Tag Archives: යහපාලනය

බහුතරය කොහෙද ඉන්නේ?


කලින් කතාවේ මැලේසියාවේ හිටපු අගමැති, ජනතා මුදල් යටි මඩි ගහපු චෝදනා අද උසාවිය ඉදිරියේ තියෙන්නේ. සාමාන්‍යයෙන් දේශපාලකයන්ට එරෙහි තියන ඔවැනි චෝදනා, උසාවිය දක්වා එන්නේ හරි කලාතුරකින්. එය ලෝකේ කොයි රටකටත් එක සේ අදාලයි. 

මෙවැනි චෝදනා වලින් නිවැරදිකරුවන් කියා එයාල ඔප්පු නොකරන තාක් කල්, මා නම් ඔවුන් වරදකරුවන් සේ සලකනවා. මිනිසුන්ගෙන් සමහරක්, තමන්ගේ මුදල් හොරා කෑම ගැන දනවන්නේ හරි උදාසීනත්වයක්. තමන්ගේ සාක්කුවෙන් ඩොලර් දහයක් පික් පොකට් ගැහුවත්, ලතැවෙන අප, අවුරුද්දකට තමන්ට ලක්ෂ ගාණක් පොකට් ගහන යටි මඩි කාරයන්ට වන්දනා කරනවා.

නජිබ් ට තනතුරට එන්න දේශපාලන වටපිටාව සකස් කර විශ්‍රාම ගියේ, මැලේසියාව නව රටක් බවට පත්කෙරුවා යයි කියවෙන, ආචාර්ය මහතීර් විසින්. දෛවයේ සරදමට නජිබ්ව ගෙදර යවන්නට ඔහුගේ මැදිහත් වීම අනිවාර්ය එකක් වූවා. එයින් මා කියන්නේ, හොරු කියා කොතරම් පැහැදිලි වුවත්, ජනගහණයෙන් කොතරම් ප්‍රමාණයක් එයට සංවේදී ද කියන එක.

කලකට ඉහත මා බලපු ඇමෙරිකන් ටෙලි නාට්ටියක මෙහෙම තිබුණා. එහි හිටි එක කොරියන් කාරයෙක්, ඇමෙරිකන් කාරයෙකුට  කියනවා, “අපි කොරියන් කාරයනුයි, උඹල ඇමෙරිකානුවනුයි ගොඩක් දුරට සමානයි ” කියා. ටික නිහඬතාවයකින් පසු, එය මෙහෙමත් එකතු කරනවා, “හැබැයි පොඩි පොඩි වෙනස්කම් ද නැතුවා නොවේ, අපේ රටේ හොරකම් කළොත්, එවුන් ඇමෙරිකා යනවා, ඇමෙරිකාවේ එහෙම කළොත්, හිරේ යනවා”.  ඉහත ලියා ඇති පරිදි, අවසාන පොඩි අසමාන කමෙත්, සමාන කම් වැඩියි.

කොහොම වුවත් අපේ පෙන්ස්ලා, ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර යම් සමාන කමක් නම් මේ දිනවල තියනවා. ලංකාවේ “ආණ්ඩුවට” පාර්ලිමේන්තුවේ බහුතර බලය නැතුවා වගේම, ඕස්ට්‍රේලියානු පාලක පක්ෂයටත් පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි වූයේ මේ සතියේ. මේ දෙගොල්ලන්ම පාර්ලිමේන්තුව රැස් වෙනවාට බය එකත් එක සමාන කමක්. 

Advertisements

Comments Off on බහුතරය කොහෙද ඉන්නේ?

Filed under Opinion