Tag Archives: බ්ලොග් සටහන්

Musings: Sailor Moon, Feminism and Hangovers


අද උදේම කියවපු මේ බ්ලොග් සටහන මට ඔබත් සමග බෙදා ගැනීමට සිතුන තව දෙයක්.
//I kind of like being hungover. It simplifies things, reduces one’s priorities to a glass of water or a heavily focused food craving (today it was pasties). Goals are more attainable, satisfaction easier to reach. Silver linings.//
ජීවිතය සරල කර ගන්න, එනම් ලඟා වෙන්න හැකි ඉලක්ක ගැන පමණක් සිත යොමු කර ගන්න හැකි නම් කොතරම් හොඳද?

නිකම්ම බ්ලොග් සටහනක් බෙදා ගැනීම වෙනුවට සටහනක් සිතුණා. අද මනරම් දිනක්. ඊයේ අපට ගොඩක් කාලයකට පසු දවල් පරිසර උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 28 ට ගියා. අදත් ඒ ගාණමයි. කියන්නේ ටි-ෂර්ට් කාලගුණය කියා, අන්න එය. ඇත්තටම ටී ෂර්ට්-කොට කලිසන් කාලගුණයක්.

ඊයේ රෑ වෙලාවත් කැරකෙවුව නිසා, අද පටන් සවස් කාලය “වැඩි” වේවි. කම්මැලි කමින් කාලය ගෙවන උදේ කාලයක් කියන්නේ, සුන්දර දෙයක්. විශේෂයෙන් අද වැනි ලස්සන දිනයක. ශීත සමයට හලා ගත් ගස්වල අලුත් දළු යන්තමින් එන්න ගත්තා විතරයි. හැබැයි මෙහෙම දවස් දෙකක් පෑයූවොත් තණකොළ නම් වියලී යනවා.

කැන්බරා වල වසරක් පාසා තියන වසන්ත මල් ප්‍රදර්ශනය පටන් ගෙන සති දෙකක් පමණ වෙනවා. අර පුරුද්දකට වගේ යන, මෙය බලන්න යන්න තවම නොහැකි වුණා. මේක දක්ෂිණ අර්ධගෝලයේ තියන “විශාලතම” මල් ප්‍රදර්ශනය කියා මා කියෙව්වේ කොහේ හරි. ඔව් ඉතිං ඕස්ට්‍රේලියාවේ යමක් තිබුණොත්, එක දක්ෂිණ අර්ධගෝලයේ “ලොකුම එක” තමා.

එයට හේතුව, දක්ෂිණ අර්ධගෝලයේ තියන අනෙක් රටවල් දිහා බැලුවහම තේරුම් ගන්න පුළුවන්. ඒ කතා වලට නොයා, ලියන්නට ආපු දෙයට ගියොත්, අර ප්‍රදර්ශනය පෙන්වන්නේ නොමිලයේ. එය ලොකු දෙයක් කියා, වෙන නගරකින් ආපු කෙනෙක් කියුවා.

මා නිතරම ලියන පරිදි, විනෝදාංශ නැත්නම් “රික්රියේෂනල් ඇක්ටිවිටීස්” කියන ඒවා අප හැමටම අවශ්‍ය දෙයක්. විනෝදාංශ ද බරපතල කර ගනිමින්, ආතතිය පමණක් ලබා ගැනීම, දකුණු ආසියාවේ මිනිසුන් කරන දෙයක් කියා මා නිරීක්ෂණය කර තියනවා. දැන් මෙවැනි දේවල් වලට මා එතරම් නොයන්නේ, ඒවා කතා කිරීම පවා ආතතිය ජනනය කරන නිසා.

අද කාලයකට පසු ලිවීමට මට කැමැත්තක් ඇති වූවා. එයට හේතුව මොකක්ද කියා මා ලියන්නේ නැහැ. නමුත් තව දුරටත් වල්පල් ලියා, මා අවධානය යොමු කරවපු අර බ්ලොග් සටහනින් ඉවතට යාම තේරුමක් නැහැ. එක වගේ අදහස් තැන් දෙකකදී කියවන්න ලැබීම අහම්බයක්ද, නැත්නම්, “දෙවියන් වහන්සේගේ පර්යේෂණයේ” කොටසක් ද කියා තීරණය කිරීම, වෙනදා වගේම ඔබටම පවරන්නම්.

8 Comments

Filed under Lifestyle, Opinion