Tag Archives: මධ්‍යසාර

වහලයෙන් එපිටට…..!


 

IMG_0588

මගේ කලින් සටහන අසන්නන්ගේ ඉල්ලීම් කියා නම් කරන්න පුළුවන්. මේ ලියන්නේ “සම්පාදක තෝරයි” සටහන්. ඊයේ  ඇත්තටම ගොඩක් කාලයකට පස්සේ දවල් උෂ්ණත්වය සෙන්ට්‍රිගේට්  15 කට වගේ ගියා විතරක් නොවේ, හිරු එලියද හොඳින් ලැබුණා. ඒ නිසා අර උෂ්ණත්වයේදී දැනෙන සීතල  එයාකාරයෙන්ම දැනුනේ නැහැ.

අප කියවන හා අසන දේ වලින් ලබන දැනුම හා අපම  අත්දැකීමෙන් ලබන දැනුම වෙනස්.  එයට එක හේතුවක් තමා අප කියවන හා අසන ප්‍රභව වල තියන විශ්වසනීයත්වය  පිලිබඳ ගැටළු. අනික් අතට අතට අප අත් දකින දේවල් අනුව සමහරවිට බැස  ගන්න නිගමනද එතරම් නිවැරදි වෙන්නේ නැහැ. මොකද ඒවා ගොඩක් වෙලාවට පුද්ගලානුබද්ධයි.

මෙයටම තමා, සමහරවිට ඇනෙක්ඩෝටල් එවිඩන්ස් කියන්නෙත්. මේවා බැලූ  බැල්මට පෙනෙන දේවල්. ටිකක් ගැඹුරට සොයා ගියොත්, මේ බැලූ  බැල්මට පෙනෙන දේවල්, එයාකාරයෙන්ම නොමැති වගත් සොයා ගැනීම අරුමයක් නොවේ. මෙතැනදී, අපට සොයා යන්නට හැකි හා සොයා ගන්න හැකි තොරතුරු විතරක්  නොවේ, එම තොරතුරු වලින් කොපමණ ප්‍රමාණයක් අපට තේරුම් ගන්න හැකිද කියන එකත් මත, අප ඒ ගැන දරන මතය රඳා පවතිනවා.

IMG_0590

දැන් ඔය සාස්තර, කේන්දර  පැවසෙන දේවල් පසුපස මිනිසුන් යන්නේ පුළුල් චිත්‍රය දකින්නේ නැති නිසා. කියන දේ වලින් එකක් දෙකක් හරි යාම ගැන සිතනවා මිසක්, හරි නොයාපු වැඩිපුර දේවල් ගැන හැඟීමක් නැහැ. මනුෂ්‍යයන් මුහුණ දෙන ප්‍රශ්න වල සර්වත්‍ර බවක් තියන නිසා, හැමටම පොදු දේවල් වලින් එකක් දෙකක් හෝ ජීවිතයේදී අපට හමු වනවා.

සමහර සමාජ වල විශ්වකර්ම වැඩ කරනව යයි කියන මිනිසුන්ට මහා බලයක් ලැබෙන්නෙත් මිනිසුන් වැරදියට තේරුම් ගැනීම් මගින්. පිළිකාවට බෙහෙත් සොයා ගත්තා යයි කියන කෙනෙක් ගැන බලමු. එහෙම අයෙකුගේ “බෙහෙත්” ගැනීමෙන් ඇත්තටම එක අයෙකු හොඳ වුණා  වෙන්නත් හැකියි. නිශ්චිතව මේ යයි ඔප්පු කරන්න බැරි හේතු නිසා, සමහර අය  මේ වගේ සුව වීම්  ලබා තියනවා. හැබැයි එය, වෙන කෙනෙකු මත ඒ අයුරින්ම වැඩ කරන්නේ නැහැ. අර දුන්නාය කියන “බෙහෙත” පවා මානසිකව බලපාන්නත් ඇති.

අනික් දෙය නම්, ප්‍රශ්නයක අප කොටස් කරු නම්, එය දිහා අප බලන ආකාරය  පාර්ශ්විකයි. එය මනුෂ්‍ය ස්වභාවයක්. ඕනෙම පුරස්නයක් දිහා ඔබ්ජෙක්ටිව්ලි බලන එක, එනම් මතය ; not influenced by personal feelings, interpretations, or prejudice; but based on facts කරන්න බැහැනේ, තමන්ට ප්‍රශ්නය බලපාන විටබ හෝ , තමන් එහි කොටස් කරුවෙක් විට.

IMG_0572

විශ්වසනීය මුලාශ්‍ර ඇසුරින් මා දරන මතය පැහැදිලි කරන්නට අවශ්‍ය කරන වෙලාව හා අවශ්‍යතාවය නැති වීම නිසා,  මා ලියන කරුණු ගොඩක් වෙලාවට පතෝල හොදි වලට  සීමා  වෙනවා.

ඊයේට වඩා අද හොඳ දවසක්. ඊයේ අහසේ තිබුන  වලාකුළු කිසිවක් අද දකින්නට තිබුනේ නැහැ. දවල් පරිසර උෂ්ණත්වයත් සෙන්ට්‍රිගේට් අංශක 16 ක් විතර වූවා. ඒ විතරක් නොවේ, තණකොළ, කප්පාදු කරන ලද රෝස පඳුරු වල දළුද , කොළ හැලෙන හා ගෙඩි හට ගන්න ගස් වල පොහොට්ටු හා දළුද එලියට එමින් පවතින වග දැක ගන්නට පුළුවන් වූවා.

කලකින් එලියට බැහැල සනීපෙට තණකොළ ගහක්  උදුරන්න හැකි වීමත්  මාර ගති.  ඇවිදින්න, බයිසිකල් පදින්න යන පිරිසද ක්‍රමයෙන් වැඩි වෙමින් පවතිනවා. ගිම්හානේ අඩුවෙන් අඳින විට ශරීරයේ පෙනුම, අන් අයට  දැක ගන්නට හැකිනේ.

IMG_0573

මෙහෙම  පිරිස් දකින විට සිතෙන්නේ සමාජය කොතරම් ක්‍රියාශීලි ද, කොතරම් සෞඛ්‍ය සම්පන්නද කියා. හැබැයි කේඑෆ්සි කුකුළන් කමින් ගෙවල් වල හිඳින සමාජයේ බහුතර පිරිස අපට පෙනෙන්නේ නැහැ.

මෙල්බර්න් වල ඉන්න කොට, ලංකාවෙන් ආපු කෙනෙක්, මේකේ සුද්දන් නැහැනේ කියුවේ අවට පරිසරය බලල. ඒ නිරීක්ෂණය හරි. හැබැයි පුළුල් චිත්‍රය දකින්න ජන හා සංඛ්‍යයා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත බලන්න ඕනේ.

මෙවර අපේ සංගණන රාත්‍රිය ටිකක්  වකුර් වුණා. ඔන්ලයින් ගිහින් පොෂ් වෙන්න හැදුවට, එයට හරියට කැපාසිටි හදල නොතිබුණ  නිසා, එදා වැඩේ වන වුණා. එය මෙතනට වැඩක් නැහැ. හැබැයි පළමු ලෝකයේත් දේවල් වන්නේ ඔහොම තමා.

මොනවා වුවත්, මා වසන්තයට හා ගිම්හානයට හරිම ආසයි!

IMG_0571

පසු වදන.

අද රාත්‍රියට මා හැදුවේ මොරොක්කානු වට්ටක්කා සූපයක්. මෙය පොතේ හැටියට හදපු එකක් නොවේ. පොතෙන් ටිකයි, මගෙන් ටිකයි දමල හැදුව.

වට්ටක්ක මා වවපු, ගෙවත්තේ ඒවා. මේවා ගිය ගිම්හානයේ වට්ටක්ක. ටිකක් කල් තියපුවහම, නියම රසය එනවා. හැබැයි, වට්ටක්ක විතරක් මදිනේ. කුකුලන් ගෙදර හදන්න මා කැමතිත්  නැහැ, මේ කුඩා ගෙවත්තේ ඉඩකුත් නැහැ .

ඒ විතරක් නොවේ, නෙස්ටොමෝල්ට් (හැකිනම් ට්‍රිපල් ඩිස්ටිල්ඩ්, සිංගල් නෙස්ටෝ මෝල්ට්) නැති සති අන්ත රාත්‍රී ආහාර, මනාලයා නැති මගුල් ගෙවල් වලට වඩා නරකයි.

(ඉහත පින්තූර අද උදේ සහ දින කිහිපයකට පෙර සවස ගන්නා ළද  ඒවාය).

17 Comments

Filed under Opinion