Tag Archives: පාසල් අධ්‍යාපනය

අද අයිටම් එක සයිටම්!


මා ලියපු කලින් සටහන කලින් එකට අවශ්‍ය ඇමුණුම මට දමන්න විදිහක් නැතුව ගියා. එහි පින්තූරයක්  දමන්න හැකි වුවත්, මුදල් ගෙවා බලන්න තියන දෙයක ඇමුණුමක් එහෙම දමන එක සදාචාරාත්මක නැහැ. ඒ වෙනුවට ඒ ප්‍රවුර්තියේ අග ගිය පාඨක සංවාදයෙන් ගත්තු අදහස් දෙකක් මා පහතින් දමනවා. මොකද මා ලියන්න යන දෙයට පෙර වදනක් ලෙස.

මේ එක කොමෙන්ටුවක්;

//This is actually very good news for Australian healthcare.  Sadly, in the UK, the foreign trained doctors are often very poorly trained compared to western-trained doctors. They are also [too often] coming from countries where not only training is sub-standard, but corruption is rife: you don’t actually know if they’ve paid for their qualifications and experience or actually earnt them (though some undoubtedly would have – the problem is you don’t know, and far too many are simply not trained at the level they should be).

In the UK, the vast majority of doctors struck off for gross incompetence are foreign-trained doctors. The care is slipping towards the 3rd world, as you bring in the 3rd world healthcare specialists and doctors to ‘plug the gaps’.  Not a surprise when you think about it that way, is it?

Training your own medical professionals, [and knowing exactly what their experience, level and training is] is the best way not only to give jobs to our best and brightest, but also to keep up standards.  Common sense really.  //

 මෙන්න එම කොමෙන්ටුවට තව කෙනෙක් දුන්න උත්තරේ:

// I agree.  Years ago I worked for an Indian doctor who blithely told me her family were extremely wealthy so she was able to buy her degree.  She didn’t seem to realise the enormity of what she was admitting to.

A couple of months ago, I went to a city clinic to get three prescriptions as I had left mine at home (over 200km away) and it took the African doctor over 30 minutes to check the medication on his computer.  My fingers were itching to go online for him.

Despite the above, many foreign doctors are excellent.//

අද කතන්දරේ මට කෙලින්ම අදාල දෙයක් නොනුණත්, ලෝකේ කොතැනක ජිවත් වුණත්  සිතන්නට වටින කරුණකුත්  මෙතැන  තියනවා. මා මෙහි ලියා තියන කරුණක් තමා, අධ්‍යාපනය කියන්නේ සමාජයක අසමානතා අඩු කරන ප්‍රධානම මෙවලමයි.  ඒ වගේම අධ්‍යාපනික මිනිසුන් සහිත සමාජයක ජිවත් වීම හැමදෙනාටම පහසුයි. බලන්න සමහර මැදපෙරදිග රටවල් දිහා. මෙව්වයේ සමහරක පාසල් යාම කොතරම් පහල වැටිලද කියා මා දත්ත දමන්නේ නැහැ.

ලංකාවේ මා ලබපු අධ්‍යාපනය ගැන හා පොදුවේ එහි තිබුන හොඳ හා නරක ගැන මගේ අදහස් කලින් ලියා තියන නිසා නැවත මතක් කරන්නේ නැහැ. ලංකාවට වගේම දියුණු වෙමින් පවතින රටවලට ගහපු හෙනයක් වුණේ, දේශපාලකයින්, ඔවුන්ගෙන් බලාපොරොත්තු වුණ දේ නොකර, අදාල නොවන සියල්ලටම අත  පෙවීම.

ලංකාව ගත්තොත්, රාජ්‍ය සේවයට විතරක් නොවේ, පෞද්ගලික අංශයේ ද මොවුන් කරපු හා කරන අතපෙවීම් මගින් කර තියන දෙය අප සියල්ලන්ම දන්නවා. පාසල් ගුරුවරුන් බඳවා ගැනීමේ සිට විශ්ව විද්‍යාල පරිපාලනය දක්වා මේ ගොන් ඇඟිලි ගැසීම් නිසා සිදුවුණ  හා තවමත් සිදුවෙමින් පවතින දේ, මට වඩා ඔබ දන්නවා ඇති. මෙන්න මෙයාව කථිකාචාර්ය කෙනෙකු ලෙස බඳවා ගන්න කියා, දේශපාලකයෙක් දුන්න ලියුමක් ගැන ලඟදි කතා වුනා නේද?

ඒ සියල්ල අතරේ රිදී ඉරක් ලෙස අත පොවන්න බැරිවුණ  දෙයක් තිබුණා.  මා සමහර වෙලාවට හිතනවා එය එහෙම වුනේ කොහොමද කියා.  පාසල් ගුරුවරුන් ට පත් වීම දුන්නත්, විදුහල්පතිලා දේශපාලන වුවමනා මත වෙනස් කෙරුවත්, විශ්ව විද්‍යාල වකුර් කෙරුවත්, දේශපාලක ඇඟිලි ගැසීම් වලින් තොරව සාපේක්ෂව ක්ලීන්  ව පවත්වාගෙන එන ඒ දෙය, දරුවන් ඉන්න කාටත් හිතන්න අවශ්‍ය දෙයක්.

ඒ තමා අපොස සාපෙ හා උපේ විභාග දෙක. ප්‍රශ්න පත්‍ර පිටවුණා ඒවා වගේ  අක්‍රමිකතා  වරින් වර වාර්තා වුවත්,  දේශපාලන බලපුළුවන්කාර කම් නිසා ප්‍රතිපල වෙනස් කිරීම් අසන්නට ලැබී නැහැ නේද? නාමල්ට නීති විභාගය වගේ “විසිස්ට” ප්‍රතිපල අපොසෙන් ගන්න දේශපාලක පුතුන්ට  පුළුවන් වී නැහැ නේද? ඒ වගේම මෙන්න මෙයාව වෛද්‍ය පීඨයට  ගන්න කියා විවි වලට ලියුම් ඇවිත් නැහැ නේද?

මා අපේ කාලය ගැන කියන්නම්. ඉගැන්වීම් හා ඇගයීම් ක්‍රමයේ මොන දුර්වලතා තිබුණත්, අපේ කණ්ඩායම් වලින් සරසවි තේරුණ පිරිස, ඒ ක්‍රමයේ සිටපු දක්ෂ අය. කටපාඩම් වලින්ම කෙරුවා කියුවට, වෛද්‍ය (හා ඉංජිනේරු) පීඨ  වලට තෙරුනේ, සාපේක්ෂව එතන සිටපු වඩාත් කැපවීමෙන් වැඩ කරපු, දක්ෂ පිරිස්.  අද කාලය මා දන්නේ නැති නිසා ඒ ගැන ලියන්නේ නැහැ.

අවුරුදු 30ක යුද්දයකින් පසුව හා ලේ වැකි කැරලි දෙකකින් හා ගජමිතුරු ප්‍රජාතන්ත්‍රවාදයක් දීර්ඝ කලක් ක්‍රියාත්මක වෙත්දීත්, ඒ විභාග දෙකේ පැවැත්මට  හානියක් නොවීම මට සමහරවිට පුදුමයි.

ලාංකික ජනගහණයේ තව විශාල පිරිසකට උසස් අධ්‍යාපන වරම් දීම අත්‍යවශ්‍ය දෙයක්. මොකද එයාලට ලංකාවෙන් එලියට යන්න අවස්ථාව  දෙන්න.  මා ලියාගෙන ආපු කල යුත්තේ කුමක්ද කියන සටහනේ මා ලියන්නට බලාපොරොත්තු වන්නේ ඕස්ට්‍රේලියාවේ තත්වය. එකම ජනගහණයක්  මේ රටවල් දෙකේ සිටියත්, රටේ අදායම් අනුව හා සමාජ සංවර්ධනයේ ඉන්න තැන අනුව  කිසි විටක සංසන්දනය කරන්න නොහැකි රටවල් දෙකක්.  තෘතිය අධ්‍යාපනය කියන්නේ සමාජයක් වශයෙන්, මේ වගේ රටකත් කොතරම් අමාරුද පුරස්නයක්ද කියලයි මා කියන්න හදන්නේ.

අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේදී නොයා යුතු එක මාවතක් තියනවා. එය නම් ඉන්දියාව හා බංගලි දේශය වැනි රටවල් වල මාවතයි. ඒ ගැන මා විස්තර ලියන්නේ නැහැ. ඉන්දියාවේ ඔය කියන තෘතිය අධ්‍යාපන ආයතන වලින් බිහිවන විශාල පිරිසක් (50% වගේ), කිසිම වැඩකට නැතිය කියා එයාලගෙම වෘත්තීය ඇමති කියුවේ වැඩි ඈතක නොවේ.  කොළ සහතික පත්ද අවශ්‍ය වුවත්, අධ්‍යාපනය කියන්නේ කොළ සහතික පත්ම නොවේ.

ලංකාවේ පිහිටුවා තියනවා යයි කියන පෞද්ගලික වෛද්‍ය පීඨය  මගින්, අර විභාග දෙක විතරක් නොවේ, සමස්ත පාසල් අධ්‍යාපනයම විහිළුවක් බවට පත් වෙනවා.  මා කියන දේ දැනට තේරුම් ගන්න අපහසු වේවි. මොන ක්‍රමය යටතේ වුවත් දරුවන් ඉගෙන ගන්නේ යම් ඉලක්කයක් තියන නිසා.  ඕස්ට්‍රේලියාව  විතරක් නොවේ බොහෝ රටවල් වල පාසල් අධ්‍යාපනය අවසානයේ පැවැත්වෙන විභාගයට අනුව, තමන්ට ඉදිරියට යන්න හැකි මාර්ගය තීරණය කරන්න ඉඩ දීල තියෙන්නේ නිකම් නොවේ.

දැනටම විකල්ප මාවත්  තියනවා කියන සරල උත්තරේ ට මා කියන්නේ මෙයයි. දැන් විකල්ප මාවත් සොයන්  යන්නේ ඒ ක්‍රමය යටතේ යන්න හොඳින්ම උත්සහ කර බැරිවුන විටයි. වෙන රටවල් කරා යන්නෙත්, රට ඇතුලත වෙනත් විකල්ප ආයතන වලට යොමු වන්නේත්, අර විභාග සමත් වීමට උත්සහ කර නේද?  ලංකාවේ අපොස උපේ “හරියට නොකර” ඕස්ට්‍රේලියාවේ හරි හමන් පාඨමාලාවක් කරන්න හැකිද?

අතකින් ඉහලම ලකුණු ලබන පිරිසකට ගන්න හැකි අවස්ථාව, කිසිම අවම ලකුණක් නැති තව පිරිසකට ගන්න හැකි වග උපතේදීම දැන  ගැනීමට හැකි වීම මගින්  ඇතිවන තත්වය මට නම් හිතා ගන්නට පුළුවන්.

ලංකාවේ සිටියා නම්, මේ කරුණේදී  මා වෛද්‍ය සංගමය සමගයි. 🙂

 

30 Comments

Filed under Education, Opinion