙකු කියවා හෝ ක්ලික් කර උඩට ඇවිත් තිබුණ නිසාම නොවේ.
ඊයේ කන්න ගිහිං මගේ පාන් කෑලි දෙක කර කර ගන්න කොට, එතන හිටිය ඉන්දියන් ගෑල්ළමයාගෙන් මොනවාද අද කන්නේ කියල ඇහුවහම, මට කියපි එච්චර දෙයක් නැහැ, කවුද ඉතිං අපට උයල දෙන්නේ කියා (මේක කියුව හැටියට පාන් කන්න තිබුණ ආසාවත් ගියා). යකඩෝ මාර කෙළියක්නේ. කවුද දැන් මෙයාට උයල දෙන්නේ?
එයා ඉගෙන ගන්න කෙනෙක්. තනිවම ඉන්නේ. ඒ මදිවට වෙජිටේරියන්.
//ඉස්සර ඉඳලම අපේ ගෙදර තාත්තයි අම්මයි දෙන්නම උයනවා. අපේ තාත්ත සෑහෙන කාලයක් තනියම හේන්වල උයාගෙන කාල තියෙනවා. ඒ නිසාමද මන්දා සමාර එලවලු ජාති තාත්ත හැදුවම අම්ම හැදුවට වඩා රසයි. පස්සෙ කාලෙක වැඩ ගොඩාරියක් කොරටු වල තියෙන කාලෙට අපි ඔක්කොම කුස්සියෙ. මම පොල් ගානවා. නංගි මාලු සුද්ද කරනවා. පොඩි අයියත් මොනවහරි කරනවා. ඔය විදියට වැඩේ යනකොට පැය බාගෙන් කෑම හරි.. // ඉන්දික ලියා තියන මේ පොඩි අදහස් ටික නිසාම තමා මෙය සටහනක් විදිහට දමන්නේ.
මේකත් අර ප්‍රතිචක්‍රීකරණය වගේම තමා. වෙනස්කම් බලාපොරොත්තුවෙන් ලෝකය හතර වටේට බනින, එකට වඩා තමන්ට කරන්න හැකි වෙනස්කම් දෙකක් තමා මා මේ මතක් කෙරුවේ.
-
ඇත්තටම ඉන්දික මේක කොහෙවත් කතා කරලා තියනවා මා දැකල නැහැ. දිග උත්තරයක් ලියන්නම්! 🙂
-
අද ඉන්දික අව්‍යාජ අදහස් පළ කිරීම් දකින්නට ලැබෙනවා අඩුයි. එයට හේතුව ඔබත් මාත් දන්නවනේ. මා ඔබගේ මේ කොමෙන්ටුව අගය කරන්නේ මුලින්ම එය එවැනි එකක් නිසා.
ඔබ කියන කරුණු තුල දිවෙන ප්‍රශ්න අතර ග්ලෝබල් මෙන්ම ලෝකල්, එනම් අපගේ සිංහල (වඩා පහසුව පිණිස මා යොදා ගන්නවා) සමාජයට ආවේනික ප්‍රශ්න කිහිපයක්ම තියනවා.
අන්තර්ජාතික ප්‍රශ්නය නම්, මිනිසාට මූලික ජිවන කුසලතා නැති වීම. තමන්ගේ පැවැත්ම පිණිස ආහාර පිළියෙළ කර ගැනීමට ගැහැණු හෝ පිරිමි කියා බේදයක් නොමැතිව නොදැන සිටීම එක අවසනාවන්ත දෙයක්. ඕස්ට්‍රේලියානු ජනගහනයෙන් 65% ක් පමණට වඩා ස්ථුල යයි කියවෙනවා. අනෙක් බටහිර රටවල් වලද තත්ත්වයේ මෙයිට වෙනසක් නැහැ. මේ ධනපති පන්තිය පමණක් නොවේ. සමාජයේ සියල්ලන්ම.ගෙදර ආහාර පිස ගැනීම වඩාත් සෞඛ්‍යසම්පන්න වගේම වියදම් අඩු ක්‍රමයයි. දැන් මා ඉහත කියුව ආහාර වේලට වඩා මුදලක්, මෙහෙ වඩාත් ලාභ දායක ක්ෂණික ආහාර සපයන මැක් ඩොනල්ඩ්ලගේ බීෆ් බර්ගර දෙකකට (මීල් නොවේ ජස්ට් බර්ගර්) වැය වනවා. මා එය නයෙක් නොවේ කියුවේ ඒකයි.
හැබැයි බොහෝ දෙනාට ගෙදර ආහාර උයා ගන්න හැකියාව/කුසලතාවය නැහැ. ඇත්තටම කම්මැලියි. ඔවුනට එළියෙන් වඩා සෞඛ්‍යයදායක ආහාර වේලක් ගන්න යන වියදම වැඩියි. ඒ වෙනුවට මැක් ඩොනල්ඩ් හෝ පිට්සා වගේ දේවල් වලට තමා යොමු වන්නේ.
ලංකාවෙත් මේ තත්වය ටිකක් තියනවා (අඩුම ගානේ මට පෙනෙන හැටියට). එතැනදී පිරිමින් ඉවීමට දක්වන කුසීත භාවයත්, එය පිරිමිකමට මදි ලෙස සිතීමත්, කුඩා කල නිවසේ දකින දේවල් අතර එය නොතිබීමත් වෙනත් ආකාරයකට මේ ප්‍රශ්නය මතු වෙනවා.
සිංහල සමාජයට ආවේනික අනෙක් ප්‍රශ්නය නම්, (ලංකාවේ ජිවිත මා නිරීක්ෂණය කරපු ආකාරයට) ජිවිත හරිම අවිවේකියි. දවසට කරන්න පුළුවන් දේවල් හරිම සීමිතයි. මොනම දෙයකටවත් අන්තිමට කාලයක් නැහැ.
දවසේ පැය 9-10 රස්සාව කරලා, බස්වල කරක්ගහල, ළමයින් ටියුෂන් එක්කන් ගිහින් ගෙදර ඇවිත්, ඉවීම ලෙහෙසි දෙයක් නොවේ. එහෙම කරන පිරිමින් මෙන්ම ගැහැණුන්ද සිටිනවා. නමුත් සමහර පිරිමින්, කුස්සිය පැත්තේ යන්නේ නැහැ. එය අපේ දකුණු ආසියාවට ආවේනික ප්‍රශ්නයක්. ඉවීම ගෙදර කාන්තාවන් පමණක් තුන්සිය හැට පස් දවසම කිරීම මගින්, එයාලගේ විතරක් නොවේ, මුළු සමාජයේම ජිවන කොලිටිය පහත බසිනවා. මේ වගේ දේවල් තේරුම් නොගෙන ඔය හුචක්කු මහචාර්යලා පොර ටෝක් දීම තවත් නින්දිතයි.
ඔබ කියන අනෙක් කරුණ තමා, ලංකාවේ මිනිසුන් ඉස්සර වගේ දේවල් හුවමාරු කරගන්නේ නැතිය කියන එක. මෙය ගැන මගේ අත්දැකීම් නැහැ. හැබැයි මා අපේ ගෙදර කොහිල ටිකක් ගලවල විසි කරපු වෙලාවේ, වැඩකරපු අනෙක් මනුස්සයට කියුවා, මේවා ටික කාට හරි දෙමු කියල. එයා කියුවා ඕවා කවුරුවත් ගන්නේ නැහැ. කඩේ තියන පොතු හැරපු ඒවා විතරයි ඒ ගොල්ලෝ ගන්නේ කියල. තව දවසක් පාරට තිබුන ගහක කොස් කඩල (ගහට නැග්ග මිනිහා මගෙන් ගෙඩි රු 1500 ක් ගත්ත), මේවා කාට හරි දෙමු කියන විට අම්ම කියුවේ ඕවා දැන් කවුරුවත් කන්නේ නැහැ කියල. මොකද කොහොල්ලා ගා ගන්න කැමති නැති නිසා.
මේ සිද්දි වලිනුත් අපට පෙන්නේ ඉන්දික අහර පිළියෙළ කර ගැනීමට අවශ්‍ය කුසලතා වල හිඟ කම, අර කියුව වෙලාව නැතිකම හා ඔබත් කියන කම්මැලි කම හෝ මේවායේ සංකලනයකුයි.
ඔය ග්‍රීෂ්ම සෘතුව අන්තිම වෙනකොට අපේ වැඩ කරන තැන තේ කාමරයේ තක්කාලි, මිරිස් හා වෙනත් පලතුරු ගෙනත් තියනවා, ඒවා ගෙවත්තේ වවන අය විසින් (වැඩිපුර ඇති කොටස). මේවා දවස අවසානයේ දකින්න ලැබෙන්නේ නැහැ. කවුරුන් හෝ ගෙදර ගෙනියනවා. මිරිස් තිබුනොත් මාත් ගේනවා. එය මදිකමක් හෝ ලැජ්ජාවට කරුණක් නම් නොවේ. ඒ අතින් අප බොරු අහංකාරය නිසා ජීවිතය වණ කර ගත්තවුන්.
ඇත්තටම අපට ආවේනික, සමහර දුර්වලකම් හදා ගැනීම අපටම භාරයි. ඒ වගේම මුළු ලෝකයටම පොදු අනෙක් දුර්වලකම් ද පුළු පුළුවන් හැටියට අතුගා දාන්න උත්සහා ගන්න ඕනේ.
මෙතැනදී තව දෙයක් මතක් කරන්න ඕනේ. එනම් මා මේ සටහනෙන් කියන්න හදන එක කරුණක්. ආසියාතික අපේ කෑම පිළියෙළ කිරීම හරිම කාලය කා දමන වැඩක්. ව්‍යංජන හැදීම කාලය ගතවන දෙයක්. ඒ අතින් මේ බටහිර බොහෝ කෑම පහසුවෙන් පිළියෙළ කර ගන්න පුළුවන්. අඩු කාලයක් යන්නෙත්. අපේ ආහාර විච්චුර්ණ වලින් තොරව සරලව පිළියෙළ කර ගන්න හැටි අප අධ්‍යයනය කරන්න ඕනේ. මගේ අත්දැකීම්/අත්හදා බැලීම්/වට්ටෝරු මෙහි පසු කාලෙක ලියන්නම් (ලියන්න බලන්නම්).
-
ඉස්සර ඉඳලම අපේ ගෙදර තාත්තයි අම්මයි දෙන්නම උයනවා. අපේ තාත්ත සෑහෙන කාලයක් තනියම හේන්වල උයාගෙන කාල තියෙනවා. ඒ නිසාමද මන්දා සමාර එලවලු ජාති තාත්ත හැදුවම අම්ම හැදුවට වඩා රසයි. පස්සෙ කාලෙක වැඩ ගොඩාරියක් කොරටු වල තියෙන කාලෙට අපි ඔක්කොම කුස්සියෙ. මම පොල් ගානවා. නංගි මාලු සුද්ද කරනවා. පොඩි අයියත් මොනවහරි කරනවා. ඔය විදියට වැඩේ යනකොට පැය බාගෙන් කෑම හරි.. මම කාලයක් බෝඩිමෙ ඉව්වා. ඇත්තටම විනාඩි තිහකින් අපිට කෑම හදාගත හැකි හොද වේගෙකින් ඉවුවොත්. හැබැයි ඉතිං තව එක්කෙනෙක් ඉන්න ඕනි.
එකපාරක් යාලුවෙක් ගෙදර ගියාම ඒ යාලුව ටීවි බලනවා.වයිෆ් කුස්සියෙ දවාට උයනවා. මට නං ඒක හරි අවුල්. ඇයි උඹ කුස්සියට යන් නැද්ද කියල ඇහුවම, උඹට ඕනි නං ගිහින් සපෝට් එකක් දීපං..මට කම්මැලියි බං..මං කරන්නෙ වලං හෝදන එක විතරයි කියලා ඒ සැමියා කිව්වා. මං කුස්සියට රිංගල ඒ වයිෆ්ට උදව් කලා..(නමුත් ඒකනං ඒ තරං සුදුසු දෙයක් නෙමෙයි..හොදම යාලුවො නිසා අවුලක් නැැහ)
-
ඔව්, ඉන්දික ගෙදර පරිසරය පසු කාලෙක දරුවන්ගේ ජිවන විලාසිතා වලට බලපානවා.
අඩු කාලයකින් ආහාර පිළියෙළ කර ගන්න ඉගෙන ගැනීම ගොඩක් වටින දෙයක්. අප උයන කන එකත්, කන එකත් විතරක් නොවේ, බොන එකත් ඔය වගේම බෙදාගෙන කරන්න ඕනේ. 🙂
-
-
-
අපේ ගෙදර ගියාම අපේ අයියා දැන් සතියට දවසක් විතර වැල්ලෙ දැල් බේරන්න යන්න පටන් අරං..දවල් දවස තිස්සෙ කුලියට කොහේ හරි වැඩකරන මනුස්සයා රෑට දැල් බේරන්න යන එකට තාත්ත නම් කැමති නැහැ.. ඒත් එහෙම දැල් බේරන පැය හතරක විතර සුලු කාලෙට රුපියල් එක්දාස් පන්සියක විතර මාලු ලැබෙනවා..කොළඹ මිල එක්ක බැලුවම රුපියල් තුන්දාහක විතර මාලු.. මේ දවස්වල මාලු අහුවෙනව වැඩියි..ඒ කාලෙට තමයි උප්පත්තියෙන්ම ගොයියො වෙච්චි අපේ අයියල සහ අපේ අල්ලපු ගෙදර උන්නැහැ දැල් බේරිල්ලට යන්නෙ.. මෙතන කතාන්දර ගොඩාරියක් තියෙනවා. වැල්ල පේනතෙක් මානෙ නැතිවුනත් කිලෝමීටර හතරක් පහක් තියෙන අපේ ගෙවල් දිහා අයට වුනත් හරි ලේසියෙන් වැල්ලට ගියාම මේ කාලට මාලු ටිකක් අලුත්වට ලාබෙට ගත හැකි.. නමුත් එහෙම වෙන්නෙ නැහැ..එයාලත් බලං ඉන්නෙ ලාබ මාලු ගෙදට්ට එනකල්….
මේ වැඩේම අපේ ගෙදර එලවලු පැක් කරන කාලෙටත් එනවා.. අපි වැටකොලු පතෝල කරිවිල පිපිඤ්ඤ පැක් කරනකොට සාමාන්‍යයෙන් ටිකක් කැඩිච්ච බිඳිච්ච සත්තු කාපුවා පොඩ්ඩක් සවුත්තුම පෙනුම තියෙන ඒවා අයින් කරනවා.. මේවා අයින් කරාට මොකද අපි කන්නෙත් ඒවම තමයි හොදට සුද්ද කරලා..ඒ මැස්සෙන් කඩලා ගේන ටිකට තුවාල වෙච්චි ඒවා සමාරවෙලාවට.. සමාර කාලවල ඒ විදියට කිලෝ දහය පාලව අපතේ දානවා ගොඩක් අස්වැන්න තියෙන කාලෙට…ඉතිං මේවා අරං යන්න ගෙවල් අසල සමාර ගෙවල්වල අය හවහට එනවා.. ඒත් සමාරු ඒ එන්නෙත් නැහැ..සල්ලි නැතිවුනත් ලොකුකමට ඉන්නවා..
මම පුංචි කාලෙ අපේ කොරටු වල තිබුන හොද පුරුදුත් දැන නැතිවේගෙන එනවද මන්දා..ඉස්සර එක ගෙදරක මොකක් හරි අමුතු එලවලුවක් පලතුරක් හැදුනම එයින් කොටහක් වටේ ගෙවල්වලට බෙදනවා.. උදහරන විදියට මම ඉස්කෝෙල යාලුවෙක්ගෙන් ගෙනල්ලා නිකං ටැප් එක ගාව විසික් කරපු කතුරුමුරුංග ඇට ටික්ක පැලවෙල සෝක් කතුරුමුරුංග ගස් ටිකක් හැදුනා..ඕකෙ කොල අපි වටේ ගෙවල්වලට දෙනවා..සමාරවි එයාල ඇවිත් කඩං යනවා.. නමුත් මේ පාර ගෙදර ගියවෙලේ දැක්කා අපේ ඇඹරැල්ල ගහේ ගෙඩි පිරිල බිමත වැටිල කුනු වෙනවා..කඩාගන්න කියල තාත්ත ඕනි කනෛක්ට කියල තිබුනත් දැ්න ඉස්සර වගේ මිනිස්සු ඇවිත් කඩං යන්නෙ නැහැ.