Tag Archives: ප්‍රජාතන්ත්‍රවාදය

මන්දගාමී ඕස්ට්‍රේලියානු අන්තර්ජාලය හා තවත් කතා!


පසුගිය දිනවල ලංකාව තුල තලු මරපු ප්‍රවුර්තියක් තමා, ලංකාවේ ඉන්ටර්නෙට් සේවාවේ සාමාන්‍ය වේගය, ඕස්ට්‍රේලියාවේ එම අගයටත් වඩා වැඩිය කියන එක. මේ වගේ සෙන්සේෂනල් ප්‍රවුර්ති වලට මිනිසුන් මාර විදිහට කැමතියි. වැඩියෙන්ම තව කෙනෙක් හෝ දෙයක් හෝ පළාතක් හෝ රටක් සමග සංසන්දනය කර, එයිට වඩා ඉහලින් ඉන්නවා යයි කියන ඇත්තම ප්‍රවුර්ති හෝ ෆේක්  නිව්ස් යන දෙකම.

ඉහත ප්‍රවුර්තිය ඇත්ත එකක්ද ෆේක්  නිව්ස් එකක්ද යන්න ගැන, මා එතරම් කලබල වෙන්නේ හෝ කරදර වෙන්නේ නැහැ. එසේ නැතිව එය ඇත්ත යයි, උපකල්පනය කරමු. මේ වගේ ප්‍රවුර්තියක් ඇත්ත වුවත්, එයින් ප්‍රීති වන්නට කාරණා  තියනවද කියන එක නම් සිතන්න ඕනේ දෙයක්. එහෙම සිතන්න වුවමනා ඉන්ටර්නෙට් ගැනම සිතල නොවේ. මෙහෙම මතුපිට සංසන්දන  වලින් ප්‍රීති වන අනෙක් හැම කාරණාවන් එක්කම.

මා කලින් චීනය ගැන ලියූ  සටහනක, චීනයේ ජනගනනයෙන් බිලියන 1.3 ක මිනිසුනට අන්තර්ජාල පහසුකම් තියන වග මතක් කෙරුව. අන්තර්ජාලය කියන්නේ, නිකම් ඕපාදුප හා පවුලේ තොරතුරු හුවමාරු කර ගන්න මාධ්‍යයක් ම නොවේ. එම සන්නිවේදන කටයුතුත් වැදගත් තමා. අන්තර්ජාලය කියන්නේ අධ්‍යාපනික මෙවලමක් වගේම, වෙලදාම් වලටත් දොරටුවක්. ඒ කියන්නේ වෙල්ත්  ක්‍රියේෂන් නැත්නම් දරිද්‍රතාවය පිටු දකින්න මෙය උපයෝගී කර ගන්න පුළුවන්.

අධ්‍යාපනය කියන්නේ දිළිඳු කම පිටු දැකීමේ ප්‍රථම පියවර කියා සරලව නම් කරන්න හැකියි. ඒත් අධ්‍යාපනය පමණක් ප්‍රමාණවත් නැහැ. ජනගහනයෙන් 100% ක් අකුරු හැකියාව, සැමට මහජන මුදල් වලින් අධ්‍යාපනය, සියලුම වරම් ලබන්නන්ට උසස් අධ්‍යාපනය නොමිලේ වගේ දේවල් අප අහලත් තියනවා. සමහර සමාජ මෙවැනි දේවල් අතීතයේ හා වර්තමානයේ තහවුරු කරලත් තියනවා.

අන්න එතැනදී මන් මුලින් කියපු සංසන්දනයකට යලිත් ගියොත්, එවැනි දේවල් මගින් සාමාන්‍ය ජනයාට ලැබී තියන සැබෑ සෙත ගැන යම් වැටහීමක් ගන්න පුළුවන්. මා මේ කියන්නේ දිළිඳුකම කොතරම් පිටු දැක තියනවද කියන එක. අප කොතරම් සන්සන්දන වලින් සතුටු වුවත්, සමාජයේ බහුතර පිරිසක් දරිද්‍රතාවයේ  ගිලී  ඉන්දැද්දී, අනෙක් දේවල් වලින් සතුටු වන්නට කාරණාවක් මට නම් පෙනෙන්නේ නැහැ. ඒ වගේම අකුරු හැකියාව හා තවත් සහතික තියෙද්දී, නිකම් වේලෙනවා නම්, එයින්ද සෙතක් නැහැ.

ඉන්දියාවේ අන්තර්ජාල භාවිතාව දැනට තියන අයුරින් ඔබ්බට ගෙන ගියොත්, වෙන්න පුළුවන් හොඳ දේවල් දෙකක් ගැන මා මේ සටහනේ යන්තමින් සඳහන් කර තියනවා. මෙවැනි ගණන් හැදීම්, එයාකාරයෙන්ම වේ යයි අපට සහතික කර ගන්න නොහැකියි. එයට එක හේතුවක් තමා අප මෙවැනි මෙවලම් භාවිතය යොදා ගන්නේ මොකටද? ඒවායින් අප ලබා ගන්නේ මොනවාද? යන දේවල් මත එහි ප්‍රතිපල රඳා තියනවා.

මා දින කිහිපයකට කලින් සටහනක ලියුවා, ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාල වෙළදාම ව්‍යාප්තව වෙමින් යන හැටි. මේ සටහන් කියවනවා නම්, එයිට කලින් සටහනක (ලින්කු දමන්නේ නැහැ) ලියා ඇති, චීනය හා මෙහි ජිවත් වන සාමාන්‍ය ජනයා පටන් ගත්තු කෘෂි නිෂ්පාදන, අන්තර්ජාලය තුලින් වෙලදාම් කිරීමේ සක්සෙක්  කතා දෙක තුනක් ගැන.

සාමාන්‍ය මිනිසෙකු හැටියට අන්තර්ජාල ව්‍යාප්තිය හා එහි සාමාන්‍ය වේගය ගැන අපට ඇත්තටම සතුටු වන්නට හැකි එවැනි දේවල් ඇස්  පනා පිට තියනවා නම් විතරයි. නැතිව මෙයත් උපයෝගී කර ගනිමින් කරන්නේ, සුපුරුදු පරිදි, අතීතය ගැන උදාරම් කියන්නත්, මේ මෙවලම් හඳුන්වා දුන්නු රටවල් හා ජාතීන්ට දෙස් දෙවොල් කියන්නටත් නම්, පවතින තත්වය වෙනස් වේ යයි හිතන්නට නොහැකියි.

පසු වදන

ලංකාව උදාහරණයකට ගත්තොත්, විශේෂ සම්බන්දතා නැති (අඩුම ගානේ කිට්ටු ඥාතියෙක් හෝ විදේශයක නැති) නමුත් වෙනත් කුසලතා ඇති සාමාන්‍ය පුරවැසියෙකුට, ඔය කියන වේගවත් අන්තර්ජාල පහසුකම් තුලින්, වෙන රටක අයෙකුට යමක් විකුනන්න, ඒ මුදල් පහසුවෙන් ලබා ගන්න, විශ්වාසදායක ලෙස එවැනි භාණ්ඩයක් තැපැල් කරන්නට තියන හැකියාව ගැන සිතන්න.

බටහිර රටවල් වලට බැනීමට යොදා ගන්න කාලය තරම්, මෙවැනි දේවල් ගැන අවධානයක් යොමු වන්නේ නැත්තේ ඇයි කියන එකට හේතු කිහිපයක් ගැන මට සිතා ගන්න පුළුවන්.

පසුම වදන

අන්තර්ජාල ව්‍යාප්තියට උදව්වක් වුන, වයි-ෆයි තාක්ෂනය ලොවට දුන්නු, ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාල වේගය කියන;  Australia’s Internet Speeds Are A Global Embarrassment කියන සටහන කියෙව්වොත්, මෙහෙ ඉන්න කිහිප දෙනෙකුගේ අදහස් ද බලන්නට පුළුවන්.

5 Comments

Filed under Opinion, Research & Development