Tag Archives: පාඨක ප්‍රතිචාර

දවසක් දා සැන්දෑවක! Don’t believe me just watch!


IMG_20160109_093915362සතියකට දින කීයක් තියනවද කියල ඊළඟ ඉන්ස්ටෝල්මන්ට් එක එනකම් මග බලා ඉන්න ප්‍රා සිතනවා වෙන්න පුළුවන්. මගේ කලින් පෝස්ට් එකට කලින් එකේ දෙවන කොටස ලිවීම ප්‍රශ්නයක් වුණේ හේතු කිහිපයක් නිසා.

එම සටහන ඇත්තටම අධ්‍යාපනය ගැන නොවේ. සමාජයේ ඉන්න අප ගොඩක් දෙනෙක් මුහුණ දෙන වෙන කරුණක් ගැනයි ලියන්න ගත්තේ. අන්න ඒ නිසයි ඔමාට //ඔබගේ අලුත්ම පෝස්ට් එක කියෝලා ඉවරවුණාම කියෙවුවා කියලා කිසි හැගීමක් නාපු නිසා// කියන සිතිවිල්ල එන්න ඇත්තේ. හැබැයි ඉතිං මා ලියන්න යන දෙයත් අධ්‍යාපනයේම කොටසක් තමා.

හැබැයි ඒ සටහනේ පෙරවදන යයි නම් කරන්න හැකි මෙන්න මේ සටහන සොයා කියවපු //වේලි වේලි හිටපු// ඔමාට //පෝස්ට් එකක් ලියාගන්න පුලුවන්// වෙන්න මග පෙන්වීම අපූරු දෙයක් යයි මා කියන්නේ හේතු ඇතිව. හැබැයි දැන් අර සටහනේ දෙවෙනි කොටස ලිවීම අසීරු කාරියක්.

IMG_20160114_082715047

එයට එක හේතුවක්, ඇණය ලියපු ප්‍රතිචාරයේ කියන කතාව. එය අර ඔමා යලිත් කියවන්නට ගිය සටහනේ තරු වලින්ද සටහන් වී තියනවා.

අධ්‍යාපනය කියන්නේ මගේ කැටගොරි වලින් උඩටම එන එකක්. එම සටහන් ලියැවී ඇත්තේ මගේ අත්දැකීම්, මා කියවන සමහර අධ්‍යාපනඥයන්ගේ නූතන පර්යේෂණ හා ගලපා ගැනීමෙන්. මා ලබපු අධ්‍යාපනය, මා විවේචනය හෝ ප්‍රසංසා කරන්නේ යම් හේතුන් නිසයි. මා හැම තිස්සෙම ලියන පරිදි, විධිමත් අධ්‍යාපනය මා ලබපු රටවල් තුනේ තිබුනේ ක්‍රම තුනක්. ඒ එකක්වත් අන්තිම නරක නම්, අද මා බ්ලොග් ලියන්නේ නැහැ. ඒ නිසා ඒවා විවේචනය කරන විට පවා, මා යම් සීමාවකට යටත්ව එය කරනවා.

නූතන අධ්‍යාපනය දේ අනෙක් හැම දේවල් වගේම සීග්‍රයෙන් වෙනස් වෙන (නැති වුනත් වෙන්න අවශ්‍ය) දෙයක්. ඒ කියන්නේ වෙනස් වීමට ගත වන කාලය අඩුවී තියනවා. මෙය ප්‍රායෝගික තත්ත්වයන් යටතේදී හැම තැනම එක විලසම සිදුවන්නේ නැහැ. ඒ අනුවම තමා රටක සංවර්ධනය නැත්නම් මිනිසුන්ගේ ජිවන තත්ත්වය කියන දෙයත් බොහෝ දුරට රඳා පවතින්නේ.

පෙළ පොත් කටපාඩම් කිරීම් වෙනුවට, වෙනස් වූ තත්වයන්ට වඩාත් අනුගත වන මිනිසෙකු බිහි කිරීමට උදවු වීම මේ කුමන අධ්‍යපනයක හෝ එක ප්‍රධාන අරමුණක් විය යුත්තේ. මා මේ අනුගත වීම් කියන්නේ වැල යන පැත්තට මැස්ස ගැහීම් නොවේ, අලුත් පැති වලට මැස්සවල් ගහන එක. එවැනි නිර්මාණශීලි කෙනෙකු බිහි කිරීම නැත්නම්, ස්වභාවයෙන්ම තියන නිර්මාණශිලිත්වය පුබුදු කිරීම පාසල් අධ්‍යාපනයේද කොටසක්.

IMG_20160104_173108360

හැබැයි එක දෙයක් මා කියන්න කැමතියි. ඒ මොකක්ද දන්නවද? අප කවුරුත් ගොඩක් වෙලාවට වෙනස්කම් බලාපොරොත්තු වෙනවනේ, පෞද්ගලික ජිවිතයේ මෙන්ම මහා සමාජයේත්. ඇත්තටම මේ වෙනස්කම් අප බලාපොරොත්තු වන දේවල්ද? නැත්නම් අපේ සහජයෙන් තියන විවේචනය කිරීමෙන් ලබන තෘප්තිය ලබා ගැනීමක් විතරද?

ලංකාවේ සුවිශේෂී තත්ත්ව නිසා පරිණාමය වී පැලපදියම් වී තියන කට පාඩම් අධ්‍යාපනය, අධික තරඟය, අනවරත ටියුෂන්, එකිනෙකා සංසන්දනය, විභාග පමණක් ඉලක්ක කිරීම, ජිවත් වන්න ඉගෙන නොගැනීම වගේ දේවල් විවේචනය කරන අයියල හා අක්කල වෙනත් පරිසර වල එයිට වෙනස් ක්‍රම යටතේ ඉන්න විට, අර පුරුදු ක්‍රමය වෙත යලි ඇදෙන්නේ ඇයි?

මෙය මට නම් විශාල ප්‍රශ්නයක්. මේ විවේචනය කිරීම අප කරන අනික් දේවල් වගේම මෝඩ චූන් විතරක් කියා මේවා දිහා අද උපේක්ෂාවෙන් බලන මට සිතෙනවා. ලංකාවේ ජිවත්වන, වෙනසක් සොයන දෙමාපියනට විශාල විකල්ප නැහැ. හැබැයි, ඇත්තටම ක්‍රමය වෙනස් කිරීමට ප්‍රතිසංස්කරණ ගෙන ආවොත් විරුද්ධ වනු ඇත්තේ කවුරුන්ද කියා,ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ලංකාවට පාසල් යන්න දරුවන් පිටත් කෙරුවා යයි කියන දෙමාපියන් අපට පෙන්වා දෙනවා.

මේ කතාව අධ්‍යාපනයට පමණක් සිමා වන්නේ නැහැ. එය පෞද්ගලික ජිවිතයේ, ජීවන විලාසිතාවේ සියලුම තේරීම් වලටත්, එයින් බාහිර මහා සමාජයේ දේශපාලනය, යහපාලනය, මුල්‍ය කළමනාකරණය වැනි දේවල් වලටත් එකසේ පොදු සරල සත්‍යයක්.

 

IMG_20160122_080647626

පසු වදන
මගේ බ්ලොගය ටික දිනක් යාවත්කාලීන නොවීම කියවන කෙනෙකුට දැනීම කියන්නේ සතුටු දායක දෙයක්. පසුගිය දිනවල නොලීවේ පමණට වඩා “විවේකී” නිසා. අධ්‍යාපනය  විතරක් නොවේ, අපේ විනෝදාංශ ද විවිධාන්ගිකරණය විය යුතුයි.

මේ වසරේ සැබෑ වැඩ කිරීම් අදින් පටන් ගන්නවා. ඒත් ඕස්ට්‍රේලියානු දිනය නිසා හෙට යලිත් නිවාඩු.

පින්තූර මගෙනි.

9 Comments

Filed under Education, Lifestyle, Opinion