Tag Archives: රසවින්දන

මේක ගිණුම් ලෝකයක්! Rest of world shocked that Enrique still has tours!


18613126-AFRICA-CAMEROON-FONGO-TONGO-JANUARY-20-African-young-woman-with-men-washing-clothes-in-a-river-Fresh-Stock-Photo

පෙරේද බොක්සිං ඩේ කියන දිනය. එකේක රටවල මේ වගේ දින විවිධ ආකාරයට සමරණ වනේ. අප කෙසේ වෙතත් මේ වගේ ගොඩක් දින සමරන්නේ වෙළෙන්දන්. කඩෙන් බඩු ගන්න ගිය කතාවක් ලියපු කලින් සටහනක මට උපදෙස් ලැබී තිබුණා , කඩ කාරයන් ගැන හොඳට සිතා බලා, එයාලව බංකොලොත් නොකර බඩු  ගන්න ලෙස.

වෙළෙන්දන් නොයෙක් ආකාරයට වෙළඳාම ප්‍රමෝට් කළත්, අපගේ කැමැත්තකින් තොරව අපව කඩවලට ගෙන්වා ගන්න ඔවුනට නොහැකියි. පෙරේද කඩේ ගිය විට මහා සෙනගක් හිටියා. අපත් ගියේ වෙන වැඩකට ගිහිං උදේම නිසා, කරදරයකින් තොරව ඇතුළු වෙන්න ලැබුණා.

දැන් ජිවිතයේ භාණ්ඩ අවශ්‍යතා පෙරට වඩා ගොඩක් අඩුයි. ගොඩක් වෙලාවට තියන ඒවා ප්‍රතිෂ්ටාපනය අවශ්‍ය වෙලාවක තමයි අලුත් භාණ්ඩ ගන්නේ. එයිට අමතරව දරුවන්ගේ අවශ්‍යතා නම් වැඩි වෙමින් පවතිනවා.

නව පරපුරේ අවශ්‍යතා අපගේ කුඩා කාලයට වඩා වෙනස් නිසාත්, වෙන හේතුන් නිසාත් හැකි විදිහට මේවා සැපිරීමට අප වෙහෙසෙනවා. නමුත් ඕවර් රීච් ගිහිං නිකම් ජීවිතය වණ කර ගන්නත් අපේ අදහසක් නැහැ.

ලිවින් බයි මීන්ස් පෞද්ගලික විතරක් නොවේ, රටක ආර්ථිකයටත් ඉතාම වැදගත් මූලධර්මයක්. බොක්සිං දිනයේ කඩවල් වල සෙනග පිරෙන්නේ, කඩකාරයන් දෙන “වට්ටම්” නිසයි. දුටුව ආකාරයට හැමෝම මොනවා හරි දෙයක් ගත්ත වග පෙනුණා. ඒ කියන්නේ වට්ටමකුත් තියන පාටයි.

රූපවාහිනී ප්‍රවුර්ති වලට අනුව ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන දෙකකට වැඩි ප්‍රමාණයක භාණ්ඩ හා වෙනත් දේ එදා අලෙවි වී තිබුණා. ගිය වසරට වඩා 4% ක වැඩි වීමක්. මා ඕවා වැඩිපුර කියවන්න ගියේ නම් නැහැ. නමුත් මෙයිට වඩා විස්තර සොයා ගන්නත් හැකි වේවි.

ඇත්තටම කඩ කාරයන්ගෙන් හැමදා මේ “වට්ටම්” ගන්න පුළුවන් කියා මා නම් දන්නවා. ගොඩක් භාණ්ඩ විශාල ප්‍රොපිට් මාජින් සහිතව විකුණන ඒවා. විශේෂයෙන් මේ නිෂ්පාදන කර්මාන්ත ශාලා මේ රටවලින් ගලවන් ගියාට පසුව.

මගේ මූලික අවශ්‍යතා කියන දේවල්, අප්‍රිකාවේ ගමක ජිවත් වන කෙනෙකුගේ මූලික අවශ්‍යතා වලට වඩා ගොඩක් වෙනස්. අප්‍රිකාවේ ජනගහණයෙන් 70% ක් පමණම ජිවත් වන්නේ අන්ත ග්‍රාමීය ප්‍රදේශ වල. දරිද්‍රතාවය මේවායේ ප්‍රධාන අංගයක්. හැබැයි අර මූලික දේවල් ටික හෝ නැතුව මගේ ජීවිතය අවුල් වෙනවා.

බටහිර සාමාන්‍ය මිනිහෙක් පරිභෝජනය කරන ගාණට, මුළු ලෝකයේම මිනිසුන් පරිභෝජනය කරන්න ගත්තොත් අපට තව ලෝක දෙක තුනක් අවශ්‍ය වේවි. හැබැයි පෘථිවියට දරා ගැනීමට බැරි තරම් ජනගහණයක් බිහිකරලීමට වඩාත් දායක වී තියෙන්නේ බටහිර නොවේ.

මෙතැන එක අතෙකින් අපගේ අත්කර ගැනීම් ම තමා එම අසීමිත ජනගහණ වර්ධනයටත් හේතුවී තියෙන්නේ. මිනිසාගේ ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් නොසොයා අනෙක් කිසිම ප්‍රශ්නයකට විසඳුම් සෙවීම නිෂ්පලයි.

පසු වදන
මෙන්න අද මා කියවපු පුවතක් . අශිෂ්ටත්වය හැම විටම නොවුණත් ගොඩක් වෙලාවට දරිද්‍රතාවය සමග අත්වැල් බැඳ ගන්නවා. අශිෂ්ටත්වය හා දැනුමේ දරිද්‍රතාවය නම් හැමවිටම අත්වැල් බැඳ ගන්නවා. අර කලින් සටහනේ තිබුන පරිදි විවේචනයන් එහාට ගොස්, මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගන්න සමාජයක් ලෙස මොනවාද කරන්න අවශ්‍ය කියන දේ එක බොන්න ඕනේ ප්‍රශ්නයක්. එයට පෙර අප පුද්ගලයන් වශයෙන් ශිෂ්ටත්වයට පා නගන්නේ කොහොමද කියන එක අපගේ අතේ තියන තරමක් සරල දෙයක්.

අපගේ විවේක කාලය ගත කරන්නේ කොහොමද කියන එක විතරක් නොවේ, විවේක කාලයක් ලබා ගන්නේ කොහොමද කියන එකත් ආර්ථික කරුණු මතම රඳා පවතිනවා. අධ්‍යාපනය ගැන කතා කර වැඩකුත් නැහැ. මින් පෙර මා ලියා ඇති.

ඕවගේ බරපතල කරුණු පසෙක දමා වින්දනය පිණිස හොඳ ගීතයක් හෝ අසමු. කලින් ගීතය දැමුවේ එය මගේ ප්‍රියතම ගීතයක් නිසා නොවේ. වෙනසකට. ඔමාට එය දිරවපු ගීතයක් නොවේ කියා තිබුණා ක්ලික් කරන්නේ නැතිවම. මේ සටහන් ආසාවෙන් කියවන අයට දිරවන්නේ නැති ගීත දමන්න මගේ බලාපොරොත්තුවක් නැහැ.

ඒ නිසා මේ වර මා තේරුවේ මා ප්‍රිය කරන මේ ගීතය. එයත් දිරවන්නේ නැති වෙයිද?

NICK JONAS LYRICS
“Chains”

With her wine-stained lips, yeah, she nothing but trouble
Cold to the touch but she’s warm as a devil
I gave her my heart but she wanted my soul
She takes ’til I break and I can’t get more

You got me in chains, you got me in chains for your love
But I wouldn’t change, no, I wouldn’t change this love
You got me in chains, you got me in chains for your love
But I wouldn’t change, no, I wouldn’t change this love

Tryna break the chains but the chains only break me
(Hey-ey-ey-ey, hey-ey-ey-ey, hey-ey-ey-ey, hey-ey-ey-ey)
Tryna break the chains but the chains only break me

Alone in the night ’til she knocks on my door
Oh no, wasted again but I can’t say no (no)
Baby tell me why, why you do, do me wrong
Baby tell me why, why you do, do me wrong
Gave you my heart but you took my soul

You got me in chains, you got me in chains for your love
But I wouldn’t change, no, I wouldn’t change this love
You got me in chains, you got me in chains for your love
But I wouldn’t change, no, I wouldn’t change this love

Tryna break the chains but the chains only break me
(Hey-ey-ey-ey, hey-ey-ey-ey, hey-ey-ey-ey, hey-ey-ey-ey)
Tryna break the chains but the chains only break me

D-o-o-o-o-o-on [x3]
Hey-ey-ey-ey

You got me in…

Baby tell me why, why you do, do me wrong
Baby tell me why, why you do, do me wrong
Gave you my heart but you took my soul

You got me in chains, you got me in chains for your love
But I wouldn’t change, no, I wouldn’t change this love
You got me in chains, oohh, baby, you got me in chains for your love
But I wouldn’t change, ooh, I wouldn’t change this love

Tryna break the chains but the chains only break me

4 Comments

Filed under Education, Opinion