Tag Archives: පතෝල

පරසිදු කොලොම්පුරේ… මෝදර ගං ඉවුරු කොණේ……………


මේ කලින් සටහනේ ඉන්දිකගේ ප්‍රතිචාරය සමග මගේ පිළිතුරයි……….

indika27
07/19/2015 at 02:14 Edit
සුනාමි අවස්ථාවෙන් පස්සෙ මුහුදට මලමිනි ගසාගෙන ගියාය ඒ නිසා මුහුද අපිරිසිදු වෙලාය ඒ නිසා මාලුත් සවුත්තු වෙලාය කියලා මහ ජනතාව මාලු කෑමෙන් ඈත් වෙලා සිටියා.. ඒ නිසා එවකට ලංකාව වටේ හිටිය සුලු පරිමාන මාලු වෙලෙන්දන් සහ ධීවරයින් දැඩි ලෙස අසරණ වෙලා හිටියා.. ඔවුන්ට එක අතකින් සුනාමිය බැට දුන්නා අනික් අතින් මාලු විකුනගන්න බෑ..

ඒ අවස්ථාවේ දි තිස්ස විතාරණ ඇමති තුමා ප්‍රසිද්ධ ස්ථානයකදි තවත් විද්වතුන් පිරිසක් සමග එකතුවෙලා මාලු බැදලා කෑවා.. ඔහු එවකට විද්‍යා හා තාක්ෂණ ඇමති තුමා.. මම කියන්නෙ නැහ තිස්ස විතාරණ කරපු හැම දේම හොදය කියලා..නමුත් ඒ වැඩේ පලක් ප්‍රයෝජනයක් තියෙන කාලෝචිත තීරණයක්..

කොයි තරං සමීකරණ දත්ත අරන් පෙන්නුවත් ලොක්කො ටික මාලු කාල පෙන්නුව තරම් වදින්නෙ නැහැ වෙන කිසිම දත්තයක්.. සෑම විටම පුද්ගලයින් සම්පූර්ණයෙන් ඇදාල ගන්නෙ නැතුව සිදුවීම් සහ ක්‍රියාකාරකම් මූලික කරගන්නවා නම් අවුල් අඩුයි..

දැන් අපේ රටේ දේසපාලනේ කොච්චර උනුසුම් වුනත් කොහේද කස්ටිය ප්‍රතිපත්ති..ඉදිරි වැඩපිලිවෙලවල්..ඉදිරි ක්‍රියාකාරකම් නව යෙදවුම් ගැන කතා කරන්නෙ? කොහෙවත් නෑ.. හැමදාම අරයා මෙයා කියාල තෝරාගත් චරිත ටිකක් තියාගෙන කාඩ් සෙල්ලං කරන්න වගේ මාරු කරන්න දගලමින් ඉන්නවා..

Reply
raigam
07/19/2015 at 08:54 Edit
මාර කොමෙන්ටුවක්. ඇත්තටම මා කියන්න හදපු දෙයම ඔය ලියවිලා තියෙන්නේ අපුරුවට. මේ තත්වය අප ජිවත් වන්නේ කොයි රටේද, අප අයත්වන ජාතිය මොකක්ද, කතා කරන්නේ මොන භාෂාවකින්ද, කියවන්නේ මොනවගේ බ්ලොග් ද කියන දේවල් වලින් වියුක්තව ගත්තත් හරිම ඇත්ත.

දත්ත, සමීකරණ අරන් පෙන්වන කතා යූ ටියුබ් වලත් පිරිලා. සමහර කතා පැය ගණන් දිගයි. අයියෝ සල්ලි, අයියෝ කාලය. හැබැයි ඉන්දික ප්‍රතිපත්ති. ඉදිරි වැඩපිලිවෙලවල්, ඉදිරි ක්‍රියාකාරකම් නව යෙදවුම් මේවා ගැන කියවෙන සමිකරණයේ දෙපැත්තම බිංදුවයි.

දැන් කවුද මේවා කතා කරුණු ඇතැයි බලාපොරොත්තු වන්නේ? ඔබ හා මා වැනි දෙතුන් දෙනෙකු (ඔබ ඔබේ රටේ, මා මගේ රටේ) පමණයි. ගොඩක් මිනිසුන් කාලය කා දමන අනිකාට බනින, අතීතය පිටම වැරදි දාන, එකෙක් කරන පැය එකහමාරක-දෙකක කතාවක් අහගෙන ඉන්නේ හුරේ දමමින් වෙන්න පුළුවන්. මේ කාලය පවා කොතරම් නාස්තියක් ද? එතකොට විදුලි බලය, වෙනත් යෙදවුම්, ඉන්ටර්නෙට් හා වෙනත් ජනමාධ්‍ය වල ඉඩ වැය කරන්නේ, නිකම් බහුබූත වැඩකට.

දැන් මේ අයියල මේ රටවල් වලට ඇවිත්, අපටත් මේ පරණ තෙල් බෙදන්න උත්සහ කරන්නේ, අප මේවා පිළිකුල් කරනා වග නොදැනයි. මොකද මෙහෙත් ඇවිත් ඔවුනට සපෝර්ට් කරන පිරිස් බලාපොරොත්තු වන්නේ, වෙනස් දෙයක් නොවේ. විකල්පය කියා දෙයක් ඔවුන් දන්නෙත් නැහැ. අඩුම ගානෙ චීනය රුසියාව වැනි, රටවල් ගැන සිහින මවන කාලය, තමන් ජිවත් වන සමාජය මොනවගේ එකක් ද කියා දැන ගන්නට යොදවන්නේ නැහැ.

දැන් අප වැනි සාමාන්‍ය මිනිසුනුත්, අපේ ජිවන විලාසිතා ගැන නිකම් කතා කරල, ලියල විතරක් වැඩක් නැහැ. කෝ පෙනෙන්න කරගෙන තියන වෙනස්කම්? කෝ මාළු බැදීම්? කොහොමද සෞඛ්‍යමත් ජිවිතයක් ගත කරන්නේ? මොනවගේ දේවල් ද කියවන්නේ? ඇත්තටම නොමිලයේ දෙන සෞඛ්‍ය සේවය හොඳ මදි කියන ගමන්, තමන් ලෙඩ නොවී ඉන්න ගන්න උපරිම උත්සාහය මොන වගේද? ඉංගිරිසි ඉගැන්නුවේ නැතිය කියල මැසිවිලි නගන අයට සිංහලවත් බැරි ඇයි? අධ්‍යාපනයට යොදන මුදල, දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස හරිම අඩුයි කියන අය, දැනට දෙන අධ්‍යාපනයෙන්වත් ගන්න පුළුවන් ප්‍රයෝජනය ගන්නවද? අපට රජයේ රැකියා දියව්, කියල උද්ගෝෂණය කර, ණයට මුදල් අරන්, රැකියා ටිකක් “හදල” දුන්න පසුව, ඒවාට අයිති වැඩ ටික කරන්නේ නැතුව, යලිත් උසාවි ගිහිං, මූලික අයිතිවාසිකම් නැතිවුණා කියල, නඩු දමල ජනතාවගේ මුදල් තව දුරටත් කාබාසිනියා කරන දේශපාලනය නවතන්නේ කවදාද? මේ කට්ටිය කියන රැකියාවේ තියන “උපාධිධාරීන්ට” අයිති නැති වැඩ මොනවාද? ඒවා කිරීම නිසා තමන්ගේ මිනිස් අයිතිවාසිකම් කඩවන්නේ කෙසේද? එතකොට ඒ වැඩ ටිකම කරන අනික් මිනිසුන්ගේ අයිතිවාසිකම් කඩ වෙන්නේ නැත්ද? ඒ අයත් නඩු දමයිද? මේ මගේ සිතට නැගෙන ප්‍රශ්න ටිකක්.

මේවා අප කතා කලත් වැඩක් නැහැ ඉන්දික. මා මේ බ්ලොග් එකෙත් උත්සහ කෙරුවේ මා මාළු බැදල කන හැටි පෙන්වන්න. නමුත් ඔබ ඔය කියන පරිසරයේ, ඉපදී, හැදී වැඩි, ඉගෙන ගෙන ඉන්න ඔබ වැනි තවත් අතලොස්සක් විතරයි මේ කියන්න හදන දේ තේරුම් ගන්නට උත්සහ කරන්නේ. පුරුදු අච්චුවේ අය අහන්නේ කවදද යකෝ අපිට මස් හොදි සමග පාන් දෙන්නේ, පතෝල සම්බල් අපට එපා කියල. මොකද ඒ අයට තාම තේරුමක් නැහැ, අප මස් හොදි තව දුරටත් කන්නේ නැතිය කියන එක. ඉතිං රුසියාවේ, චීනයේ සමාජ ක්‍රම වල පරමාදර්ශී බව කියන්න කැන්බරා එනවා!

දැන් ලංකාවේ පවතින තත්වය ගත්තොත්, දේශපාලකයන්ගේ ඇත්ත ජීවිතය තමන්ගේ තීරණයට ගාව ගන්න කි දෙනෙක් සමාජයේ ඉන්නවද? මේ ගොල්ලන්ගේ ශරීර ප්‍රමාණ කොයි වගේද? අඩුමගානේ එයාලවත් සෞඛ්‍යමත් ජිවිතයක් ගත කරනවද? එහෙම නැත්නම් සමාජයට, එයාල කොහොමද අපට සෞඛ්‍ය සම්පන්න සමාජයක් උදා කරන්නේ කියා සිතනවද? යහපාලනය ගැන වරු ගණන් කයිවාරු ගහන අය, මුල්ම ඩීල් එකෙන් කෝටි 1000 ක් ගැහුවම, කොළේ මොකක්ද? මේ වෙබ් අඩවි යක්කුන්ගේත් කටවල් ඒ ගැන ඇරෙන්නේ නැත්තේ ඇයි? මේ කරන්න හදන්නේ නවතපු තැනින්, පටන් ගෙන කාගෙන, කාගෙන යන්න නොවේද කියා නොහිතන්නට කරපු දේවල් මොනවාද? වරු ගණන් අතීතයට තඩි බෑම හැරුණු කොට, ඇත්තටම මොකක්ද අනාගත වැඩපිළිවෙල? මේවා ඔබට හැර වෙනත් අයගේ, මනසට එන්නේ නැත්ද? කළ යුත්තේ කුමක්ද?

මා සිතන්නේ ඉන්දික, ඔබල වැනි පිරිස් මේ සමාජ ජාල වලින් පවා විකල්පය කුමක්ද කියා අපට පැහැදිලි කරපං, අපට මේ කාගෙන කාගෙන යාම තව දුරටත් එපා, කබරරාළ වෙනුවට මහා කබර මහේන්ද්‍රන් එපා කියන පණිවිඩය ඉදිරියට ගෙන යන්න හැකි නම් ඉතා හොඳයි. කොටින්ම අපට මාළු බැදලා කාලම පෙන්වාපල්ලා කියල ඉල්ලීම, මේ සමාජ ජාල වලින් හෝ පටන් ගත යුතුයි. සමහර විට කිසිම දෙයක් සිදු නොවේවි, සමහර විට කියාවි අපට ඔය පතෝල එපා කියල. බිස්නස් ඈස් යුෂූවල් වේවි.

නමුත් පොඩියෙන් පටන් ගත්තු දේවල් සමහරවිට සිතා ගන්න බැරි අයුරින් වර්ධනය වෙනවා. දුම්කොළ ගහ හොඳ උදාහරණයක්. මේකේ මුල් කොළ දෙක, ඇටයෙන් එලියට ආපුවහ, පියවි ඇසට නොපෙනෙන ගාණට කුඩායි. නමුත් මාසයකින්, ඔබට සිතා ගන්නට බැරි තරම් විශාල පැලයක්.

(ඉරිදා උදේ මා සාමාන්‍යයෙන් ගත කරන තැන මේ දිනවල වහල. මා ඒබීසී නරඹන ගමන් මේ ලියුවේ. මේ කතා කරන දේවල් මේ මොහොතේ එහිත් කතා වෙනවා. ඔබට පෙනෙනවානේ ප්‍රශ්න වල ස්වභාවය ටිකක් වෙනස්. නමුත් ඒවායේ පදනම් කොයි රටෙත් යම් පමණකට සමානයි).

ස්වදේශීය සේවය අහලම එපා වෙලා පුතේ, කරකවපන්කෝ වෙළඳ සේවයට………

5 Comments

Filed under Comments