Tag Archives: විනෝදාංශ

ඇයි ඔබ වෙනස් වුණේ?


ඊයේ හවස හතට පමණ, කාලගුණය එක පාරට වෙනස් වූවා. හවස් අතේ වැහි කළුවර තිබුණත්, තත්වය වෙනස් වුණේ  එක වරම හමා ආ දැඩි සුළඟත් එක්ක. එක පාරට මහා වැස්සක් කඩා හැලුණා. දවල් අංශක (සෙන්ට්‍රිගේඩ්) 30 ට පමණ තිබුණ  උෂ්ණත්වය වැස්සත් එක්කම පහලට ගලා ගියා.

රාත්‍රිය මුළුල්ලේම යන්තමින් වැස්ස. උදේ නැගිටින විටත් වර්ෂාව. කැන්බරා සමහර තැන් වල පිටාර ගැලීම් වාර්තා වූවා. මුළු දිනයම වහින, ටිකක් සීතල හා ඒ දිනය ඉරිදාවකුත් නම් කරන්න හැකි හොඳම දේ නෙස්ටොමෝල්ට් වීදුරුවකුත් එක්ක කොටු කොටු තවත් දෙයක් ගැනීමයි.

හැබැයි, උදෙන් නැගිට්ටත්, කරන්න විශේෂ දෙයක් නොතිබුණ  නිසා උදේ වරුව ගෙවුනේ කම්මැලි කමින්. ඇත්තටම ඉරිදා උදේ කම්මැලිකමින් ගෙවා දැමුවේ කාලයකට පසුව. කම්මැලිකම නැත්නම් අලස සුවය ජීවිතයට  අවශ්‍ය දෙයක්. අප බොහෝ දෙනෙකුට  ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ කලාතුරකින් තමා. අද දවසට තිබුණේ  කඩේ යන එක. හවස් වන්න තියා ගෙදරට අවශ්‍ය අනෙක් දේවල් එක්ක, තරලසාර බෝතයක් අරන් ආව.

ගිය සතියේ වැඩ කරන තැන තරුණ යුවතියක් මගෙන් ඇහුව හවසට මොනවාද කරන්නේ කියා. ඇය තරුණ මවක්. ගෙදර ගිය විට කරන්න දෙයක් නැතිය කියා ඇය කියුව. ඒ නිසා ගෙදර ගියත්, රැකියාව ගැන අවධානය යොමු වෙනවා කියා ඇය කියුවේ, ඇගේ ගෙදර වුන කතා බහක් නිසා.

ඇත්තටම සතියේ දිනවල ගෙදර ඇවිත් මා කරන්නේ මොනවාද? එව්වා මේ සටහනේ එකින් එක ලියන්නේ නැහැ. මා විටින් විට ලියා ඇති සටහන් වල තියෙන්නේ, මා කරන දේවල් තමා. එම දේවල් කාලයත් සමග වෙනස් වීම තවත් කරුණක්.

ඇත්තටම ඔබ රැකියාවක්  කරන හෝ නොකරන අයෙක් නම්, ඔබ විවේකයක් ලද විට කරන්නේ මොනවාද?  🙂

නැගල යන ගීතයක් අහමු, පුතා ගයන!

8 Comments

Filed under Lifestyle, Opinion