Tag Archives: රුධිරය

වසන්තේ නිදා වුන් යොවුන් ………!


IMG_20151009_092414290 (2)

ඔන්න වසන්තය නිල වශයෙන්ම ඉවරයි. අද ගිම්හානයේ පළමු දිනය. මේ හැබැයි යට කොටසට. උඩ කොටසේ කෙනෙක් ඉරිදා මට කියුවේ එයාලට සෙන්ට්‍රිගේට් අංශක සෘණ හයයි කියල. අද උදේ එලියට බහින විට අංශක 22 යි, දවාල වන විට මෙය 34 ට නැග්ග.

මේ ග්‍රීෂ්ම සමය නරක එකක් වනු ඇතැයි  කියනවා. පඳුරු ගිණි  නිසා දැනටම ජිවිත දෙක තුනක් නැති වූවා. සැමදා නියං  එක දා වැහි වලාවේ කියන එකේ අනික් පැත්ත වගේ, අද පෑවිල්ලට දැනටම පරිසරය වියලි වෙලා.

ඔය අව් අස්සේ මා වෙන දෙයකුත් දවල් යොදාගෙන තිබුණා. මෙවැනි දිනක ටිකක් අමාරු දෙයක්. ලෝකයේ වෙනස් කෙරෙන ලොකු බලාපොරොත්තු මට නම් නැහැ. ඒ වගේම ඔය අධිෂ්ටාන කියන ඒවත් නැතිය කියා කියන්න හැකියි. ඒ කියන්නේ මහ ලොකුවට කාගෙන කරන්න බලාපොරොත්තු වන දේවල් නැහැ.

ඒ එසේ වුවත්, මේ ලෝකය කියන්නේ අති ජරා තැනක් කියලත් මා සිතන්නේ නැහැ. සාමූහික ප්‍රයත්නයන් තුලින් මේ ලෝකය වඩාත් හොඳ තැනක් කර ගැනීමේ අවස්ථාවත් තියනවා නම් තමා. හැබැයි අර කවුද යෝජනා කරන්න වගේ ලොකු දාර්ශනික මතවාදයන් සොයා ගොස් ඒවා අතර තනි වෙන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. මගේ බලාපොරොත්තු එයිට වඩා කුඩා ඒවා. අර ප්‍රාගේ, බීෆ් ජර්කි සමග පොල් කනවා වගේ දේවල්.

අද දමාගෙන තිබුනේ මගේ පුරවැසි යුතුකමක් ඉටු කරන්න. එතනට එකට ඇවිත් සිටිය ගෑල්ලමයින් දෙන්නෙකු ගෙන් කෙනෙක් පොඩි ඩ්‍රාමා එකක් කෙරුවා. එයාගේ සිතේ බයට, මහා හයියෙන් සිනා වෙනවා. කොතරම් එපා කියුවත් නැවතුනේ නැහැ. කොහොම හරි එයාල දෙන්නටම වැඩේ කරන්න වුණේ නැහැ. හැබැයි වෙන ප්‍රශ්නයකට.

මා නිතර කියන අප ගොඩක් දෙනා ෆෝ ග්රාන්ටඩ් ගන්න එක දෙයක් තමා ශරීර සෞඛ්‍යය. ඒ ශිරිර සෞඛ්‍යය තියන අය. ජනගහණයෙන්  සෑහෙන පිරිසකට එය, නොයෙක් (තමන්ට පාලනය කර ගත නොහැකි) හේතූන්  නිසා නැහැ. මා දැන් කෝල් එකකින් මේ වගේ දෙයකට සහභාගී වෙන්න පුලුවන්ද කියා ඇහුවහම, ප්‍රතික්ෂේප නොකරන එක හේතුවක් මේක.

මා මේ සමාජය නරකම තැනක් නොවේ කියා මුලින් ලියුවේ, අන්න ඒ නිසා. එනම් සමාජයේ මිනිසුන්ගෙන් සෑහෙන දෙනෙක්, තමන්ට කෙලින්ම ඵල  ප්‍රයෝජනයක් නැති වුණත්, සමහර දේවල් කරනවා.

ආගමික නායකයන් හා අනෙකුත් ලෝගු පොරවාගත් අවශේෂ පිරිස් පිලිබඳ මගේ ලොකු විශ්වාසයක් නැහැ. භක්තියක් නම් ඇත්තෙම නැහැ. මේවා කෙලින්ම රැකියා කියා නම් කරන්න හැකියි. එසේ නොවන පිරිස් ඇත්තටම අප දන්නෙත් නැහැ. මොකද එහෙම කැපී පෙනීම ඔවුනගේ අරමුණත් නොවන නිසා. දලයි ලාමා කියන්නේ එක්සෙප්ෂන් එකක් නොවේ. තවත් සක්සෙස්පුල් ව්‍යවසායකයෙකු පමණයි. නමුත් සාර්ථක වීමට නිකම්ම බැහැනේ. එයට යම් හේතුවක්, උත්සාහයක් හා ජෝතිමත් බවක් තිබිය යුතුයි.

The Dalai Lama, when asked what surprised him most about humanity, answered “Man. Because he sacrifices his health in order to make money. Then he sacrifices money to recuperate his health. And then he is so anxious about the future that he does not enjoy the present: the result being that he does not live in the present or the future; he lives as if he is never going to die, and then dies having never really lived.”

ඕක තිබුණේ මා අද ලේ දෙන්න ගිය මොබයිල් මැදිරියේ නෝටිස් බෝඩ් එකේ.

පසු වදන
මේකෙන් කියන සංසාරයෙන් එගොඩ වන කතා හින්ද නොවේ මා මේ සිංදුව තෝරා ගත්තේ. සින්දු කියන පුතුන් අතර අහන්න පුළුවන් ලෙස ගීත කියන කෙනෙක් තමා සතිස්. ඔහුට මෙලොව හැර යන්න වුණේ, තමන්ගේ ජිවිතයේ ප්‍රයිම් අවධියට ලඟා වෙමින් ඉන්න විට. කුඩා දරුවෙක් ලැබී සුරතල් බලමින් ඉන්න විට, එක වරම දැනගැනීම ලැබුන අසනීප තත්වයෙන් පසු, ඔහුගේ දිවිය ඉතා කෙටි එකක් වූ වග, මා කියෙව්වේ, මේ ගීතය ඉරිදා අසා පසුව විස්තර සොයා බැලීම් වලදී, ඔහුගේ අම්මගේ සම්මුඛ සාකච්ඡාවකින්. මේ කතාන්දරය මා දැන සිටියා වුවත්, එය වෙනම විදිහකට අද මා තේරුම් ගන්නවා.

Advertisements

21 Comments

Filed under Lifestyle, Opinion